සුරඟනක් කඳුළක් සලා 22

22 කොටස

ඒ දින කීපය තුලදී මම හොදින් පාඩම් කෙරුවෙමි …. මට උවමනා උනේ කෙලෙස හෝ විභාගය ජය ගෙන මා නිසා කදුළු නැගුනු අම්මිගේ අප්පච්චිගේ නෙත් වලට සතුටක් ලබා දීමය … මිලා අක්කිද මගේ ඉගෙනුම් කටයුතුවට නිවාඩුවක් ලද විගස සහය උනේ ඉත සිතිනි …. මා පෙරට වඩා තෘප්තිමත් යුවතියක් බවට පත්වෙමින් සිටියෙමි …කවිශ් අයියා ගේ මතකය සිත රිදවමින් වරින් වර මතු වුවද මම අමාරුවෙන් ඒ මතකය හිත අස්සෙම වැලලුවෙමි ….

දුරකථනය නොනවත්වා නාද වෙයි … අම්මි කුස්සියේ වැඩක යෙදී සිටිනවා විය හැක … මම පාඩම් කරමින් සිටි පිටුවේ බුක් මාර්ක් එකක් තබා දුරකථනය වෙත ගොස් රිසිවරය ඉස්සුවෙමි …

‘ හෙලෝ සුරංගනා …’ එහා පසින් ඇසුනේ හුරු පුරුදු පිරිමි කටහඩකි

‘ ඔව් සුරංගනා තමා කතා කරන්නේ … කව්ද මේ ’ මම අනිත් පසින් ඇසුණු හඩ කාගේද කියා සිහි කිරීමට වෑයම් කලෙමි

‘මම මිලාන් ළමයෝ …’

‘මම පාඩම් කර කර හිටියේ මිලාන් ..අනේ සොරි ….අදුරගන්න බැරි උනාට …’

‘අනේ ඒකට කමක් නැහැ ළමයෝ මම පොඩි ගමනක් යන්න කතා කලේ ’

‘ කොහෙද යන්නේ …. ’

‘ මම කතා කරොත් එනවද ඕන තැනක යන්න ..’

‘ඒක තීරණය කරන්න වෙන්නේ තැන අනුව තමා …’ මම එකට එක කිමි

‘ අපෝ මේ කෙල්ල එක්ක කතා කරලා මම දිනන්න යෑ …’

‘ ඔව් ඔව් එහෙම තමා මට තමා දිනුම දෙන්න ඕන …’ කියූ මා හයියෙන් සිනා සුනෙමි … ඔහු මොහොතක් නිහඩව සිටියේය

‘සුරංගනා ….’

‘ ම්ම්ම්ම්ම්ම් …..’

‘ මේ අහන්නකො ….’

‘ කියන්නකෝ ….’

‘ මොනාද ….’

‘ මොනා හරි ….’

‘ අපි හෙට ගැටබේ පන්සලට යනවා …බෝධි පුජාවක් තියන්න …’

‘ ඒ මොකෝ හදිස්සියේ ..’

‘ එක්සෑම් එක නිසා . …. අම්මා කිවා බෝධි පුජාවක් කරමු කියලා .’ ඔහු ද මෙවර විභාගයට පෙනී සිටින බව මට සිහි උයේ එවිටය

‘ ආ ඒක ගොඩක් හොදයි නේ ..’

‘ මේ දන්නවද අපේ අම්මා කිවා ඔයාගේ සුරන්ගනාවත් එක්කන් යමු නේද බෝධි පුජාවට එයාත් එක්සෑම් කරනවා නේද කිවා ..’

‘කව්ද ඔයාගේ සුරංගනාව ..’ මම අමනාපයෙන් මෙන් ඇසුවෙමි

‘ ඉන්නවා එක නපුරු සුරංගනාවියක් ….’ ඔහුගේ ස්වරය හිත හිරිවට්ටන සුළුය

‘ අනේ යනවා මැට්ටෝ ….’ මම නෝක්කාඩු කීවෙමි …

‘ ඉතින් මැට්ටියේ ඔයාටද කිවේ මම ආ …..කියනවකො …’ ඔහු මහා හඩින් සිනාසෙනු මට ඇසුණේය

‘ මම දන්නේ නැහැ මම තියනවා ෆෝන් එක …’

‘ අයියෝ තියන්න එපා හොද ළමයා වගේ තව ටිකක් ඉන්නකෝ …’

‘ බෑ මට පාඩම් කරන්නත් තියෙනවා … ’

‘ ආ එහෙනම් කමක් නැහැ තියන්න .. අපි හෙට උදේ දහය වෙද්දී එනවා ලැහැස්ති වෙලා ඉන්න හරිද …’

‘ හා මම ලැහැස්ති වෙලා ඉන්නම් …’ මම කිවේ ඔහුගේ හිත රිදවිය නොහැකි නිසාය

‘ බුදුසරණයි සුරංගනා …’

‘ බුදුසරණයි මිලාන් ..’ ඔහු දුරකථනය තැබූ පසුව මා සිත පාලුවකින් කාන්සියකින් වේලි ගියේය … තව ටිකක් ෆෝන් එකේ ඔහු හා දොඩමින් හිටියා නම් හොදයි කියා සිතුනත් මම ම සිතුවිල්ල අමතක කර දමා පොතට සිත යොමු උනෙමි …

‘ කව්ද සුරංගනා කතා කරේ …’ අම්මි කුස්සියේ සිට ඇහුවේ ඇය සංවාදය අසාගෙන සිටි නිසා වෙන්න ඇත

‘ අම්මි මිලාන් කතා කරේ එයාලා හෙට යනවලු ගැටබේ පන්සලට බෝධි පුජාවක් තියන්න …මටත් එන්නලු …. මොකද අම්මි කරන්නේ මම යන්නද …’ මම ඔහුට පොරොන්දු උනත් නැවත ඇයගෙන් විමසුවෙමි

‘ දැන් ඉතින් එන්නම් කියලා නේ ඇත්තේ … ගිහින් එන්න පරිස්සමට …’ අම්මි අවසර දුන්නේය

…………………………………………………………………………………………………………………………..

මම පසුදා උදෑසන දහය වෙන විට ලක ලැහැස්ති උනෙමි … විලුබ තෙක් දිග සුදෝ සුදු සායකින් සහ සුදු පාට බ්ලවුස් එකකින් සැරසුණු මා කොණ්ඩය කරලකට ගොතා ගත්තෙමි ….

‘ නැන්දී නංගා අද උපාසක අම්මා කෙනෙක් වගේ නේ …’ මිලා අක්කි මා දෙස බලා කිවේය … අම්මි බලමින් සිටි පත්තරයට උඩින් බැලුවේ මා දේසය .. ඇයගේ මුහුණේ සිනාවක් ඇදුනේ මා කෙරේ තිබු මව් සෙනෙහෙසයි …

‘ ආච්චි අම්මා දුව දැක්කොත් නම් පුදුම වෙනවා නේද මිලා දු …. ’

‘ ඒක නම් ඇත්ත නැන්දී ..’ ඕ කිවේ මගේ දෙස බලා සිනාසෙමිනි

අපි කතා කරමින් සිටියදී ගේට්ටුව ලගින් ඇසුණු වාහනයක හෝන් එකක් නිසා අපි තිදෙනාම මිදුලට බැස්සෙමු … ගේට්ටුව ලග සුදු පාට වෑන් රියකි .. මම ගේට්ටුව ලගට හෙමි හෙමින් අඩිය තැබුවෙමි . ඩ්‍රයිවින් ෂිට් එකේ ඉගෙන සිටි මිලාන් මා දෙස බලා සිටියේ කවදාවත් දැක නැති කෙනෙක් දෙස බැල්මකිනි… ඔහු අමුතුවට මා දෙස බලා සිනාසුනේ කිසිදා දැක නැති තැනැත්තියක ලෙසය … මට දැනුනේ ලැජ්ජාවකි … මම නෙතු බිමට යොමා ගත්තෙමි … පිටු පස අසුන්වල කීප දෙනෙක් වාඩි වී සිටි නිසා මට සිදු උයේ මිලාන් අසලම අනිත් පස අසුනේ අසුන් ගැනිමටය … මම අසුන්ගෙන ශටර් එක පහත් කර අම්මිට සහ අක්කිට අත වැනුවෙමි…ඔව්න් මා දෙස බලා උන්නේ සතුටිනි … ජීවිතය වදයක් කරගෙන සිටි දියණිය මෙලෙස සතුටින් සිටීම අම්මිට සතුටක් වී ඇතුවා විය හැක …

‘අද නම් ඔයා සුදු පිච්ච මලක් වගේ …. ඔයා වෑන් එක ලගට ඇවිදගෙන එද්දී මම දැක්කේ නිකන් විශාකා දේවි වගේ .. ඔය තරමට අහිංසක උනේ කවද්ද …’ මිලාන් කියවන්නේ නොනවත්තාය … ඔහුට අම්මා නංගි හෝ ඉන්නවා කියා වත් ගානක් නැත …මම ඔහුට යාන්තම් රවව්වේ ය ඔහුට ඒ දැක හිනා යන්න ආවත් සිනාව තද කරගන්නවා මම දුටුවෙමි ….

‘ පිස්සෝ ඔයාගේ අම්මලාට ඇහෙයි ඔය විකාර … ’ මම තරවටු බැල්මක් හෙලුවෙමි ..

‘ මම ඉතින් වැරදි දෙයක් කීවාද නැහැ නේ … ලස්සන දේවල් රස විදින එක වැරදිද … ’ මිලාන් ඔහුගේ දගකාර කතා නිමක් නැත ….

‘ පිස්සෙක් ..’ මම සෙමින් මිමිනුවද ඔහුට එය ඇසි තිබුණි ඇස් දෙක සිහින් කර මා දෙස බැලු ඔහු

‘ ඔව් ඔයා නිසා පිස්සු වැටුණු පිස්සෙක් …’

‘ඇත්තමයි දෙනවා දෙකක් අම්මලා හිටියේ නැත්තම් ..’ මම කිවේ දගකාර ලෙස ඔහු දෙස බලමිනි …

‘ අක්කි නැග්ග වෙලේ ඉදලම අපේ අයියාගේ වැඩේ අක්කිව බයිට් කරන එකනේ …’ නිම්නා පිටුපස අසුනේ හිද කෑ ගැසුවේය

‘ ඔව් නංගා බලන්නකෝ මේ මට ඉන්න දෙන්නේ නැහැ වදේ දෙනවා …’ මම ඇය සමග එකතුව ඔහුට විහිලු කරමිනි ..

‘ ඔන්න පන්සල ලගටම ආවා පුතේ කිවේ නැත්තම් තවත් ඉස්සරහට යනවා … මේ ළමයි මොන ලෝකෙක ඉන්නවද මන්දා … ’ අපි පන්සල පසු කරගෙන මීටර් 100 ක් පමණ ගොස් තිබුණි …මිලාන් වාහනය වේගය අඩු කළේය

‘ අම්මලා බහින්න මම වෑන් එක නවත්තලා එන්නම් …’ මිලාන්ගේ අම්මා සහ පිරිස වාහනයෙන් බසින අයුරු දැක මාත් බැසයන්නට සැරසුනෙමි ….

‘ඔයා කොහේ යන්නද ඉන්න මාත් එක්ක යමු …’ ඔහු මා නතර කළේය

‘ හොර කොල්ලා ….’

මිලාන් ඉස්සර උනේය …. මා ඔහුගේ පසු පසින් ඇවිද ගියෙමි ..

‘ ඉන්න මම මල් එකක් අරන් එන්නම් … ’ මිලාන් අසල තිබු මල් කඩයක් වෙත ගියේය

‘ ආ ගන්න …’ ඔහු මා දෙසට දුන්නේ සුදෝ සුදු මල් වට්ටියක් පෑවේය

‘ පිං ඔයාට …’ ඔහු මා දෙස බැලුවේ ආදරණිය ලෙසය … ඔහුගේ ඒ බැල්මට වශී නොවුනා නම් කෙල්ලක් පුදුමය .. මම සිත පාලනය කරගත්තෙමි ..ප්‍රේමයෙන් පැරදුනු මට තවත් පෙමක් කුමටද මම සිත සමග මොහොතක් තර්ක කලෙමි

ගැටබෙ පන්සල සිත නිවනා තැනකි ….. මහවැලි කොමලිය සිලි සිලි ස්වරයෙන් පහලට ගලා බසින්නේ සිත් වශී කරමිනි …කහ දියෙන් දොවා පිරිසිදු සුදු රෙදි කඩක ඔතා අම්මි විසින් දුන් පඩුරු බෝ ගසේ අත්තක ගැට ගසා මම පැතුමක් පැතුවෙමි …ඒ විභාගය පාස් වෙන්න කියාය …මිලාන් මා සමගින් මල් පුජාකර කළේය …. ඉන්පසුව අපි ගියේ පහන් දැල්වීමට ය …. මම පහන් හයකට තෙල් දැමුවෙමි

‘ පහන් හයක් කා වෙනුවෙන්ද මේ …’ මිලාන්ගේ දෑසේ ප්‍රශ්නයකි

‘ …. මේක අම්මිට ..මේක අප්පච්චිට …මේක මල්ලියාට …මේක ඔයාට … මේක මට … ’ මම කියාගෙන එක දිගට කියාගෙන ගියෙමි

‘ එතකොට මේ හය වෙනි එක ….’ මම මොහොතක් නිහඩව සිටියෙමි ….

‘ මේක කවිශ් අයියට …’ මම කියා දැමුවෙමි … මට ඇහුනේ මිලාන් බරට හුස්මක් ගන්නා හඩය … මම ඒ මුහුණ දෙස බැලුවෙමි …. පුර පෝ දා සද වගේ එලිය වැටි තිබු ඔහුගේ මුහුණ අමාවක මෙන් අදුරු වී තිබුනේය ….ඔහු තවත් වදනක් හෝ නොදෙඩුවේය …. සතුටින් සිටි ඔහුගේ සිතේ සතුට නැති කළා කියා සිත දොස් කිවේය … බෝධි පුජාව අවසන් වන තුරුම ඔහු වදනක් නොදෙඩුවේය….. හෙට එක්සෑම් එකට යන ඔහුගේ හිත නරක් කර යැවිය යුතු නොවේ කියා මගේ සිත කිවේය..

බෝධි පුජාව නිමවී යන පිටවී යන තුරුම ඔහු නොදෙඩුවේය…මම හෙමින් ඔහු සමීපයට ගියෙමි ….

‘මිලාන් ..’ ඔහු වදනකුදු නොදොඩා නොඇසුනා සේ පෙරට ගියේය

ඔහු වචනයක් හෝ නොදොඩා යාම පිලිබදව මගේ සිත රිදී තිබුණි … ඇසට කදුලක් ඉනුවේ ඉබේමය … එක වචනයක් නිසා ඔහුට මෙතරම් නපුරු විය හැකිද …. මම කවිෂ් අයියා මතක් කිරිම හෝ ඔහුට වදයක් වී ඇත..
නුවර පාරට වාහනය දැමු මිලාන් වේගයෙන් ඉදිරියට යයි … … රථය ගන්නොරුව පාරට දැමුවා පමණි වේගයෙන් පැමිණි බසයක වාහනය නොවැදී බේරුනේ අනු නවයෙනි …

‘ මේ ළමයට මොනා වෙලාද …දරුවෝ මොකක්ද මේ හැදිලා තියන කඩිකුලප්පුව ..’ මිලාන්ගේ අම්මා මිලාන්ට දොස් නැගුවේය

මිලාන් සමාවට කරුණු නොකීවේය …. ටික වෙලාවකින් වාහනය නැවත පාරට දැමු ඔහු මහත් සංයමයෙන් වාහනය පදවාගෙන ආවේ වරද වැටහීම නිසා විය යුතුය

මිලාන්ගේ නිවසේ අය බැස ගිය පසු රථය තුල වූ නිහඩතාව දරාගැනීමට නොහැකි තරම්ය … මිලාන් මාතලේ පාරට වෑන් එක දැම්මේය .. මට දරා ගැනීමට නොහැකි මොහොතක මා ඔහුගේ අත උඩින් මගේ අත තැබුවෙමි …

‘ මිලාන් මොකද මේ ..’ මම ඔහුගේ මුහුණට එබුනෙමි

‘මොකුත් නැහැ සුරංගනා …’ ඔහු බොරු කිවේය ….ඉන් පසු සිනාසුනේය

‘ බොරුවට හිනා වෙන්නේ මොකෝ ..’

‘ හේතුවක් නැහැ ..’

‘හේතුවක් නැතිව හිනාවෙන්නේ පිස්සෝ ..’

‘ ඉතින් මම පිස්සෙක්නේ …. නැති නම් පිස්සුවෙන් වගේ ඔයා පස්සේ එන්නේ නැහැ නේ …’ රිදුනේ මගේ හිතයි

‘ මිලාන් මට සමාවෙන්න …’ මම සෙමින් කීවෙමි

‘ ඔයා වෙනුවෙන් හැමදාම මගේ ලග සමාව තියෙනවා සුරංගනා …’ මගේ පපුව තිගැස්සෙන්නේ ඔහුගේ මෙවන් කතා වලටය

‘ මම දන්නවා මිලාන් ..’ මගේ හුස්ම බර වැඩි වෙන්න ඇත ….

‘ මම ඔයාට ගොඩක් ආදරේ සුරංගනා .. මට තේරෙන්නේ නැහැ ඔයා කියන සුළු සුළු දේවල් වලට මේ හිත රිදෙන්නේ ඇයි කියලා … ඒ ආදරේ නිසාම වෙන්න ඇති …’

ඉන් එහාට වචනයක් හෝ ඒ ගැන කතා කරන්න මට උවමනා නොවිය ….. ආදරය ගැන කතා කිරීමෙන් සිදුවෙන එකම දේ හිත රිද්දා ගැනීම පමණක්මය … මම නැවත තදින් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගත්තෙමි .

‘ හෙට එක්සෑම් එක හොදට කරන්න මිලාන් … ’ මම වෑන් එකෙන් බැස රියදුරු අසුන අසල කවුළුවෙන් ඔහු දෙස බැලුවෙමි

‘ මම විතරක් නෙවේ ඔයත් එක්සෑම් හොදට කරන්න ඕන ..හරිද ..එක පාරින් කැම්පස් යන්න ම ..’ ඔහු සියලු දේ අමතක අකර මා දෙස බලා ලස්සනට සිනාසුනේය

ඉතින් ඔහු මගෙන් වෙන්ව ගියේ හිතේ තිබු සියලු අමනාපකම් අමතක කර දමමිනි …. අපිට පෙම්වතුන් විය නොහැකි වන්නට පුළුවන නමුත් අපට හොද යාළුවන් විය හැකි නොවේද …

තවත් කොටසක් අරන් එන්නම් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *