සුරඟනක් කඳුළක් සලා 07

හත කොටස

මම ස්පොර්ට් මිට් එකෙන් පසු දින හතරක් එක දිගට පාසල් නොගියෙමි … අම්මි අප්පච්චි සේම මල්ලිද පුදුම උයේ කවදාවත් පාසල් නොයා සිටින මා එකදිගට දින හතරක් පාසල් නොයා ඉදිමය .. මම අසනීප බවක් හගවා ඔවුන්ගේ ප්‍රශ්න වලින් මග ඇරියෙමි … දුරකථනය එක දිගට නොනවත්වා නාද වෙයි අප්පච්චි රැකියාවටත් අම්මි මාර්කට් එකටත් මල්ලි පාසලටත් ගොසිනි නිවසේ රැදී සිටියේ මා පමණි .. මම දුරකථනය අසලට යෑමට කම්මැලි කමෙන් උන්නෙමි .. ‘මොනද කරදයක්ද මන්දා ’ මම සිතින් බනිමින් දුරකතනය වෙත පියමැන්නෙමි…

‘හෙලෝ සුරංගනා ඉන්නවද ’ එහා පැත්තෙන් ගලාගෙන ආවේ නුහුරු ස්වරයකි ..

‘ ඔව් සුරංගනා තමා කතා කරන්නේ ..’

‘ දන්නවද කවුද කතා කරන්නේ කියලා …’

‘ දන්නවා නම් කියනවනේ කවුද කියලා .. කවුද කියලා කතා කරන්න නැත්තම් ෆෝන් එක තියන්න මගේ කාලේ කන්නේ නැතිව ..’

‘ සුරංගනාවියෝ ඔච්චර නපුරු වෙන්න හොද නැහැ ..’

‘ ඔයාට මොකද මම කොහොම උනත් පිස්සු කරන්න එපා .. ෆෝන් එක තියන්න … විකාර නටන්නේ මෙතන ..’

මම දඩාරියන් ගා ෆෝන් එක අත ඇරියෙමි .. නැවත නැවත දුරකථනය නාද වීමට පටන් ගත්තේය ඔහුම වන්නට ඇත .. කවුරුන්ද යැයි නොකියා මා සමග දොඩන්නට එන ඔහු ගැන මා හදතුල උයේ මහත් කෝපයකි … ‘මොන කරදරයක්ද මේක ’ මම දුරකථනය අතට ගත්තෙමි ..

‘ මම තමුන්ට කිවා නේද මට කෝල් කරන්න එපා කියලා .. වදයක් වෙන්න එපා හලෝ .. ’ මම ඔහු කිසිවක් පැවසීමට පෙර මම බැනගෙන බැනගෙන ගියෙමි ..

‘ සුදු දු …’ අනිත් පසින් කතා කරේ අප්පච්චිය .. අනේ ඔහු කුමක් සිතන්නට ඇතිද … අප්පච්චිගේ සු දු අසංවර ලෙස කෑ ගසනු දැක ඔහු පුදුම වෙන්න ඇත ..

‘ අප්පච්චි .. අනේ අප්පච්චි මට සමාවෙන්න … මම අප්පච්චි කියලා දැනගෙන නෙවේ එහෙම කතා කලේ ..’

‘ සුදු දු කාටද බැන්නේ ..’ ඔහුගේ නිවුන හඩ හමුවේ මගේ සිත බිය පහ වී ගියේය

‘ අප්පච්චි කොහෙද යන පිස්සෙක් …කෝල් කර කර විකාර කියෝනවා …’

‘ දු ෆෝන් එක ගලවලා පැත්තකින් තියන්න අම්මි එනකන් …. දැන් සුදු දු පාඩම් කරන්න ..’

‘ හා අප්පච්චි මගේ අප්පච්චිට බුදු සරණයි ..’

‘ බුදු සරණයි සුදු දු …’

ලෝකයක් තරමට ආදරේ කරන මගේ සුදු අප්පච්චිගේ සිත කවදාවත් රිදවනු තබා මට සිතන්නවත් නොහැක … ඉතින් සියලු දේ අමතක කර ..පාඩම් වැඩ කටයුතු වලට සිත යෙදවිය යුතුය … නොලද පෙමක් වෙනුවෙන් දුක් විදීම පැත්තකින් තබා .. අනාගතය පැහැදිලි කරගත යුතුය …

……………………………………………………………………………………………………………………..

සමන්පිච්ච මල් පදුරේ පිපි සමන් පිච්ච මල් වලින් නැගෙන්නේ අමුතුම සුවදකි .. සමන් පිච්ච මල් සුවදට මම හැමදාමත් ආදරය කරමි … මම ගෙමිදුලේ තිබු සමන්පිච්ච වැලේ තිබු මල් වලින් එකක් කඩා ගොතා තිබු වරලසේ ගසා ගත්තෙමි ..

පාසල් බස් රථය මට මග හැරුනේ විනාඩියකිනි .. මොහොතකින් මා අසලින් ඉදිරියට ගිය සුදු පැහැ කාරය රිවස් කර මා අසලින් නැවතුවේය … රියදුරු අසුනේ සිට මා දෙස ගැබුරු බැල්මක් හෙලමින් කවිශ් ඔහු බලා උන්නේය .. ඔහුගේ කතා කරන ඇස් වල දහස් දේ ලියවී තිබුණි .. මම ඒවා කියවීමට මොහොතක් උත්සහ කලෙමි … මොහොතකින් ඔහු මාගේ දෑස් වලට පරාජය වී බිම බලා ගත්තේය ..

‘ නගිනවා …’ ඔහුගේ ස්වරයේ උවේ නපුරු කමකි … අදහන්න මා මොහොතින් ඔහුගේ රියට නැග්ගේය …

කාර් එක නතර වුයේ වේස්පාර්ක් පාරේ පාළු තැනකය ..

‘ මම දවස් ගානක් ආවා ඔයාව අල්ලගන්න … මොකක්ද එදා ස්පෝර්ට් මිර්ට් එක දවසේ කරපු වීර කම ආ .. කොල්ලෙක් කැමතිද ඇහුව ගමන් කැමති කියන්න තමුසෙට පිස්සුද හලෝ …’

ඔහු ආවේගශීලිව කියවයි … මම මොකුත්ම නොකියා නිහඩවම ඔහු කියන දෙයට සවන් දීගෙන සිටියෙමි … මගේ ඇස් වලින් කදුළු ගලා ගියේ දුකටද ඔහු පිලිබදව බියටද නොදනිමි … නමුත් මම නොනවත්වා සිහින් ස්වරයෙන් ඉකිබින්දෙමි …

‘ ඕකනේ ඉතින් ගැහැනුන්ට ඉතින් පොඩ්ඩ බැරි වෙන්න බෑ අඩන්න තමා දන්නේ … දැන් අඩන්න එපා .. ’ ඔහු කලිසම් සාක්කුවේ තිබු ලේන්සුවක් ඇද මගේ ඇස් වලින් ගලා ගිය කදුළු පිස දැම්මේය …

‘මට සමාවෙන්න අයියේ .. ඒ වෙලාවේ මම මොනවද කරන්නේ කියලා මමම දන්නේ නැහැ ..’

‘සුරංගනාවියෝ ඔය විදිහට නපුරු වෙන්න හොද නැහැ …’

මම ඔහු දෙස දෑස් ලොකු කර බැලුවෙමි … ඒ ඔබද කවිශ් එදා දුරකථනයෙන් මා හා දොඩා මා කෝපයට පත් කල නාදුනන පුදගලයා ඔහුද ..

මම සමාව අයදින දෑසින් ඔහු දෙස බලා උන්නෙමි ..

‘මේ බලන්න මගේ දිහා ..මගේ ඇස් වලින් මොනා හරි කියනවාද ..’ මම නැවත ඒ දෑස් දෙස බලාගෙන උන්නෙමි මෙවර ඒ දෑස් වල තිබු මොකක්දෝ හැගීමකට මගේ හදවත හිරි වැටි ගියේය .. අනේ දෙවියනේ මා මේ ඔබගේ ඇස් වලින් දකින්නේ මා වෙනුවෙන් ඔය හිතේ ඇති ආදරයද .. මම ඒ ලස්සන ඇස් වල කැල්ම දරාගත නොහි බිම බලාගත්තෙමි ..

‘ දැක්කද මේ ඇස් දෙක ඇතුලේ ඔයා වෙනුවෙන් පිරිලා තියෙන ආදරේ … ඒ ආදරේ මුලින්ම ඇති උනේ එදා ඔයා දැක්ක පලවෙනි දවසේ … දන්නවද එතකොට ඔයා පුංචි කෙල්ලක් … මට බය හිතුනා ඒ හැගීම එලියට දාන්න …. ඔයා මගේ දිහාම බලාගෙන ඉද්දි මම අහක බැලුවා නොදැක්කා වගේ හිටියා …එදා ඔයා කැම්පස් එකට මාව හොයාගෙන ආව දවසේ දන්නවද මගේ හිත කොච්චර සතුටු උනාද කියලා ඒත් එදා ඔයාට මම ඒක කිවේ නැහැ .. ඔයා එතකොට ඕලෙවල් කරන්න ලං වෙලා හිටියේ … මට බය හිතුනා දිගටම ඔයා මාව හොයාගෙන එයි කියලා .. ඒකයි එදා මම ඔයාට කෑ ගැහුවේ … එදා ඉදලා ගෙවුන හැම දිනකම .. හැම තත්පරෙකම ඔයා මගේ හිතේ හොල්මන් කළා ..මම හැමදාම ඔයා බලන්න ආවා ඈත ඉදලා ඔයා දිහා බලන් හිටියා … දන්නවද හැම දවසකම බලාගෙන හිටියා … මේ හිත ඒ හැම දවසකම ඔයාව ඉල්ලලා කෑ ගැහුවා .. ඒත් ඒ ආදරේ හිරකරගෙන හිටියා ඔයා වෙනුවෙන් … එදා සපෝර්ට් මිට් එක දවසේ ඔයා අර මිලාන්ට කැමති කීවාම මගේ හිත කොච්චර රිදුනද කියලා දන්නවද … මට ඔයාගේ බෙල්ල මිරිකන්න හිතුනා ..මම මෙච්චර ආදරේ කරද්දී ඔයා කොහොමද වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් ..’ ඔහු දිගටම කියවයි

‘ අයියේ ’ මම ඔහුගේ අතින් හෙමින් අල්ලා ගත්තෙමි .. මිය ගිය හිත පණ ගැහුවේය ..

‘ කතා කරන්න එපා .. ප්ලීස් මම කියන එක අහගෙන විතරක් ඉන්න … එදා ඔයා මිලාන්ට කැමති කිවුවාම මට ආව තරහට මම එතනින් ආවේ … මම කල්පනා කලා කල්පනා කළා .. මට ඔයා නැතිව බැහැ මම තීරණය කළා මොන දේ උනත් ඔයාව නැති කරගන්නේ නැහැ කියලා .. ඒ නිසා ඔයාට මේ හැම දේම කියන්න තීරණේ කළා .. මම ඔයාට ගොඩක් ආදරේ .. කියන්න තාමත් ඔයා මට ආදරේද කියලා …’

‘ආදරෙයි අයියේ මහා ගොඩක් ආදරේ …. ’ හිත ගැහුනේ වේගයෙනි … මම මගේ ආදරේ ඔහු ඉදිරියේ ප්‍රකාශ කලේ බණ පදයක් කියන්නා සේ බැති බරවය …

‘ මේ ආදරේ කවදාවත් මගෙන් ඈත් කරන්න එපා … ’ මගේ අත්ල සියුම්ව පිරිමදිමින් ඔහු පැවසුවේ මගේ ඇස් දෙකට එබෙමිනි …

‘කවදාවත්ම නැහැ මගේ අයියා … මේ ආදරේ … මේ හදවත ගැහෙනකන් ඔයා වෙනුවෙන් විතරමයි ..ආදරේ මහා ගොඩක් විශ්වාස කරන්න මගේ අයියේ …’

‘ මම දන්නවා මැණික ..’ ඔහුට මා මැණිකක් වී ඇත ඉතින් මා ඒ සෙනෙහස බැතිබරව සුරකිමි .. කවදාවත් මේ ආදරේ ඇස් මායිමෙන් ඈත් කරගන්න මා හට නොහැක ..

‘ මෝඩි දැන් අර මිලාන් ට කියනවා .. ඔයාගේ හිතේ එහෙම දෙයක් නැහැ කියලා … නැත්තමි අපිට මරාගන්න වෙයි ..’

‘ මම කියන්නම් ’

‘ මේ බලන්න නංගි වෙලාව … ස්කුල් පටන් ගන්න විනාඩි පහයි තියෙන්නේ දැන් යන්න ඉස්සරලා ඉගෙන ගෙන ඉමු … හොදද .. දැන් මම කියන විදිහට හොද ළමයා වගේ ඉන්න ඕන .’

ඒ ආදරේ මහමෙරක් තරමට වැඩිය .. ඉතින් ඒ පුජනිය ආදරේ රැකගත යුතුය

තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *