සුරඟනක් කඳුළක් සලා 09

නවය කොටස

මම යහනේ වැතිරී මිලාන් ගේ මුහුණ මවා ගන්නට වෑයම් කලෙමි … මගේ හිතේ මැවුනේ බොදවුන රුවකි …. කවිශ් අයියා ට හිමි හිතේ කෙදිනකවත් වෙනත් පිරිමියෙක් වෙනුවෙන් පුංචිම ඉඩක්වත් දිය නොහැක … මේ හිත ඔහු හිමි කරගත්තේ …ආදරය යනු කුමක්දැයි මා නොදැන සිටි අවදියකය.. ආයෙම මිලාන් මා හට මුණනොගැසෙනවා නම් යෙහෙකි ..

කවිශ් ඔහු මගේ ආත්මය මෙනි .. ඉතින් මා දිනෙන් දින කව්ශ් අයියා වෙත බැදුනෙමි .. දින ගණන් නොදැක නොබලා සිටියද මා සිතේ ඔහු වෙනුවෙන් වූ සෙනෙහෙ බිදකිදු අඩු නොවුනේය … මාසෙකට දවසක් පමණක් දුරකථන ඇමතුමක් දෙන ඔහු … විනාඩි දහයකට වඩා කතා නොකරයි ..ඒ මා කෙරේ අමනාපයකින් නොව .. මා පිළිබදව ඕනෑවට වඩා සිතනා නිසාමය . .. ඔහුගේ වයසේ තරුණයන් පෙම්වතියන් සමග පෙම් කරද්දී ඔහු මා වෙනුවෙන් තම සිත පාලනය කර ගත්තේය … ඉතින් මා සිතේ ඔහු ගැන තිබු භක්තිය වැඩුනේය …

‘සුදු දු මොකද තනියම හිනා වෙන්නේ …’ අම්මි මා දෙස බොහෝ වෙලාවක් බලා හිදින්නට ඇත

‘නැහැ අම්මි මොකුත් නැහැ ..’ මම ගොත ගැසුවෙමි

‘ම්ම්ම් මම දවස් ගානක් බලාගෙන ඔයා තනියම හිනා වෙනවා … කන්නාඩිය ලග හැඩ වෙනවා .’

‘එහෙම දෙයක් නැහැ අම්මි .. මට හිනා ගියේ දිනිති කියපු දෙයක් මතක් වෙලා .. ’

අම්මි මා ලගට විත් යහනේ අසුන් ගත්තේය ..

‘ සුදු දු මම ඔයාගේ වයස පහු කරලා තමා මේ වයසට ආවේ .. ඉතින් දු ගේ පුංචි වෙනසක් උනත් දුගේ අම්මිට තේරෙනවා … වෙනදා සුදු දු කියලා කියන පමාවට මගේ ලගට දුවගෙන එන කෙල්ලට දැන් තුන් හතර සැරයක් කතා කරත් ඇහෙන්නේ නැහැ … ලගට ඇවිත් බලද්දී ඔහේ බලාගෙන ඉන්නවා .. ’

අම්මි සෙමින් මගේ හිස පිරිමැද්දේය … අම්මි මට යෙහෙලියක් මෙනි .. සමීප යෙහෙළියකට උව නොපවසන දේවල් මම ඇයට පවසමි .. ඒත් මම කෙලෙස පවසන්නද මා පෙමින් බැදී ඇති බවක් ..

‘ අම්මි …. මට බඩගිනි ’ සෙල්ලම් කරමින් උන් මල්ලි විත් අම්මිගේ ඇගේ වෙලුනේය .. මගේ වෙලාව හොදය ..

‘ ඉන්න මම කෑම ලැහැස්ති කරන්නම් ..’ අම්මි නැගිට ගියේ අහන්න ගිය ප්‍රශ්න නොඅසා බව නම් සහතිකය .. එම ප්‍රශ්න කොයි වෙලාවක හෝ නැවත ඇය මගෙන් අසනු ඇත … ඉතීම් පෙරට වඩා මා ප්‍රවේසම් විය යුතුය ..

‘ මල්ලියෝ …’ මම මල්ලි ට ලගට කතා කලෙමි … මල්ලි දැන් උසය … දහය වසරේ ඉගෙන ගත්තද .. ඔහු පෙනුම මගේ අයියා මෙනි ..

‘අක්කි මේ අර මිලාන් අයියා දන්නවද …’

‘ මල්ලි මොකද එහෙම ඇහුවේ …’

‘ මිලාන් අයියාගේ මල්ලි දසුන් අපේ පන්තියේ ඉන්නේ …දවසක් ඔයා ගැන ඇහුවා …’

‘අප්පච්චිගේ කනේ එහෙම ඔය දේවල් කනේ තියෙනවා නෙවේ ..’ මම මල්ලිට තරවටු කලෙමි .

‘ මම කියන්න ගියේ නැහැ ’

‘ මගේ හොද මල්ලි .. ’

මම මල්ලි දෙස ආදරයෙන් බලා කන මිරිකුවෙමි …
‘ආයි ….ඉන්නවකෝ මම කියනවා අම්මි අතින් ..’ කන මිරිකුවා සැර වැඩි වෙන්න ඇත

‘පුතේ කන්න එන්න ..’

මල්ලිට මා සමග අමනාප වී සිටිය නොහැකිය … පුංචි කාලේ සිට මල්ලිට මාත් මට මල්ලිත් නැතිවම බැරිය … අප දෙන්නාගේ සොයුරු පෙම දැක අම්මිත් අප්පච්චිත් උදම් ව විය .. අප්පච්චි හැමවිටම පවසන්නේ .. ‘ කවදා හරි මම නැති කාලෙක බය වෙන්න දෙයක් නැහැ .. මගේ කෙල්ලට කොල්ලා ඉන්නවා … කොල්ලට කෙල්ල ඉන්නවා’ යනුවෙනි .. හැම දෙනාගේම හිත් නොබිද පෙම ජය ගත යුතුය යන සිතුවිල්ල මා සිත තුල ධාරණය කර ගත්තෙමි ..

……………………………………………………………………………………………………………………..

ඒ ඉරිදා සිට මම පිසික්ස් සදහා පුද්ගලික පන්තියකට යාමට සුදානම් උයේ අප්පච්චිගේ බලකිරීම නිසාමය .. මම ඒ සදහා දිනිති යන පුද්ගලික පන්තියම තෝරා ගත්තෙමි… මම දහය වන විට ක්ලාස් එක ලගට ගියෙමි .. දහයයි තිහට පටන් ගන්න පිසික්ස් ක්ලාස් එක ඒ වන විට ඇරබි නොතිබූ අතර .. හෝල් ක්ලාස් එකක් නිසා සිසුන්ගෙන් ක්ලාස් එක පිරි තිබුනේය … දිනිති ඒ වන විටත් පැමිණි නොසිටි නිසා මම ඇය එන තුරු පන්තියට ඇතුළු නොවී සිටියෙමි … හුරු පුරුදු රුවක් එහා මෙහා වෙනු මම දුටුවෙමි … මම නෙත් ඔසවා බැලුවෙමි .. විශ්වාශ කරන්න මිලාන් උන්නේය … ඔහු මා දෙසම බලා උන්නේය .. සුදු මුහුණ පුරා සිහින් රැවුල ආක්‍රමණය කර තිබුණි … මම වහා ඉවත බැලුවෙමි .. ඔහු හුල්ලන්න ඇත … දැවුනේ මගේ පපුවය … බිමට යොමා ගෙන සිටි දෑස් ඔසවන විට ඔහු පේන්න නොසිටියේය ..

‘ සුරංගනා ගොඩක් වෙලාද ඇවිත් ’ දිනිති ලගට එනතුරුම මා නොදැක්කෙමි

‘ විනාඩි දහයක් ඇති ..’

‘ වරෙන් ඔෆිස් එකට ගිහින් නම රෙජිස්ටර් කරලා එමු ..’ මම ඇය පසු පසින් වැටුනෙමි

අපි නැවත පන්තියට පැමිණෙන විට .. ගුරුවරයා පන්තියට පැමිණ තිබුනේය .. දිනිති මාවත් ඇදගෙන ගොස් ඇයගේ යෙහෙලියක් අප සදහා වෙන් කරන උන් අසුනේ වාඩි විය .. ගුරුවරයා නිරවුල්ව පාඩම උගන්වයි …. පාඩම අවසානයේ ගැටළුවක් විසදීමට දුන් සර් ළමයින් විසින් ඔහුට යවනු ලබන චිට් කියවීම පුරුද්දක් වසයෙන් කරන බව දිනිති මා හට පවසා තිබුණි .. පසු පෙලෙන් මා වෙත යොමු කර තිබු චිට් එක මා විසින් ඉදිරි පෙලේ උන් ළමයාට දුන්නෙමි.. ..ක්ලාස් එක තුල තිබු නිහඩතාවය බිදී ගියේ සර්ගේ ගැබුරු හඩිනි

‘ නපුරු සුරංගනාවී … ඔයා අද එක පාරටම මගේ ඉස්සරහා ආයෙම මැවුනා .. මම හිතුවේ හීනයක් කියලා ඇස් පිහදාලා බැලුවා ඒ ඔයාමයි .. මම ආයේ කවදාවත් ඔයාව දකින්න බලාපොරොත්තු උනේ නැහැ .. ඒත් ඔයා ආයෙම ඇවිත් අපේ ක්ලාස් එකටම … මොන දේ උනත් මම ඔයාට ආදරේ .. ඔයා මායාවක් උනත් මම ඒ මායාවට ආදරේ ..’
මුළු ක්ලාස් එකේම ළමයි ඔළු උස්සා බැලුවේය …

මගේ හිසට පොල්ලකින් ගැසුවා නම් හොදය ..මේ මිලාන් වන්නට ඇත … මම පිටු පසට හැරී බැලුවෙමි .. මිලාන් ඔහු මා හොදින් පෙනෙන තැනක ඉදගෙන මා දෙසම බලාගෙන උන්නේය ..

‘ කව්ද මේ චිට් එක එවුවේ ….කවුරු උනත් ඔන්න මම ඒ ළමයාගේ අදහස් කියෙව්වා … ’ කැම්පස් අවුට් උන අලුතම නිසා සර් කටකාරය එමෙන්ම කෙලිලොල්ය..

‘ කව්ද යකෝ චිට් එක ඉස්සරහට යැව්වේ ..’ ඒ මිලාන්ගේ අතිජාත මිත්‍රයා පසිදුය

‘දැන් ඔය කතා ඔක්කොම නවත්වලා පාඩම අහගන්න .. ’ සර් නැවතත් මයික් එක අතට ගත්තේය .. පන්තිය නිසොල්මන් විය ..

මිලාන් ඔහු නිසා මගේ සිතම අවුල්ය ..විවේක කාලයේදී මිලාන්ගේ යාලුවා පසිදු අපි ලගට ආවේය ..

‘ කැතයි හරිද වැඩේ ..’ ඔහුගේ මුහුණ නපුරුය

‘ මොකක්ද ’

‘ ඔයා නිසා අරු පිස්සෙක් වෙලා .. තමුසෙලා වගේ ගැහැණු නිසා තමා කොල්ලෝ විනාස වෙන්නේ ..’ ඔහුගේ හඩේ උයේ තරහකි

‘මම කීවද විනාෂ වෙන්න කියලා ..’ මම එකටෙක කීවෙමි ..

‘කියන්න ඕන නැහැ කෙල්ලකගේ ආදරේ නිසා කොල්ලෙක් මැරෙන්නත් ජිවත් වෙන්නත් පුළුවන්’

‘ පසියා මෙහෙ වරෙන් ’ මිලාන් කෑ ගැසුවේය … පසිදු පිටව ගියේ කෝපයෙනි

මට තව දුරටත් පන්තියේ හිදගෙන පාඩම් අසා සිටිමේ මානසික තත්වයක් නැතිවිය .. මා දිනිතිගෙන් සමුගත්තේ ඉවසිය නොහැකි හිස රදයකින් පෙලෙන බව පවසමිනි .. මම ක්ලාස් එකෙන් පිටව ආවද නිවසට යාමේ උවමනාවක් මා හට නොවිය .. මම දුරකථන කුටියක් වෙත ගොස් පහේ කාසියක් දමා කවිශ් අයියාගේ අංකය ඒ මත සටහන් කලෙමි … දුරකථනය නොනවත්වා නාද වෙයි .. මම තුන් වෙනි වරත් උත්සහ කෙරුවෙමි ..

‘ හෙලෝ ’ අනිත් පසින් ගලා ආ මිහිරි ස්වරය මගේ යෙහෙළිය භාවනාගේය .. මම විගස දුරකථනය තැබුවෙමි .. මම නැවත ඇමතුම ගත්තෙමි .. එවරත් භාවනාය .. ඇය එහා පසින් කතා කරයි .. මා කතා නොකරන නිසා ඇය දුරකථනය පසෙකින් තබන්න ඇත

‘ කව්ද නංගා ..’ ඒ ඔහුගේ හඩය …

‘ දන්නේ නැහැ කව්ද කියලා කතා කරන්නේ නැහැ …’

‘මොකද බාත් රූම් එකේ ඔච්චර වෙලා කරේ දියවෙලා යයි ඔච්චර වෙලා නෑවොත් .. ’ දෙදෙනා මහා හඩින් සිනා සෙයි .. පහේ කාසිය අවසන්ව ගියේය … දෑස් වල කදුළු උතුරා ගියේය … මොකක්දෝ නොදන්නා හැගීමක් මගේ සිත බියපත් කළේය … මම ඒ හැගීමට බියය .. හේතුවක් නැතිවම මට කෑ ගසා අඩන්නට සිතුනේය … නමුත් දෙනෝදාහක් ඉදිරියේ අඩන්නට බැරිය කොහේ හෝ මුල්ලකට ගොස් මුළු ගැනී ඇඩිමට මහා උවමනාවක් මා සිත උමතු කර තිබුණි …

තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *