……හිරෑගෙන්…….~~~ පිනි වරැසා 11 ~~~

විසිනි කාඹරේට ඇවිත් කල්පනා කලෙත් නපුරටවෙච්ච දේ ගැනයි……මොනව වුනත් පව්…..ඒත් හොඳවැඩේ

හීන් හිනාවක් දෙතොල් අතරෙ රැදුනෙ ආශික්
කලබල වෙච්ච විදිහ මතක්වෙලයි…..

හානේ පව් මැටි මැරය…..
අල ගෙඩිය වගේ ඉන්න නිසා හිතාගෙන ඇති
අනිත් වුන් වගේ මාවත් බය කරගන්න …..
ඒව ඉතිං සුම්ම තමයි…..
මේ විසිනි ගේම දෙන්නෙ ඇඟපතින් නෙමෙයි
මොලෙනුයි…..
එයා එයාගෙ මසල්ස් පෙන්නල මිනිස්සු බය කරගද්දි
මං මගේ එක වචනෙකින් මැරයව හීලෑ කර
ගත්ත ……

හ්…ම් ….
පව් මගෙ මැර කුක්ක…..

විසිනි ඉනට අත්දෙකත් තියාගෙන කන්නාඩියට
කිය කිය හිනාවුනා…..
ඕන් බලන්නකො මං ඔහේව මගෙ අල්ලෙ නටවල
ගන්න හැටි……
ම්….
මැර තලගොයා ……

විසිනි නට නටාම බාත්රෑම් එකට දිව්වේ ……
කෙල්ල හරිම සතුටකින් හිටියෙ …..
නාන ගමනුත් හිතුවෙ වෙච්ච දේවල් ගැනමයි…..

මං කෝකටත් මේක අහුනොවෙන්න වැඩ කරන්න
ඕනෙ …..
අහුවුනොත් මාව කෑලි කෑලි වලට කපල සැමන් ටින් කරයි…..

කෙල්ල නාඟෙන කාඹරෙන් එලියට යන්න යනකොටම ආශික් එක්සසයිස් කිට් එකත් ඇඳගෙන එතනින් යමිනුයි හිටියෙ …..
ඒත් කෙල්ලව දැක්කම කොල්ලගෙ මූනත් එක්ක
වෙනස්වෙලා ගියා…..
කොල්ල අහක බලාගෙන එතනින් යන්න ගියා…..

හ්ම් ….
මතක්වෙන්න ඇති මාව ඊයෙ රෑ රේප් කලා
කියල ….
ඒකයි මූනත් එල්ලගෙන යන්න ගියේ …..
පව් අප්ප මැරය…..

කෙල්ල මූනෙන් එකක්ම හිනාව පුරෝගෙන පහලට
යනකොට මෙතුම් තේ බොන ගමන් හිටියෙ …..
කෙල්ලව දැක්කම මෙතුම්ගෙ මූන අඳුරු වෙලා
ගියා …..

Good morning අයියා …..
විසිනි හිනාවෙලා මෙතුම්ට කීවත් මෙතුම් කරබාගෙන එතනින් යන්න ගියා…..

හ්ම් ….
ඒගමන මෙයාට මක්වෙලාද ….

කෙල්ල තේ බීල ඉක්මනින් ගිහින් ලෑස්ති වුනේ අද ඉරිද දවසක් වුන නිසා පංති යන්නයි…..
දනහිසටත් ටිකක් උඩට කොට රතුපාට ගව්මක් ඇඳ
ගත්ත …..
තෙත කොන්ඩෙත් කඩාදාල කට්ටක් ගහ ගත්ත….
සයිඩ් බෑග් එකත් එල්ලගෙන රෑම් එකෙන් එලියට
යද්දි එක්සසයිස් කරන්න ගිය ආශික් දාඩියත්
පෙරාගෙන එනව…..
කොන්ඩෙන් හොදටම දාඩියද වතුරද මන්ද
වැක්කරෙනව ….
ආශික් අතින් කොන්ඩෙ ගස ගසයි ආවෙ…..
කොල්ලගෙ කඩවසම් රෑපෙට කෙල්ලගෙ හිතත්
ටිකක් මොකද්ද වුනා……
ඒත් ඒ හැඟීම නැතිවෙලා ගියේ හරියටම ආශික්ගෙ
මූන දැක්කට පස්සෙයි…..

විසිනි දැක්කට පස්සෙ ඒ මූන තරහින් පුපුරැ
ගහනව විසිනි හොඳටම දැක්ක …..
ඇස්දෙකත් රතුවෙලා …..
තරහට මූන පිම්බිලා….
නපුරැ මූන දැක්කම ඉස්සරහට තිබ්බ කකුල කෙල්ල හිමිහිට පිටිපස්සට ගත්ත …..
ඒ බැල්ම දරාගන්න බැරිමතැන බිම බලාගත්තෙ
බයේ ගැහෙමිනුයි ……

ආශික් ඇවිත් කෙල්ලගෙ අතින් ඇඳල අරගෙන
කෙල්ලව බිත්තියට තියල තදකලා….

ඒ ස්පර්ශයෙන් විසිනිට රිදුනත් රිදෙනව කියන්නවත්
කට අරින්න හිතුනෙ නෑ ආශික්ගෙ නපුරු මූන
දැක්කම ……

තමුසෙ මේ කොහෙ යන්නද……

ආශික්ගෙ වතින් දාඩිය හෝ ගාල ගලාගෙන යනව….
ඒ මස්පිඩු නලියනව කේන්තියට ……

කියපිය මේ කොහේ යන්නද…..

මං ක්ලාස් යන්න අයියා ……

ක්ලාස් …..
ක්ලාස් මෙහෙම ……
මටනම් පේන්නෙ තමුසෙ ඇඟ පෙන්නන තරඟෙකට යනව වගේ කියල …..
යකෝ මෙහෙම ද ක්ලාස් යන්නෙ ……
බලපං වහගන්න ඕන ඔක්කොම වැහිල තියෙනව ද
කියල ……

මගෙන් මැරැම් නොකා පලයං කාඹරේට …..
තමුසෙට ක්ලාස් යන්න ඕනෙමනම් ගිහින් ඇඳගෙන වරෙන් තව ටිකක් දිග එකක්……
උබ ඔහොම නලවගෙන කොටකෑලි ඇඳගෙන යන්නෙ උබ හෙන කෑල්ල කියල මඟතොටේ ඉන්න වුන්ට පෙන්නන්නද…..

කෙල්ලට ආශික්ගෙ රළු වචන තවත්නම් අහගෙන
ඉන්න පුලුවන් වුනේ නෑ …..

ඇති අයියා ……
මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න ……
ඔය තරමට කැත කතා කියන්න තරමට තරම්
නරක වැඩක් මං කරල නෑ …..
අනික මේක ඒ තරමටම කොට නෑ …..
මේවගේ ඇඳුම් ඕනතරම් අදිනවනෙ මං ……

අඳින්න ඇති ……
ආයිමත් බෑ …..
මං උදේ කිව්වනෙ කවදහරි මං තමුසෙව බදිනව
කියල …..
ඒකනිසා මං කැමතිනෑ මං විතරක් දකින්න ඕන
දේවල් රටේ උනුත් බලාගන්නවට……
තමුසෙ නීතියෙන් නැතිවුනත් ඊයෙන් පස්සෙ මගේ
වෙලා ඉවරයි …..

අදින් පස්සේ වෙන්න ඕනෙ මට ඕනදේ….

හ්ම් …..
යනව ඉතිං ……

විසිනි කාඹරේට ඇවිත් වේගෙන් දොර වැහුව…..
මං කියපු බොරැව නිසා මගේ නිදහසත් නැතිවෙලා
ගිහින් ……
දැන් මට මේකා කියන විදිහට ජීවත් වෙන්න වෙයිවගේ ……

විසිනි ආශික් එක්ක තිබුන තරහටම එදා ක්ලාස්
ගියේනෑ ….
දවසම කලේ කාඹරේට වෙලා තරහින් පුපුර පුපුර
හිටිය එකයි……
නැන්ද ඇවිත් දෙතුන් පාරක් කතාකලාට පස්සෙයි
කෙල්ල දොර ඇරියෙත්……

ඇයි දූ මේ කාඹරේටම වෙලා……
මගෙ ඔලුව ටිකක් රිදෙනව නැන්දා ……

කෝ බලන්න …..
ගොඩක් රිදෙනවද දූ…

නෑ නැන්ද දැන් අඩුයි ….

අමාරැයිනම් අපි යන් දූ ඩොක්ටර් ලඟට …..
ඕනනෑ නැන්ද මට එච්චර අමාරැවක් නෑ …..
තව ටිකකින් හරියයි…..
මං පෙනඩෝල් දෙකකුත් බිව්ව …….

එහෙනම් යං කෑම කන්න ……
මං එන්නං නැන්ද තව ටිකකින් …..

හ්ම් …..
එහෙනම් එන්නකො …….

නැන්ද විසිනිගෙ ඔලුවත් අතගාගෙනම යන්න
ගියා…….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *