සුරඟනක් කඳුළක් සලා 35
35 කොටස
මුළු පරිසරයම අන්දකාරෙන් වැසි ඇසි නිමේසයකදී මා ඉදිරියේ නැවතූ ඒ නාදුනන වෑන් රථය තුලින් එලියට පිවිසියේ .. උස මහතා හැඩි දැඩි රළු පිරිමි දෙදෙනෙකි .. ඒ මොහොතේ මගේ ලය තප්පරයට දස ලක්ෂ වාරයක් ගැහෙන්නට ඇත … හිතට පිවිසියේ මහා බියකි … මම ගැහෙන දෙපා වාරු කරගත නොහි බස් නැවතුමේ බිත්තියකට හේත්තු උනෙමි … එක මිනිසෙක් මා අසලට බොහෝ ලංවිය …
‘ මිස් කෑගහන්නේ නැතිව ගිහිල්ලා අර වෑන් එකේ වාඩි වෙන්න … ’ ඒ මුහුණේ තිබුනේ බිමත් බැල්මකි … නාදුනන පිරිමියා මට කරදරයක් කරාවි යැයි බිය නිසා මම අඩියක් පස්සට තබා එළියට පැනගත්තෙමි …
‘වැඩිය දැගලුවොත් කරදර වෙන්න වෙයි .. සද්ද කරන්නේ නැතිව වෑන් එකේ වාඩිවෙනවද නැද්ද ..’ හෙතෙම මා වෙත භයංකර බැල්මක් හෙලු ඔහු මා වෙත එන්නට පියවරක් දෙකක් ඉදිරියට තැබුවේය
මම වෙව්ලන දෙපා වලට දිරිගතිමි…. මගේ අප්‍රාණික දෙපා වලට අඩියක් දෙකකට වඩා දුවන්නට බැරි වෙන්න ඇත …. රළු පිරිමි අතකින් මගේ මුව වැසි දුමාරයකින් ඇස් වැසි ගියේය …
*************************************
ගතට දැනුනේ තලා පෙලා දැමුවාක් මෙන් වේදනාවකි .. මම දෑස් නොඇරම දෑත් දෙපා සෙලවුවෙමි … නොහැකිය මගේ දෑත් දෙපා යදමකින් බැද දැමුවාක් මෙන් දැනේ … මම දෑස් ඇර අවට බැලුවෙමි ….. මා සිටි තැන කිසිදු එළියක් නැත තිබුනේ අන්දකාරය පමණි … මම දෑස් අදුරට හුරු වෙන තුරු එක එල්ලේ බලා උන්නෙමි … ටිකෙන් ටික අදුරට හුරු උන නෙතු අයා මම වට පිට බැලුවෙමි .. කිසිම පිළිවෙලක් නොවුණු එය අදුරු කාමරයකි … කාමරයේ එක ඇදක් පමණි තිබුනේ …
පුටුවකට තබා මගේ දෑත් දෙපා කබයකින් බැද දමා …. කබයට සිරිම නිසා දෑත් දෙපා වලින් නැගෙන්නේ ඉවසිය නොහැකි වේදනාවකි … මම අපහසුවෙන් කෙදිරියක් නැගුවෙමි … මට දැනුනේ බියකි … අම්මි අප්පච්චි කලබ වී මා සොයනවා විය යුතුය .. මා නැති නිසා අම්මි අඩා වැලපෙනවා ඇති .. මේ සියල්ලම මගේ හිතුවක්කාර කම නිසාය …. මට දැනුනේ ඉවසිය නොහැකි වේදනාවක් සහා වේදනාව පරයා ගිය බියකි …
‘ අනේ මාව බේරගන්න … ’ මම විලාප තැබුවෙමි … මම කෑ ගසන හඩ ඇසීම නිසා හෝ කවුරුන් හෝ විත් මා බේරාගයි කියා සිතා මම හයියෙන් කෑ ගැසුවෙමි
තවත් මොහොතකට පසු ඒ කාමරයේ දොර ඇරුණේය .. කාමරයට පැමිණි තැනැත්තා … ගිනිකුරක් ගසා ඉටි පන්දමක් දැල්වුවේය .. එය පසෙක තැබූ හෙතෙම මා ඉදිරියේ තිබු යහනේ අසුන්ගත්තේය … මම ඔහුගේ මුහුණ දැක ගන්නට ඒ දෙසම බලා උන්නෙමි .. අළු පාට තියුණු දෑසක් තිබු හෙතෙම උස මහත තරුණයෙකි ….. ඒ දෑස් තුළ තිබුනේ මත් බවකි …. ඔහු බිමත්ව සිටි නිසා විය යුතුය …
‘අනේ මට යන්න දෙන්න … මගේ අම්මි අප්පච්චි බය වෙලා ඇති … ’ මම ඒ නාදුනන පිරිමියාගෙන් යැද්දෙමි … ඔහු මා දුවිල්ලක් තරමට හෝ ගණන් නොගෙන අත තිබු සිගරට්ටුවක් දල්වා ගත්තේය
‘ අනේ මට අනුකම්පා කරන්න අයියේ … ඔයාටත් නංගිලා ඉන්නවා ඇති නේ ඇයි මෙහෙම කරන්නේ ’ කොතරම් විලාප දුන්නත් ඔහුට ගානක් නැත … ඔහු නොදොඩා නොසෙල්වී ඉවත බලා උන්නේය .. අවසානයේ මට උයේ ඔහු වෙත පැන ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට තරම් තරහකි … මම වියරු බැල්මක් ඔහු වෙත හෙලුවෙමි …
‘ තෝ මැරියන් … තෝ ජාතියක් ජම්මයක් නැති බල්ලෙක් ..’ මම නොසරුප් බස් ගොඩකින් ඔහුට සංග්‍රහ කලෙමි … මෙතෙක් වෙලා නිහඩව සිටි ඔහු එක වර මා වෙතට පැන මගේ කම්මුල් දෙක පුපුරා යන තරම් තදට පහර පිට පහර කීපයක් ගැසුවේය
‘ කට වහපිය අවලං …. ’ ඔහු කිවේ අසා සිටීමට නොහැකි වදනකි …
‘ මට යන්න දිපන් එතකන් මම කෑ ගහනවා …’ මම පිස්සියක සේ හඩ නගා සිනාසුනෙමි ..
‘ උබට හිටපන් මන් කරන්නම් හොද වැඩක් …’ ඔහු මගේ මුහුණට ලේන්සුවක් තියා තද කළේය .. මට මද අප්‍රනික බවක් සමග මට සියල්ල නොපෙනී ගියෙය …
දරා ගැනීමට නොහැකි විඩාවක් සමග මට යලි සිහිය ආවේ කුමන හෝරාවකද දැයි නොදනිමි .. මම දෑස් නොඇරම නොසෙල්වී උන්නෙමි … සිතෙන්ද ගතෙන්ද නැගෙන්නේ ඉවසිය නොහැකි වේදනාවකි … මම මදක් දෑස් විවර කර බැලුවෙමි .. මගේ අතපය වල යදම් ලිහා යහනට දමා තිබුනේය … අර එදා මා පැහැරගෙන ආ හැඩි දැඩි මිනිසුන් දෙදෙනා කාමරයේ කොනක පුටු දෙකක් තබා චෙස් අදිමින් සිටියේය .. මට මතක් උනේ ඇදසිටි ඇදුම් ගැනය … මම විගස ඒවා සකසා ගත යුතු යැයි සිතා බැලුවෙමි .. මගේ ගත වටා බෙඩ් ෂිට් එකක් වෙලා තිබුණි .. මට සැහැල්ලුවක් දැනුනේ ඒ සදය … මම නැවත දෑස් පියා ගත්තේ … කෑ ගසන්නට තරම් ශක්තියක් නොතිබුණු නිසාය .. අර මිනිසුන් දෙදෙනාගේ සංවාදය දෙසට මම කන් යොමු කලෙමි
‘ මචං සිරා පහන් බේබි මාර කන්ට්‍රැක් තමා දෙන්නේ … බලපන්කො මේ කෙල්ල උස්සන් ඇවිත් දවස් දෙකක් වෙනවා .. අපිට ගැහැණුන්ගේ තනි රකින්න උනා නේ ..’
‘ ඔව් මචං බලපංකො පහන් බේබි කියන වචනයක් අහක දාන්න බැරි කමට මිසක් මම මේ වගේ ඒවා එකෙන්ම ඉවර කරලා දාලා පැත්තකට වෙනවා ..’
‘ මේ කෙල්ල පොඩි කමට හිටියට ඔය අපේ බේබිගේ නංගි බදින්න ඉන්න මහත්තයාගේ කරේ එල්ලෙන්න යනවාලු …. ’ මට මතක් උනේ එවිටයි … භාවනාට අයියා කෙනෙක් වෙයි .. ඔහු ඉගෙනගත්තේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විධ්‍යාලයකය …. මා කවදාවත් දැක නැති ඒ අයියා ඔහු වෙන්නට ඇත එදා රාත්‍රියේ මට පහර දුන්නේ ඔහු විය හැක
‘ අනේ මන්දා බන් සිරෝ එක පාරෙන්ම ඉවරයක් කරලා දැම්මා නම් ඉවරයි .. නැත්තම් මේ කේස් එලියට ගියොත් අපිටත් බලු කුඩුවේ ලගින්න වෙයි …’
‘ පහන් බේබි කිවේ ඉවරයක් කරලා දාන්න කියලා …. අනේ මන්දා මචං කෙල්ල දැක්කා විතරයි බේබිගේ අදහසත් වෙනස් උනා …’
‘ බලමුකෝ මොනවද වෙන්නේ කියලා …’
‘ කවද්ද බන් මගුල තියෙන්නේ …’
‘ මම හිතන්නේ අද උදේම ගියෙත් ඒකනේ බේබි …. ’
අනේ මගේ කවිශ් අයියා අද ඔයා මේ වෙලාවේ භාව්නාගේ අතින් අල්ලගෙන පෝරුව උඩ ඇති … ඔයාගේ අතින් අල්ලාගෙන පෝරුවට යන්න ඔයාගේ පුංචි මනමාලි වෙන්න මම දැක්ක සිහින ඔක්කොම අදින් පස්සේ ඉවරයි නේද කියලා හිතට දැනෙනකොට මේ පපුව ඒ දුක ඉවසගන්න බැරිව පැලිලා යන්න වගේ දැනෙනවා මගේ රත්තරන් … කාත් කවුරුත් නැති කාමරයක ඔයාගේ පුංචි සුරංගනාවී දුක් විදිනවා කියලා දන්නවා නම් ඔයා මාව හොයාගෙන එනවා කියලා මම දන්නවා මගේ අයියේ .. මොන දේ උනත් ඔයා එයි අයියේ …. මට දුක කියාගන්නවත් අද කවුරුත් නැහැ … නාදුනන මිනිසුන් ගොඩක් මැද්දේ මම ගොඩක් අසරණ වෙලා මගේ අයියේ ….
මට ආයෙම නින්ද ගියේ ඔයාකාරා සිතුවිලි වලින් මගේ හිත වියරු වැටි ඇති මොහොතක වෙන්න ඇති .. මම යලි අවදි වන විට දැනුනේ මුළු ශරීරයම ගිනිගෙන ඇවිලෙන්නක් මෙන් වේදනාවකි .. ඒ වේදනාව අස්සෙන් මට සිහියට ආවේ මගේ කවිශ් අයියා ය …
‘ කවිශ් අයියා මගේ කවිශ් අයියා … කෝ ඔයා මගේ රත්තරන් අයියා ….’ මම උණ විකාරෙන් ඔහුව සෙවුවෙමි …
‘ මම ඔයාට ආදරෙයි අයියා … ඔයාගේ සුරංගනා දුක් විදිනවා .. ඔයාට ආදරේ කරන එක සතුටක් විතරක් කියලා හිතුවාට ඒක මගේ ජීවිතේට දුකක් වෙලා මගේ රත්තරන් අයියා ..’ මම උණ විකාරෙන් තව තවත් ඔහුවම සෙව්වෙමි … අර දුබුරු දෑස් මා දෙසට බොහෝ නැබුරු වී තිබුනා මතකය ..
‘ මේ පැරසිටමෝල් පෙති දෙක බොන්න ….’ ඔහු මගේ දෙතොල් විවර කර මගේ මුව තුලට පෙති දෙක දමා වීදුරුවෙන් වතුර උගුරක් පෙව්වේය .. මම පෙති දෙක කටේ තබාගෙන ඔහු අත ගත් සැනින් වතුරත් සමග පෙති දෙක ඔහුගේ මුහුණ ට දැමුවෙමි … ඔහු නොවේ කෝප උනේ .. නැවත පැරසිටමෝල් පෙති දෙකක් ගෙන දෙතොල විවර කර දමා වතුර උගුරක් පොවා මා එය ගිලින තුරු නහය සහ කට අතින් තද කළේය .. හුස්ම ගනු නොහි මම එය ගිල ගත්තෙමි …
‘ මට මේ ටික ඔක්කොම දෙනවද … ’ මම පැරසිටමෝල් කාර්ඩ් එක දෙසට දෑස පා පහන් දෙස බැලුවෙමි
‘ ඒ මොකද … ’ ඔහු මා දෙස බැලුවේ විස්මිත බැල්මකි
‘ මට මැරෙන්න ඕනි මේ ඔක්කොම එක පාර බිවාම මාව මැරිලා යයි නේ ..’ මම ඔහේ දෙඩවූවෙමි
‘ කට වහගෙන ටිකක් නිදාගන්න …. ඉක්මනට හොද උනාම ගෙදර ගිහින් ඇරලවන්නම් .. ’ ඔහු මා පිස්සුවෙන් දොඩවන දෙස බලා කිවේ එයින් හෝ මා හිත හදාගෙන ඔහු කියන විදිහට ඉදි කියා සිතාවිය යුතුය
‘ එපා මට ගෙදර යන්න බැහැ …’ මම මුරණ්ඩු වී කීවෙමි … නිවසින් පිටත දින කීපයක් ගතකල මා මගේ යහළුවන් අපේ නෑයන් සියලු දෙනා පිටුදකිනු ඇත … මා කොතරම් පිරිසිදු උනත් මා දෙසට ඔවුන් ඇගිල්ල දිගු කරනු ඇත … මම අයාලේ ගිය එකියක යැයි ඔවුන් පවසනු ඇත … නිවසට ගොස් නින්දා අපහස විදිනවාට වඩා මිය යෑම යෙහෙකි …
පහන් ඔහු මා දෙස බලා උන්නේ මහා වරදක් කල අයකු මෙනි ..
‘ මම මැරුණත් ආයේ ගෙදර යන්නේ නැහැමයි ’
ඉතින් මා මගේ අවසන් තීරණය ප්‍රකාශ කලෙම් ….
*******************************
මේතැන් සිට මේ කොටසේ ඉතිරිය කවිශ් ඔබට කියාවි
*************************