හඬනා ඔය නෙත් 04

💜 04 කොටස

*********

සතීෂ ශෙනා දිහාට තුවක්කුව එල්ල කලා.

” පුතා එපා… “

මදුමාලි ශෙනා ඉස්සරහට පැන්නත් ශෙනා මදුමාලුව අතින් එහාට තල්ලු කරා. තල්ලු කරපු පාරට මදුමාලි බිම වැටුනෙත් සතීෂ ගෙ තුවක්කුවෙන් ශෙනාට වෙඩි තිබ්බෙත් එකම වෙලාවෙදි.

” අහ් ” කියන හඬත් සමඟම කන් වගේම ඇස් දෙක තද කරලා පියාගත්ත මදුමාලිගෙ යටිගිරියත් හැමතැනම පැතිරුණා…

සතීෂ් පපුව අල්ලගෙන නොසැලී සතීෂ දිහා බලන් හිටියා.

” සතීෂ… මන් උඹට කිව්වා තාත්තව මරලා පව් පුරවගන්න එපා කියල. මට පරණ තාත්තා වෙන්න බෑ. මට ඕනේ දැන් පලිගන්න. මට විතරක් නෙමේ මගේ ගෝලයො හැමෝටම ඕනේ උන්ගෙන් පලිගන්න. මන් 4කගෙන් පලිගත්තා. තව දෙන්නයි ඉන්නේ. උන් මට කරපු අසාධාරනේට අපිට කරපු අසාධාරනේට මට පලිය ගන්නම ඕනේ. අනිවාරෙන් පලිය ගන්නම ඕනේ. අවංක නිලධාරියෙක්ට නිරපරාදේ වද දුන්නා. එයාගේ පවුල එයාට නැති කලා. ඒ නිලදාරියා කේන්තියෙන් වේදනාවෙන් මැරිලා ශෙනා කියල පාතාල නායකයා ඉපදුනා. උඹත් ඕකෙන් අයින් වෙයන්… උඹවත් මරන්න පුලුවන් කොල්ලෝ. එදාට මේ අම්මා මැරිලම යයි…. අහ් දෙයියනේ මදූ… “

ශෙනා මදූ ලගට දුවගෙන ගියා හයියෙන්. ශෙනා තල්ලු කරපු පාරට මදුමාලි බිමට වැටෙනකොට අත වැදිලා තුවාල වෙලා. ශෙනා මදුමාලිව නැවත දෑතට ඔසවගෙන සෙටි එක උඩින් ගිහින් තිබ්බා.

” රිදෙනවද මදුමාලි? ” ශෙනා ඇහුවේ ලේ ගැවුන අත මදුමාලි ගෙ කම්මුල මතින් තියලා.

” ඔයාට රිදෙනවද මහත්තයෝ… ඇයි මගේ පුංචි සීරීමකට දුක් වෙන්නේ… ඔයා තාම කියන්නේ මගේ මහත්තයා මැරිලා කියලනම්… මන් ඒක විශ්වාස කරන්නෙ නෑ.. මොකද තාම මගේ මහත්තයා ඔය හදවතේ ජීවත් වෙනවා… සතීෂ මගේ පුතේ ඔයාගේ තාත්තා තාම ජීවත් වෙනවා…. ඇයි පුතේ ඔයා තාත්තට වෙඩි තිබ්බේ…. ඇයි එහෙම කලේ.. “

” මේ මගේ තාත්තා නෙමේ අම්මේ… මගේ තාත්තා මැරිලා.. මන් කොහොමද විශ්වාස කරන්නේ මේ මගේ තාත්තා කියලා. නෑ මට විශ්වාස කරන්න බෑ.. “

” සිහින් සිනාවක් මුව මත රඳවා
ඔබ බැලුවා යටැසින්….
සසලව ගිය සත්තයි ඔබ දැක
පුංචි කුමාරියෙ මන්…. “

ශෙනා පුංචි පද පේලියක් තාලෙට කියවගෙන යද්දි මදුමාලි ඔහුට තුරුලු වුනෙත් සතීෂ බිමට වැටිලා අඬන්න පටන් ගත්තෙත් එකම මොහොතකදි වගේ..

” බොස් මිකා කෝල් කරා… බොස්ව හම්බුවෙන්න ඕනෙලු.. මොකද කියන්නේ මිකාට? ” ලයියා ඇතුලට ඇවිත් ඇහුවා.

” මන් දැන් එනවා කියන්න. අහ් ලයියා මට ටග්ගාලා බොක්ස් එක ගෙනත් දීපන්. උණ්ඩෙ අයින් කරන්න ඕනෙ බන්. “

” හරි බොස්. “

ලයියා දුවලා ගිහින් ගෙනාව ෆස්ට් ටේඩ් බොක්ස් එක ගත්ත ශෙනා නිලදාරියෙකුට ආවේණික ක්‍රමේකට උණ්ඩය අයින් කරලා බෙහෙත් දා ගත්තා. බොක්ස් එක ලයියා අතට දුන්න ශෙනා සතීෂ දිහා බැලුවා. ඒ වෙනකොටත් සතීෂ මදුමාලිගේ ලයට තුරුල් වෙලා හොදටම අඬනවා.

” මදුමාලි මන් හවසට එන්නම්. දැන් මට පොඩි වැඩකට යන්න වෙනවා. අනිවාරෙන්ම මන් ඇවිත් ඔයාල නොදන්න මගේ කතාව මන් කියන්නම්. එතකන් සතීෂ ගේ හිත හදන්න. ” ශෙනා එහෙම කියමින් නිවසින් පිට වුනා..

” අම්මේ ඇත්තටම ඒ මගේ තාත්තද? ” ශෙනා ගියපු දිහා බලලා සතීෂ මදුමාලිගෙන් ඇහුවේ අඬමින්. මදුමාලිද කඳුලු පිරි දෙනෙතින් හිස වැනුව.

” ඔව් පුතේ… ඒ ඔයගේ තාත්තා… ඔයාට මතකද පුතේ ඒ සිංදුව? “

” ඔව් මතකයි.. තාත්තා යන්න කලිනුත් ඒ සිංදුව කියලා ගියේ… අනේ මන් මේ අත්දෙකෙන් නේ තාත්තට වෙඩි තිබ්බේ… මට දාරගන්න බෑ අම්මේ… ඇයි තාත්තා ශෙනා වෙලා තියෙන්නේ. “

” ඉවසමු පුතේ ඉවසමු… තාත්තා ඇවිත් කියයි… “

**********

” බොස් මිකා පොට් එකට ඇවිත්. ” ලයියා කිව්වේ වාහනේ එලවන ගමන්.

” එහෙමනම් ඉක්මනින් යන් ලයියා…. “

***********

” බොස් අද සාලිය ඇමතිතුමා ක්ලබ් එකට එනවා…. ” මිකා ගෙනාපු ආරංචිය තමා ඒක.

” හරි ඒත් ඇයි උඹ කලබලෙන්… “

” අද ගේම දෙන්න බැරිවෙයි බොස්… චූටි මිසිත් එනවා අද. ” මිකාගෙ හඬේ තිබ්බේ බලාපොරොත්තු කඩ වෙච්ච බවක්.

” අහ් මිනුකි ද? “

” ඔව් බොස්. “

” එහෙනම් අද වැඩේ අල්ලලා දාමු. මිනුකි කියන්නේ ඒ ගෙදරින් ඉන්න හොදම එකී. ඒකි ඉස්සරහ ඒකිගෙ තාත්තව මරන්න මට හිත දෙන්නේ නෑ බන්. “

” මටත් හිතුනේ එහෙම බොස්. දැන් එතකොට බොස් අද සතීෂ බොස් ගේ ගෙදර යනවද? “

” ඔව් මිකා.. ඒ ගොල්ලන්ට විස්තරේ කියන්න ඕනේ අද මම. “

” බොස්ගේ පවුල බොස්ට හම්බුවෙච්ච එකට මට සතුටුයි බොස්. “

” මටත් එහෙම තමයි බන්… පෙන්නුවෙ නැතිඋනාට. “

**********

සතීෂ මන් වගේමයි…. ශෙනාට හිතුනේ එහෙම.

ශෙනා කාර් එක ඇතුලට දාලා ගේට්ටුව වැහුවේ අද රෑට මෙහෙ ඉන්නවා කියලා හිතාගෙන ආපු නිසා. ශෙනා ගේ ඇතුලට යනකොට දැක්කේ අම්මයි පුතයි සෝෆා එකේ තුරුලු වෙලා නිදාගෙන ඉන්නවා… මේ අවුරුදු ගාණටම නොලැබිච්ච සහනයක් මේ දර්ෂණයෙන් ශෙනාට ලැබුනා කිව්වොත් නිවරැදියි. ලඟට ගිහින් දෙන්නගෙම ඔලුව අතගාන්න ශෙනාට හිතුනත් ශෙනා ඉස්සරහ තිබ්බ පොඩි සෙටි එකෙන් වාඩි උනේ හිතේ තිබ්බ නොසන්සුන් කම නිසා. තම දුරකථනය අතට ගත්තු ශෙනා කැමරාව ඔන් කරලා මව පුතු දෙදෙනාගේ ෆොටෝ එකක් ගත්තේ හිතේ ඇතිවෙච්ච් හැඟීමකට.

මට සමාවෙන්න මදූ ඔයා මගේම වෙලා හිටියත් අද වෙනකන්. මට ඔයාගෙම වෙලා ඉන්න බැරි උනා. දැන් මන් අයිති වෙන කෙනෙකෙනෙක්ට මැණිකේ…. සිද්ද වෙච්ච අත්වැරදීමක් දුරදිග ගිහින්. මට ඔයාලා ලඟ ඉන්න බැරි වේවි. ඔයාලා ජීවත් වෙනවා කියලා දැනගත්තහම මම දෝලනය වුනා ආදර දෙකක් මැද්දේ… මන් දැන් තීරණයක් අරන් තියෙන්නේ මදූ…. මේ වැඩේ ඉවරවෙච්ච ගමන් ඔයාලව දාලා මන් යනවා…. ඔහු හිතින් මිමිණුවා.

පල්ලෙහා කාමරේකට ගියපු ශෙනා නවලා තිබ්බ බෙඩ්ශීට් එකක් අරන් ඇවිත් අම්මවයි පුතාවයි වැහෙන්න පෙරෙව්වා. දෙදෙනාගෙම හිස් මුදුන් සිප ගත්ත ශෙනා සෙමෙන් මෙසේ මිමිණුවා.

” ආදරෙයි ඔයාල දෙන්නට ගොඩාක්. “

ආයාසයෙන් කඳුලු පාලනේ කරගත් ශෙනා දොරවල් වහලා කාර් එක අරන් පිටත් උනා.

**********

” සතී ඇයි මේ? ” ලගට ආපු ශෙනා ගෙන් නිලානි ඇහුවා.

” දෙයක් කියන්න තියනවා නිලානි ” ශෙනා ගෙ මූණ බලපු නිලානි ශෙනා ගේ මූණෙ තිබ්බ දුක වටහාගත්තා. ශෙනාගෙ අතින් අල්ලන් වාඩි කරපු නිලානි ශෙනාව තුරුකරගත්තා. ඉන වටේ අත දාලා නිලානිට තුරුලු වුන ශෙනා ඉකිගසමින් ඇඬුවේ තවත් මේ දුක දරාගන්න බැරි නිසාම වෙන්න ඇති.

” මට ලයියා කිව්වා ඔයාගෙ වයිෆුයි පුතයි ජීවත් වෙනවා කියලා… “

” ඔව්…. එයාල ජීවත් වෙනවා නිලනි… මගේ ආදරේ මගේ පණ ජීවත් වෙනවා.. “

” ඒ ගොල්ලෝ දන්නවද සතී මන් ගැන.. ” නිලානි ඇහුවේ ඉවසීමෙන්.

” නෑ නිලානි… මට දුකයි බන්… මට දුකයි… මේ පපුව පැලෙන්න එනවා… “

” සතීට හිතෙනේ නැද්ද සතී ගත්තේ වැරදි තීරණයක් කියලා… ” නිලානිගේ ඇස් වලට කඳුලු මෝදු වෙලා…

” ඔයාව ලං කරගත්ත එකද? “

” නෑ සතී… එයාලව දාලා මන් ගාවට එන එක… මේ අහන්න සතී මන් ඔයා අතින් අනාත උනා තමා… ඒත් එදා ඔයා හිටියේ සිහිනැතිවෙන තරමට බීලා… එදා මට ශක්තියක් තිබ්බනම් මම ඔයාව වළක්වනවා සතී… අපේ දරුවා සිත්මි හම්බුනහම ඔයා මට ලං වුනා… මාව ඔයාගෙ කරගත්තා… නෙතුන් හම්බුනහම ඔයා සතුටු උනා… දුක් වුනා… ටිකෙන් ටික ඔයාට වෛර කරපු මගෙ හිත ඔයාටම ආයි ආදරේ කරන්නත් පටන් ගත්තා.. ඒත් සතී මගේ ආදරේ ආත්මාර්ථකාමී නෑ… මගෙ ලග ඔයා හිටියත් ඔයාගෙ හදවත් හැමදාම හිතුනේ එයාලා ගාව… ඔයා කිව්වා ඊලග ආත්මේ එයාලා ගාවින්ම ඉන්නවා කියලා… ඒත් සතී මේ ආත්මෙම ඔයාට එයාලා ගාවින් ඉන්න චාන්ස් එකක් හම්බුවෙලා තියනවා. ඇයි ඔයා ඉතින් වැරදි තීරණයක් අරගන්න හදන්නේ. ඔයා මේ ආත්මේ එයාලගෙ වෙන්න සතී… මගේ ලමයින්ට තාත්තා උනහම හොදටම ඇති. ඊලග ආත්මේ ඔයා මගේ වෙන්න හරිද…. ” නිලානි කිව්වේ අඬ අඬ…

” ඒත් නිලානි… “

” මුකුත් කියන්න එපා සතී…. ඔයා එයාලා ගාවට යන්න. සතී ඒත් ඔයාට පුලුවන්ද ඔයාගෙ මේ වැඩේ ඉවර වෙනකන් මා එක්ක ඉන්න… මගේ අවසන් ඉල්ලීම වශයෙන්. ප්ලීස් සතී…. මන්… ” ඇයට තවත් කිසිත් කියන්නට ඉඩ ලැබුනේ නැත. ඔහුගේ රළු පිරිමි දෙතොල් ඒ සියුමැලි කාන්තා දෙතොල් මත දැඩිව තෙරපෙන්නට විය… දැඩිව දෙතොල් සිපගත් ඔහු මොහොතකට ඒ දෙතොල් අතහැර නලල තදින් සිප ගත්තා…

” මේ ලෝකෙ මට පණ වගේ ආදරේ කරන්නේ ගෑණු දෙන්නයි නිලානි… ඒ මදුයි ඔයයි…. ඔයාලා දෙන්නට මන් ආදරෙයි නිලානි. ඒක කවුරු මොන විදිහට විග්‍රහ කරත් මන් ඔයාලා දෙන්නටම ආදරෙයි…. ” ශෙනා කිව්වේ සෙමෙන් ඇයගේ කණට මුමුණමින්.

එසේ කියූ ඔහු නැවත ඇයගේ දෙතොල් දැඩිව සිපගන්නට වන්නේ ඇයගේ දෑසින් පල වූ ආරාධනාව පිලිගනිමිනි.

**********

” අම්මා තාත්තා ඊයෙ ඇවිලත් ඇයි දන්නෙ නෑ අපිව ඇහැරෙව්වෙ නැත්තේ… ” සතීෂ ඇහුවා.

” දන්නේ නෑ පුතේ…. ඇහැරවන්න ලෝභ හිතුනද දන්නේ නෑ… ඉස්සරත් මන් නිදාගත්තහම කීයට හරි ඇහැරෙනකන් බලන් ඉන්නවා මිසක් ඇහැරවන්නේ නෑ.. අන්න කවුද ඇවිත්. ” සතීෂ වගේම මදුමාලිත් ඉස්සරහ දොරගාවට ගියේ ඇවිත් හිටියේ කවුද කියලා බලන්න. ඇවිත් හිටියේ ශෙනා එක්ක වැඩ කරන ලයියා…

” මැඩම් බොස් මේක දුන්නා දෙන්න කියලා.. මන් එහෙනම් යන්නම් මැඩම්. යන්නම් සර්. ” පොඩි කවරයක් මදුමාලි අතට දුන්න ලයියා දෙන්නගෙන්ම සමුගත්තා.

” මොකද්ද අම්මේ ඔය? ” මදුමාලි කවරේ ඇතුලට අතදාලා ගත්ත.

” ලියුමක්… යන් වාඩි වෙලාම කියවමු. “

ආදරණීටය මදූ, මගේ පුතේ…

මන් දැන් කියන්න යන්නේ මට මොකක්ද වුනේ… ඇයි මන් මෙහෙම තත්වෙකට පත් වුනේ…. ඒක මිශන් එකක්… ඒ මිශන් එකට ගියේ මන් විතරයි. ඒක ගොඩාක් සීක්‍රට් මිශන් එකක්. මන් ඒක කරලා ආවා විතරයි මාව අල්ල ගත්තා. මට වද දුන්නා. බලවතුන් 7 දෙනෙක්ගේ උවමනාවට මට දුන්න මේ මිශන් එක ඒ ගොල්ලන්ගේ උවමනාවන් සපුරගන්න කරපු දෙයක්. ඔයාලා මැරුව කිව්වා.. මාවත් මරනවා කිව්වා… මට වද දීලා මැරුවා… එයාලා හිතන් ඉන්නේ එහෙම ඒත් මං මැරුනේ නෑ… ශෙනා විදිහට මන් ඉපදිලා මන් පලිගත්තා… 4 දෙනෙක්ව මේ අත්දෙකෙන්ම මන් මැරුවා.. කෲර විදිහට මන් මැරුවා… එකෙක්නම් සුනාමියට අහු වුනා…. තව දෙන්නයි ඉන්නේ…

තව දෙයක් කියන්න ඕනේ මදූ… ඔයාට මේක දරාගන්න බැරිවෙයි… 2002 නොවැම්බර් 21 මන් දුක දරාගන්න බැරුව බිව්වා සිහි වැටෙන්නම බිව්වා.. එදා මගෙ අතින් ලොකු වැරැද්දක් උනා.. ඒ තමයි මට වඩා අවුරුදු 12 බාල කෙල්ලෙක් මගෙ අතින් අනාථ උනා… ඒ කෙල්ල ට මන් උදේ සල්ලි දීලා යැව්වා. ඒ කෙල්ල අවුරුදු කීපයක්ම මට වෛර කරා. ඒත් මට යුතුකම් ඉශ්ට කරා. මන් ඒ කෙල්ලව මන් ලගට ගත්තා.. දැන් ඒ කෙල්ලට ඒ කියන්නේ නිලානිට මගෙන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සිත්මි නෙතුන්… මගෙ දුවයි පුතයි. මදූ කවුරු මොනව කිව්වත් මන් ඔයාලා දෙන්නටම ආදරෙයි… මගේ දරුවෝ තුන්දෙනාටම එක වගේ ආදරෙයි… මට තේරෙන්නේ නෑ මදූ මන් මොකක්ද කරන්න ඕනේ… මට දැන් නිලානිව අත අරින්නත් බෑ.. මට ඔයාගේ ආදරේ අමතක කරන්නත් බෑ… මට හිතිලා තියෙන්නේ දෙන්නවම අත ඇරලා මහණ වෙන්න…

සතීෂ

…. අවසන් කොටසින් හමුවෙමු ….

යෝජනා, චෝජනා, අදහස්, ගැරහුම් ඔක්කොම පිලිගන්නවා… මන් මුකුත් කියන්නෙම නෑ… හැබැයි ඔන්න අද කොටසට ඔයාලගෙ අදහසක් ඕනෙමයි.. ආයි හෙට තමා අවසාන කොටස දෙන්නෙ. දිග කොටසක්නේ.. අද ටයිප් කරන්න අමාරුයි..

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *