සුරඟනක් කඳුළක් සලා 23
23 කොටස
උසස් පෙළ විභාගයට පෙර දින මුළු රැයම මා නිදිමරාගෙන පාඩම් කෙරුවෙමි .. මගේ ඉල්ලකය උනේ උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වී විශ්ව විද්‍යාලයට යාමය … පෙර දින වල මිලා අක්කි සමගින් පසුගිය උසස්පෙළ ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීම නිසා මට විභාගය ගැන කිසිදු බියක් තිබුනේ නැත …
උසස් පෙළ විභාගය ආරම්භවෙන දිනයේ මා උදෑසනම අවදි වූවෙමි …. අම්මි ද උදේම අවදි වී කිරිබත් සුදානම් කර තිබුනේය …. මම සුදානම් වී කැඩපතින් මගේ සුන්දරත්වය නැරබුවෙමි … ඇත්තටම මම ලස්සන වෙන්න ඇත …. සුදු මුහුණට …. දුබුරු පැහැති දෙනෙත් එක්කළේ අපුර්වත්වයකි …. මම කැඩපතින් පෙනෙන මා රුව දෙසම මොහොතක් බලා සිටියේ මහත් සතුටිනි …
‘ මොකද මේ අනිමිසලෝචන පුජාව කරනවද කන්නාඩිය දිහා බලාගෙන ‘ මිලා අක්කි සිනාවකින් මුව සරසාගෙන මා දෙස බලා උන්නාය ..
‘ අනේ අක්කියෝ මම එච්චර හිත දියුණු කරලා නැහැ ….’ මම හයියෙන් සිනාසුනෙමි
‘ හා හා දැන් ඇති හැඩ බැලුවා … එනවා කාලා යන්න ලැහැස්ති වෙන්න …නැත්තම් පරක්කු වෙයි ..’ අක්කි සරදමට මෙන් සිනාසෙමින් බලා සිටින්නීය මම කැඩපත ලගින් මෑත්වී ඇය ලගට පැන අතේ වෙලුනෙමි
අම්මි මා දෙස බලා සිටියේ සතුටිනි පෙර දිනවල මා උන්න අයුරු මතක් වෙන විට ඇයට කොච්චර දුක හිතෙනවා ඇතිද … මං ඇස් වලට උනන්න දගලන කදුළු කැටයක් ඇස් දෙක තදින් වසාගෙන ඇස තුලම දියකර හැරියෙමි … අප්පච්චි අම්මි ආශිර්වාද කලේ මුළු හිතිනි …
‘ මගේ දරුවෝ විභාගේ හොදට කරන්න මැණික … … ’ අප්පච්චි මගේ හිස සිබ මට ආශිර්වාද කළේය
‘ මගේ පැටියාට වරදින්නේ නැහැ මගේ රත්තරන් හොදට එක්සෑම් කරන්න … බුදුසරණයි මගේ දරුවෝ ..’
අම්මිගේ සහ අප්පච්චිගේ ආශිර්වාදය ඇති මට හැමදෙයක්ම සාර්ථක කරගන්න .. මම ඒක කරනවා අම්මි …මම ඒක කරනවා මගේ සුදු අප්පච්චි … ඔයාගේ සුදු දු ඔයාලාගේ හීන මරන්නේ නැහැ … අපප්ච්චිගේ සුදු දු ඒක කරනවා මගේ අප්පච්චි මම මුවින් නොකියූ නමුත් හිතින් අප්පච්චිට පොරොන්දු උනෙමි..
මම දළදා මාළිගාව ළගින් බස් රථයෙන් බැස්සෙමි … වෙලාව උදෑසන හත පමණ වන්නට ඇත … මීදුමෙන් වැසි තිබුන නගරය කෙරෙන් දිස් උයේ පුදුමාකාර සුන්දරත්වයකි … මම දළදා මාලිගාව දෙසට හැරී දෑත් නළල මත තබා වන්දනා කෙරුවෙමි …
වැව රවුමට නගින පඩියකට මම පයක් තැබුවෙමි …. තැබූ පය ආපස්සට ගත්තා නම් හොද යැයි සිතුනේ වැව රවුමේ වලාකුළු බැම්මට පිටදී බලා ඉන්නා ඒ රුව දුටු විටය …. හදාගෙන තිබුණු හිත කෑලි කෑලි වලට කැඩෙනවා වගේ දැනුනේය … මට දැනුනේ මානසික වියවුලකි . ඔහු සැරසී සිටියේ මා ආසම කරන ලෙසටය … කළු පාට ඩෙනිමක් ඇද එයටම ගැලපෙන සුදු පාට ටි ෂර්ට් එකකින් සැරසුණු ඔහු පෙර දිනවලටත් වඩා ලස්සනට පෙනුනේය … මට සිතුනේ එතනින් පැන දුවන්නය … මා පරක්කු වැඩිය ඔහුගේ ඇසට මා හසු වී තිබුණි … මා ගැහුනේ මුවැත්තියක ලෙස නොවේද ….
‘සුරංගනා …’ පෙර දිනවල මෙන්ම ඔහුගේ හඩේ තිබුනේ හිත කඩාගෙන යන ආදරණිය බවකි .. අනේ ඒ ආදරණිය කමට මා පෙම් කල තරම් … මම නොදොඩා නොබලා එතනින් යන්න සැරසුනෙමි
‘ නංගි ඔය තරම් නපුරු වෙන්න එපා .. ’ ඔහුගේ වචන කතා කලේ ලයේ ඔහු කෙරේ පෙම නිදන් කල තැනටය .. මම ගැස්සී ගියෙමි … මට කතා කරන්න සිතුනේ නැත කතා කලොත් සිදු වෙන්නේ පෙම අවදි වීමය … මම පෙරට අඩිය තැබුවෙම..
‘ නවතින්න මගේ නංගි…’ දෙවියනේ ඔහු කොයි තරම් ආදරණිය ලෙස කතා කරන්නේද .. මා තාම ඔහුගේද … කොහෙද හිරවෙලා තිබ්බ කදුළු ගොඩක් ඇස් වල පිරිලා ගියේ ඇසි පිය හෙලන නිමේෂයකින් …
‘ මම ඔයාගේ වෙලා හිටියා අයියා … ඒත් ඒත් අයියා දැන් ඔයා මගෙද කියන්න ..’ මම ඇසුවේ රිදුනු හිත තවත් රිදෙද්දිය …මම ඔහුගේ ඇස් වලට එබුනෙමි …. ඒවාට කතා කරන්න පුළුවන් නම් කියාවි ඔහු මට ආදරේ කරන තරම් …අවාසනාව ඇස් වලට කතා කරන්න බැරි එකය … අනේ තව එකම එක සැරයක් ඔයාගේ කටින්ම මට අහන්න ලැබෙනවා නම් .. සුරන්ගනා මගේ නංගි මම ඔයාට විතරමයි ආදරේ කියලා … ඒත් මම පව් කරලා ….
ඔහු මගේ උරහිස් දෙකේ අත් දෙක තියලා මොහොතක් මගේ ඇස් දෙක ඇතුලේ කිමිදුනා ඔහුට පේන්න ඇති මගේ ඇස් දෙක ඇතුලේ ආදරය නමින් තිබෙන දුක . …. දරාගන්න නොහැකිම වෙලාවක ඔහු මාව අතැරලා දැම්මා … හැමදාම ඔයා ඕක නේද අයියේ කලේ …. මට දරාගන්න බැරිම මොහොතක මාව අත ඇරලා ගියපු එක
‘ සුරංගනා හොදට එක්සෑම් කරනවා කියලා පොරොන්දු වෙන්න …. ’ ඔහු බැගෑපත් ලෙස මගේ දිහා බලන් ඉන්නවා .. මට මතක් වුනේ යාචකයෙක් … ඔහු යාචකයෙක් තරමට අසරණ වෙලා හිටියේ
‘ මට එහෙම පොරොන්දු වෙන්න බැහැ අයියා .. එක්සෑම් කරන්නම් සාර්ථක වෙයිද කියලා කියන්න බැහැ ..’ හදාගෙන හිටිය හිත ඔහු ඇවිත් අවුල් කරා කියලා මම කොහොම කියන්නද … අපි දෙදෙනා මොහොතක් අපේ ඇස් වල අතරමන් උනා ..කාලය ගෙවෙන්න ඇති … මට දැනුනේ නැහැ ….
‘ චටාස් පටාස් ’ කම්මුල මත පතිත උයේ දරුණු කම්මුල් පාරවල් කීපයක් … මට පියවි සිහිය ලැබුනේ එවිටයි … මම ඇසිපිය හෙලා අවට බැලුවා … මගේ ඉස්සරහා හිටගෙන මාව මරණ තරම් කේන්තියෙන් බලාන උන්නේ ඇයයි මගේ හොදම යෙහෙළිය භාවනයි … ඇගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වුනා …..පාරේ යන අයගේ ඇස්ද අප වෙතම යොමු වෙමින් තිබුනා ..
‘ උබට ලැජ්ජාව නැද්ද සුරංගනා …. ’ ඇය නොනිවුන කේන්තියෙන් බලාන උන්නා … මම ගල් රුවක් සේ නොසැලී සිටියෙමි
‘ භාවනා මෙතන නටන්න එපා මිනිස්සු බලන් ඉන්නවා …’ කවිශ් අයියා භාවනට සැරවිය
‘ නටන්න නෙවේ මැරෙන්න වෙන්නේ මට … ලැජ්ජා හිතුනේ නැද්ද දෙනෝදහක් යන මේ පාරේ කවුරුත් නෑ වගේ නාඩගම් නටද්දී …. ’ භාව්නාගේ කෝපය නිමාවක් නැත ..අහිංසක භාවනා මෙතරම් නපුරු උනේ කෙලෙසද
‘ උබ නේ මගේ ආදරේ මගෙන් උදුරාගත්තේ .. දැන් ලෝකේ තියෙන හැම තහන්චියක්ම මට දානවා මට පාඩුවේ ඉන්න දීපන් නැත්තම් මම ඔලුව හැරුණු අතක යනවා …’ අහස් අයියා කෑ ගැසුවේ නුවර ටවුම මැද කියාවත් මතක නැතිවය ..
‘ ඔයාලා දෙන්නා මන් නිසා රණ්ඩු කරන්න එපා …දෙවියනේ මගේ පාඩුවේ ඉන්න දෙනන් අහිංසක මට වද දෙන්න එපා …. ’
මගේ ඔලුව විකාර වී ඇත ඇස් වල කදුළු වලට කිසිවක් නොපෙනුණේය …
‘ තමුසේ හැම මගුලක්ම නටලා දැන් කොහොමද කියන්නේ පාඩුවේ ඉන්න දෙන්න කියලා මේ හැම දේටම වැරදි තමුසේ තමා …’
‘ ඔයාලා මහා ආත්මාර්තකාමියෝ ඇයි දෙවියනේ මන් ගැන හිතන්නේ නැත්තේ…මාත් ඇට මස් ලේ නහර වලින් හැදිච්ච මනුස්සයෙක් …. මට පාඩුවේ ඉන්න දෙන්න …’ මා තුල තිබුනේ මා ගැනම උපන් ආත්මානුකම්පාවකි
මට කිසිවක්ම පෙනුනේ නැත මම එතනින් ඉවතට දිව ගියෙමි …. අද එක්සෑම් කියා හෝ මා ඊට මුහුණ දිය යුතුයි කියා මට මතක තිබුනේ නැත … මතක තිබුනේ සිදු වූ අවමානයයි … පෙමක් නිසා මා වැටුණු පහත් තත්වය ගැන තරහයි … ඒ සියල්ලම එක්වී මා උමතු නොවුනා පුදුමය …
තවත් කොටසක් හෙට