සුරඟනක් කඳුළක් සලා 14

14 කොටස

ඉන් පසුව සති ගානක් යනතුරු මිලාන් මා හමුවට නොපැමිණියේය … මිලාන් නිසා අවුල් උන ජිවිතය පිළිවෙලක් වෙමින් පැවතුනේය … මම පෙර සිටි සැහැල්ලු යුවතියම වීමි …. මම ඕනෑවට වඩා පාසලේදී සිනා උනෙමි … උඩ පැන්නෙමි … අම්මිද මා දෙස බලා සතුටු වුයේ ඇගේ සුදු දු පෙර තත්වයටම පත්වීම නිසා විය යුතුමය …
ඒ ඉරිදා පිසික්ස් ක්ලාස් යාම සදහා මං සුදානම් උනෙමි …සිත පිරි තිබුනේ කවිශ් අයියාහේ ආදරයෙනි ….. මම සිහින් ස්වරයෙන් ගීතයක් මිමිණුවෙමි … අම්මි කාමරයට එබුනේ මා පෝනිටෙලය දමා කැඩපතට සිනා සෙමින් සිටි මොහොතේය … ඇය කතා නොකරම මා දෙස බලා උන්නිය … මම ඇය වෙත ගොස් ඇයගේ කම්බුලක හාදුවක් තැවරුවෙමි …

‘ මොකද මේ හුරතලේ ….’

‘ඉතින් මම අම්මිගේ හුරතලි නේ …’ අම්මි සිනාසුනේ අපමණ සෙනෙහසිනි …

‘ අනේ නාකි හුරතලේ …’ මල්ලි පැමිණ මට විරිත්තුවේය

‘ අනේ මම නාකි නැහැ එන්න එපා මට නාකි හුරතලේ කියන්න …. මම තාම චුටි නේද මගේ අම්මි … ’ මම මල්ලිට පහරක් ගැසුවෙමි

‘ නාකි හුරතලේ නාකි හුරතලේ …’ මල්ලි ඔය බලන්නේ මාව තරහ ගැස්සීමට ය .. මා සමග රණ්ඩු කර ගැනීම ඔහුට මහත් සතුටකි …

‘ අනේ අම්මි මෙයාට පාඩුවේ ඉන්න කියන්නකු ….’ මම නහයෙන් ඇඩුවෙමි …

‘ අම්මි මට අප්පච්චි ගේ බයික් එක ඉල්ලලා දෙන්නකෝ …. ටවුන් එකට ගිහින් එන්න … ’ මල්ලි කුණු කුණු ගෑවේය

‘ මට නම් බැහැ ඔයා ඕන නම් ඉල්ලගන්න … ’ අම්මි මල්ලි බයික් පදිනවට කැමති නැත …

‘ අනේ අම්මි …. අම්මි කිවොත් දෙයි ..’ මල්ලි අම්මිට වද කරයි .. අම්මි අප්පච්චි සොයා ගියේ මල්ලිගේ කරදරෙන් බේරෙන්න බැරිම තැනය.. මල්ලි ඉගෙනගත්තේ එකොළහ වසරේ උවද … ඔහුගේ පෙනුම මට වඩා වැඩිමහල් ය .. බොහෝ දෙනෙක් සිතන්නේ ඔහු මගේ අයියා ලෙසය …

‘ මල්ලි තමුසේ බයික් එකේ කොහේ යන්නද … කෙල්ල බලන්නද ..’

‘ අනේ යනවා මට ඇති කෙල්ලක් නැහැ ….’ මල්ලි මගේ පිළිවෙලට බැද තිබු කොන්ඩේන් ඇද්දේය …

‘ අයියෝ කෑවා කෑවා මගේ කොන්ඩේ කෑවා මෝඩයා .. අම්මි මේ බලන්නකෝ … මල්ලි … ’

මම කොණ්ඩය පිළිවෙලට සකසාගෙන … අම්මිට සහ අප්පච්චිට වැද නිවසින් එලියට බැස්සෙමි .. මම අත් ඔරලෝසුව දෙස බැලුවෙමි … පන්තිය පටන් ගන්න පැයක්වත් නැත .. මම පය ඉක්මන් කලෙමි .. පිටු පසින් පැමිණි බයික් එකක් බ්‍රේක් ගසා නතර කළේ ගෑවී නොගෑවී මෙන්ය … මම බයික් එකේ පැමිණි පුද්ගලයා ට බැනීමට පිටුපස බැලුවෙමි … අසල උන්නේ මල්ලිය … ඔහු කෙසේ හෝ අප්පච්චිගෙන් බයික් එක ඉල්ලා ගන්නට ඇත ..

‘මොකද මෝඩයා කරන්නේ මම බය උනා ගොඩාක් …’

‘ යනවා නම් නගිනවා ක්ලාස් එක ලගින් බස්සන්නම් …’ මල්ලි හේල්මට් එක දිගු කළේය … මම බයික් එකට ගොඩ උනෙමි ..

‘ හෝව් හෝව් නවත්තනවා මෙතැන … තෑන්ක්ස් ආ .. ’

‘ තෑන්ක්ස් කියලා මදි අක්කි තියෙනවා නම් රුපියල් පන්සියක් දෙනවකො ..’ මම පර්ස් එක ඇද රුපියල් දෙසීයක් මල්ලි අත තැබුවෙමි ..

‘ අපෝ දෙසියද තියෙන්නේ … ’ නහයෙන් අඩමින් මල්ලි පිටවී ගියේය

මම පන්තියට එන විට ක්ලාස් එකට ගුරුවරයා පැමිණ තිබුන හෙයින් මම පන්තියේ පිටුපස පේළියක ඉඩ තිබුන තැනකින් වාඩි උනෙමි …

‘ සු සු … ’ ශබ්ධය එන්නේ මට පිටුපස පේලියෙනි … මම හැරී නොබැලුවෙමි

‘අපෝ මෙයාගේ තියෙන ආඩම්බරේ … හිතා ඉන්නේ කෑල්ල කියලා වෙන්න ඇති ..’ ඔවුන් කියවන්නේ මා ගැන විය යුතුය ..

‘ මොකද ඔතන වෙන්නේ ආ ….’ සර් විසින් පා කර එවන ලද චෝක් කෑල්ල පතිත උයේ පිටුපස පේලියේ උන් පිරිමි ළමයා ලගය …

‘ ඔය ළමයා ඉස්සරහට එන්න ….’ ගුරුවරයා විසින් අර සිසුවා පන්තියේ ඉස්සරහට කැදවා පසුව ඉදිරියේ සිටි ගැහැණු ළමයි අතර ඔහුට වාඩිකරන ලදී …මුළු පන්තියේම උන් ගැහණු ළමයි මහා හඩින් සිනාසුනේය .. නිසැකවම ඔහු ලැජ්ජාවට පත් වෙන්න ඇත

පන්තියේ විවේක කාලයේදී මම දිනිති හමුවට ගියෙමි ..

‘ උබ පරක්කු උනේ ඇයි …මම බලාගෙන හිටියා බඩුවක් කියන්න ….’ ඇයගේ මුහුණේ උවේ පසුතැවිල්ලකි

‘ මොකක්ද …’ මම ඇස් විෂල් කර ඇය දෙස බැලුවෙමි

‘ පොඩ්ඩක් හිටපන් ක්ලාස් එක ඉවර වෙනකන් … මම කියන්නම් …’ ගුරුවරයා පැමිණි නිසා අප අතර සංවාදය අවසාන විය …. මම කලාස් එක අවසාන වනතුරු බලා උන්නේ නොඉවසිල්ලෙනි ….

‘මොකක්ද ඉස්සරලා කියනවා කිවේ කියපන්කො ..’

‘ උබට වෙලා යන්නේ නැත්තම් පොඩි ගමනක් යමුද …’

‘ යමු … ’ මම දෙවරක් නොසිතා කියා දැමුවෙමි …අපි අසල තිබු ත්‍රිවිල් එකකට ගොඩ වූවෙමු

‘බහිරව කන්ද ..’ දිනිති කිවේය … මම ඇගේ මුහුණ දෙස බලා උන්නෙමි

‘ දැන්වත් කියපන්කො මොකක්ද කියලා …’

‘ භාවනා කතා කරේ උදේ … පුළුවන් නම් එන්න කිවා එයාලාගේ ගෙදර …’ විනාඩි කීපයකින් අපි සිටියේ භාවනාගේ නිවස අසලය …නිවස පාලුවට ගොස්ය … පුදුමාකාර නිහඩ බවක් පරිසරය වෙලාගෙන ඇත …. දිනිති නිවසේ බෙල් එක නාද කළේය .. මද වෙලාවකින් දොර විවර විය .. ගේ දොරකඩ උන්නේ නිවසේ වැඩට ඉන්න කෙල්ලය ..

‘භාවනා ඉන්නවද ..’

‘ පුංචි බේබි උඩ කාමරේ ඉන්නවා … ඊයේ ඉදලා කාමරෙන් එලියට බැස්සේ නැහැ .. ’

‘ අපි උඩට යන්නද ….’ වැඩකාර කෙල්ල හිස වැනු සැනින් අපි පියගැටපෙළ නැග්ගෙමු .. මම භාවනාගේ කාමරේ දොරට තට්ටුවක් දැමුවෙම්

‘භාවනා …’ ඒ දිනිතිය

‘ඇතුලට එන්න ..’ භාවනාගේ හඩ දුක්බරය … අපි කාමරය ඇතුලට ගිය සැනින් යහනෙන් නැගිට අප අසලට ආ භාවනා අප දෙදෙනා වැළදගෙන අඩන්නට විය .. ඇගේ කාමරය පුරාම උයේ ඇය හා කවිශ් අයියා කුඩා කාලයේ සිට ගත් නොයෙක් ඡායාරූපය …ඒවා කියා පෑවේ ඇය ඔහුට කොතරම් ලැබැදීද කියා ය

‘ මොකද මේ අඩන්නේ කියපන් .. ’

‘අනේ සුරංගනා මම මහා පව්කාරියක් ….’

‘ මොකක්ද උනේ කියපන් ..ප්‍රශ්නයක් නම් අපි ඒවාට විසදුම් හොයන් ඕනේ නේද ..’

‘කවිශ් අයියා … කවිශ් අයියා මට කැමති නැහැ කිවා .. මාව බදින්න බැහැ කිවා …’ අනේ දෙවියනේ මේ සිදු වන්නේ කුමක්ද … මගේ හොදම යෙහෙළිය … මගේ පෙම්වතාට පෙම් කරන බව මට සිහි උනේ දැන්ය ..ඇයට වඩා රිදුනේ මගේ සිතය …

‘ මම හිත හදා ගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ …පුංචි කාලේ ඉදලා මම දැක්ක හැම හිනේකම හිටියේ කවිශ් අයියා ..එයා නැති එකම හිනයක්වත් තිබුනේ නැහැ මට … මගේ ඒ හැම හීනයක්ම එයාගේ එකම එක වචනයක් නිසා මරලා දාන්නේ කොහොමද මම ..’

‘ නාඩා කියපන්කො වෙච්ච දේ … ’

‘ උනේ එයා මට නැති උන එක විතරයි .. අපේ අම්මිලා ගියා ඊයේ කවිශ් අයියලාගේ ගෙදර අපේ එන්ගේජ්මන්ට් එක ගැන කතා කරන්න එයා ඒ වෙලාවේ කියලා … එයාට මාව සහෝදරියක් වගේ විතරයි කියලා …. එයාට මන් ගැන ඉන් එහාට දෙයක් හිතන්න බැරිලු …දෙවියනේ මේ කතා අහලා මම හිත හදාගෙන ඉන්නේ කොහොමද කියන්න මට … මට බෑ මට බෑ එයා නැතිව ජිවත් වෙන්න … මට ජිවත් වෙන්න එයාව ඕනි .එයා නැති උනොත් මම ජිවත් වෙන්නේ නැහැ …’ ඇය කෑ ගසා ඇඩුවේය … දෙවියනේ මා නිසා මගේ හොදම යෙහෙළියට මේ තරම් දුකක් විදින්න සිදු වීම කොතරම් දෛවෝපගතද …

‘ අඩන්න එපා කෙල්ලේ ..’ මම ඇයව වැළදගෙන ඇයටත් වඩා හයියෙන් ඇඩුවෙමි … දරාගන්නට බැරි උනේ මගේ හිතටය … අඩනවා නම් මට මහවැලිය තරමට ඇඩිය හැකිව තිබුණි ..නමුත් මට භාවනා සැනසිය යුතුව තිබුණි .. භාවනා බොහෝ දේ කීවාය … ඔහු ගැන ඇය ගැන …. පොඩි කාලේ සිට සිදු උන හැම සිදුවීමක්ම වාගේ ඇය අප අමතා කිවේ .. ඇඩු කදුලිනි … ඉතින් මට ඔහුගෙන් සමු ගැනීමේ කාලය පැමිණ ඇත 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *