සීමා නෑ ආදරේට…………………………..18

**

ගගන මුතු අකුරින් ලියැවිලා තිබ්බ ඒ අන්තිම පිටුවත් පෙරලුවා…දැන් පාන්දර පහටත් ඇවිත්..මේකත් බලලම ඇස් පියා ගන්නවා..කියලා ගගන හිතා ගත්තා….

………………………
ආදරනීය ගගන

දැන් ඔයා මගේ ජීවිත කතාව දන්නවා නේද…ඔයා කවදාවත් හිතුවද ඔයා පස්සෙන් ආව ඒ ලස්සන බෝනික්කිගෙ ජීවිතෙ මේ විදියයි කියලා..ඔයාට දැන් මගෙ පස්සෙන් ආව එකත් මෝඩකමක් කියලා දැනෙනවා ඇති..තාත්තෙක් නැති අවජාතක ලමෙක් ඉන්න ගෑනියෙක්….

දෙයක් කියන්නම්..මේ කිසි දෙයක් නොකියා ඔයාට ආදරෙයි කියන්න තිබ්බා..ඔයා දන්නවනෙ දැන් තාක්ශනෙ දියුනුයි..අම්මා තාත්තා ඇරෙන්න ඕන දෙයක් ගන්න හදන්න පුලුවන්..මන් දන්නවා මන් ඒ දේ ඉල්ලුවා නම් මගෙ අප්පච්චි අයියා අක්කා එකතු වෙලා මට ඒ දේත් හදලා දෙයි…ඔයා දන්නවනි දැන් කනයාපටලයත් හදන්න පුලුවන්..ඒ මුකුත් ඕනි නෑ..මන් ස්පෝට්ස් කරා..එහෙමත් නැත්තම් අපෙ පවුලෙ අයට වර්ජින් එක පිහිටන් නෑ කියලා ඔයාට කියන්න තිබ්බා…ඔයාට බොරු කරලා ඔයාගෙ ආදරෙ ගන්න මට ඕන්නෑ…ඒකයි මෙ හැම ඇත්තක්ම ඔයාට කීවෙ…

මට ඕනි අද හිනාවෙලා හෙට අඩන ආදරයක් නෙවෙ..සදා කාලික නැවතුම් පොලක්…ඒ නැවතුම් පොල ඔයා ලග ඉදි වෙනවට මන් ආසයි..හිතන්න ලොකෙ තියන හැම බොරුවක්ම කියලා මන් ඔයාව බැන්දා කියලා දවසක ඔයා ඉස්සරහා මගෙ සලු ගැලවෙයි..දැන් ඔයාට නොපෙනුනාට මගෙ ඉරි තැලුනු බඩ…සීසර් කරපු කැපුම් පහර එදාට ඔයා දකිවි…මට ඔයා ඉස්සරහා මගෙ පිවිතුරු බව ඔප්පු කරන්න බැරි වේවි එදාට ඔයාගෙ ඇස් වලින් කදුලු උනාවි ඔයා මට වයිර කරාවි….මට ඒ දවස්ක් දකින්න ඕනි නෑ…ඇත්ත කියලා ඔයා මට නැති උනත් දුක නැ…ඒ ඔයාට මන් බොරු කියලා රවට්ටපු නැති නිසා…

ඔයා දැක්ක දවසෙ මට ආදරෙ හිතුනා කියන්නෑ මන්..ඊටත් පස්සෙ ආදරෙ හිතුනා කියන්නෙත් නෑ මන්..ඔයාගෙ ලස්සනට ජොබ් එකට පර්සනෑලිටි එකට ආදරෙ හිතුනා කියන්නෙත් නෑ මන්….එහෙම නම් ඔයා බලයි මන් ඔයාගෙ මොනාටද ආදරෙ කලෙ කියලා…මන් ඇත්තටම ආදරෙ ඔයාගෙ ආදරේට…හැම හැගීමකටම…හැම දේකටම

මෙච්චර කල් පුලුවන්තරම් ඔයාගෙන් ඈත් වෙන්නම උත්සහා කලෙ මන් වගෙ අසරන ගෑනියෙක්ව ඔයාට ගැලපෙන්නෙ නැති නිසයි..හැමදාම හැම මොහොතෙම ඔයා මට ලන්වෙන්න උත්සහා කරන හැම වාරයක් ගානෙ මන් ඈත් වෙන්න හැදුවත් මන් පරාදයි..ඇත්තම කීවොත් ඈත් වෙන්න උත්සහ දරපු හැම මොහොතෙම සිද්ද වුනෙ තව තව ලන් වුනු එක විතරමයි….මට දැන් ඔයා නැතුව බෑ… ආදරෙයි ගොඩාක්…මගෙ පිලිනු ජීවීතෙ ඔයාට ප්‍ර්ශ්නයක් නෙවෙ නම් මන් නිසා ඔයාට කරදරයක් නොවෙයි කියලා හිතෙනවා නම් මාවත් මගෙ ආදරෙත් බාර ගන්න

ඔයා මේ මොහොතෙ මොන තීරනෙ ගත්තත් මන් තරහා නෑ..ආදරෙ අඩුවීමකුත් නෑ….සෙනේශා ඔයාට ආදරෙයි…සෙනේශා කුලුදුලෙ ආදරෙ කලෙ ගගනට…සෙනේශා මැරෙන කල්ම ඒ ආදරෙ තියෙයි..

ආදරෙටි..ආදරෙයි..ගොඩක්..කැමති තීරනයක් ගන්න මගෙ මහත්තයො….බුදු සරනයි..සතුටින් ඉන්න හැමදාමත්

මෙ සෙනේශා

…….

ගගන ලොකු හුස්මක් ලයට පුරවන් ආයෙම මුදා හැරියා…මගෙ මහත්තයො…මගේ මහත්තයො…ඒ වචන මේ පපුවට බරට දැනුනා…ගගන එයාගෙ රිදුනු පපුව තනියෙන් පිරිමැද්දා

හ්ම්ම්..මමයි වරද්ද ගත්තෙ..එයා මගෙන් ඈත් වෙන්නම්‍යි මුල ඉදන්ම උත්සහා කලේ..ඒත් ඒ හැම උත්සහයක්ම කෙලවර උනෙ මගෙ මුරන්ඩු කමින්…හැමදේම පටන් ගන්න කලින් කෙල්ල හැමදේම කියලා…ඒත් පමා වෙලයි ඒ දේ දැනගන්න ලැබුනෙ…දැන් ගොඩක් පරක්කුයි..මේ දේවල් කලින් දැනගත්තානම්

අසරන කෙල්ලව අක්කලා ඉස්සරහ හෑල්ලු වෙන්න ඉඩ දෙන්නෑ…කෙල්ල මන් ගැන මොනා හිතුවද දන්නෑ…එක දරුවෙක් නෙවෙ දරුවො සීයක් ලැබුවත් ඒ වත සුන්දරයි..ඒ හිත අව්‍යාජයි..ආදරනීයයි…ඊනියා පිවිතුරු සන්කේතයක් මටත් ඕනීද

මාත් කොල්ලෙක්..මගෙ බිරිද වෙන කෙනාගෙ පලවෙනි ඇසුර මන් වෙන්න ඕනි කියලා හීනයක් තියෙනවා..මොකද ගෑනියෙක්ගෙන් ඒ අවස්තාව ගන්න පුලුවන් එක වරයි..ඒ සොදුරු අවස්තාවට රෑ ගනන් මන් හීන දැක්කා..හ්ම්ම්ම්

අක්කා දරුවෙක් ගැන කියපු වෙලේ ,ඇස් දෙකට සෙනේශගෙ දරුවෙක් දැකපු වෙලෙ හිතට කොච්චර කලකීරීමක් දැනුනද…කොච්චර විස්වාස කලාද..අවුරුදු විසි තුනේදි අවුරුදු හයක දරුවෙක්..හ්ම්ම්..සෙනේශා පුන්චි කාලෙම කොල්ලෙක් එක්ක ඉදලා…ඒ ලස්සන රුව හැමෝගෙම ආශිර්වාදෙන් මගේ කරගන්න හිතන් උන්නෙ..ඒත් ඊට කලින් පීදීලා පල දරලත් ඉවරයි..කොහොමද දෙවියනෙ මෙච්චර දෙයක් උහුලන්නෙ…

හ්ම්ම්…මන් හිතුවෙ හැමදේම සෙනේශාගෙ කැමැත්තට වෙලා කියලා…
ඒත් මේ හැම දේම..මට මැවිලා පේනවා අර බල්ලා පුන්චි කෙල්ලට කරන්න ඇති දෙ…පව් ගොඩක් වේදනා විදින්න ඇති…කොහොමද දෙයියනෙ ඒ ලස්සන චූටි මූන බලන් කෙල්ලව තලා පෙලා දාන්නෙ..දව්ස් දෙකක් සිහිය නැතිව ඉන්න කොච්චර නම් වදයක් දෙන්න ඇද්ද…පව්…මට එයාව හිබිද්දිත් බය හිතෙනවා..අනෙ රිදෙයිද කියලා..කෝටු අත් අල්ලද්දිත් බයයි. කැඩිලා අතට ගැලවිලා එයි කියලා..දැන් ඔහොමනම් ඒ කාලෙ පරඩැලක් වගෙ ඉන්න ඇති …එහෙව් ඉන්න කෙල්ලව කෝමද

අර විදියට රිද්දන්න ඇත්තෙ..

ගගනගෙ අත මිට මෙලවුනා..බිත්තියට පාරක් ගැහුව ගගන ආයෙම හිතන්න ගත්තා

හ්ම්ම් පොඩි කෙල්ල බඩකුත් උස්සන් ක්ලීනික් ගිය, හැටි ගගනට මැවිලා පේනවා ..කී දෙනෙක් හ්ම්ම් විහිලු කරන්න ඇද්ද අපවාද එල්ල කරන් නැද්ද..තාත්තෙක් නැති දරුවෙක් බිහි කරද්දි කොච්කර වේදනාවක් හිතෙ පුරවන් ඉන්න ඇද්ද

ගගන සෙනේශගෙ චූටි දෝනිව මතක් කරගත්තා..ඔව් අක්කා කීව හරි ..ඒ ලස්සන ඇස්,හීනි තොල්,කොන්ඩය ,චූටි කෙසග සිරුර සෙනේශගෙන්ම දායාද උනු දේවල්..ඒ සෙනේශගෙ ලේ..සෙනේශා ගැන දැනෙන ආදරයම ඒ චූටි දෝනි ගැනත් ගගනගෙ හිතෙ ඇති වුනා…

මන් …කලබල උනා වැඩි .ඒත්…අම්මා ..අක්කලා…ලෝකයා

මන් සෙනේස්ගට ගොඩක් ආදරෙයි තමයි..ඒත් කොහොමද තාත්තෙක් නැතුව දරුවෙක් ඉන්න ගෑනියෙක්ව කසාද බදින්නෙ..තවත් පිරිමියෙක් අතින් ඉදුල් වුනු කෙනෙක්ව…….හ්ම්ම්ම්

ඒ මොහොතෙම ගගන ලොකු තීරනයක් ගත්තා
………………………………………………..

මුලු ඇගම කෙඩෙත්තු ගතියක් දැනෙනවා..ඒත් වැඩට යන්න ඕනි..වැඩට ගියාම මෙ හැම ප්‍ර්ශ්නයක්ම අමතක වෙනවා

ඉක්මනට ඇදගෙන බස් හෝල්ට් එකට ආවා..වෙනදා පුරුද්දටම වටපිට බැලුනා..හිත හූල්ලනවා.ඒ ආදරනීය ඇස් තවත් මගෙ නෙවෙ..හ්ම්ම් මට උරුම නෑ…

බස් එකෙ එනකම්ම මට මතක් වුනෙ ගගන මගෙ පස්සෙන් ආව දවස්..හ්ම්ම් ඒ ලස්සන දවස් ආයෙම මගෙ ජීවිතේට එන්නෙ නැති වෙයි…

බෑන්ක් එකට යන්න ගිහිනුත් ආයෙම පාරෙන් එහා පැත්ත බැලුනෙ ඒ ඇස් කොහෙන් හරි මතු වෙයි කියලා..

එයා නෑ…

මන් බෑන්ක් එකෙ ඇතුලට ගියා..වැඩ කරන ගමන් සැරින් සැරෙ පෝන් එක බැලුවෙ නිකමට වත් ගගන මට මැසේජ් කරලද බලන්න..වෙනදට විනාඩි පහෙන් පහට එන ඇමතුම් ,කෙටි පනිවිඩ…ආයෙම මගෙ පෝන් එකට එන එකක් නෑ..හ්ම්ම්..මන් ඔයාට දොස් කියන්න නෑ..ඔයා වැරදි නෑ…

හ්ම්ම්..පොඉන් එක කොච්චර බැලුවත් තේරුමක් නෑ තමයි..ඒත් වැඩ ඇරිලත් ආයෙම මන් පෝන් එක අතට අරන් බැලුවා

ඒත් එක්කම පෝන් එක වැඩ කලා…ගෙදරින්…ඒත්

හෙලො

දෝනි

අම්මිගෙ කටහඩ කලබලයි..හිතට බයක් දැනෙනවා කාට හරි කරදරයක්ද

අම්මි ඇයි කලබලෙන්

දෝනි පුලුවන් තරම් ඉක්මනට ගෙදර එන්න

ඒත්..ඇයි..අම්මි

අම්මි

අම්මි දඩස් ගාලා පෝන් එක තිබ්බා..ඇයි මෙච්චර කලබලයක්..අනෙ මගෙ කුක්කිට මොනා හරිද..

දැන් බෝඩිමට ගිහින් ගෙදර යන්න ගියොත් රෑ වෙනවා..ගිහින් බෝඩිමෙ ආන්ටිට කෝල් එකක් දෙනවා…

මන් ඉක්මනට බස් එකකට නැග්ගා..

දෙවියනෙ කාටවත් කරදරයක් නම් වෙලා තියෙන්න එපා…

…මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *