සුරඟනක් කඳුළක් සලා 02

,දෙක කොටස

හින් හිරි පොද වැස්සක් හෙමි හෙමින් වැටේ මම කුඩය ඉහලා ගත්තෙමි .. පාසල් බස් රථය පැමිණීමට තවත් විනාඩි පහක් පමණ ඇත .. යුවතියක් ලෙස පාසල් යන පළමු දිනය අදය … මම සුළං වැස්ස නිසා අකීකරු වන කොණ්ඩය සංවරව තබා ගන්නට උත්සහ කලෙමි … පාසල් බසය පැමිණ ‘ බ්‍රස් ’ ගා මගේ ලගින්ම නතර කළේය … බසය දැරියන්ගෙන් පිරි ඇත … මම පාසල් යන්නේ සතියකට පසුය .. මම බසය පුරා දිනිතිව සෙව්වෙමි ….
‘ සුරංගනා මම මෙහෙ ’
ඒ මිහිරි හඩ මගේ මිතුරිය දිනිතිගේය .. කොණ්ඩය කොටට කපා සිටි ඇය කොල්ලෙකු මෙනි … සුදු පාට වටකුරු මුහුණ හැඩ කිරීමට මෙන් ඇගේ දෙතොල නිතර මදහසින් අලංකාර වේ ..දිනිති හැරුණු විට මට තවත් මිතුරියක් වේ … ඇය භාවනාය … ඇය පාසල් පැමිණෙන්නේ පියා සමග කාර් එකේය ..මා සිතන අයුරින් අප තිදෙනාගෙන් වඩා රූමතිය ඇයයි . ඇය රූමත් මෙන්ම අවිහින්සකය … මගේ සහ දිනිති ගේ දගකාර කම ඇයට නොතිබුනේය … මුවැතිත්තියක මෙන් නිසල ඇය පාසලේදී කාගේත් ආදරය දිනා සිටින්නීය ..
‘ගුඩ් මොර්නින්ග් ’
‘ගුඩ් මොර්නින්ග් දිනි ’
‘ අම්මේ කෙල්ලගේ ලස්සන …සුදු වෙලා … අයිස්චර්යා වගේ ’
‘ අනේ මේ මාව මුරුංගා ඇත්තේ නොතියා ඉදපන් ගෙම්බි ..’ මම ඇයට විරිත්තුවෙමි
‘ ම්ම්ම්ම් මේ කොන්ඩේ ගොතලා නේ අආයිස් ….’ පෙර දිනවල පෝනිටෙල් එකක් දාගෙන යන කොණ්ඩය අම්මි විසින අද කරල් දෙකක් ගෙතුවේ මම එපා කියද්දීමය
‘ අනේ පිස්සි දොඩවන්න එපා unsure emoticon එක්සෑම් එක ලගයි නේ ගිය සතියේ නෝට්ස් ටික ලීවද මගේ හොද කෙල්ලනේ’
‘ අනේ උබේ බටර් ගෑවිල්ල නතර කරහන් … මම ලීවා .. ඔන්න බැහැපන් බස් එක නතර කළා ’
කෙල්ලන් බස් එකෙන් බසින්නට ද පොර කයි … මමත් දිනිතිව ඇදගෙන බස් එකෙන් බැහැ ගත්තෙමි ..
මා පන්ති කාමරයට එනු දැක භාවනා ගේ මුව විකසිත මලක් මෙන් පිපුනේය …
‘ සුරංගනා …ලස්සන වෙලා ..’ කියමින් මා වැළදගෙන සුභ පැතුවේය
‘ තෑන්ක්ස් ’ මම මිහිරි ලෙස සිනාසුනෙමි …
‘ආනේ මෙන්න කොන්ඩේ ගොතලා ෂෝයි අනේ ..’
‘ මම කිවම මෙයා ගණන් ගනන් නැහැ අනේ ’ දිනිති නෝක්කාඩු කීවාය
‘දිනිති කච කච ග ගා ඉන්නේ අද ඔයාට ක්ලාස් එක ක්ලින් කරන්න තියෙන්නේ .. තව විනාඩි දහයයි තියෙන්නේ … පන්තිය පටන් ගන්න … ’ ඒ මයුරිය .
ඇය අපේ පන්ති නායිකාවයි ..දිනති මයුරිට රවමින් කොස්ස අතට ගෙන අතු ගාන්න විය .. මයුරි සහ ඇගේ යෙහෙලියන් අපි සමග අමනාපය … ඔවුන් උත්සහ කරන්නේ පුළුවන් උපරිමයෙන් අපත් සමග වලි දාගැනිමටය .. මා ගොස් දිනිතිට කුණු රැස් කර බකට් එකට දැමීමට සහය උනෙමි .. බෙල් එක වැදුනේ ඔය අතරය …
‘ ඔයා ඉන්න දිනි මම දුවලා ගින් කුණු ටික දාලා එන්නම් ..’
මම බින් එක රැගෙන එලියට දිව ගියෙමි ..දොර අසලම උයේ ගිම්හානි මයුරිගේ හොදම යෙහෙළියයි …ඇය මා එනු දැක දැක දැකම දැම්මේ නැතැයි කකුල ඉස්සරහට .. මම එයාගේ කකුලේ වැදිලා එතනම ඇදගෙන වැටුනා ..වැස්ස දවසක් නිසා සිමෙන්තිය පුරාම මඩ ළමයි පාගලාම .. කෙල්ලෝ ටික සුවක් දාන්න ගත්තා .. කුණු කුඩේ තිබ්බ කුණු ටිකත් මගේ ඇදුම පුරාම ගෑවිලා .. අලුත්ම සුදු ගවුම මඩ ගෑවිලා ….ලැජ්ජාව නිසා මගේ කම්මුල් දෙක රතු වෙනවා වගේ මට දැනුනා …
‘ මේ තමුසේ මන් එනවා දැක දැකම කකුල දැම්මා නේද ’
මම නැගිටලා තිබ්බ තරහට ගිම්හානිව තල්ලු කරලා දැම්මා …ඇයත් මම වැටුන තැනම ඇදගෙන වැටුනා … කෙල්ලෝ ටික ගාථා කියන එක නතර කරලා අපි දිහා බලන් ඉන්නවා … දිනිති දුවගෙන ඇවිල්ලා මගේ අතින් අල්ල ගත්තා
‘ නවත්තනවා ඕක අන්න නයනි මැඩම් එනවා … ’ දිල්මිනි කෑ ගැසුවේය
‘ මොකද මෙතන වෙන්නේ …මොකක්ද මේ කෑ ගහන්නේ වට්ට් අම්මලා වගේ උදේ පාන්දරම’
නයනි මැඩම් දැක්කේ බිම වැටි සිටින ගිම්හානිය …
‘ මයුරි මෙහෙට එනවා කියනවා මොකද උනේ … ’
මයුරි සිදු උන දේ විස්තර කරා ..
‘දෙන්නම ඉස්සරහ එනවලා ..’ අපි දෙන්නා ඉස්සරහට ඇවිදගෙන ගියා ..මගේ කකුල් දෙක ගැහෙනවා දැන් නම් බයට ..සුවර් වේවැල් පාර නම් .. නයනි මැඩම් අපි දෙන්නා දිහා මොහොතක් බලාගෙන හිටියා ..
‘ගැහැණු ළමයි නේද … මොකක්ද මේ හැසිරෙන විදිහ … දෙන්නාම අත් දික් කරනවලා ’
චටාස් පාටාස් වේවැල් පාර …අත රිදුම් දුන්නා .. මගේ ඇස් වලින් කදුළු කැටයක්‌ එලියට පැන්නා … මගේ වගේම ගිම්හානි ගේත් ඇස් වල කදුළු ..
‘ ආ දෙන්නම … ඇවිල්ලා … පැයක් මුහුණින් මුහුණ බලන් දන ගාගෙන ඉන්නවලා ’
ඔන්න ඉතින් අපි දෙන්නට උනේ උදේ පාන්දර පැයක් දන ගාගෙන මුහුණින් මුහුණ බලන් ඉන්නයි ….
දිනිති හා භාවනා මා දෙස දුකින් බලන් උන්නේය …අපි හය වසරේ සිටියේ එකට … ඒ දින සිට පැවති මිතු දම එදා සේම අදද බොහෝ ලෙන්ගතුය .. බොහෝ මිතු දම් කෙටි කලකින් නිමා උනද .. අප මිතු දම එදා සේම අදද එක සේ නැවුම්ය ..
‘ ගිම් ට රිටන් එක දෙන්න ඕනි …’ දිනිති උන්නේ කෝපයෙනි ..
‘ ඕක අමතක කරමු …’ ඒ භාවනාය
‘ හ්ම්ම්ම් ’ මම කිසිවක් නොපවසා සිටියේ සිත කෝපයෙන් පිරි තිබුන බැවිනි …

තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *