……හිරෑගෙන්……~~~ පිනි වරැසා 05 ~~~

දුව ඔයා ලෑස්ති ද ඉක්මනින් එන්න නැත්නම්පරක්කු වෙනව…..

මේ එනව නැන්දා ……

සසිනි උබත් අපි එක්කම යමු …..
උබව ගෙදරින් දාගෙන යන්නම් …..

හ්ම් යමුකො එහෙනම් …..

විසිනි වේදනා දෙන අතත් අනිත් අතින් අල්ලගෙන
පඩිපෙළ බැහැගෙන පහලට ආව……
ඒ එනකොටත් සමිත සාරියක් ඇඳගෙන හිටියෙ….

සමිත කොහේ ගියත් සාරිය අදින්න පුරැදු වෙලා
හිටියෙ ….

හරිද දූ….
ඔව් නැන්දා …..

එහෙනම් යමු ……
පොඩිපුතා යමු නේද එහෙනම් පරක්කු වුනොත්
Doctor යයි….

ආශික් කියන්නෙ අම්ම එක්කවත් වැඩිය කතා
කරන කෙනෙක් නෙමෙයි ……
සද්ද නැතිව ආශික් කා එකේ යතුරත් අරගෙන ඉස්සර වුනා….

ශික් මේ ගල්මූසලය එක්කද යන්නෙ ……

විසිනියෝ උබලගෙ ගෙදරනම් ඉන්නෙ මහ පුදුම
මිනිස්සු බං …….
අතපය කඩල උන්ම බේත්ගන්න එක්ක⁣ගෙනත්
යනව……

සසිනි උරෙස්දෙකත් එක්ක උස්සල කියල
ඉස්සර වුනා ……
කෙල්ල කා එක ලඟට ආවෙ හිමිහිට …..
ඒ එනකොට නැන්දයි සසිනියි කා එකට නැඟලත්
ඉවරයි ….

මොනවද දූ කල්පනා කරන්නෙ …..
එන්න ඉක්මනට නඟින්න …….

ඕනනෑ නැන්දා දැන් මට හොදයි …..
බේත් ඕනනෑ …..

විසිනි එහෙම කියද්දි අශික් ඇහැකුත් හීන්කරගෙන
කෙල්ල දිහා බැලුව ……

මොකක්ද දරැවො මේ කියන කතාව ……
පේන්නැද්ද ඔය අත ඉදිම්ලා තියෙන විදිහ ……
බේත් ගන්න යන්න බයවෙලා වගේ මගෙ කෙල්ල
මට පේන්නෙ …….
නැන්ද ඉන්නවනෙ මගෙ කෙල්ල ලඟ බයනොවී
එන්නකො අපි බේත් ටිකක් අරගෙන එමු……

නැන්දගෙන් ගැලවිල්ලක් නැති තැන කෙල්ල
අකමැත්තෙන් උනත් ඇවිත් නැග්ග …..

මං බේත් ගන්න අකමැත්තක් නෙමෙයි මේ
තලගොයා එක්ක යන්න තියෙන අකමැත්ත….

කොහෙද ඒක මට නැන්දට කියන්න බෑනෙ…..

සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්න කොල්ලට
රවාගෙන කෙල්ල කා එකට නැග්ග……

යමින් ගමන්ම සසිනිව ගේ ලඟින් බස්සගෙන
ගියා…..
කා එකෙන් බහිද්දි නම් කෙල්ලගෙ හිත ටිකක්
ගැහෙන්න ගත්ත ….
සමිතට ඒක තේරිලා වගේ සමිත ඇවිත් කෙල්ලගෙ
අතින් අල්ලගෙන ගියා……

හම්මෝ මේකා කඩපු අතට ඒ ගමන දොස්තරයත් මොනා කරයිද දන්නෑ ……

විසිනි හිතුවට ආශික් කා එකේ නවතියි කියල
ඔහුත් doctor ගාවට යන්න ආව……

අනේ අම්මප මට එන කේන්තියනම් ….

මූව දෙකට කඩල පයින් ගහන්න හිතෙනව රෝල්
වෙලා යන්න ……
හිටපියකො මං ලෝයර් කෙනෙක් වෙනකම්
පෙර වැරදිත් හොයාගෙන ඉස්සෙල්ලාම පස්සට
පයින් ගහල කූඩුවට දාන්නෙ උබම තමයි…..
මේකටනම් කවදහරි මං රිටන් එක දෙනව…..

Doctor ගාවට ආවට පස්සෙ නම් කෙල්ලගෙ
ධෛර්යය නැතිවෙලා හීන්දාඩිය දාන්න
පටන්ගත්ත …….

Doctor දෙතුන් සැරයක්ම අත බලන්න ඉල්ලුවට
පස්සෙයි බයෙන් බයෙන් අත දුන්නෙ …..

ආශික්ට මේව බලාගෙන ඉද්දිනම් යාන්තන් හිනාවක් ගියා……
ආශික් කියන්නෙ එච්චර හිනාවෙන කතා කරන
කෙනෙක් නෙමෙයි ……

කෙල්ලගෙ අත බලපු doctor scan කරල එහෙම
බලල කිව්වෙ අතේ ඇටයක් පපුරල නිසා අත බැන්ඩේජ් කරන්න වෙයි කියල ….

කෙල්ලනම් හොඳටම බයවෙලා ඇස්වලින් කඳුළු
ගලාගෙන යන්න පටන්ගත්ත …..

ආශික්ට දුකත් නොහිතුනා නෙමෙයි …..

මගේ වැඩවලින් අයින් කරන්න මට මෙහෙම කරන්න වෙනව කාට වුනත් …..
එහෙම කරන එක හැමෝටම හොඳක්……

කෙල්ලගෙ අත doctor බැන්ඩේජ් කරන්න හදද්දිම කෙල්ල බොරැවට හයියෙන්ම කෑ ගහල ඇඬුව …..

මගෙ දූ නැන්ද ලඟ ඉන්නවනෙ කෝ නාඬ
ඉන්න ….
ඒක රිදෙන්නෙ නෑ දූ…..

සමිත මොනව කිව්වත් විසිනිගෙ ඇඬිල්ල නැවතුනේ
නෑ ……

එතකොටම ආශික් කෙල්ලට පේන්න හිනාවුනා…..
මෙච්චරවෙලා අඬ අඬා හිටිය කෙල්ල ඇඬිල්ල
නතර කරල ආශික් දිහා රවල බැලුව ……

ඒත් එක්කම ආශික් අතින් පෙන්නුව අනිත්
අතත් කඩනව කියල ……

විසිනිට සේරම අමතකවෙලා ගියා ……
ආශික් දිහා බලාගෙන හිටිය දවා අළු කරන තරම් බැල්මකින්….

රයිට් ඉවරයි ……
Doctor එහෙම කියද්දි විසිනි බයවෙලා වගේ
අතදිහා බැලුව ……
එතකොටයි දැක්කෙ අත බැන්ඩේජ් කරලත් ඉවරයි
කියල …….

මුලින් මුලින් කෑ ගැහුවට ඔය පස්සෙ හිටියෙ
හොද ලමයෙක් වගේ ……..
මං හිතුව කෑ ගහපු විදිහට සෑහෙන අමාරැකාරයෙක්
වෙයි කියල ……

Doctor හිනාවෙලා කියද්දි කෙල්ල ආශික් දිහා
බැලුව ……

එතකොටත් ආශික් හිටියෙ දොර ඇරගෙන එලියට යන ගමන්…..

ගෙදර ආව ගමන්ම කෙල්ල කලේ ඇඳට වැටෙන
එකයි…….

උසස්පෙල සඳහා විසිනි නගරෙ තිබුන ප්‍රසිද්ධ
පාසලකට නැන්දයි මෙතුම් එකතුවෙලා
ඇතුලත් කලා ……

සසිනිත් ඒ පාසලේම නිසා කෙල්ලට පොඩ්ඩක්වත්
පාළුවක් දැනුනෙ නෑ …….
ඒවගේම ආශික් දකින වාරයක් පාසා රවාගෙන
ආශික්ට ගස්සගෙන යන්න කෙල්ල පුරැදුවුනා……

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ………. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *