සුරඟනක් කඳුළක් සලා 50

50 කොටස

ඉතින් විවාහ මංගල්‍යයෙන් සතියකට පසුව මිලාන් දිනිති සමගින් මෙරට හැරදා යන්නට ගියේ සමුගැනිමකින් හෝ තොරවය ….. සිතට සවි ගෙන දරාගෙන මම බලාගෙන උන්නෙමි ….එකම කදුළු බිදක් හෝ නොසොල්වා මම හිතක් නැත්තියක ලෙසට බලාගෙන උන්නෙමි …..

මම තීරණයකට ආවෙමි එය මාගේ අවසාන තීරණය වන බව සහතිකය …. අම්මි අප්පච්චි සේම නෑසියන් සියලු දෙනා මට එරෙහි වන බව මා දැන උන්නෙමි … නමුදු මට උවමනා උවේ සියල්ලන්ගෙන් මිදී සැනසීම ලගා කරගැනීමටය …

‘අප්පච්චි …. මගේ රත්තරන් අප්පච්චි …’ මම අප්පච්චි අසුන්ගෙන සිටි අසුන අසලට ගොස් ඔහු පාමුල වාඩි උනෙමි … අම්මි උන්නේ ඔහු අසලම අනිත් අසුනේ වාඩි වී ඔහු හා කතා කරමිනි

‘ කියන්න මගේ දු …’ හැමදාම වගේ අප්පච්චිගේ හඩේ තිබුනේ දරු ස්නේහයයි

‘ මට අප්ප්ච්චිගෙනුයි අම්මිගෙනුයි ඉල්ලීමක් කරන්න තියෙනවා … ’ මම අම්මි දෙස හා අප්පච්චි දෙස මාරුවෙන් මාරුවට බැලුවෙමි ..

‘ඉතින් කියන්නකෝ … බලන්න ..’

‘අප්පච්චි .. මට මේ හැම දෙයක්ම අතෑරලා යන්න ඕනෑ … මට දැන් කිසිම ආසාවක් නැහැ ගිහි ජිවිතේ ගැන … මට මහණ වෙන්න ඕන මගේ අප්පච්චි .. මම තව දුරටත් ගිහි ජිවිතේ හිටියොත් වෙන්නේ මට මේ ජිවිතේ එපා වෙන එක … මට අවසර දෙන්න …’ මම අප්පච්චිගේ පාමුල වැද වැටුනෙමි .. අම්මි හයියෙන් ඉකිබිදින්න පටන් ගත්තේය ..අප්පච්චි බරට සුසුමක් හෙලුවේය … මද වෙලාවක් යනතුරු අප අතර කිසිම කතාවක් සිදු උවේ නැත ..

‘ඔයාට ඔය තීරණේ වෙනස් කරන්නම බැරිද …’ අප්පච්චි ගේ හඩ රළුය

‘ මම ගොඩක් හිතලා ගත්ත තීරණයක් මේක …. මේක මගේ අන්තිම තීරණය අප්පච්චි …’

‘ හැම දෙමව්පියෙකුගේම ආසාව තමන්ගේ දුවව මනමාලියක් කරලා ලස්සනට ගෙදරින් පිටත් කරන්න ….මගේ දුව මගෙන් අවසර ඉල්ලනවා මට මහන වෙන්න අවසර දෙන්න කියලා … ’ අප්පච්චිගේ දෑසේ කදුලකි

‘ උබ ඉපදුන දවසේ රෝසම රෝස පාටයි …හරියට සුරංගනා ලෝකෙකින් ආවා වගේ … අප්පච්චි උබව දැක්ක ගමන් මගේ කෙල්ල සුරංගනාවියක් වගේ අපි මෙයාට සුරංගනා කියලා නම තියමු කියලා කිවා …. අපි උබව හැදුවේ මලක් වගේ දුවේ ….. ලස්සන ලස්සන ගවුම් පොඩි අන්දලා උබව බෝනික්කියක් වගේ හැඩ බැලුවේ …. මගේ දුව කවදා හරි මනමාලියක් වෙලා යන දවසට මේ ලෝකේ ලස්සනම මනමාලි වෙයි උබේ අප්පච්චි කිවේ එහෙමයි … එයාට තිබ්බ එකම ආසාව උබව ලස්සන මනමාලියක් කරලා සතුටින් ගෙදරින් යවන එක … ඒත් උබ එයාගේ ඒ ආසාව උදුරා ගත්තා … එයාට සිද්ද වෙන්නේ ජිවිතේ කලකිරිලා සිවුරක් පොරවාගෙන හැම දෙයක්ම අතැරලා උබ යනවා බලන්නද මගේ දුවේ … ’ අම්මි විලාප දුන්නේ අහගෙන ඉන්න බැරි විදිහේ දුක හිතෙන කතා කියා කිය … ඒ කතා අහගෙන ඉන්න බැරිම තැන මම කන් දෙකේ ඇගිලි ගහගෙන කාමරේට දුවලා ගිහින් ඇදේ පෙරලිලා ඇඩුවා ….

වෙලාවකට මට හිතුනා මම ගත්තේ වැරදි තීරණයක්ද කියලත් … අම්මි ඉකිබිදලා අවසානේ අප්පච්චි එක්ක මගේ කාමරේට ආවා .. මගේ අප්පච්චි මගේ ඔලුව අතගෑවා ..

‘ඔයාගේ අන්තිම තීරණේ ඒක නම් ඔයා ඒක කරන්නන දු …. අපි හිත හදා ගන්නම් …’ අප්පච්චි එයාගේ තීරණේ දැනුම් දෙනකොට අම්මි හයියෙන් ඇඩුවා …අවසානයේ හැමදෙනාම අකමැත්තෙන් හරි මගේ තීරණයට එකග උනා .. ඉතින් මා හට සැනසීමක් ලැබුනේ ඉන් අනතුරුවය …

සසුනට ඇතුලත් වීම සදහා භික්ෂුණි ආරාමයක් සොයාගත් පසු ඒ කටයුතු කිරීමට නියමිතව තිබුණි … මා සිත සමාධියේ රදවා ගෙන උන්නෙමි …… අප්පච්චි සේම අම්මිද මා ඉදිරියේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට නාවේය …. මා හිතවත් උපාසිකා මාතාවකගෙන් දැනගත් තොරතුරක් ඔස්සේ සොයා බලා ආරණය සේනාසනයක් සොයාගත් අතර එහි ගොස් උපාසිකාවක් ලෙස නේවාසිකව වත් පිලිවත් ගාථා ශ්ලෝක ඉගෙනුම වැනි කටයුතු අවුරුද්ද්දක පමණ කාලයක් නිරත වියයුතු විය …

එදින මුසල උලමෙකු ඇඩුවා …. මම ඒ දේවල් ඉස්සර තරම් ගණන් ගත්තේ නැහැ …ඉතින් මම සියලු දේ අතහැර යෑමට සුදානම් විය යුතුය … ඉතින් මට අතහැරිය නොහැකි දේවල් තිබෙන්නට බැරිය … නාන කාමරයට වැදුණු මා …එකල මා මෙන්ම කවිශ් අයියා වඩා ප්‍රිය කල මගේ දිගු කෙස් කලබ කපා බිම හෙලුවෙමි … ඉන් පසුව කෙස් එකකදු නැති වෙනකන් හිස බූ ගා ගත්තෙමි .. කැඩපතින් දිස් වුවේ අමුතුම රුවකි … එහි උන් යුවතිගේ මුහුණේ කිසිම ආසාවක් හැගීමක් නොවිය….නාන කාමරෙන් පිටතට ආ මා දෙස අම්මි පුදුමයෙන් බලා උන්නා මිස කිසිවක්ම කිවේ නැත … මම සුදෝ සුදු විලුබ තෙක් දිගු ගවුම් පමණක්ම ඇන්දෙමි ..

මට අසපුවට යෑමට තිබුනේ දින දෙකක් පමණි …. මම ඒ දින කීපයේ අම්මි සමගින් වැඩිපුර කාලය ගත කෙරුවෙමි … ඇය නිකමට හෝ සිනාසුනේ නැත … එකවරම නිවස ඉදිරිපිට නැවතූ රියක් නිසා අම්මි සාලය දෙසට ඇවිද ගියේය … මම ජනේලෙන් එබී බැලුවෙමි …දෙවියනේ පහන් අයියා … ඔහු මෙහි කුමක් කරන්නෙහිද …

‘ආන්ටි සුරංගනා ඉන්නවද …’

‘පුතා කවුද ….’ අම්මි අසනවා ඇසුනි මම ඉස්සරහාට ඇවිද ගියෙමි .. මා දුටු පහන් ගේ දෑස් විමතියෙන් විසල් විය ..
‘සුරංගනා ඔයාමද මේ …’ ඔහු ඇහුවේ උගුරෙනි

‘ඔයා ඇයි පහන් අයියේ මෙහෙ …’ මම ඔහු කියන කිසිවක් ගණන් නොගෙනම ඇසුවෙමි

‘ සුරංගනා ඔයා මේ දේ අහලා කලබල වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න …’ ඔහු ඇසුවේ සන්සුන් මා දෑස දෙසම බලමිනි

‘ මම දැන් ඕනෑ දෙයක් දරාගන්න පුළුවන් මට්ටමක අයියේ ඉන්නේ ඔයා කියනවද මොකක්ද කියන්න තියෙන්නේ කියලා ..’

‘කවිශ් ….’ ඔහු මොහොතක් නිහඩ විය …. දෙවියනේ මගේ කවිශ් අයියාට කරදරයක්ද සන්සුන් මා සිත එකවරම නොසන්සුන් විය ….

‘ කියන්න අයියේ කියන්න …මගේ කවිශ් අයියාට කරදරයක්ද කියන්න ..’ මම ඉදිරියට පැන ඔහුගේ දෑතින් අල්ලා සෙලවුවෙමි … මගේ කෑ ගැසීම ලතෝනියක් වෙන්න ඇත … මා ගිහිගෙය හැර යාමට උන් බව හෝ මට මතක් වුවා නොවේ …. මට මතක් උනේ මගේ ආදරණිය කවිශ් අයියාම පමණි

‘දවස් තුනකට කලින් කවිශ් භාවනා එක්ක පාර්ට් එකකට ගිහිල්ලා එද්දී කාර් එක ඇක්සිඩන්ට් උනා …’ පහන් කිවේ කම්පාවෙන් වගේ …මට ක්ලාන්ත ගතියක් එනවා වගේ දැනුනේය ..මුළු ලෝකෙම කැරකුනේය ..

‘ මගේ කවිෂ් අයියාට කරදරයක් නැහැ කියලා කියන්න පහන් අයියේ ..’ මම කෑ ගසා විමසුවේ සිහියත් අසිහියත් අතරය

‘මට එහෙම කියන්න බැහැ සුරංගනා .. කවිශ් අයි සි යු එකෙන් වොර්ඩ් එකට දැම්මේ අද … යාන්තම් සිහිය එද්දී කියන්නේ ඔයාගේ නම… ’

‘ අනේ මට කවිශ් අයියාව බලන්න ඕනි මේ දැන්ම …මට දැන්ම බලන්න ඕනි මගේ කවිශ් අයියාව … ‘ මම ක්ලාන්තව වැටෙන්න යද්දී අම්මි තදින් මා අල්ලා ගත්තේය .. මට යලිත් සිහිය ආවේ අම්මිගේ ඔඩොක්කුවේය ..
‘ මාව එක්කන් යන්න පහන් අයියේ ..’ මම පහන් අයියා දෙස බලාගෙන යැද්දෙමි

පහන්ගේ රියේ නැගී යාමට මට අම්මිගෙන් අවසර ගන්න හෝ මතක් උනා නොවේ …අපි රෝහල ලගින් බසින විට දිවා රෝගීන් බලන වෙලාව බැවින් අපිට ඇතුලට යාමට අවසර ලැබුණි …

‘ කෑ ගහන්න තියාගන්න එපා මෙතන මිනිස්සු ඉන්නවා ..’ පහන් රෝහල තුලට යද්දී කදුළු සලන මා දෙස බලමින් පැවසිය

‘එන්න ඩොක්ටර් එක්ක කතා කරලා එමු ..’ අපි ඩොක්ටර් හමු වීමට ගියෙමු

‘ එන්න මිස්ටර් පහන් …’ වෛද්‍යවරයා පහන් හදුනනවා විය හැක

‘ දැන් කවිශ්ට කොහොමද …ඩොක්ටර් …’

‘ මොළේ තමා damage වෙලා තියෙන්නේ …. පොඩි කාලයක් යයි යථා තත්වයට ගන්න නම් …’

‘මේ කවුද .. ’

‘මෙයා තමා ඩොක්ටර් අර මම කිව සුරංගනා …’

‘ හරි මෙන්න මේකයි මිස් සුරංගනා වෙලා තියෙන්නේ . ඇක්සිඩන්ට් එකෙන් ලෙඩාගේ මොලේට damege වෙලා තියෙන්නේ මෙයා අවුරුදු ගානක් ආ පස්සට ගිහිල්ලා ඉන්නේ ජිවිතේ … හරියටම ඔයා මෙයාට හම්බුන දවස් වලට වගේ …මෙයාගේ මතකේ ඉන්නේ ඔයා …. ඉතින් මෙයාව හොද වෙන්න නම් ඔයා මෙයාට උදව් කරන්න වෙයි …’

‘ මගේ කවිශ් අයියාට හොද වෙනවා නම් මම ඕනෑම දෙයක් කරනවා ඩොක්ටර් … ’ මම මගේ තීරණය පැවසුවෙමි

**************
‘ භාවනා එයාට මොකද උනේ අයියේ …’ මම අසන්නට අමතකව තිබු යමක් පහන්ගෙන් ඇසුවෙමි

‘එයාට ගොඩක් අමාරුයි සුරංගනා …එයාගේ බබා මෙහෙට ගේද්දීත් නැතිවෙලා .. ’ ඔහුගේ හඩ හැඩුම්බරය … දෙවියනේ මගේ යහළුවා

‘ නංගි මේ දවස් ටිකේ කවිශ් එක්ක සතුටින් ඉන්නවා වගේ පෙනුනේ … වෙනදා වගේ කවිශ් නංගි එක්ක රණ්ඩු කලෙත් නැහැ … එයාලා ගොඩක් සතුටෙන් තමා ඔය පාර්ටි එකටත් ගියේ ..කව්ද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා .. ’

‘ මට භාවනාව බලන්න ඕන පහන් අයියා …’

‘ එන්න එහෙනම් ….’ ඔහු මාව කැදවාගෙන ගියේ භාවනා උන් යහන වෙතය …. ඇය සිටින්නේ මහත් අසීරුවෙන් බව ඇගේ මුහුණ කියා පෑවේය … මා දුටු ඇගේ නෙත් කදුලින් පිරුණේය ..ඒ උන්නේ ඉස්සර මහමායාවේ මගේ හොදම යෙහෙළිය භාවනාමයි

‘සුරංගනා …මගේ පැටියා යන්න ගියා ….’ඇය අමාරුවෙන් කුස අතගා ගත්තේය

‘ දුක් වෙන්න එපා භාවනා … හැම දෙයක්ම හරි යයි ….’ මම ඇගේ හිස අතගෑවෙමි …

‘ මාත් යන්න යනවා මගේ පැටියා ගිය දිහාවට සුරංගනා … ඔයා කවිශ් අයියාව බලාගන්නවා නේද ..’

‘ඔයාට ඉක්මනට හොද වෙලා කවිශ් අයියාව බලාගන්න පුළුවන් වෙයි …බලන්නකෝ …’ මම ඇගේ හිත හැදුවෙමි ….ඇය සතු නපුරු ගති සියල්ල අතුරු දහන්ව ඇය පරණ භාවනා බවට පත්වී තිබුණි … මා ඇගේ හිත මට පුළුවන් අයුරින් හදා පහන් අයියා සමග කවිශ් අයියා බැලීමට යන බව කියා ඇගෙන් සමුගත්තෙමි ..

‘ ආපහු ඇවිත් යන්න සුරංගනා …’ භාවනා මා මගක් ගිය පසු හඩ නගා කීවාය ..

****************

අපි කවිශ් අයියා බැලීමට යනවිට ඔහු කුඩා දරුවෙකු සේ සැපට නින්දක වේලි සිටියේය … මම කවිශ් අයියා වෙත පහත් වී ඔහුගේ අවුල් වූ කෙස් කලබ අතින් හැදුවෙමි …
‘සුරංගනා දැන් මොකද කරන්නේ දැන්ම ඇහැරෙන එකක් නම් නැහැ ..’

‘අනේ අයියා මම කවිශ් අයියාට සිහිය එනකන් මෙතනම ඉන්නවා ..’

‘මෙතක ඉන්න දෙන්නේ නැහැ .. හොද ළමයා වගේ දැන් ගිහින් හවස් වෙලා එමු …අනික ඔයා ඔය විදිහට දැක්කොත් කවිශ්ට මොනවා හිතෙයිද … ’ මට මා උන් අයුරු සිහිවුනේ එවිටය .. හිස බු ගාගෙන උන් මා කෙරෙන් දිස් වෙන්න ඇත්තේ වෙනත්ම ස්වරූපයකි …

‘ එහෙනම් අපි ගිහින් එමු …’ මම පහන් අයියා දෙස බලා කීවෙමි

‘මම ගිහින් එන්නම් මගේ කවිශ් අයියේ … මම හවස එද්දී ඇහැරිලා ඉන්න මගේ අයියේ … ’ මට අවට සිටියේ කවුරුන්ද කියා සිහි උයේ නැත .. කවිශ් අයියාගේ නළලට පහත් වී මම ආදරෙන් සෙමින් ඔහුගේ නළල මත මගේ සීතල දෙතොල තැබුවෙමි …

අවසාන කොටස හෙට ……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *