සීමා නෑ ආදරේට…………………………..15

**

ගල්කැට කඩන් පාත් වෙනවා වගෙ වහලට වැස්ස එකපාර කඩන් වැටුනෙ…මගෙ හිතත් ඒ වහලෙ වගෙ නෙමීද..හැමදාම හිත් රිදීම් විතරක් මටම උරුම වෙන්නෙ ඇයි..ඉස්සර මන් කොච්චර මේ වැස්සට ආස කලාද…

ගගන මන් බොරුකාරියක් නෙවෙ ගගන..අනෙ ඇයි ඔයාට ඒ පොත හම්බුන්නැත්තේ..ඔයා එදාම ඒ දේවල් දැනගෙන මාව අත් හැරියා නම් මට මෙච්චර දුකක් නෑ අද…

ආදරෙ දුකක්ම විතරයි..ඔයා වැරදි නෑ

මන් ජනේලෙ ලගට ගිහින් වැටෙන වැහි බින්දු දිහා කල්පනා කලා…මගෙ හිත මට නොදැනිම ආයෙමත් ආපස්සට ගියා…

**************************************
(අවුරුදු 7 පෙර)

අම්මියෝ….

මන් ස්කූල් ටයි එක බෙල්ලෙන් ලිහිල් කරලා කුස්සියට ගියා…මුලු කුස්සියම සුවදේ බැරුවා…

අම්මියො අම්මියො අම්මියෝ

මොකො දෝනි කෑ ගහන්නෙ

අම්මියො සුදු අම්මියෝ

මොකො මේ

රහසක්

මොකක්ද

කෝ කන අල්ලන්න

මට වැඩ දෝනි

හරි ඉතින් මෙ රහස අහන්නකො

හා හා කියන්නකො එහෙනම්

අම්මි මගෙ පැත්තට කණ දික්කලා..මන් අම්මිගෙ කණට ලන් කරලා ඒ රහස කීවා…

මන් ඒ හතයි බී දෙකයි

මොකාක්

ඒ හතයි බී දෙකයි

දෙයියනේ…අනෙ ඇත්තමද

ඔව් අම්මියො..

අනෙ තුරුනුවන්ගෙ පිහිටයි

මීට මාස හතරකට කලින් ලියපු ඕලේවල් එක්සෑම් එකෙ පතිපල අද ආවෙ..ස්කූල් එකේ තුන් වෙනියට හොදටම පාස් වෙලා තිබුනෙ මම

අනෙ මගෙ කෙල්ල..දැන් අප්පච්චිත් එයි..ආවම අයියට කෝල් එකක් දෙමූ…

හරි අම්මියො..මට බඩගිනියි

හිටින්න සුටුස් ගාලා මේ මාලු ටික බැදලා ගන්නම්

අපො අද මාලුද

අප්පච්චිත් ආස නේ පුතෙ..

මට එපා පිලිගදෙ බෑ..මට ඕනි බිත්තරයක් හොදද

හා හා

හවස අප්පච්චි ආවට පස්සෙ අයියටයි අක්කටයිත් මගෙ පතිපල කීවා…අයියයි අක්කියි බැදලා වෙනම උන්නෙ…

මන් පවුලෙ තුන් වෙනියා..අයියා මද්දුමයා..එයා මට වඩා අවුරුදු හතක් වැඩිමල්…

ඊලග දවසෙ අපෙ ගෙදර නිකම් වෙඩින් එකක් වගෙ..ලොකු අක්කිත් අයියත් නෑනායි මස්සිනයි පොඩ්ඩයි එක්ක

අපේ ගෙදර ආවා..මුලු ගේම අද පිරිලා

මට ගොඩාක් සතුටුයි…ගොඩාක්…අයියා මට විබාගෙ පාස් වුනු සතුටට පෝන් එකක් ගෙනත්..ක්ලාස් එකෙ ඔක්කොම ලමයි ලග පෝන් තියෙනවා..මට විතරයි තිබුන් නැත්තෙ

තැන්කූ අයියෙ උම්මා

තැන්කු නෙමි..ඉතුරු එකත් හොදට පාස් වෙන්න ඕනි තේරුනාද

අයියා මන් ගැන දන්නවනි..මේ දෝනි මොන පිස්සුව නැටුවත් ඉගෙන ගන්න එක නවත්තන්නෑ කියලා

හරි හරි..දැන් බහිනවා මගෙ කරෙන්..නැත්තම් අක්කට තරහා යන්

ඒ මොකො එයාට ඔයා අයිති වෙන්න කලින් නෙ මගෙ අයියා උනෙ එයා..වසයි ද අයියෙ

මන් අයියගෙ කනට කරලා ඇහුවා

අම්මො ගිනි බෝම්බෙ..

අයියත් ඊට හිමින් මට කීවා

මේ අක්කියො මෙන්න ඔයා ගිනි බෝම්බෙලූ

අපො මෝඩි මෝඩි

මගෙ දගකම් නිමක් නෑ..අම්ම නම් කීවා තවමත් මොන්ටිසෝරි බබෙක් වගෙ කියලා

ඔක්කොමත් හරි අක්කියි අයියලයි ආයෙම යන්න යද්දි හරි දුකයි හිතට..එයාලා ගියාම ආයෙම අපි තුන් දෙනා විතරයි..

අප්පච්චි

ලොකු දුවෙ

මන් නන්ගිව අපෙ දිහා එක්ක යන්නම්ද

ලොකු අක්කිට මන් රහසින් කියපු එක ලොකු අක්කි අප්පච්චිගෙන් ඇහුවා…

එතකොට මමයි අම්මියි තනියෙන්නේ

අනෙ සුදු අප්පච්චියො යන්න දෙන්නකො..මන් ආසයි චුට්ටක් ඇවිදින්න යන්න…

ලොකු අක්කිගෙත් මගෙත් ඉල්ලීමෙන් බේරෙන්න බැරි තැන අප්පච්චි දුකින් අවසර දුන්නා..අම්මියි අප්පච්චියි නැතුව මන් ගිහිල්ලම නෑ කොහිවත්..ඒකත් ශෝක්..

මමත් අක්කිලා එක්ක යන නිසා අක්කිලා යන එක තව දවසකට පරක්කු උනා…අම්මි පුලුවන් තරම් තියාගන්න පුලුවන එක එක කෑම ජාතී හැදුවා…ඊලග දවසෙ උදේම අක්කිගෙ අයියා එයාගෙ වෑන් එක අරන් ආවා අපිව එක්කන් යන්න…

මහා ලොකුවට කයිවාරු ගැහුවට මටත් ගොඩක් දුකයි අම්මි අප්පච්චි දාලා යන්න…

අපි කුරුනෑගලින් පිටත් උනේ නවයට විතර..අරහෙ මෙහෙ නවත්ත නවත්ත පාදුක්කට යද්දි හවස හතරයි…

අක්කිලාගෙ ගේ අපෙ මහ ගෙදරටත් වැඩිය ලොකුයි..තුන් දෙනෙක් ඉන්න ගෙදරට මෙච්චර කාමරවල් මොකටද මන්දා…

ආ මට අමතක වුනා..තුන් දෙනෙක් නෙමි හතර දෙනෙක්.. ් මස්සිනාගෙ මල්ලි..එයා කැම්පස් යනවා එහේ ඉදන් ..භානුක අයියා..

මුල් දවස් දෙක තුන ගත වුනෙ අරහෙ මෙහෙ යන්න…ඒවා නම් ශෝයි…

අක්කි හතරවෙනි දවසෙ වැඩට ගියා..ඉතින් අක්කි මස්සිනා ගියාම පාලුයි…දෙකෙන් පස්සෙ තමයි පොඩ්ඩා එන්නෙ..වෙනදට මස්සිනා එයාගෙ ශොප් එකට එක්කන් යනවලු පොඩ්ඩව දැන් මන් ඉන්න නිසා ගෙදරට ගේනවා…

පොඩ්ඩයි මමයි හවසට සෙල්ලම් කරනවා…අක්කි කියන්නෙ පොඩ්ඩා මන් නිසා තවත් දග වෙලා කියලයි….

අයියා අරන් දුන්නු පෝන් එක නිසා මට හැමදාම අම්මිලට කතා කරන්න පුලුවන්…පොඩ්ඩා නැති හැම මොහොතෙම මන් කලෙ පෝන් එකෙන් ගේම් ගහපු එක..

දෝනී…

ලොකු අක්කි ඇයි..

හෙට පොඩ්ඩාගෙ ස්කූල් එකේ සෙරමිනි එකක් ..මමයි අයියයි එනකොට ටිකක් රෑ වෙයි..පේරන්ට්ස්ලාට විතරයි යන්න පුලුවන්..

හ්ම්ම් අක්කි කමක් නෑ පරිස්සමට ගිහින් එන්න…

හ්ම්ම් ඔයත් පරිස්සමට දොරවල් වහන් ඉන්න නන්ගො

හරි අක්කි මට මෙහෙ කවුරු කරදර කරන්නද ගමේ වගේද මෙහෙ නිකම් හිට්ලර්ගෙ බන්දනාගාරෙ වගෙ ලොකු තාප්පයක් බැදලා අර තඩි බ්ලැකියත් ඉන්නෙ

අනෙ අනෙ කට නම් තියෙනවා…මෝඩි ඔය දැගලිල්ල නවත්තලා පාඩම් කරන්න ගන්න

හරි හරි අක්කි අවුරුද්දෙන් පස්සෙ ස්කූල් යන්න එපැයි ඉතින්…

හ්ම්ම්..මන් යනවා

ඊලග දවස හිරු උදා වුනා මගේ ජීවිතෙ එහෙම් පිටින්ම කනපිට පෙරලන්න…

අක්කිලා අයියලා එද්දි රෑ වෙයි..හ්ම්ම් අද නම් පාලුයී….

හවස තුනට විතර භානුක අයියා කැම්පස් එකෙ ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ආවා..කොහොමටත් මගෙ හිතෙ භානුක අයියා ගැන පැහැදීමක් නෑ …එයා මන් දිහා බලන විදියට මන් ගොඩාක් බයයි….

එයා ගෙදර ආවම හැමදාම කන වෙලේට විතරයි එලියට එන්නෙ..ඉතින් මට මොකො…

හවස හතාරාමාරට විතර චුරු චුටු වැස්සක් පටන් ගත්තා….පුන්චි කාලෙ ඉදන්ම මන් ගොඩක් ආසයි වැස්සෙ තෙමෙන්න…තනකොල ගොල්ලට වතුර පිරුනම ශෝයි…

මන් අක්කිලාගෙ මිදුලට පැනලා තනකොල ගොල්ලෙ එහෙ මෙහෙ ඇවිද්දා..දිව්වා…දැන් නම් මගෙ නහයත් බර වෙලා වගේ…මුලු ඇදුම්ම තෙත බරිත වෙලා..ඇදුම ඇගටම හැලිලා…මන් වැස්ස තද කරන්න වගේ ආව නිසා ගේ ඇතුලට දිව්වා..එතකොටයි දැක්කෙ භානුක අයියා ජනේලෙ ලගට වෙලා බලන් ඉන්නවා…අයියො වස ලැජ්ජාවයි මන් මොන්ගල් කෙල්ලෙක් කියලා හිතනවා ඇති…

තෙත ඇදුම් ගලෝලා කොන්ඩෙත් පිහිදාගෙන ඇදට වැටුනා…

ටිකකින් මට නින්ද යන්නැති…

ඇගට වැදුනු සීතල අතක් නිසා මන් ගැස්සිලා ඇහරුනා..

භානුක අයියා…..

භානුක අයියා කවදාවත් නැතුව මන් ඉන්න රූම් එකට ඇවිත්..

භානුක අයියා ඇයි…

ඒ ඇස් බලන අමුතු බැල්මට මට බය හිතෙනවා

නන්ගි මෙ මගෙ පෝන් එක වැඩ කරන්නෑ ඔයාගෙ පෝන් එක චුට්ටක් දෙන්න පුලුවන්ද

හ්ම්ම්..ඉන්න…මන් ඇදන් උන්නු ගවුම හදාගෙන මේසෙ ලගට ගියා..ඒ කරලා මේ පැත්ත හැරෙද්දි භානුක අයියා මගෙ ලගම…

මෙ මෙ ආ..අයියෙ

පෝන් එක ගන්න ගමන් අයියා මගෙ අත හයියෙන් අල්ල ගත්තා

මේ මේ ඇයි….

මට පෝන් එක නෙවෙ ඕනෙ

අ අයියෙ

මට ඕනි ඔයාව…

මෙ මොකො අනෙ අයියෙ

අක්කිලාත් නැති වෙල්‍ර් වි විහිලු කරන්න එපා….

විහිලු නෙවෙ මට ඔයා ඕනි

මට මට ඉන්න දීලා යන්න අයියෙ

බෑ යන්නෑ..අද මට මේ දැන් ඔයා ඕනි

එන්න එන්න ඒ අත දැඩි වෙනවා වගෙ දැනෙනවා…මන් වේදනාව ඉවසන්න බැරිම තැන ඒ අත විකුවා…

උහ් බැල්ලි..මාව හැපුවා නේද

එයා රූම් එකෙ දොර වැහුවා..මට බයයි ගොඩාක් බයයි…අනෙ දෙවියනෙ

අයියෙ එන්න එපා මගෙ ලගට කෑ ගහනවා මන්

අනෙ ඇත්තට කාට ඇහෙන්නද කතා කරන්නෙ..

මගෙ අත් දෙකම හයියෙන් තද කරගත්තු භානුක අයියා මාව අරගෙන ඇදට තල්ලු කලා..

භානුක අයියා ප්ලීස් මට කරදර කරන්න එපා ඉන්න දෙන්න…

දෙන්නම් දෙන්නම් ඉන්නවා…

ඒ හැඩිදැඩි පිරිමි කයත් එක්ක ඔට්ටු වෙන්න තරම් මට හයියක් තිබ්බෙ නෑ…භානුක අයියා වියරුවෙන් මගෙ ඇදුම් ඉවත් කලා…

කාත් කවුරුත් නැති ඒ මූසල වැහි මන්දාරමෙ මගෙ පිවිතුරු බව එහෙම්ම හේදීලා ගියා…. මගේ අදෝනාව වැස්සෙ හඩට යටපත් උනා…මොහොතකින් ජීවීතේම අදුරට ගලන් ගියා..

පිපෙන්නටත් කලින් පුන්චි රෝසමලක් පෙති තැලිලා ආශාවෙන් අන්දවුනු අසහනකාරයෙක්ට නතු උනා…
පැය තුනක හප කිරීමකින් පස්සෙ භානුක අයියා මගෙ ඇගෙන් අයින් වුනා…මට නැගිටින්න පණක් නෑ…

එහෙම්ම කඩා වැටෙන කදුලු එක්කම මගෙ පියවි සිහිය මා එක්කම නැති වුනා…

….මතු සම්බන්දයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *