සීමා නෑ ආදරේට………………………….26

**

අද මන් මේ මේ ගමන යන්නම ඕනී.දැන් පාන්දර දෙකයි..හැම දෙයක්ම හොද විදියට සිද්ද වෙයි කියලා හිතනවා..

ඇරත් මන් තනියෙන් නෙවෙ නේ..බය වෙන්න දෙයක් නෑ..හ්ම්ම්..හිතට ගොඩක් බයයි..ඒත් මේ හැම දේටම අපේම ..නෑ මගේම හොදට…

ගගන..ඔයා ආවම ඔයාට ලැබෙන්නෙ අලුත් සෙනේශා කෙනෙක්..අදින් පස්සෙ සෙනේ බබී ඔයාගෙම වෙනවා….

මට නින්ද යන්නෑ..දහයටයි එන්න කීවෙ…තාම දෙකය මට නින්ද යන්නෑ..සැරින් සැරෙ එදා භානුක අයියා කියපු දේවල් මතක් වෙනවා..මගේ ජීවීතේ වටිනාම දේ විනාස කලා මදිවට දැන් ජීවීතෙත් විනාශ කරන්නයි හදන්නේ

ඔයා දන්නෙ නෑ භානුක අයියෙ..එදා මන් අහින්සක චූටි කෙල්ලෙක්..අද මන් ගෑනියක්..අම්මා කෙනෙක්..ආදරනීය සැමියෙක්ගෙ බිරිදක්..

ආසියාතික ගැහැනිය මොන බාදක කම්කටොලු ආවත් එයාව ආදරෙන් රැකිලා තියෙන කුටුම්බය කැඩෙන්න කොහොමටවත් ඉඩ තියන්නෙ නෑ..තවමත් මන් වයසින් මුහුකරා ගිහින් ි නෑ තමයි..ඒත් එදා ඔයාගේ ඇගට යට වෙලා තැලිලා පොඩි උනු පුන්චි කෙල්ල නෙවෙ..අවුරුදු විසි තුනක් උනාට ජීවිතෙ ගැන ගොඩක් අත්දැකීම් ලබපු කෙනෙක්..අනික එදා මන් තනියෙන්..ඒත් අද තනියෙන් නෙවෙ…

මගේ කල්පනාව බිදමින් ගේ ඉස්සරහින් ඇහුනු වාහනේක නලා හඩ නොනවත්වාම හඩ දෙනවා..

කවුද මේ වෙලාවෙ හෝන් කරන්නේ…මේ ගෙදර ඉන්නෙ මායි අම්මයි විතරයි කියලා මෙහෙ ඉන්න හැමෝම දන්නවා…කවුද මේ අවේලාවෙ..

මන් සාලේ ලයිට් නොදමාම ජනෙල් රෙද්ද ටිකක් ඈත් මෑත් කරලා ටිකක් බැලුවා…හ්ම්ම් වෑන් එකක්..දෙන්නෙක් වගේ ඉන්නවා…

ඒත් එක්කම ගෙදර පෝන් එකත් වැඩ කලා..කවුද අයියො මේ වෙලේ…

මන් ආන්සර් කරන්න කලින් අම්මා නැගිටන් ඇවිත් කෝල් එකට ආන්සර් කලා…

හෙලෝ

මොකාක්

අනෙ..ඇත්තමද පුතේ

ඉන්න මගෙ මහත්තයෝ

අම්මා පෝන් එක තියලා කලුවරෙ හැපි හැපි සාලේ ලයිට් දැම්මා…

අම්මො මන් බය වුනු තරමක්..මේ දුවනි

අම්මා කවුද ගේට්ටුව ලග ඉන්නවා..අනික කවුද අම්මා කෝල් කරේ

අහ් ඔය ලමයා ඇහරන්ද හිටියේ..දුවෙ පුතා ඇවිත් තියෙන්නෙ

ග..ග..න..මේ අපේ ගගන

හිතට දැනුනු සතුටත් එක්කම මට කෑගැහුනා…දෙවියනෙ එයා ඇවිත්..මගෙ ගගන ඇවිත්..තව මාස දෙකක් තියෙනවා මාස හය පිරෙන්න..ඒත් මගෙ සුද්දා ඇවිත් දෙයියනෙ කොච්චර සතුටක්ද..මන් ඉක්මනට දොරත් ඇරන් ගේට් එක ලගට දිව්වා…

කලුවරෙ උනත් ඒ සුදු මූන පේනවා ලස්සනට

සුදු මහත්තයො ඔයා ආවද

ම්ම්ම්..මගෙ මැනික නැතුව ඉන්න බෑ මට…දුවන් ආවා

ඔයා හොද නෑ. ඊයේ රෑ කතා කරද්දි වත් කීවෙ නෑ මට තරහයි මන්

හරි හරි තරහා වෙන්නකො..ගේට් එක අරින්නකො මැට්ටියෙ…තාප්පෙන් පයින්නද කියන්නෙ

අහ් එතකොටයි මට මතක් උනෙ සතුට වැඩිකමට කලබලේට දුවන් ආවට ගේට් එකෙ යතුර අරන් ආවෙ නෑනේ..මන් ආයෙම ගෙදරට දිව්වා

මගෙ දගකාරියෙ වැටෙයි බබියෝ

ඔයා ඉන්නවනම් වැටුනත් මොකද මගෙ සුද්දෝ…

ගිය පරක්කුවට ආපහුම දුවන් ඇවිත් ගේට් එක ඇරියා..හැබැයි කලබලේ නිසා දෙතුන් පාරක්ම යතුර බිමට වැටුනා…

මන් ගේට් එක ඇරිය ගමන්ම ඒ ඇගෙ එල්ලුනා…හී අම්මා ඉන්නවා කියලත් අමතකයි

ඒ පූස් පැටික්කි බහින්න ඇගෙන්…

හරි හරි හා

එයා මාවයි අම්මවයි දෙන්නවම බදාගෙන ගේ ඇතුලට ආවා..අහන්න දේවල් ගොඩාරියයි..ඒත් මොනා අහන්නද තේරෙන්නෙ නෑ..අම්මට එයත් එක්ක චුට්ටක් කතා කරන්න ඉඩ දීලා මන් කුස්සියට ගිහින් ඉක්මනට සුද්දුට තේ හැදුවා…

ආ සුදු මහත්තයො

ඒ ඇස්වල ආදරේ උතුරනවා..ඒ ආදරේට යටවෙයිද මන්දා මාව..

පැයක විතර ආගිය කතාවලට පස්සෙ ගගන මගේ උරහිසට අතක් දාගෙනම රූම් එකට ආවා…

අතොරක් නැතිව සිද්ද වුනු හාදු වැස්සකට පස්සෙ එයා මාව එයාගෙ ඔඩොක්කුවෙ ඉන්ද ගත්තා..මන් දැන් එයාගෙ කර වටේ අත් දාගෙන ඒ ඇස් දිහා බලන් උන්නා

ඔයා හොදම නෑ

ඒ සුදු අත කොනිති ගහන ගමන්ම මන් නෝක්කාඩුවෙන් කීවා..

මොනාද හොද නැත්තෙ ම්ම්

ඇයි මට කීවෙ නැත්තේ

ස්‍ර්ප්‍ර්‍යිස්

හොද ස්‍ර්ප්‍ර්‍යිස් එක තමයි…

ම්ම්ම්

ඉන්නකො රිටන් දෙන්නම්

එහෙමද..මොනාද දන්නෑ දෙන්නෙ

වේට් ඇන්ඩ් සී..රිටන් බබී

හරි හරි..මගෙ සෙනේ රිටන් බබියො..මන් ඒනම් වොශ් එකක් දාන් එන්නම්..මහන්සියි කෙල්ලෙ..දොයි ගන්න ඕනි

හා…

මාව දොයි කොලනවද අම්මි

හා

කකුලෙ දාලා

නෑ

ඒනම්

මගේ ආදර තොටිල්ලෙ දාලා

මගේ පිස්සි..ඉන්නකො වොශ් එකක් දාන් එන්නම් ආදර තොටිල්ලෙ නැලවෙන්න..

ගගන වොශ් දාන්න ගියාට පස්සෙයි මට මතක් උනෙ අද කරන්න උනු වැඩෙ..මොකද කරන්නෙ මෙයාට ඒක කියනවද..කොයිකටත් අහලා බලමූ

ගගන එන්න කලින් කෝල් එක ගන්න ඕනි නිසා මන් කුස්සියට ගියා..පාන්දර නිසා උස්සයිද දන්නෙත් නෑ..

තුන් හතර පාරක් රින්ග්ස් ගියාට පස්සෙ පෝන් එක ආන්සර් උනා

මොකොඋදෙ නැගිටන්

මේ ගගන ආවා

බොරු

නෑ මේ දැන් පැයකට විතර කලින් ආවෙ..

ඒකත් එහෙමද..හ්ම්ම් ශා ශා

මන් කියන්නම්ද එයාට විස්තරෙ

එපා දැන්ම…මොකද ඔය පිස්සා මොන පිස්සුවක් නටාවිද දන්නෑ

ඒත් එයාට නොකියා කෝමද

හැමදේම ප්ලෑන් කරාට පස්සෙ එතන මොකක් හරි අවුලක් ගියොත්..ඔයා දන්නවනී.කොච්චර රිස්ක් එකක් එක්කද මේ වැඩේ කරන්නෙ කියලා

හ්ම්ම්..හරී..ඒත් බයයි..නොකියා ඉදලා ගගන මොනා හරිම හිතයිද කියලා…

හරි හරි මොනාහරි උනොත් මන් ඉන්නවනි..එහෙනම් දහයට තැන මතකයිනේ

හ්ම්ම්..හරි දහයට..ප්ලාසා එක ඉස්සරහා..හරී…

ගගන එනවා වගේ දැනුන නිසා මන් ඉක්මනට පෝන් එක තිබ්බා..එයා ඇවිත් මගෙ උරහිසෙන් නිකට තියා ගත්තා

ඔයා කොහිද මැට්ටියො ඇවිදින්නෙ..මොකො කුස්සියට රින්ගුවෙ..

මේ මේ කෝප්ප ටික හෝදන්න…

අනෙ මන් ආවම කෝප්ප හෝද හෝද ඉදලා හරියනවද ආ

සොරි..හරි..යන්

කුස්සියෙ ඉදන් සාලෙට ඇවිත් තමයි රූම් එකට යන්න ඕනී..තවමත් ටිපෝ එක උඩ ගගන බීව තේ කෝප්පය

මන් වගේම එයත් ඒක දැක්කද

මෝඩි කෝප්ප හෝදන්න ගියා කීවෙ..මේක මෙතන තියෙද්දි..ම්ම්

ඔයා ආව සතුටට මට අමතක උනා

හ්ම්ම් ඒමද තව මොනවා අමතක වෙයිද දන්නෙ නෑනේ

හ්ම්ම්..ඒකනි..මැට්ටෙක් ඇවිත් මාව පිස්සු වට්ටනවානේ

කාමරේට ආව ගමන් එයා මාව වඩාගත්තා…වඩාගෙන වට දෙක තුනක් කැරකෙව්වා…

අනේ බයයි සුදු මහත්තයො බිමින් තියන්නකෝ

බෑ බෑ බිමින් තියන්නෙම නෑ

අනේ

වට තුන හතරකට පස්සෙ කරකැවිල්ල ඇවිල්ලද එහෙමත් නැත්තම් බොරුවටද මන්දා ගගන මාවත් එක්කම ඇදට වැටුනා…දැන් එයා මගෙ ඇග උඩ

මන් ඒ සුදු මූන දිහා බලන් උන්නා..තරු ඇස්..ඒ ඇස් දෙක පුරාම ආදරේ උතුරනවා..ඒ මදිවට ඒ ඇහෙ ඉන්නෙ මන් විතරයි

එයා මගෙ ගොතලා තිබ්බ කොන්ඩෙ ගලෝලා ඇදෙ විසිරෙව්වා…

මගෙ මැට්ටි..තවත් ලස්සන වෙලා

ම්ම්ම්

සූදයි…

ම්ම්ම්

හපන්න හිතෙනවා…පොඩි කරලා කරලා දාන්න හිතෙනවා

ඉතින්…

මේ කා එක්කද උදේ පාන්දර පෝන් එකෙන් මල් කැඩුවෙ

මල් කැඩුවෙ නෑ අනේ

එහෙනම්

මේ යාලුවෙක්..

යාලුවෙක්..මෙච්චර උදේ

හ්ම්ම් ඔව්

හ්ම්ම් හ්ම්ම්..කෝ බලන්න ඇස්

ඒ ඇස් වලට බොරු කරන්න බෑ…මන් ඉක්මනට එයාව තල්ලු කරලා ඇදෙ එහා පැත්තට පැන්නා..

ගගන

ම්ම්

මේ

ඔව්

මන් අද වැඩමුලුවට යන දවස

මොකක්ද ඔය වැඩමුලුව

මේ අර..ම්ම් බෑන්ක් එකෙ එකක්

ඒකත් එහෙමද…හ්ම්ම් කොහිද තියෙන්බෙ

තියෙන්නෙ..තියෙන්නෙ මහරගම

මහරගම???එච්චර දුර..

හ්ම්ම්

යන්නම් නේද..අද යන්නම ඕනි

හ්ම්ම්…මන් ආවා විතරයි ඔයා යනදද

ඒත් අද යන්නම ඕනි මහත්තයො

මන් එක්කන් යන්නම්

අහ්..දැන් ගගනට කියන්නත් එපා කියපු එකෙ එයා එක්ක ගිහින් කොහොමද..අනිත් එක මන් යන්නෙ මහරගම නෙවෙ නේ..ප්ලාසා එකටනි… ඔයා දොයි ගන්නකො…මන් යන්නම් හොදේ

හ්ම්ම්…මොනා හරී..හ්ම්ම්..කමක් නෑ…හරී..හ්ම්ම්

දොයි ගමුද…එන්න මන් නලවන්නම්

එපා සෙනේශා මන් මෙහෙම නිදා ගන්නම්

එයාගෙ හිත රිදුනාවත්ද

බබී

ම්ම්ම්

මන් ගියාට තරහා නෑ නේද

ම්ම්

අද යන්නම ඕනි ඒකයි

හ්ම්ම්…මන් නිදියනවා

මේ බබෝ…මට දැන්…

නිදිමතයි සෙනේ බබී..

හා එහෙනම්

ගගන නිදා ගත්තට පස්සෙ මන් වොශ් රූම් ගිහින් නාගත්තා

මට සමාවෙන්න ගගන..මට ඔයාට හැමදේම කියන්න ඕන උනත් කියන්න එපාලුනේ…සේරම ඉවර උනාම අද රෑට මන් කියන්නම් බබි..අද රැයින් පස්සෙ අපෙ හැම ප්ස්නෙම විසදේවි

…..
හරියට දහයට මන් ප්ලාසා එක ඉස්සරහට ගියා…හිතට ගොඩක් බයයි..ඒත් මට හොයා ගන්න බැරි උනාට මා වටේ දහයක් දොලහක් ඉන්න බව දන්නවා…හ්ම්ම්..

හිතට වීරීය අරන් මන් භානුක අයියා ඉන්න තැනට ගියා..පෙනේද විරිත්තන ලස්සන…ඔයාගෙ ඔය විරිත්තිලි අදින් ඉවරයි ..ඒක මතක තියාගන්න

අහ් ලමයා වෙලාවටම ඇවිත් තියෙන්නෙ අද ලස්සන….

මගෙ දිහා කෑදර බැල්මක් හෙලපු භානුක අයියා මගේ අතකින් අල්ලන්න හැදුවෙ..මන් ඒ අත ගසලා දැම්මා..පිලිකුල් මට…ශික්

මොකො රෙස්පට්..මතකනි..වැඩිය ලොකුකම්.පෙන්නුවොත් වැඩ වරදී..

හ්ම්ම් මේ මහ පාර

ඔහ් බබා පැටික්කි බයද..ඕකෙ ඕකෙ එන්නකො..යන්

හ්ම්ම්..මෙයා කොහිද මාව එක්කන් යන්න යන්නේ…

භානුක අයියා මාව තීවීල් එකකට නග්ග ගත්තා..දන්නෙ නෑ..මේ ඉරනම් ගමනක් වෙයිද කියලා..ඒත් හ්ම්ම් මන් එක්ක තව අය ඉන්නවනී

………………………………………..

සේනේශා හිතන් උන්නෙ එයා වටෙ ඉන්නෙ එයාට ඒ විදියට කරන්න කියපු අය විතරයි කියලා..

ඒත් තවත් එක ආදරනීය හිතක් වෙච්චි දේවල් සේරම බල බල හිතින් පිච්චුනා….

…මතු සම්බන්දයී…. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *