…….හිරෑගෙන් …….~~~ පිනි වරැසා 03~~~

යාලුවො ටිකයි අනිත් අමුත්තො ටිකයි ගියාට
පස්සෙ විසිනි wosh එකක් දාගෙන ඇඳට
වැටුනෙ ගතට දැනුන මහන්සිය නිසයි …..

ඊට දවස් දෙකකට විතර පස්සෙ විසිනි
පංති යන්න ආයිමත් පටන් ගත්ත …..
කෙල්ලට ඕන කලේ මෙතුම් වගේම ලෝයර්
කෙනෙක් වෙන්න ……

විසිනි මෙතුම්ගෙ ගතිපැවතුම් වලට ගොඩක්
ආස කලා……
කෙල්ලට හැමවෙලේම හිතුනෙ නෙතුම් මෙතුම්
නිවුන් සහෝදරියො වුනත් ගතිපැවතුම් වලින්
හරියට අහස පොලව වගේ කියලයි ……

විසිනි පාරට ඇවිල්ල බස් එකක නැඟල සසිනි
එනකම් බස් ස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන
හිටිය ……

අනේ මාව අතඅරින්න……
මාව බේර ගන්න ……
අනේ කව්රැහරි මාව බේර ගන්න පිං සිද්ධවෙයි……
මාව බේරගන්න කව්රුත් නැද්ද …..

පිරිමි කෙනෙක් කෑ ගහද්දි විසිනි ඒ පැත්ත හැරිල බැලුවෙ කුතුහලෙන් වගේම හරිම බයෙන්….

දෙයියනේ …..
ඒත් මේ දේවල් මට දැන් පුදුමයක් නෙමෙයි…..
මං මේ මනුස්සය මේවගේ තිරිසන් වැඩ කරනව
ඕන තරම් මේ ඇස් දෙකෙන්ම දැකල තියෙනව…..

විසිනි තරහෙන් පුපුර පුපුර මනුස්සයෙක් පස්සෙ
කඩුවක් අරගෙන පන්නගෙන යන ආශික්
දිහා බලාගෙන හිටිය …..
ඒ මනුස්සය දුවගෙන ගිහින් අන්තිමට තාප්ප වලින්
වට වෙච්ච තැනක කොටුවුනා……

විසිනි හිටියෙත් මේ හැමදේම හොදට පේන මානයේම තමයි …..
අර මනුස්සය ජීවිතේ ඉල්ලල හඬා වැලපෙද්දි
විසිනිගෙ හිතටත් ඒ දුක දැනුන …..

මේ මනුස්සයට මහ දවල් දෙනෝ දාහක් ගැවසෙන
තැන මේවගේ අපරාධ කරන්න තරම් තියෙන
හයියක් …..
අනික මෙහෙම අහිංස මිනිස්සු මරන්න තරම්
මනුශ්‍ය හිතකට පුලුවන් ද……
මේ රටේ නීතිය කියල දෙයක් ඇත්තෙම නැද්ද…..

මහ නැහැදිච්ච මිනිහෙක් ……
මගේ නැන්දටයි මාමටයි මොන පවකට මෙහෙම
දරැවෙක් උපන්නද මංද …..

කෙල්ල දැක්ක දැන්නම් අාශික් මේ මනුස්සය මරන්න හදන්නෙ කියල ……

හැමදාම ඔයා කලේ මිනිස්සු මරණ එකයි…..
ඒකත් මහ පාරවල්වල මිනිස්සුන්ට පේන්නන්න වෙන්න ඇති චන්ඩියෙක් කියල ….
මේ ඇස්වලිනුත් මං ඕන තරම් දැකල තියෙනව
මිනිස්සු වේදනාවෙන් මිරිකෙන හැටි……
ඒත් එදාවගේ මං බයට ගුලිවෙලා ඉන්නෑ
අදනම්…..
මං කොහොමහරි මෙයාගෙ ජීවිතේ අද බේර
ගන්නව …..

විසිනි ඉස්සරහට යනකොට කොහේද
ඉදල දුවගෙන ඇවිත් සසිනි අතේ එල්ලුනා ……

උබ කොහෙද යන්නෙ බං ඔය දුවගෙන …….
අරක නවත්තන්න බං …..
උබට පිස්සුද …..

උබ දන්නවනෙ ඌ ඔය වෙලාවට අම්ම තාත්ත
අදුරන්නෑ කියල …..
ඌට තරහ ගියාම කව්රැවත් ලං වෙන්නෑ …..
මේන් මෙහාට වරෙන් අපි යමු …..
උබ හිතහන් මුකුත්ම අද දැක්කෙ නෑ කියල …….

අත ඇරපන් බං …..
මෙච්චර කාලයක් මං බයට සද්ද නැතිව හිටියට
අද එහෙම ඉන්න බෑ බං ……
මට තවත් මේවෙන දේවල් දැක දැකත් නොදැක්ක
ගානට ඉන්න බෑ …..
මොන දේ වෙන්න හරි මං එතනට යනව…

එ් අතරෙ ආශික් කොටියෙක් වගේ අර මනුස්සයට
කෑ ගහනකොට එතන රැස්වෙලා ඉන්න මිනිස්සු
බයෙන් ගැස්සිල ගියා …..
එකා දෙන්න හිමිහිට එතනින් මාරැවෙලා ගියෙ
මරන්න හදන්නෙ මනුස්සයෙක් නෙමෙයි තිරිසනෙක් ගානටවත් නොහිතමයි…..

අර පේනවනේ බලාගෙන හිටිය ඔක්කොම යන්න
ගියා …..
මෙහෙ වරෙන් යන්න …..
ඕවට අතදාල අපිට මොන ප්‍රශ්නයක් එයිද දන්නෑ…..
පේනවනේ බල්ලෙක් පූසෙන් වාහනේකට යටකරගෙන ගියත් කතා කරන මිනිස්සු ඉන්න මේ
ටවුමෙ මේක මනුස්සයෙක් මරන්න හදද්දිත්
නොදැක්ක ගානට මාරැවෙලා ගියහැටි…..

ඕකට තරහ ගිහින් ඉන්න වෙලාවෙ උගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ගියොත් ඕක කීයටවත්
හිතන්නෑ උබ උගෙ මාමගෙ එකම දූ සිඟිත්ත
කියල …..
පංඩිතකම තියල අපි යන්න ආව ගමන යමං……

සසිනි මොනව කිව්වත් හිතක් පපුවක් නැති ගානට
ඒ මනුස්සය මෙහෙම දාල යන්න විසිනිගෙ හිත
දුන්නෙ නෑ ……

සසිනිගෙ අත ගසල දාල විසිනි දුවගෙන එතනට
යනකොට සසිනිත් දුවගෙන විසිනි පස්සෙන් ගියේ
මොනව කර ගනියි ද කියල හිතෙන් ගැහෙමිනුයි…..

නවත්තනව ඕක….

වියරුවෙන් වගේ අර මනුස්සයගෙ බෙල්ලෙන් අල්ලගෙන තාප්පෙට හේත්තු කරගෙන කඩුවෙන්
බඩ හරියට අනින්න හදනකොටම විසිනි කෑ
ගැහුව …..

මට මෙහෙම සද්දෙ දාල කෑගහන්න තරම්
හයියක් තියෙන එකියක් …….

ආශික් ඒ විදිහටම ඉඳල ඔලුව විතරක් හරෝල
කේන්තියෙන් බැලුව ……..

රතුම රතුපාට වෙච්චි ඇස්, වියරැ වැටිච්ච මුහුණ
අවුල් වූ හිසකෙස් වගේ ම නලියන දහඩිය
බිදු දකිද්දි කොච්චර එඩිතරව එතනට පැන්නත් කෙල්ලගෙ ධෛර්යය බිංදුවටම හිදිල ගියා ……..

Likes ,comments වලට thanks
යාලුවනේ … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *