සුරඟනක් කඳුළක් සලා 12
දොළහ කොටස
අම්මි අප්පච්චි මල්ලි සේම නෑදෑ පිරිවරම වරින් වර මා බැලීම රෝහලට පැමිණියේය …. සෙනෙහස රැකවරණය තිබේ නම් ඕනෑම රෝගයක් සුව වෙන්නේ ඉබේටමය මටත් එසේමය …සියලු දෙනාගේ ආදරේ මා සමගය … දිනකින් දෙකකින් මාගේ රෝගය සුව වුවේ මේ ආදරය සෙනෙහස නිසාමය .. කව්ෂ් අයියා විසින් ඩොක්ටර් දිමාල් ට අප පෙම ගැන හෙළි කර තිබීම නිසා ඔහු මා කෙරේ විශේස සැලකිල්ලක් දැක්වීමද මාගේ සුවයට හේතු විය … නමුත් වරින් වර මා සිතට වදයක් උන පැනයක් මා පිඩාවට පත් කරමින් තිබුනේය ..ඒ භාවනා කවිෂ් අයියාට ආදරේ කිරීමය …
එදින මා නිවසට යාමට තරම් සුවයක් මා ලබා ඇති බව පැවසු ඩොක්ටර් දිමාල් දිවා කාලයේ මා හට නිවසට යා හැකි බව පැවසුවේය …දින තුනක් නේවාසිකව රෝහලේ ගත කල මා දිවා කාලය එනතුරු බලා සිටියේ නිවසට යාමේ ආසාවෙනි …
මා දිගු නින්දකට වැටුනේ හිතේ සැනසිල්ලෙනි ….. හෙමින් හෙමින් දොරට තට්ටුවක් දැමු කෙනෙක් දොර විවර කරගෙන කාමරයට පැමිණියේය … අම්මි හෝ අප්පච්චි වෙන්නට ඇත …. මම දෑස් විවර නොකරම උන්නෙමි ….. අම්මි පැමිණ මාගේ හිස පිරිමදින තෙක් මම බලා උන්නෙමි … පැමිණි කෙනා නිහඩය … නුපුරුදු සුවදක් නහය පසාරු කරගෙන ගියේය … සිත කලබල විය මම විගස වසා සිටි නෙතු සගල විවර කලෙමි ..
විශ්වාස කරන්න ලස්සන මල් පොකුරක් අතැතිව මා අභියස සිටගෙන මා දෙස බලා උන්නේ මිලාන්ය .. ඔහු ඇසිපිය හෝ නොහෙලූ මනාය … අවසාන වරට දකින විට ඒ මුහුණේ පැතිර තිබු රැවුල ඝනව වැවී තිබුණේය … ඒ ඇස් වලින් කියා පෑවේ දුක් විදිනා බවකි …. ධර්මරාජයේ හිටිය දගකාර හැඩකාරයා මා අභියස හිටගෙන උන්නේ අන්ත අසරණ යාචකයෙක් විලසය .. අනේ මගේ පපුව ඇතුලෙන් පටන් ගත් ගින්නක් ශරීරය පුරා පැතිර මාපටගිල්ල දක්වා පැතිර ගියේය
‘ සුරංගනා ඇදිලා ගිහිල්ලා …’ ඔහු බලා උන්නේ මා පිලිබදව මහා දුකකිනි
‘ ඔයා කොහොමද දැනගත්තේ මම හොස්පිටල් එකේ කියලා…’
‘මට අහම්බෙන් වගේ ඊයේ දිනිති හම්බ උනා ලයිබ්රි එකේ ඉද්දි ..එයා කිවා ඔයා අසනීප උනා කියලා … මට ඔයාව නොබලා ඉන් බැරි උනා මට සමාවෙන්න ඔයාට කරදරයක් නම් ’ ඔහු අත තිබු මල් පොකුර මා අතේ තැබුවේය ..
මා ඉදිරියේ හා පැටවෙක් මෙන් අහිංසක වන ඒ දගකාරයා දුක් විදින්නේ මා නිසාය ..
‘ කමක් නැහැ මිලාන් මට කරදරයක් නැහැ … බොහොම ස්තුති මාව බලන්න ආවාට ..’ ඔහුගේ මුවේ ලස්සන සිනාවක් ඇදුනේය
‘ ඔයා හැමදාම සතුටින් ඉන් සුරංගනා …’ මම මද සිනාවක් පෑවෙමි
‘ සුරංගනා මට ඈතින් ඉදලා හරි ඔයා දිහා බලන් ඉන්න ඉඩ දෙන්න … ඔයා මට ආදරේ නැහැ කියලා දන්නවා … ඒත් මම ගොඩක් ආදරේ …ඒ ආදරේ දවසකින් දෙකකින් මේ හිතින් මකලා දාන්න බැහැ …’
මගේ ඇස් වලින් කදුලක් ගලා ගියේය ..
‘ මේ අහන්න සුරංගනා … මේ ඇස් වලින් කදුළු එනවාට මම ආස නැහැ …. මට ආදරේ කලේ නැති උනාට කමක් නැහැ සතුටින් හිනා වෙලා ඉන්න …’
ඔහු මගේ අත මත සිය අත තැබුවේය … ඒ අත උණුසුම්ය …
‘ පොරොන්දු වෙන්න මට …’
‘පොරොන්දු වෙනවා මම ..සතුටුන් හිනාවෙලා ඉන්නවා කියලා …’ මම ඔහුගේ අත මත මගේ අත තැබුවෙත් මගේ කාමරේ විවර උවෙත් එකවරය …විවර උන දොරෙන් පිවිසුනේ …. කවිශ් අයියාය … මිලාන්ගේ අත මත තැබූ මගේ අත දෙස ඔහුගේ දෑස් යොමුවිය ….මම විගස අත ඇද ගත්තෙමි … කවිශ් ඔහුගේ මුව අදුරු වී ගියේය … ඔහු ගල් රුවක් මෙන් මා සහ මිලාන් දෙස බලා උන්නේය
‘ කවිෂ් අයියා ..’ මම සෙමින් ඔහුගේ නම මිමිණුවෙමි
‘මොකද උඹ මෙතන කරන්නේ ..’ ඔහු මිලාන් දෙස බැලුවේ දවා හළු කරන බැල්මකි
‘ සුරංගනා බලන්න ආවා …’ මිලාන් කථා කලේ නිවුන හඩිනි
‘ ඇයි මේකි උඹට කීවද ඇවිත් බලලා යන්න කියලා …’
‘එහෙම එකක් නැහැ … සුරංගනා මට කිවේ නැහැ එහෙම … මමම හිතලා ආවේ …’
‘ මේ මලුත් අරන් මෙහෙ එන්න මෙකි උබේ ….. ආ ’ කවිශ් ඔහු කිවේ නොහොබිනා වදනකි .. ඉන් පසු මල් පොකුර බිම හෙලු ඔහු එය පාගා දැම්මේය ..
‘ කවිශ් අයියා මොකද මේ … ’ අද මා ඔහුගෙන් දුටුවේ ඔහුගේ නුදුටු ස්වරූපයකි .. ඔහු දෙස බැලීම පවා බිය උපදවන සුළුය ..
‘මරණවා උබව …වෙන කාටවත් මේ අත අල්ලන්න දුන්නොත් .. ’ ඔහු මිලාන් අත ඇල්ලු තැනින් අල්ලා අත අල්ලා මිරිකුවේය
‘ආයි අත අරින්න අත මගේ …’ මගේ මුව වේදනාවෙන් රතු වෙනවා මට දැනුනේය
කවිශ් අයියාගෙන් සෙවූ සෙනෙහස මේ නොවේ … මම ලෝභ උනේ ඔහුගේ ආදරණිය වදන් වලටය .. ඔහුගේ නපුරු කම් හමුවේ මා සිත පුපුරා නොගියා පුදුමය …
මිලාන් මෙන්ම කවිශ් අයියද පිටව යන්නට ඇත්තේ සිත පාරාගෙනය … සැබෑව නම් ඔවුන්ට වඩා රිදී තිබුනේ මගේ සිතය ….