සුරඟනක් කඳුළක් සලා 45

45 කොටස

කාලය ගෙවී දින සති මාස බවට පත් විය …. මා කොළඹ විත් හරියටම අවුරුද්දකටද ආසන්න විය ..මිලාන් මට දුරකතනයෙන් හෝ කතා කලේ නැත .. ඔහු හිත හදාගැනීමට වෙර දරනවා විය යුතුය .. අම්මි අප්පච්චි දිනපතා කතා කර මගේ දුක සැප විමසුවද ඔව්න් මා බැලීමට නොපැමිණියේ ය … කවිශ් ඔහු සිහිනෙන් හෝ මා දැකීමට නොපැමිණියේය …. වේදනාවක් වුන ඔහුගේ මතක සැමරුම් මම හිත කොනක සගවා තැබුවෙමි …

පහන් විත් ගිය පසු මා සිතට සැනසීමක් ලැබුනා නොවේ … ඔහු නික්ම ගියේ මා සිතේ මහා බරක් ඉතිරි කර නිසා විය යුතුය …දනිමි මා රිදවා ඔහු ඕනෑවට වඩා විදවන බව මා හොදාකාරවම … මම මගේ කාලයෙන් වැඩිපුර ගතකලේ පොත් පත් අතරය … මට අවශ්‍ය වුනේ පොත් අතර අතරමන් වී සියලු දේ අමතක කිරීමටය … මේ කාලයෙදී පුජා පුංචි ගැබිගත් හෙයින් මම ඔවුන්ගේ ලෝකය තුලට මගේ ප්‍රශ්න ගෙන ගියේද නැත … ඔවුන්ට ඔවුන්ගේම ආදරණිය ලෝකයක් ඇත … ඔවුන්ගේ සතුට බිදක් හෝ නැති කර මට සැනසිය හැකි නොවේ …

‘ සුරංගනා දු ඔන්න අම්මිලා එනවා කිවා ලබන සතියේ ඔයාව බලන්න … ’ දිනක් කාර්යාලයට ගොස් පැමිණි බාප්පා මා සොයා පැමිණ කිවේය …

‘ ඔය ඇත්තමද බාප්පා … කොච්චර කාලෙකට පස්සෙද . එයාලා දකින්නේ .. ’ මම සතුටින් කෑ ගසා සිනාසුනෙමි … අවසානයේ ඇස් වලින් කදුළු ගොඩක් පැන්නේය ..

‘ එයාලාට හැමදාම එන්න බැහැනේ දු … ඔයාට දුකද .. දැන් නාඩා ඉන්නකෝ .’ බාප්පා පසෙක සිට පුජා පුංචි මගේ හිත හදන්නට කීවාය ..

‘ මේවා සතුටු කදුළු පුංචි ’ මම කදුළු අස්සෙන් සිනාසුනෙමි

*************
වෙලාව රාත්‍රී දොළහ පසු උනා පමණි … මම නින්ද නොයන නිසා ඇදේ එහා මෙහා පෙරළෙමින් සිටියෙමි .. එකවර නිහඩතාව බිදිමින් නිවසේ දුරකතනය එක දිගට නාද වෙයි … පුංචි හා බාප්පා තද නින්දේ විය යුතුය … ඔවුන් නින්දට ගිය පසු කිසි විටෙක අවදි වී එලියට එන්නේ නැත .. දුරකථනය නාද වීම නතර වී තවත් විනාඩි කීපයකට පසු නැවත දුරකතනය නාද වෙන්න විය … කවුරු හෝ හදිස්සියකට ඇමතුමක් ගන්නවා විය යුතුය … මම ඇදෙන් නැගිට ගොස් දුරකතනයේ රිසිවරය එසවුවෙමි
‘ හෙලෝ …’
එහා පසින් ඇසුනේ මිහිරි සංගීත රාවයකි .. පසුව රේකොඩින් එකක් එක දිගට ප්ලේ වෙන්න විය
හැපී බර්ත් ඩේ ටු යු
හැපී බර්ත් ඩේ ටු යු
හැපී බර්ත් ඩේ ටු සුරංගනා
හැපී බර්ත් ඩේ ටු යූ ……

දෙවියනේ අද මාගේ උපන්දිනය දවසද … මගේ ඇස් නතර උනේ දින දර්ශනය මතය … මැයි හතර දෙවියනේ අද මැයි හතර .. මට අමතක උන මගේ උපන්දිනේ මතක තියාගෙන මට මේ රෑ අවදි වී සුභ පතන්නේ කව්ද .. මම අර පටිගත කර තිබු පිරිමි කටහඩ කාගේ දැයි මතක් කිරීමට වෙහෙස ගත්තෙමි … දෙවියනේ කවිශ් ඔහු … ඔහුගේ කටහඩ මට අමතක උනේ කෙලෙසකද … අදහන්න මට හයියෙන් ඇඩුනේය … පොරොන්දු සියල්ල අමතක වී ගොස් කවිෂ් පමණක් මගේ ලෝකයේ නතර විය

‘ කවිශ් මගේ රත්තරන් අයියා …’ මම උමතුවෙන් මෙන් කෑ ගැසුවෙමි … එහා පසින් ප්‍රති උත්තරයක් නාවට දනිමි ඔහු මා කියන සියල්ල අසා සිටින බව ….

‘ඔයාට මගේ උපන්දිනේ මතක තිබ්බාද රත්තරන් ..දන්නවද මට මගේ උපන්දිනේ අමතක වෙලා තිබ්බේ … ඔයා තාම මන් ගැන පුංචි පුංචි දේවල් මතක තියාගෙන ඉන්නේ තාමත් ඔයා මට ආදරේද කියන්න මගේ අයියේ …’ එහා පසින් බරට සුසුමක් හෙලන හඩ ඇසුණේය … නිහඩවම ඔහු වැලපෙනවා විය හැක ..

‘ ඔයා සතුටින්ද රත්තරන් කියන්න මට ඔයා සතුටින්ද කියලා විතරක් …. කතා කරන්න මගේ අයියේ … ඔයා ඔහොම කතා නොකර ඉද්දි මට ඉවසන්න බැහැ දෙවියනේ … ’ කවිශ් ඔහු කතා නොකෙරු මුත් සියල්ල අසා සිටින්න ඇත …

එකවරම එහා පසින් කාන්තාවකගේ කටහඩක් ඇසුණේය ..

‘ කාටද මේ මහා රෑ කෝල් කරන්නේ …. මේ මනුස්සයා හදන්න බැහැ …’ ඇය භාවනා විය යුතුය … ඇය කතා කරන්නේ මහත් කෝපයකින් බව මට දැනුනේය … මම කිසිම සබ්ධයක් නොකර ෆෝන් එක කනේ ගසාගෙන එහා පසින් ඇසෙන දේවල් අසා උන්නෙමි …
‘ දෙවියනේ ඇයි කවිශ් අයියා ඔයා මට මෙහෙම කරන්නේ … ’ අනතුරුව ඇසුනේ ඇය හඩා වැටෙන හඩය.. මා මෙන්ම ඇයද ආදරය නිසා විදවනවා විය යුතුය … මට මා ගැන මෙන්ම ඇය ගැනද ඇති උයේ ශෝකයකි ..

‘ පලයන් යන්න මට පාඩුවේ ඉන්න දිලා …’ කවිශ් අයියා කෝපයෙන් කෑ ගසයි

‘මම යනවා සදහටම යනවා ….ඔයා බලාගෙන ඉන්නකෝ එදාට ඔයාට සතුටු වෙන්න පුළුවන් වෙයි .. මේ කරදරකාරිගෙන් බේරුනා කියලා ..’ ඇය මහා හඩින් හඩා වැටේ …

දෙවියනේ මා නිසාද මේ හැම දෙයක්ම … මා මෙන්ම ඇයද මේ විදවන්නේ ප්‍රේමය නිසාය … අපි තිදෙනාම ප්‍රේමයේ පරාජිතයෝ විමු … ඇය ඔහුව ලබාගෙනත් පැරදුනේය ….. මා ඔහු නොලබාම පැරදුනේය … ඔහුද මා මෙන්ම ඇයද විදවන්නේ ලොව මහා කවියන් පවා සොදුරු යැයි කියා පබැදි මේ ප්‍රේමය නිසාම නොවේද …

මා දුරකථන තැබුවා නොව එය ඉබේම මා අතින් වැටුනේය .. මම එතනම වැතිරී අඩා වැටුනෙමි … මට මා ගැන පමණක් නොව කවිශ් අයියා ගැන මෙන්ම භාවනා ගැනද මහත් දුකක් ඇති උනේය …. මගේ සිත රිදී කලකිරීමක් ඉතිරි වී තිබුනේය …. මම දෑස් පියා ගතිමි … ඒ රාත්‍රිය පුරාවට මට කවිශ් අයියා හා සබැදි සියල්ල මැවී නොපෙනී ගියේය …

‘සුදු දු සුදු දු ….’ පුංචි මා දෙසට පහත් වී මගේ උරහිසෙන් අල්ලා සොලවමින් සිටියේය …

‘ පුංචි …’ මම දෑස් විකසිත කර ඇයගේ මුහුණ දෙස බැලුවෙමි

‘ මොකද දරුවෝ මේ මෙතන නිදා ගත්තේ …. බලන්න ඔයාගේ ඇස් දෙක රතුවෙලා .. ඔයා ඇඩුවා ද …’ ඇය මා දෙස බලා ඉන්නේ කුහුලෙනි …

‘නෑ පුංචි ….’ මම බොරුවක් ගෙතුවෙමි

‘ ඔයාගේ දිව බොරු කීවාට … ඔයාගේ ඇස් වලින් කියන්නේ වෙනම කතාවක් …’ එයා මගේ දිහා බලාගෙන ඉද්දි මම මොකුත්ම නොකියා එතැනින් නැගිටලා ගියා …

මම නාන කාමරේ තිබ්බ කන්නාඩියෙන් මගේ දිහා බැලුවා මගේ පෙනුම හොදටම අවුල් වෙලා …මගේ උපන්දිනේ කියලා කියනන් විශේෂ සතුටක් හිතට ආවෙත් නැහැ … කවිශ් අයියායි .. භාවනායි ගැන හිතලා මම හොදටම අවුල් වෙලා හිටියේ …

මම වොෂ් එකක් දාගෙන ඉස්සරහට යද්දී කවුද කතා කරනවා ඇහුනා ඊට පස්සේ කට්ටියම මහා හයියෙන් හිනාවෙනවා …. හුරු පුරුදු කට හඩවල් උනත් හිතට ෆිට් එකක් තිබ්බේ නැති නිසා මම එලියට යන්න උනන්දු උනේ නැහැ … මම ඇදට පැනලා හාන්සි වෙලා ඇස් දෙක පියාගෙන කවිශ් අයියාව මතක් කරන්න උත්සහ කලා … හිතේ මැවුනේ නොපැහැදිලි රූපයක් …

එක පාරටම උණුසුම් අත් දෙකකින් මගේ ඇස් වැහුනා ….

‘ කවුද මේ …’ මම පිටිපස්සට අතක් දාලා ඒ හුරු පුරුදු උණුසුමේ හිමිකාරයා හොයන්න උත්සහ කළා .. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *