සුරඟනක් කඳුළක් සලා 34

34 කොටස

මට සිහිවෙන්නේ අතීතයයි ….දරා ගැනීමට නොහැකිම ඒ අතීතයේ මා අසලින් සිටි මගේම යැයි කියූ ඔබේ ඒ වෙනස්වීමයි … ආදරය යනු කිමද කියා ඔබ කියා දුන්නේ මා අසනීප වී රෝහලේ ගතකල ඒ අතීත දවසකදියි … … මුළු රැයම නොනිදා මගේ යහන අසල තනි රැකීමට තරම් මා පිළිබද සෙනෙහසක් තිබු …. ඔබ … අද මා ගැන නොසිතා අන් ලදකට හිමි පිරිමියෙක් බවට පත්වීමට තරම් සිත හදාගත්තේ කෙලෙසද …. මම අතීතයේ මතකයන් අතර වල්මත් වෙමි…

මට මතකය ඔබ මට ආදරේ කියාදුන් අයුරු .. එදා මම ඔබ හමුවුන දිනකි ….ඔබ උන්නේ මා අත අල්ලාගෙන පේරාදෙණිය මල්වත්තේ බංකුවක් මත අසුන්ගෙනය … මා ඔබේ උරහිසට වාරු වී අහස දෙස බලා උන්නෙමි ….

‘සුරංගනා අර බලන්නකෝ ….’ ඔබ හදිස්සියේම කියයි …

මම අහසට යොමු කරගෙන උන් දෙනෙත් ඔසවා … ඔහු පෙන්වූ ඉම බැලුවෙමි …. පුංචි පුතෙක් පිට්ටනියට පැන බෝලයක් පස්සේ දුවයි … ඔහුගේ අම්මා තාත්තා විය හැකි දෙදෙනෙක් ඔහු සෙල්ලන් කරන දෙස බලා සිටි … තරුණිය නැවත වරක් මවක් වන සලකුණුය …. තරුණයා ඔහුගේ අතින් මවගේ කුස පිරිමදි … එතන ඇත්තේ ලස්සනම ලෝකයකි ….. කොලු පැටියාගේ දගවැඩ දකින ඔවුන් හඩ නගා සිනාසෙයි …. මම ආසාවෙන් ඒ දෙස බලා සිටියෙමි

‘ෂෝයි නේද …’ ඔහු අසන්නේ මගේ කනට කොදුරාය

‘ ම්ම්ම් … කවිශ් අයියා ආදරේ හිතෙනෝ … ’

‘මටත් ඒ වගේම පුතු පැටියෙක් ඕනි මේ බන්දියෙන් ….’ ඔහු මගේ කුස ආදරයෙන් පිරිමදි …

‘ අනේ මන් තාම පුංචි නේ අයියෝ ….’ මම ලැජ්ජාවෙන් රතුවෙමි

‘දැන්ම නෙවේ … තව අවුරුදු හතරකින් පහකින් …’ ඔහු සිනාසෙන්නේ මම බියවී ඇස් ලොකු කරගෙන ඉන්න නිසාය
‘ බැන්ද ගමන් පුතු පැටියෙක් ඕනිද …’

‘ ඔව් … එතකොට ඔයාට පාලුත් නැහැ නේ මම වැඩට ගියාම එයා ඉන්නොනේ … ’

‘ පුතු පැටියත් අප්පච්චි වගේම චන්ඩියෙක් උනොත් තමා වැඩේ .. ’

‘එහෙම තමා අප්පච්චි වගේම ඉන්න ඕනි නේ පුතු පැටියත් ….’

‘ අපේ ගෙදර ඔයයි මමයි පුතු පැටියයි ෂෝයි නේ ..’ මම හිතින් හීන ලෝකයට යමි …

‘ නැහැ නැහැ … තව ඉන්නෝ …. ඔයයි මමයි පුතුයි …තව ඔයා වගේ ඇස් තියෙන දුලා දෙන්නෙක් ඕනි ..’

‘ අනේ එතකොට මම එයාලා ඔක්කොම බලාගන්නේ කොහොම ද …’

‘ මම ඉන්නෝ නේ … …’

‘ අප්පුච්චිට ගෙදර ඉදන් බලාගන්න වෙයි බබාලව …’

‘ චුටි බබාලා කොහොම හරි බලා ගත හැකි මගේ මේ ලොකු බබානේ නලවගන්න අමාරු …’

‘ අනේ යන්න මම තරහයි ….’ මම ඉවත බැලුවෙමි
‘ සුරංගනා මගේ දිහා බලන්නකෝ ….’ මම දෑස් ඔසවා බැලුවෙමි .. කවිශ් එකදු ඇහිපිල්ලමක් හෝ නොගසා මා දෙස බලා උන්නේය

‘ මොකෝ කන්න වගේ බලන්නේ …’ මම ඔහුට විරිත්තුවෙමි

‘ ලෝභයි බබා මේ මුහුණෙන් ඇස් අහකට ගන්න …’

‘ මගේ මුහුණේ පෙරහැරක් යනවාද … ’ ඔහු මදක් සිනාසී ආදරෙන් මගේ අතින් අල්ලා ඔහුවෙත ඇදගත්තේය

‘ දන්නවද සුරංගනා .. ඔයා මගේ ලගින් ඉද්දි මට ඔයා දිහාම බලාන ඉන්න ඕනි … මේ මුහුණ දිහා කොච්චර වෙලා බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ …මට ඔයාගේ මුහුණේ මේ හැම රේකාවක්ම මතක තියාගන්න ඕනි ….’ ඔහු ආදරයෙන් මගේ මුහුණ පිරිමැද්දේය

‘ මම ඉතින් කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ මගේ අයියා …ඔයාට හැමදාමත් මගේ දිහා බලන් ඉන්න පුළුවන් නේ ..’ මම ඔහුගේ උරයේ හිස හොවා ගත්තේමි

‘මම දන්නවා මැණික ඒ උනාට අපේ දෛවය කොහොම ලියවිලාද දන්නේ නැහැ නේ …’ කවිශ් අයියා හුස්මක් හෙළුවේ බරටය

‘ මට ඔයා නැතිවෙනවා කියලා නම් කියන්න එපා … මාව මැරිලා යයි මගේ කවිශ් අයියේ …’

‘පිස්සි මට ඔයා නැතිව ඉන්න බෑ … ඉතින් කොහොමද මැණික මම ඔයාව නැති කරගන්නේ ..’

‘ පොරොන්දු වෙනවා නේද …. මාව තනිකරන්නේ නැහැ කියලා ..’ මම ඔහුගෙන් පොරොන්දු ගත්තෙමි

හිත හිතන්නට අකැමති වෙන්නේ ඔවැනි දේවල්ය.. මට වද දෙන්නේ ඒ අතීතයයි …. ඉතින් මා නැතිව ජීවත්විය නොහැකි බව පවසා අද ඔබ කෙලෙස ඉන්නවා ඇතිද … තවත් දින කීපයකින් ඇය මනාලියක වී ඔබේ නිවසට එනු ඇත … එවිට මගේ කවිශ් අයියා කියා මට ඔබ ඇමතිය නොහැකි වනු ඇත ….. අපේ කියා පුංචි පුතු පැටියෙකු දු පැටික්කියෝ දෙදෙනෙකුයි හදන්න බලාපොරොත්තු සිහින පෙන්නා ඔයා ගියා කියලා කීවාට මේ හිත ඒක තේරුම් ගන්නේ නැහැ මගේ රත්තරන් අයියේ … මට මෙහෙම කරේ ඇයි … ඇයි අයියේ මගේ ජිවිතේ විනාශ කලේ … මම හිතින් කවිශ් අයියාට කතා කළා

අප්පච්චි ,භාවනා , සෑම් අන්කල් සියලු දෙනා මට කිවේ කව්ශ් අයියාව අමතක කරන ලෙසත් … ඔහු හමු නොවෙන ලෙසත්ය .. විටක ඉල්ලීම් ලෙසද තර්ජන ලෙසද ඔවුන් මට කියන්නේ කවිශ් අයියා නැතිව ජීවත්වෙන්න කියාය … මට හුස්ම නොගෙන ජීවිතය අතහැරිය හැක නමුදු කවිශ් මගේ රත්තරන් ඔබෙන් තොර වූ ජිවිතයක් හදා ගැනීමට නොහැකිය

මේ ගෙවෙන හැම දිනක්ම මුසල දිනයන්ය … ඒ හැම දිනකටම මම වෛර කෙරුවෙමි … මන්ද … මගේ කවිශ් ඔහු අන්සතු වෙන දිනය ඒ හැම දිනයක්ම ලංකරන බැවිනි .. සිතා සිතා අවසානයේ මම තීරණයක් ගත්තෙමි මගේ කවිශ් අයියා ජිවිතේ අවසාන වතාවට හමුවිය යුතුය .. හමු වී එකම එක ප්‍රශ්නයක් ඇසිය යුතුය …. ඔහුගේ මංගල දිනයට තව දින දෙකකි …. ඉතින් එම දිනට පෙර ඔහු හමු වීම කල යුතුමය ..

නිවසේ සියලු දෙනා නිවසින් පිටව ගිය මොහොතක මම නිවසින් එළියට බැස්සෙමි …. සුදු දු කොහෙවත් යන්න එපා ..අම්මි එලෙස කි බව මා අමතක කලෙමි .. ත්‍රිවිල් රථයක නැගුන මා මුල්ගම්පොලට ගියෙමි … කවිශ් ගේ නිවසට කොලඹ නුවර පාරේ අතුරු පාරක යා යුතුය … මම දිනක් ඔහුගෙන් අසා ගත් මග තොරතුරු අනුව නිවස සොයා ගියෙමි … නිවසේ අංකය නිවැරදිය .. ඇරදමා තිබු ලොකු ගේට්ටුවෙන් මම ඇතුළු උනෙමි … පිටත කිසිවෙකු පෙනෙන්නට නොසිටියද ..ඇතුලත මහා කලබලයකි … කීපදෙනෙක් මහා හඩින් බෙරිහන්දෙයි …. කවිශ් ගේ කටහඩ සියලු හඩවල් පරදා නැගේ ..

‘ මට මේ මගුලට කැමති වෙන්න බෑ … ඊයෙත් කිවා අදත් කියනවා …’

‘ උබට ලැජ්ජා නැද්ද මිනිහෝ වෙඩින් එකට දවස් දෙකක් තියෙද්දී ඔහොම කියන්න …’ ඒ රළු පිරිමි හඩකි

‘ මම ඒක කිවා ඔයාලා ගණන් ගත්තේ නැහැ … ඉස්සර කැමත්තෙන් හිටියා තමා .. ඒත් ඒ ආදරේ නෙවෙයි තාත්තේ … මට ඒක තේරුනාට පස්සේ මම කිවා අම්මට අඩ අඩා කිවා .. මට මේ දේට කැමති වෙන්න බැහැ කියලා …. අනේ තාත්තේ මට මේ දේ කරන්න කියලා බල කරන්න එපා … ’ ඔහුගේ ගොරෝසු පිරිමි කට හඩ වෙනුවට ආවේ බිදුණු හඩකි

මගේ හිත අස්සේ විදුලි අකුණු දහසක් එකවර කෙටුවේය … ඔහුට බනින්න කියා සිතාගෙන ආ සිත දියේ වැටුණු සිනි මෙන් දියවී ගියේය … කදුළු ගොඩක් ඇස් අස්සෙන් ගලා ආවේ හිතන්නට මත්තෙනි

‘ දැන් පරක්කු වැඩි කවිශ් උබ ට ඒ කෙල්ලගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ ..ඒ මගේ එකම අක්කාගේ දුව …’ ඒ හඩ ස්ථිරය

‘ ඔයාගේ පුතාගේ ජිවිතේ විනාශ උනාට කමක් නැද්ද .. ’

‘ එකට ඉද්දි දෙන්නට දෙන්නා තේරුම් ගණන් පුළුවන් වෙයි .. ඔය මිනිස්සු බැදලා ආදරේ කරන්නේ … පුතාගේ අම්මා එක්ක මම මේ ඉන්නේ .. මටත් කැම්පස් යන කාලේ කෙල්ලක් හිටියා … මම හිතුවේ එයා දාලා ගියාම මට තව කවුරුත් ගැන හිතන්න බැරි වෙයි කියලා … ඒ උනාට උබගේ අම්මව බැන්දට පස්සේ මට ඒ හැම දෙයක්ම අමතා උනා … සල්ලි හම්බ උනා … හැම දෙයක්ම හම්බ උනා ..’ ඔහු තේජාන්විත විත හඩින් පවසයි

‘ ඒ උනාට ආදරේ තාත්තා…. ඔයාට ආදරේ හම්බ උනාද .. ඔයා අම්මාට ආදරේ දුන්නද … මට මතකයි ඔයා මම පුංච් කාලේ ඉදලා අද වෙනකන් ගෙදර එන්නේ මාසෙකට එක දවසයි … ඒ ඇවිත් ඔයා දවසක් වත් ඉන්නේ නැහැ දුවනවා … ඒ මොකද තාත්තේ … ඔයා දන්නවද මාසේ ඉතිරි දවස් ගානම ඔයාගේ වයිෆ් ඉන්නේ අඩ අඩ …මම ඒවා දැකලා තියෙනවා .. එයා විදොනවා ….. ඒ වගේම මාත් විදවනවා .. පුංචි කාලේ ඉස්කෝලේ පේරන්ට්ස් ඩේ එකට හැමෝගේම අම්මයි තාත්තයි දෙන්නම එද්දී මගේ අම්මා විතරයි ආවේ … ළමයි අහනවා ඔයාගේ තාත්තා නැද්ද කවිශ් කියලා . … දන්නවද තාත්තා ඒ වෙලාවට හිතට එන දුක .. මම ඇවිත් අම්මා ලගට වෙලා අඩනවා … මට ඉස්කෝලේ යන්න බෑ කියනවා .. ඒත් අම්මා අඩනවා ඒවා අහලා … මට අම්මා විතරයි හිටියේ තාත්තා .. එයා කියන දේ අහක දාන්න බැරි නිසා මම එදා ඉස්කෝලේ ගියා අදත් එහෙමයි එයා කියන දේ අහක දාන්න බැරි නිසා මේ මැරේජ් එකට කැමති උනා ..’

කවිශ් අයියා විදවයි … බොහෝ විදවයි ..ඒ තරම් විදවන පිරිමියෙක් රිදවීම … කොතරම් පවක්ද … මම මටම ශාප කරගත්තෙමි …

‘ කවිශ් පුතා දැන් ඇති …’ ඒ ඔහුගේ අම්මා විය යුතුය …

‘ අම්මා කැමතිද අම්මා ඔයාගේ පුතා විදවනවාට …’ නිවසින් එන්නේ මව සහ පුතුගේ ඉකිබිදුම් හඩයි… මම අනවසරයෙන්ම නිවසට අඩියක් තැබුවෙත් … කවිෂ්ගේ පියා මා දුටුවේත් එකවරය … තරුණ විය ඉක්මුවද ඔහු වෙතින් නික්මුනේ තරුණයෙකුගේ පෙනුමකි … මදක් මෙහායින් කවිශ් වැළදගෙන උන් ඔහුගේ මව මැදිවියේ පසු උනද වයසට වඩා මහලු පෙනුමක් ඉසිලුවේය …..

‘ ඔය ළමයා කව්ද ..’ මගේ පෙනුම අන්ත අසරණ වෙන්නට ඇත … කවිශ් අයියා හිස ඔසවා බැලුවේ ඒ සදය

‘සුරංගනා ඔයා මෙහෙ …’ කවිශ් අයියාගේ මුව විශ්මයෙන් ඇරුණේය

‘ මට ඔයාට කතා කරන්න ඕන අයියා …’ මම ඔහු දෙස ඍජුව බැලුවෙමි

‘ ආ මෙයාද මේ සුරංගනාවී … ළමයා මේ අහනවා එයාට ඔයත් එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ … ගැහැණු ළමයි මේ විදිහේ නැහැදුනු ගමන් එන්න හොදද … ’

‘ අනේ අංකල් මගේ කව්ශ් අයියාව මට දෙන්න ….’ මම ඔහු අසල දණින් වැටුනෙමි …

‘ ඔයා වගේ හිගන්නියකට හිගමන් දෙන්න ළමයි මම හදලා නැහැ … ස්ථිර යි කවිශ් බදින්නේ භාවනා විතරමයි … ’

‘ අනේ අංකල් මට එයා නැතිව ජිවත් වෙන්න බෑ … මගේ හුස්ම හිරවෙනවා එයා මගේ නෙවෙයි කියලා හිතද්දීත් …’

‘ ඉතින් මැරියන් අපිට පව් දෙන්නේ නැතිව … පොහොසත් කොල්ලෝ අල්ලාගෙන රවට්ට ගන්න ලැජජා නැද්ද ඇටෙන් පොත්තෙන් එලියට එද්දිම ..’ ඔහුට මගේ හෝ කවිශ් අයියාගේ ආයාචනා ගානක් නැත …

‘ තාත්තා ..’ කවිශ් අයියා බෙරිහන් දුන්නේ නිවසේ බිත්ති දෙදරන තරම් හඩිනි … කවිශ්ගේ මව බලා උන්නී අනුකම්පාවෙනි

‘ මොකද උබ කෑ ගහන්නේ … සිකුරුටි සිකුරුට් මෙහෙ එනවා මේ කෙල්ලව ඇදලා දානවා එලියට .. ’ කවිශ් ගේ පියා පපුවේ තෙතමනයක් නැති මිනිසෙකි .. මා අසලට පැමිණ හිට ගත්තේ දැඩි පිරිමියෙකි .. ඔහු මාව අල්ලන්න මෙන් පහතට නැමුනේය…

‘අල්ලන්න එපා එයාව .. ‘ කවිශ් අයියා පැන ඔහු තල්ලු කරදෑම්මේය …

‘ කවිශ් නැවතියන් ….’ කවිශ් අයියාගේ තාත්තා කෑ ගැසුවේය

නැවත හැරී නොබලාම මගේ අතකින් අල්ල ගත් ඔහු මා ඇදගෙනම ඔහුගේ කාරය ලගට ආවේය ..

‘ නගින්න …’ සැරට කි ඔහු මා රථයට නැගී පසු රථය ගේට්ටුවෙන් එලියට දැම්මේය … මදක් දුර රථය යනතුරුම අප අතර කතාවක් නොවිය

‘ ඔයා කෝල් කරා නම් මම එනවා නේ .’

‘ ඔයා මගෙත් එක්ක තරහා වෙලා හින්දා ඔයා එන්නේ නැතිවෙයි කියලා හිතුනා .. ’ මද දුරක් නිහඩවම රථය පදවාගෙන ආ ඔහු දොඩම්වල පාරට දමා පාලු තැනක රිය නතර කළේය

‘නංගි මේ අහන්න මම අදත් දුක්වෙනවා එදා හැසිරුණු විදිහ ගැන .. මිලාන්ට ගැහුව එක ගැන … භාවනා වගේ කෙනෙක් කිව දෙයක් විශ්වාශ කරලා ඔයාට සැකකරපු එක ගැන මට දුකයි නංගි .. මම එදා දවසට ශාප කරනවා .. මට සමාවෙන්න නංගි මම නිසා ජිවිතේ නැති කරගන්න ගිය ඔයාව මම සැක කරේ … මට සමාව දෙනවද ..’ ඒ පිරිමි නෙතේ උවේ කදුලුය ..

‘ ඔයා සමාව ඉල්ලන්න එපා මගේ රත්තරන් අයියේ ..ඔයා වැරදි නැහැ .. ඔයාට මට ඕන දෙයක් කරන්න අයිතිය තියෙනවා … මම ඔයාගේ ඔයාගේ විතරමයි ..’ මම ඔහුගේ කදුළු පිරි මුහුණ මගේ ලය මත හොවා ගත්තෙමි … අඩනවා නම් අඩන්නට හැකිය … ඒත් මට ඔබ සැනසිය යුතුව තිබුණි …

‘මේ ආදරේ මට නැති උනා කියලා මම කොච්චර දුක් උනාද …’

‘ මම ඔයාට හැමදාටම ආදරේ අයියේ … ඔයා මොන දේ කලත් මම ඔයාට ආදරේ කරනවා …’

‘ මම දන්නවා මැණික …’ ඔහු තරම් ආදරය කරන කෙනෙක් නොවේ මා හට නම් මේ ලොවේ

‘ කොහොමද අයියේ ඔයා භාවනා මැරී කරන්න කැමති උනේ … අපි දෙන්නා හදන්න හිටිය හීන මාලිගාවේ මට කවදාවත් ඉන්න හම්බ වෙන්නේ නැද්ද අයියේ ’ මට අහන්නට ආ ප්‍රශ්නය මතක් උනේ දැන්ය…. ඔහු තිගැස්සී මුහුණ එසවුවේය

‘ මට සමාවෙන්න නංගි ආත්ම කියක් ගියත් මට ඒ පාපයට ඔයාට වන්දි ගෙවන්න බැරි වෙයි .. මගේ අම්මා මැරෙන්න ගියා මට එයාවම බදින්න කියලා … තාත්තා කියන වචනයක් අම්මාට දේව වචනයක් වගේ තාත්තගේ එකම ආශාව මාව භාවනාට බන්දලා දෙන එකලු .. අම්මා තාත්තා කියන ඕන දෙයක් හිස මුදුනෙන් පිළිගන්නේ … එයා කවදාවත් මගෙන් ඉල්ලලා නැහැ මට මේ දේ ඕනේ කියලා .. ඉල්ලව්වේ …පුතේ භාවනා බදින්න කියලා විතරමයි මම කොහොමද සුරංගනා පුංචි කාලේ ඉදලා මාව හදා ගත්ත මගේ අම්මා අතාරින්නෙ මට ඒ වැරැද්ද කවදාවත් කරන්න බැරි වෙයි … ’

ඔහු මදකට කතාව නතර කල ඔහු නැවත කතාව පටන්ගත්තේ විනාඩි කීපයක් ගොස්ය

‘ ඔයා දන්නවද නංගි අපේ අම්මා ගොඩක් දුක් වින්ද ගැහැනියක් … පුංචි කාලේ ඉදලා කිරිල්ලියක් වගේ හිරවෙලා ඉදලා එයා තාත්තාව බැදලා තියෙන්නේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන එහෙම බැන්ද තාත්තා එයාගේ හැම බලාපොරොත්තුවක්ම නැති කරා කවදාවත් එයා අම්මාට ආදරෙන් කතා කරලවත් නැහැ …. ඒ උනාට අම්මා තාත්තට පුදුම විදිහට ආදරේ දෙවියෙක් වගේ අදහනවා ..ඒ වගේ ගැහැනියක් ලැබිලත් තාත්තා ජිවිතේ වැඩි කාලයක් ගත කරන්නේ එයාගේ වතුවල …නැතිනම් පිටරටවල …. අම්මාට තාම වයස හතලිස් දෙකයි ඒ උනාට ඔයා දැක්කානේ එයාගේ වයස හැටපහක් විතර පේනවා .. අම්මා ඒ දවස් වල හැමදාම අඩනවා මාව නිදි කරවන්න ගියාම … අහනවා … පුතා තාත්තා වගේ පුතත් අම්මව දාලා යනවද කියලා … මම කියනවා මගේ අම්මාව දාලා කොහෙවත් යන්නේ නැහැ කියලා …’ ඔහුගේ ඇස් වල දිදුලමින් තිබු කදුළු කොපුල් හරහා ගලා බසී

‘ මම තාත්තාගෙන් ඇහුවා .. තාත්තේ මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරනවා එයාව බදින්නද කියලා … එයා කිවා උබ භාවනා හැර වෙන කෙල්ලෙක් බැන්දා නම් මම එදාම උබව ගෙයින් එලියට දානවා මගේවත් අම්මාගේවත් මල ගෙදරවත් එන්න එපා … මගෙන් මොකුත් උබට ලැබෙන්නෙත් නැහැ කියලා ..මේ අහන්න නංගී මට මොනවත් ඕන නැහැ ඒත් අම්මාගේ මුහුණ බලන්නේ නැතිව ඉන්න බැහැ… දන්නවද එදා රෑ අම්මා මගේ කාමරේට ඇවිත් මට කිවා පුතේ උබ නැති උනාම මම කොහොමද මේ දුක දරාගන්නේ උබේ අම්මාට අනුකම්පා කරපන් කියලා .. ඉතින් කොහොමද සුරංගනා මම අම්මාව දුකට පත්කරන්නේ … මට සමාවෙන්න සුරංගනා .. මට අම්මාව තෝරාගන්න උනා …’
ඔහු දිගු සුසුමක් පා කර හැරියේය … මට මා ගැනට වඩා දුක හිතුනේ ඔහු ගැන ඔහුගේ මෑණියන් ගැනය

‘ කමක් නැහැ අයියේ … ඔයාගේ අම්මාට ගින්දරක් දුන්නොත් කවදාවත් අපිට සතුටින් ඉන්න බැරි වෙයි … අපි හිත හදාගමු අයියේ .. ඔයා වෙනුවෙන් හැමදාම සුරංගනා ඉන්නවා කියන එක විතරක්ම මතක තියාගන්න …’

අපි හැඩුවෙමු වැළපුනෙමු … ඇස් වල කදුළු වියලි අහවරව දුක අවසන් වෙන තුරු අපි නොදොඩා වැළපුනෙමු .. එකම සිනාවක් හෝ නොපා ඔහු රථය නැවත පාරට දැම්මේය ..ඉතින් දැන් සමුගැනීමේ හෝරාවයි මා සමගින් ඔහුට තව දුරටත් යා නොහැක … ඉතින් මා සමුගැනීම කල යුතුය …. අවසන මා දිගු හුස්මක් හෙලා රිය පදවන ඔහු දෙසට හැරුනෙමි …

‘ මාව මෙතනින් දාලා යන්න අයියා … ’ ඔහු මදෙස නෙතු කොනින් බැලුවේය

‘ මෙතන …’ ඔහුගේ හඩේ උවේ පුදුමයකි …… මට ඔහුට යන්නම් කිව නොහැක … ගිහින් එන්නම් කීමටද නොහැකිය ….

‘ ඔව් අයියා …’ ඔහු මදක් වේගය අඩාල කළේය … උන්නේ කොහෙද කියා නිනව්වක් නැත … මම වේගය අඩාල කල රියෙන් ඉවතටමට පැන්නෙමි …. කවිශ් ඔහු නංගී කියා කෑ ගැසුවේය ..මම රිය තදබදය අස්සෙන් රිංගා ගියෙමි … මම වට පිට බැලුවෙමි අදුර නිසා කොහෙද ඉන්නේ කියාවත් නොපෙනුණේය … මම ලග තිබු බස් නැවතුමක නතර වීමි .. මුළු නගරයම අදුරින් වැසි ඇත .. ඒ අද විදුලි කප්පාදු කර ඇති නිසා විය යුතුය …මගේ ඇස් අදුරට හුරු උනෙත් …. එක්වරම වෑන් රියක් මා අසල නතර උනෙත් එකම වරය..

ඉතිරිය හෙට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *