සීමා නෑ ආදරේට…………………………..24

**

අනේ දෙවියනේ මන් ඒ මොකක්ද කලේ..ගගන බිම නේද

මන් ඉක්මනට ඇදෙන් බැස්සා..බැස්සා නෙවෙ පැන්නා කීවොත් හරි..

ගගන..අනෙ සමාවෙන්න මහත්තයො හිතලා නෙවෙ කලේ..අනේ

එයාව නැගිට්ටවන්න දුන්නු අත එයා ගසලා දැම්මා..ලේසියෙන් තරහ නොයන ගගනගෙ මූන ඒ වෙලාවෙ බලන්නත් බයයි…

ගගන සමාවෙන්න

එයා ඇගිලි පහම දික්කරලා මට කීවෙ කතාව නවත්තන්න කියලා

ගගන

ඇති හොදටම ඇති

අනේ

දැන් නිදා ගන්න…සොරි..හ්ම්ම්

ප්ලීස් ග

දැන් මන් සැරයක් කීවනි..මගෙ යකා අවුස්සන්නෙ නැතිව නිදා ගන්නවා..

තවත් මට කතා කරන්න ඉඩ නොතියා එයා දොරත් වහන් රූම් එකෙන් එලියට ගියා..මන් එහෙම්ම ඇදෙන් ඉද ගත්තා..දෙවියනෙ මොකක්ද මන් ඒ කලේ..එයාට…එයා එයාගෙ අයිතිය නෙවෙද ගන්න හැදුවෙ…

ගගන කොයි යන්න ඇද්ද..ඉස්සරහා දොර ඇරෙන සද්දෙ නම් ඇහුන් නෑ..

මන් හිමීට ඇදෙන් නැගිටලා සාලෙට ගියා..කලුවරේම පෝන් එකෙ ලයිට් එක ගහලා බැලුවෙ එයා සෙටියෙ වත් නිදිද කියලා..හ්ම්ම් ඒත් නෑ…

ඉස්සරහා දොර යාන්තම් ඇරිලා..එයා කොයි හරි ගියාවත්ද

මට ඉස්සෙල්ලම බැලුනෙ පෝටිකෝව දිහා..හ්ම්ම් බයික් එක තියෙ..ඒත් කෝ මෙයා

ගේට්ටුවෙ අයිනෙ තියෙන බැම්ම ගාවින් දුමක් පිටවෙනවා..මන් සද්දෙ ඇහෙන් නැති වෙන්න අඩිය තියලා එතනට ගියා

ගගන…එතකොට එයා දැන් සිගරටුත් බොනවද…එතකොට අමීර කීවෙ…

මගෙ පයට පෑගීනු කොලයක් නිසා ඇහුනු සර සර සද්දෙට ගගන හැරුනා..කලුවරෙ උනත් ඒ දිලිසෙනවා…ඒ ඒ මුතු කැට වගෙ පේන්නෙ කදුලු නේද..

ගගන

හ්ම්ම්…ඔයා

අනෙ ගගන සමාවෙන්න

ඒ ගැන කතා එපා..ගිහින් නිදා ගන්න

ඔයා අඩන්නෙ ඇයි ගගන

කොහොමත් ගගන කියන්නෙ පුන්චි දේටත් කදුලු පිරෙන කොල්ලෙක්..ඒත් මෙ කදුලු වැටෙන්න හේතුව මන් නෙවෙද

ඔයා අඩලා ගගන..රත්තරන්

නෑ ඇහට රොඩ්ඩක් ගියා

කාටද මහත්තයො බොරු කියන්නෙ..ඔයාගෙ හැම හැගීමක්ම මට දැනෙනවා..

හ්ම්ම්..හැම හැගීමක්ම දැනෙනවා..හ්ම්ම්..දැනෙනවා

රත්තරන් මට සමාවෙන්න..මේ කාලකන්නි කෙල්ලෙව බැදලා ඔයා දුක් විදිනවා..මේ සේරම මන් නිසා..ඇයි දෙවියනෙ..මට මගෙ හිත..

ඇති..මේ මගෙ ලැබීම

ගගන

හ්ම්ම් ඔයාගෙ හිතෙ බය තියෙනවා කියලා දැන දැනම මන් ඔයාට රිද්දුවා..සමාවෙන්න..ඒ මොහොතෙ ඌත් මාත් අතර වෙනසක් නැති වෙන්න ඇති

එහෙම කියන්න එපා මහත්තයො..මෙ සේරම මන් නිසා..ඒ ඔයාගෙ අයිතිය

ඔයාට රිදුනද..සෙනේ බබී

එයා මගෙ අත අරන් සිනිදුවට පිරි මැද්දා

එන්න යන් නිදා ගන්න

මුකුත් නොවුනු ගානට මගෙ කර වටෙ අත යැව්ව ගගන මාත් එක්කම ගේ ඇතුලට ආවා…මට නින්ද යනකම්ම මගෙ ඔලුව අතගෑවා…

හීනෙන් මන් ගගනෙගෙ වුනා..ඇයි හීනෙන් විතරක් එහෙම වෙන්නෙ..

………………………
මේ විදියට කාලෙ ගෙවුනෙ අපටත් නොදැන…

එදායින් පස්සෙ ආදරෙ මිසක් එයා මගෙන් වෙන දෙයක් ඉල්ලුවෙ නෑ..ගන්න උත්සහා කලෙත් නෑ…මට නින්ද යනකම්.හැමදාම පපුවට තුරුල් කරන් ඔලුව අත ගගා ඉන්න ගගන නින්ද ගියාට පස්සෙ ඩීවීඩි ප්ලේයර් එක දාන් ඉන්න පුරුදු උනා….

….
අදට අපි බැදලා මාස තුනක්..මන් අද එනකොට කේක් එකක් අරන් ආවා…රෑ කෑමට නූඩ්ල්ස් හදලා කලුවට චිකන් කරියකුයි හතු තෙල් දැමුමකුයි හැදුවා..පොඩි සැමන් එකක් ගෙනත් කට්ලට් ටිකකුත් බැද්දෙ එයා කට්ලට් කන්න ආස නිසයි…නූඩ්ලස් තියෙ නම් ගගනට වෙන මුකුත් ඕනිත් නෑ…

ගගන ටීවී එකෙ නිව්ස් බලනවා…මන් එයාට කන්න අඩගැහුවා…

ගගන

ම්ම්ම්

කමූ

හ්ම්ම්..සෙනේශා

ම්ම්ම්

දෙයක් කියන්න තියෙනවා

කාලා කියන්න අනේ. එන්නකො බඩගිනි

අම්මා කෑවද

ම්ම් ඔව් කාලා නිදි

එහෙනම් මෙතනින් වාඩිවෙන්න

කන්නෙ නැද්ද

ටිකකින් කමු එන්නකො..දෙයක් තියෙනවා කියන්න

හරි ඉන්න..

දැන්ම කන්නැති පාටක් තියෙන නිසා එයාටත් මටත් කෝඩියල් ටිකක් හදාගෙනම මන් එයා ලගින් ඉදගත්තා…

ඒ මූන වෙහෙසකරයි..චුට්ටක් ඇදිලත් ගිහින්

ම් ඔයා බීමත් හැදුවද

වෙනදට බීම එක දුන්නු ගමන් ඒක ඇරලා දාන ගගන අද ඒක මගෙ අතෙන් අරන් ටීපො එක උඩින් තිබ්බා..

මන් කොච්චර ආසාවෙන්ද හදන් ආවෙ

සෙනේ බබී

හ්ම්ම්

මේක බලන්න

එයා ඩොකියුමන්ට්ස් පිරිච්ච ෆයිල් එකක් මට දුන්නා..මන් ඒක දිග ඇරලා බැලුවා..

පාස්පෝට් එක එයාගෙ..මැලේශියා වලට වීසා..ටිකට් එකක්..එතකොට එතකොට එයා

ගගන මේවා..

හ්ම්ම්..අපෙ ඔෆිස් එකෙන් හැම ඉයර් එකේම බෙස්ට්ම වර්ක්ස්ලා තුන් දෙනෙක්ට ට්‍රේනින් එකක් දෙනව

හ්ම්ම් ඉතිම්

මාව මේ පාරත් සිලෙක්ට් වෙලා

ඒ කීවෙ

ජොබ් එකට ගිය අවුරුදු පහේම මාව තේරුනා…

ඉතින්

මම් ගියෙ නෑ..

ම්ම්
ඒත් මන් තීරනෙ කලා මේ පාර යන්න

අනෙ ගගන එතකොට මන්

හ්ම්ම්..මාස හයයිනෙ බබි

මාස හයක් ඔය නැතුව මන් කොහොමද රත්තරනෙ ඉන්නෙ

ගගන මගෙ අත් දෙකම අරන් එයාගෙ කම්මුලෙන් තියා ගත්තා

මේ තමයි හොදම විදිය බබි

හොදම විදිය කියන්නෙ..මන් කොහොමද ගගන ඔයා නැතුව ඉන්නෙ…මාත් එනව

මේ අහන්න බබී..මන් යන්නෙ ට්‍රේනින් එකකට..අපෙ කම්පැනි එකෙ බ්‍රාන්ච් ලෝකෙ වටේම තියෙනවා..ඉතින් ඔක්කොම එන්නෙ කොල්ලො.
කොල්ලො ගොඩෙ මට මගෙ මැනුකව තියා ගන්න බෑනි

ඒත් අනෙ මේක යන්නම ඕනීද

එහෙම නෑ..ඒත් හ්ම්ම්..මට යන්න දෙන්න සෙනෙ බබි

ඇයි ඒ ඔයාට මාව එපාද

නෑ ඕන හින්දයි යන්නෙ..

ඕන හින්දනම් දාලා යාවිද

මේ අහන්නකො මගේ සුදු බබී..ඔයා ලග ඉද්දි හැගීම් දැනීම් තියෙන කොල්ලෙක් විදියට මන් ඉවසන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන් රන්..හැමදාම රෑට ඔයා නිදියන් ඉද්දි මට හිතෙනවා බලෙන් හරි ඔයාව මගෙ කරගන්න..එහෙම හිතිලා ඔයා ගාවට ආව වාර අනන්තයි.ඒත් ඔයාගෙ අහින්සක සුදු මූන බලන් කොහොමද මන් රිද්දන්නෙ.
එහෙම කලොත් අරූගෙයි මගෙයි අතර වෙනසක් නැති වෙයි..කොච්චර දවසක් මන් හැගීම් පාලනෙ කරන් ඉන්නද…දවසක මටත් නොදැනි ඔයාට කරදරයක් වෙයි…ඒ නිසා මන් තීරනෙ කලෙ ඔයාගෙන් ටික දවසකට ඈත් වෙන්න…

අනේ..බෑ බෑ මට බෑ ඔයා නැතිව ඉන්න

අහන්න රත්තරන්..ඔයාගෙ හිත මගෙ උනත් තවම ඔයාගෙ ඇග මාව පිලිගන්න සුදානම් නෑ…ඕක කාලයක් යද්දි හරි යාවි..

අනෙ ගගන ඒත්..

ඒත් මේත් මුකුත් නෑ..මන් යනවා බබි..සෙනෙ බබි මාව නවත්‍තන්න උත්සහා කරන්න එපා..මේ තීරනෙ තමයි හොදම තීරනෙ…

අනේ

හරි ඔය කතා නවත්තමු..මෙ බඩෙ පනුවො බොක්සින් ගනනවා..යන් කන්න

හ්ම්ම්..

ගගනත් මමත් කෑම මේසෙන් වාඩි උනා..එයා මටත් එයාටත් නූඩ්ල්ස් බෙදුව…

කන්න බබි

මගෙ ඔලුවත් අතගාලා එය කන්න පටන් ගත්තා

ගගන

ම්ම්

කවධ්ද ෆල්‍යිට් එක

සෙනසුරාදා…අට

මේ අට

හ්ම්ම් ඔව්

දෙයියනෙ අද අගහරුවාදා
.

මෙච්චර ලගට ඇවිත් ඇයි මට නොකීවෙ

ඒ දේට උත්තර නොදි එයා කෑම ඇනුවා.. දෙවියනෙ තව දහස් හතරයි..කොහොමද ඒ දවස් හතරෙන් පස්සෙ මෙ ගෙදර ඉන්නෙ..ගගනත් නැතුව…

මට ඇති සෙනේ බබි

එයා කෑම මේසෙන් නැගිට්ටා..අත ගගා උන්නා මිසක් චුට්ටක් වත් කාලා නෑ..

….

හරිම ඉක්මනට සෙනසුරාදා උදා වුනා..එදා පාන්දර පහයි විසි පහට එයා මැලේ ශියා යන ෆ්ල්‍යිට් එකට නැග්ගා..

හ්ම්ම්..මාස හයක්..එයා නැතුව..

..මතු සම්බන්දයී…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *