සුරඟනක් කඳුළක් සලා 51 ( අවසාන කොටස )
51 කොටස ( අවසාන කොටස )
ඒ හවස මම පහන් අයියා සමග නැවත කවිශ් අයියා බැලීමට ගියෙමි … මා මුස්ලිම් තරුණියන් පළදන ලෙසට සළුවක් ගෙන බු ගෑ හිස නොපෙනෙන ලෙසට දවටා ගත් පසු මගේ පෙනුමේ කිසිදු වෙනසක් පිටතට පෙනුනේ නැත . …. රෝහල් දොරටුවෙන් මා ඇතුළු වෙද්දී පහන් අයියා දොරටුව අසල නතර උනේ තනිව ගොස් කවිශ් අයියා හමුවෙන ලෙස පවසමිනි .. කවිශ් අයියාගේ නෙතු නතර වී තිබුනේ රෝහල් කාමරයේ දොර ලගමය … මා දුටු කවිශ් අයියාගේ මුව සිනාවක් විකසිත වී ගියේය .. අනතුර නිසා ඔහුගේ නළල සහ අත්පය වෙළුම් පටි වලින් වෙලා තිබු අයුරු දැක පපුව හෝස් ගා පත්තු වෙද්දී මම අමාරුවෙන් මුවට සිනාවක් නගාගෙන ඔහු වෙත අඩියට දෙකට ගියෙමි …
‘ඔයා එනකන් මම ගොඩක් වෙලා බලාගෙන හිටියා ….’ ඔහු ඉස්සර දවස් වල මගේ කවිශ් අයියා පමණක්ම විය
‘ මම දවල් ඇවිල්ලා ගියේ අයියා …. ඔයා හොදටම නිදි හින්දා මම කතා කරේ නැහැ … දැන් ඉතින් මම ආවානේ …’ මම කවිශ් අයියා අසල තිබු පුටුවක් ඇද ඔහු ඉදිරියේ අසුන් ගත්තෙමි
‘ඔයා නැතිව පාලුයි මැණික …..’ කවිශ් අයියා කිවේ මගේ ඇස් තුලට එබෙමිනි
‘ දැන් අයියා ලග මම ඉන්නවානේ ……. අයියාට බඩගිනිද .. ’ ඔහු සිනාවී හිස දෙපසට වැනුවේය
‘ අයියාට මම බත් කවන්නද …. ’
‘ හා …’
මම අම්මිට කියා උයාගෙන ආ බත් පාර්සලය පිගානක් මත තබා ඔහුට කවන්නට ගත්තෙමි …. දවස් ගානකින් හාමතින් සිටි අයකු මෙන් ඔහු මා කැවූ බත් කටවල් සියල්ල අනුභව කළේය …. බත් කවා අවසාන වෙද්දී ඔහුගේ දෑස් මත කදුළු බිදුවක් දිදුලනු දැක මම බියට පත්වුනෙමි …
‘ඇයි මේ …’
‘ මට අම්මාව මතක් උනා සුරංගනා …එයත් පුංචි කාලේ ඔයා වගේ බත් කවනවා මට … එයා ගොඩක් සතුටු වෙයි එයාගේ ලේලිත් එයාගේ පුතාට එයා තරමටම ආදරේ කියලා දැක්කාම …’ ඔහුට සියල්ල අමතක වී ඇත .. මා ඔහුගේ අහිමි පෙම්වතිය බවත් .. ඔහුට බිරිදක් ඔහුගේ මවට ලේලියක් සිටින බව ඔහුට අමතකව ගොස් ඇත …
ඔහුට දාව දරුවෙකු බිහිකිරීමට සිටි බිරිද දරුවා අහිමිව ගිලන් යහනක් මත සිටින බව දැනගත් විට කුමක් සිදු වෙනු ඇතිද …මා බියට පත් කලේ ඒ සිතුවිල්ලය … වියලි දෙනෙතට කදුළු එන්නේ නොසිතු නිමේෂයන් වලදීය ..
‘කෝ ඉතින් ඔයත් අඩනවා නේ …නාඩා ඉන්න මැණික හොද ළමයා වගේ …’ ඔහු මා සැනසීමට ඔවන් දේ පවසන්නේ මා අඩන්නේ කුමටදැයි කියා නොදැනමය …
‘මම අඩන්නේ නැහැ අයියා මේ කොදුරුවෙක්ද කොහෙද ගියා ඇහැට … ඇහැ පොඩි කරද්දී කදුළු ආවා ඉවරයක් නැතිව ..’ ඔහුට සැබෑව පැවසිය නොහැකි තැන මම ඔහු සැනසීමට බොරුවක් ගොතමි…
‘මම ගිහින් එන්නම් අයියා දැන් ගොඩක් රෑ වෙලා නේ … අම්මි බලන් ඇති මම එනකන් … ’ පැය ගානක් ඔහු හමුවේ සිටි මට නිවසට යා යුතු බව සිහි උයේ … රාත්‍රී හතට පමණය …
‘අනේ ඔව්මයි ….හතටත් ලගයි …. ඔයා දැන් කොහොමද මැණික යන්නේ ..’
‘ අයියේ මම මල්ලිට එන්න කිවා මාත් එක්ක යන්න …’ මම පහන් අයියා සමග යන බව නොකියා මල්ලි සමගින් යන බව කිවේ ඔහු කලබල වෙනු ඇතැයි සිතුවිල්ල නිසාමය ..
‘ හා එහෙනම් පරිස්සමට ගිහින් එන්න මගේ නංගි …’ ඔහු මට යන්නට අවසර දෙන්නේ මා රදවා ගැනීමට නොහැකි නිසාය ….
‘මම ගිහින් එන්නම් අයියා පරිස්සමට ඉන්න එහෙනම් .. ’ මම ඔහුගේ හිස අතගෑවෙමි … ඔහු දෑස් යමක් ඉල්ලයි …මම ඒ බැල්මට බියය …එහි ඇත්තේ හිත හිරිවට්ටන ඉල්ලීමකි … එම ඉල්ලීමට දැන් මා හට එකග විය නොහැක ඔහු මා සතු වස්තුවක් නොවන බව මම හිතට මතක් කර දෙමි …
පහන් අයියා මා එනතුරුම රෝහල් කොරිඩෝවේ පුටුවක් මත අසුන්ගෙන බලා උන්නෙය … ඔහුගේ බැල්ම හිස්ය … මම ඔහු හා අමාරුවෙන් සිනාසුනෙමි … තම නැගණියගේ සැමියා සමග අන් යුවතියක් තනිකර ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් බලා ඉන්න ඔහු ගැන මා සිත තුල ඇති උයේ අනුකම්පාවකි ..
ඔහු ගේ කාරයේ මා ගෙදර ලගින් ඇරලවා ඔහු ඉගිල්ලී ගියේ කිසිදු කතාවකින් තොරවය …
**********
මා ගිහිගෙය හැරයාමට සිටි බව ඒ දින කීපයේ මට අමතකව ගොස් තිබුණි …. මාගේ කාලය මා කැපකෙරුවේ කවිශ් අයියා වෙනුවෙනි …. මට මතක තිබුනේ කවිශ් අයියා සුවවෙන තුරු මා ඔහු ලගින්ම සිටිය යුතු බවය .. මා කවිශ් අයියා වෙනුවෙන් කැපවීම සෑම් අන්කල් සේම ආන්ටි ද නොරිස්සුවා උවද ඔවුන් නිහඩව සිටියේ කවිශ් අයියා සිටින තත්වය නිසා විය යුතුය .. කවිශ් අයියාගේ අම්මා තාත්තා වුවද මේ දින කීපයේදී මා පිලිබදව දැක්වුවේ යහපත් ආකල්පයකි .. භාවනා තාමත් සුව නොවී සිටි නිසා ඇය කිසි විටක කවිශ් අයියා බැලීමට නො ආවේය .
එම අනතුරෙන් සති දෙකකට පසු මානසික තත්වය කෙසේ වෙතත් ශරීර සෞඛ්‍ය යහපත් හෙයින් කවිශ් අයියා රෝහලෙන් නිවස කරා යැවිය හැකි බව වෛද්‍යවරයා නිර්දේශ කළේය… කවිශ් අයියා රෝහලෙන් පිටත්ව නිවසට යන දින මාද ඒ සදහා සහභාගී උනෙමි …. කවිශ් අයියා උන්නේ සතුටෙනි …ඔහු වඩාත් පෙම් කල මා ඔහු අසල සිටිනු දැකීම ඔහුට ප්‍රීතියක් උවා විය හැක …. එහෙත් මා සිතින් විදවමින් උන් බව ඔහු නොදැන සිටියේය
දින ගෙවී යන අතර මා කවිශ් අයියාගේ පවුලට වඩ වඩා බැදුනෙමි … කවිශ් අයියාගේ මෑණියන් මට සැලකුවේ ඇගේම දියණියකට ලෙසය … කවිශ් අයියාගේ පියාද මා සමග පරණ අමනාපකම් හැරදා කතා බහ කළේය ..
‘ සුරංගනා මගේ ඇදුම් කොහෙද ..’
‘සුරංගනා කාලාද ඉන්නේ ..’
‘ සුරංගනා ගමනක් යමුද …’
සියලු දෙනාට මා නැතිවම බැරි තරම්ය .. ඉතින් මේ සියල්ල කොපමණ දිනකටද නොදැන සිටියද මා සතුටින් ඒ සියල්ලටම මුහුණ දුන්නෙමි … මට මගේ නිවස හා කවිශ්ගේ නිවස කියා වෙනසක් තිබුනේ නැත . කවිශ්ගේ මව විසින් මා හට කුඩා කාමරයක් සකස් කර දී තිබුනේය .. මේ දිනවල මට භාවනා කිරීමට සන්සුන් මනසක් තිබුනේ නැති නිසා මා භාවනාවේ යෙදුනේ නැත ..
‘ඔයා ඇයි හැම වෙලේම ඔලුව වටේ මේ ශෝල් එක දාගෙන ඉන්නේ .. බලන්න ඔයාගේ ලස්සන කොන්ඩේ පේන්නෙත් නැහැ නේ ’ අප දෙදෙනා නිවසේ තනිවූ දිනක් කතා බහේ යෙදෙමින් ඉන්න අතර කවිශ් විමසුවේ මා දෙස විමසිල්ලෙන් බලමිනි ..
‘ මගේ ඔලුවේ හිස්සොරි තියෙන නිසා …’ මම සිනාසෙමින් බොරුවක් කීවෙමි
‘ කෝ බලන්න එන්න මෙහෙට ..’ කවිශ් ඔහු මා තමන් අසලට කැදවුවේය
‘ මට බෑ මම යනවා ….’ මම රහස හෙලිවෙනු ඇතයි සිතා ඔහු වෙතින් පැන යෑමට සැරසුනෙමි … ඔහු ඉදිරියට පැන මා අල්ලා ගෙන හිස් ආවාරණය පහතට හෙළිය …මගේ හිස දුටු ඔහුගේ ඇස් විමතියෙන් විසල් විය
‘ සුරංගනා මේ මොකද ….ඔයා කොන්ඩේ බු ගාලා ..’ කවිශ් අයියා කෑ ගැසුවේ ගෙදර දෙදරන තරම් හඩිනි
‘අනේ අයියා …මගෙන් මොනවත් අහන්න එපා ..’ මම කදුළු සැලූ මුත් කිසිවක්ම නොපැසුවෙමි …. මා මහණ වීම සදහා මේ සියල්ල කල බව දැනගතහොත් ඔහුට කුමක් සිදුවෙනු ඇතිද …. ඔහු මගේ කොණ්ඩයට බොහෝ ආසා උන බව මා දැන උන්නෙමි …
‘ කියපන් මොකක්ද මේහෙම කරගන්න තරම් උනේ .. ’ මාගේ උරහිසෙන් අල්ලා තදින් සෙලවූ ඔහුගේ හඩ රළු පරුෂය ….
‘අනේ මට යන්න දෙන්න …’ මම ඔහුගෙන් මිදී පලා ගොස් මම කාමරයට වැදුනෙමි … කාමරයේ මුල්ලක වාඩි වී දෙ දනේ මුව හොවාගෙන මා දුක අවසන්ව යනතුරු සෙමින් ඉකිබින්දෙමි …
මද වෙලාවකින් මා හිස රළු අතකින් මුදුව පිරිමදිනු දැනී මම කදුළු දෑස් ඔසවා බැලුවෙමි …. ඔහුගේ මුහුණේ දුකක් තිබු මුත් ඒ දෑස් වල තිබුනේ මා වෙනුවෙන් පෙර දිනවල තිබු සෙනෙහසමයි …. මා අසලින් වාඩි උන කවිශ් අයියා ඔහුගේ උරහිසේ මාගේ හිස තබා සෙමින් පිරිමැද්දේය .. මම ගෙල හරවා ඔහුගේ දෑස් දෙස බැලුවෙමි … එහි තිබුනේ හිත හිරිවට්ටන අර ගැගීම් ය … ඒ හැගීම් මාගේ දෑස් තුලින් ඇතුළු වී මුළු ශරීරය පුරාම පැතිර ගොස් සිහින් කිතියකින් මුළු ශරිරයම හිරිවැට්ටුවේය …. කවිශ් අයියාගේ දෙතොල මාගේ නළල මත මුදුව තැවරුනේය … ඉන්පසුව මාගේ කොපුල් මත ඒ උණුසුම් දෙතොල නතර උනේය … මම දෑස් පියා ඒ හැගීම් විදගත්තෙමි …. පසුව ඒ නුරා දෙතොල් මාගේ තොල් පෙති මත අතරමන් විය … ජිවිතේ කවදාවත් නොවිදපු ඒ හැගීම මා රිසිසේ වින්දෙමි .. හදවතේ රතු එලි පත්තු උනේය … එක වරම මට සිහි උනේ කවිශ් යනු අන්සතු පිරිමියෙක් බවත් … මා ඔහුගේ අතීත පෙම්වතිය පමණක්ම බවත්ය … මා පරක්කු උවා වැඩි වන්නට ඇත … කවිශ් අයියා තදින් මා ග්‍රහණය කරගෙන හමාරය …. මා ඔහුගෙන් ගැලවීමට වෙර දැරුවෙමි .. නමුත් ඔහුගේ ග්‍රහණය ලිහිල් උවේ නැත ..
‘ මාව අත ඇරපන් ….’
මම උමතුවෙන් මෙන් කෑ ගැසුවෙමි … නමුත් ඔහුට මා කි කිසිවක්ම නොඇසුනා වෙන්නට ඇත …මම වරක් දෙවරක් ඔහුට ආයාචනා කර අවසානයේ ඔහු සමග පොර බැදුවෙමි….ඔහු මාගේ ආදරය මගේ කවිශ් අයියා නම් වෙන්නට බැරිය ..ඔහු වෙනත් කෙනෙකි … කාමයෙන් සිත මුලා කරගත් පුද්ගලයෙකි … ඉතින් මට උවමනා උවේ ඒ පුද්ගලයාගෙන් මිදීමටය …. මා තදින් ඔහුව මාගෙන් ඉවතට තල්ලු කර දැමුවෙමි …. විසිව ගිය ඔහුගේ හිස බිත්තියේ තදින් වැදුනේය … වැදුන තැනින් රතුම රතු ලේ බින්දු ගොඩක් පැන්නේය …
මට ඒ කවිශ් අයියා බව සිහිවුනේ ටික වෙලාවකට පසුවය ……. මම සිහි විකල්වී වී වාගේ මොහොතක් ඒ දෙසම බලාගෙන උන්නෙමි … මට මා කල දේ තේරුනේ බොහෝ වෙලාවක් ගෙවුනාට පසුවය .. දෙවියනේ මේ මා ඉදිරියේ වැටි සිටින්නේ මාගේ කවිශ් අයියා නොවේද .. මම කවිශ් අයියා ලගට විගසින් පැන්නේමි …
‘ කවිශ් ..කවිශ්… මගේ අයියා …අනේ අයියා නැගිටින්න …’ මම ඔහුට කතා කෙරුවෙමි .. .. ඔහු අමාරුවෙන් හුස්ම ගත්තේය ….
‘ අනේ ..මගේ රත්තරන් මේ මොකද උනේ …. නැගිටින්න මගේ මැණික …. ’ මම හයියෙන් විලාප දුන්නේම් … ඔලුව විකාර වී ගියේය …මම උමතුවෙන් වාගේ ගවුමෙන් කෑල්ලක් ඉරා ගෙන ඔහුගේ හිස මතින් ගලන උණු ලේ පිස දැමුවෙමි .. .මට මා කල යුතු දේ මතක් උනේ නැත .. මා ඔහු ගේ හිස ගෙන මාගේ ඔඩොක්කුවේ රදවා ගත්තෙමි … ඉන් පසුව සෙමින් සෙමින් ඔහු ගේ හිස මාගේ අතින් පිරිමැන්දෙමි ..
‘ සුරංගනා මගේ නංගි මට මේ මොකද උනේ …. අපි මේ කොහෙද ඉන්නේ …. මම භාවනා එක්ක නේ හිටියේ … ඔයා මගේ ලගට ආවේ කොහොමද මගේ නංගි…’ ඔහු අත් දෙකෙන්ම ඔලුව අල්ලාගෙන මා දෙසම බලා උන්නේය …. සියල්ල ඔහුට සිහිවී ඇත .. අනේ දෙවියනේ මේ මොකද උනේ …
‘ මගේ අයියා මම ඔයා ලගම තමා ඉන්නේ ….’ මම ඔහු දෙසට කදුළු දෑස් පෑවෙමි …
‘ ඔලුව ගොඩක් රිදෙනවා නංගි …. මගේ ඔලුව මොනාවාද වෙනවා …. මට ගොඩක් අමාරුයි මගේ නංගි .. කවුදෝ ඇවිත් මට කතා කරනවා …. අනේ මට යන්න බැහැ රත්තරන් ඔයා දාලා ..’ ඔහු ගේ හඩ අප්‍රානිකය… දෑස් වල ජීවි බව මැකී ගොස් මරණාසන්න රෝගියෙකුගේ මෙන් වී ඇත …..
‘ අනේ මම ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ … ඔයා මගේ ලගම ඉන්න .. ලගම ඉන්න …මාව දාලා යන්න එපා …. මගේ හුස්ම ඔයා නේ …. මට ඔයා නැතිව ජිවත් වෙන්න බැහැ මගේ රත්තරන් ’ අමාරුව අතරින්ම ඔහුගේ මුවේ ලස්සන හිනාවක් ඇදුනේය …..
‘මම ආදරෙයි සුරංගනා …’ මම ඒ සීතල දෑත් මත මගේ අත තබා ඒ අත් පිරිමැන්දෙමි …. ඔහුගේ දෑස් මා දෑස් හා යාවි තිබුණි …තප්පරයක් දෙකක් වන්නට ඇත ඒ දෑස් මා දෑස් දෙස බලාගෙනම නිහඩ විය ….
‘ මගේ කවිශ් අයියා …’ මම ඔහුගේ උරහිසෙන් අල්ලා සෙලවුවෙමි… ඒ ශරීරය සීතලට ගල් ගැහි තිබුනේය … දෙවියනේ මා ඉදිරියේ තිබුනේ කවිශ් අයියාගේ ප්‍රාණය නිරුද්ද ශරීරයයි ….. මට සිහිය එලවා ගන්න මොහොතක් දෙකක් ගතවිය ..
කවිශ් අයියා කියා කෑ ගැසීමට මුව විවර කලමුත් උගුරෙන් පිටතට කිසිදු ශබ්දයක් නා වේය …මා ඒ සිතල සිරුර තව තවත් මගේ සිරුරට තද කරගත්තෙම් …. කොයි තරම් වෙලා ගෙවුනාද කියාවත් … මොන දේ උනාද කියාවත් මගේ සිතට කිසිදු හැගීමක් නාවේය …. මම ඒ රුව කවුරුන් හෝ මාගෙන් උදුරා ගනී යැයි කියා තව තවත් කිටි කිටියේ මා වෙතම තුරුළු කරගත්තෙමි ..
‘මොකද මගේ දරුවාට මේ වෙලා තියෙන්නේ .. මොකක්ද උනේ මේ .’ කවිශ් අයියාගේ අම්මා කෑ ගසා ඇඩුවේ ඇයි කියා මා හට නොතෙරුනේය …
‘ ස්ස්ස්ස්ස්ස්ස් …කෑ ගහන්න එපා මගේ කවිශ් අයියා නිදි එයා ඇහැරෙයි …’ කෑ ගහන්න එපා කීවාට කවුරුත්ම ඇහුවේ නැහැ … කව්ද කෙනෙක් ඇවිත් මගේ කවිශ් අයියාව මගෙන් උදුරාගත්තා …. මම එපා කියලා වියරුවෙන් වගේ කෑ ගැහුවා … කවුරුත්ම මම කියන දේ අහන්නේ නැතිව එයාව මගේ ලගින් ඈතට අරන් යන්න ගියා
‘අනේ මගේ කවිශ් අයියාව මට දීලා යන්න ..මට එයා නැතිව බැහැ .’ මම කෑ ගැහුවා … ඊට පස්සේ මාව සිහි මුර්ජා වෙලා එතනම වැටුනා …
***********
සුරංගනා දැහැමි බණ්ඩාර ගේ උකුලේ කවිශ් සුරියබණ්ඩාර එයාගේ අවසන් හුස්ම ටික යවලා තිබ්බේ අවාසනාවන්ත විදිහට සුරංගනා මානසික රෝගියෙක් බවට පත් කරලා … භාවනා හැම දෙයකම අමතක කරලා අලුත් ජීවිතයකට ඇතුළු වෙලා සතුටින් ඉන්නවා … මිලාන් දිනිති එක්ක සතුටින් ජිවත් වෙනවා …. ඒ උනාට වෙලාවකට මිලාංන්ගේ හිතට වද දෙන එක ප්‍රශ්නයක් තියෙනවා ඒ තමා සුරංගනා ට මොනා වෙයිද කියන එක …සුරංගනා මානසික රෝහලකට වෙලා අදත් බලාගෙන ඉන්නවා එයාගේ ආදරේ එයාව හොයාගෙන එයි කියලා … එයාගේ කවිශ් එයා ලගට එයි කියලා ….
************
අවසානයි
ස්තුති