……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 17 ~~~

⁣කා එකෙන් බැස්සට පස්සෙ විසිනි ආශි එක්කම
පාටි එක ඇතුලට ගියා…..
මෙතූ අතට ගෙනාපු තෑග්ගත් දීල කෙල්ල සුභ පැතුවට පස්සෙ අශිත් ඇවිත් සුභ පතල කව්රැවත් නැති තැනක් බලල වාඩිවුනා …..
විසිනිනම් හිනාවෙවී යාලුවොත් එක්ක බරටම කතාව….

කව්ද බං ඒ උබත් එක්ක ආව හැන්සම් බෝයි….
ටිකක් දැකල තියෙනව වගේ හුරැවක් තියෙනව….

ඇත්තටම විසිනිට ආශිව අඳුන්වල දෙන්න ලැජ්ජාවක් ඇතිවුණා ……

මං කොහොමද කියන්නෙ මේ කවුද කියල…..
නම දැනගත්තොත් ඔක්කොම දැනගනියි මං ඇවිත් තියෙන්නෙ පලාතම හොල්ලගෙන ඉන්න චන්ඩිය
එක්ක කියල …..
අනික මං කොහොමද ආයිමත් මගෙ යාලුවන්ට මූණ
දෙන්නෙ….

ඒ ආශික් කියන කෙනාද බං…..
හරියට ඒ වගේමයි….
කොන්ඩෙයි රැව්ලයි තිබුනනම් එයාම තමයි….

කෙල්ලො ටික ආශික් ගැන කතාවෙද්දි මූනම හිනාවෙන් පුම්බගෙන සසිනි හිමිහිට විසිනිගෙ අතට වැලමිටෙන් ඇන්න …..

හරි හරි ලමයි දැන් ඔය කතාව ඇති අපි යමුද ඩාන්ස් කරන්න …..
මෙතූ කෑ ගහල කියද්දි පංතියෙ ඔක්කොම කෑ ගහගෙන ඩාන්ස් කරන්න දිවුවෙ …..
ඒ අතරෙ සසිනි විසිනිවත් ඇදගෙන පැත්තකට
ගියා ……

මං හිතුවෙ උබ උබේ සිහිය කුමාරයත් එක්ක එයි කියල …..
මොකද උබ උබේ ජන්මාන්තර වෛරක්කාරයත් එක්ක ඇවිල්ල ……

මොනව කරන්න ද බං …..
ලැබීම තමයි ……

පව් බං බලහංකො තනියම කල්පනා කර කර ඉන්නව ……
කවදාවත් තනියම එක තැනක ඉන්න කොල්ලෙක් නෙමෙයිනෙ බං …
කොයිවෙලේ බැලුවත් කොල්ලො සේරම වට කරගෙනනෙ ඉන්නෙ …..
පලයං ගිහින් බොන්න මොනවහරි දීපං…..

මං මොනව දෙන්නද…..
ඕනනම් අරගෙන බොන්නෙ නැතෑ….

එහෙම කියන්න එපා බං….
ඉන්න විදිහ දැක්කම උබට දුක හිතෙන්නෙවත් නැද්ද …..

මට ඔයිට වැඩිය පරිප්පු දෙනව එයා ගෙදරදි…..
කොහොමත් එක තැනක ඉන්න කෙනෙකුත් නෙමෙයිනෙ …..
ඔහොම ටිකක් හිටපුවාවෙ හරියන්නත් එක්ක …..

උබ ගියෙ නැත්නම් මං ගිහින් දෙනව…..
එහෙම කලොත් උබටමයි හරි නැත්තෙ …..
ඌ ඔය කට්ට කන්නෙ උබව රකින්න ඇවිල්ල….
අා හොද කෙල්ල වගේ මේක දීල වරෙන් ….

සසිනි බීම වීදුරුවක් විසිනිගෙ අතින් තියල කිව්වට පස්සෙ කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුනෙනෑ……
අකමැත්තෙන්ම ඒකත් අරගෙන ආශි ලගට ගියා…..

මෙයාට ඉන්න දිහාවක් ඇත්තෙම නැද්ද මංද මේ කරැවලේ ඉන්නෙ …..
ආශි හිටියෙත් තමන් දිහාට එන කෙල්ල දිහා බලාගෙනමයි……

ආ ගන්න….
මොනවද….
ඔරෙන්ජ් ජූස්…..
ගන්න ….

මට එපා…..

ඔව් ඉතිං ඔයාට හරියන ඒව නෙමෙයිනෙ මේ….

හ්ම් ….
හරියටම කිව්ව …..

බොනවනම් බොන්න …..

කෙල්ල බීම එක ටේබල් එක උඩින් තියල යන්න හදද්දිම ආශි කෙල්ලගෙ අතින් ඇදපු පාරට කෙල්ල ගිහින් නතරවුනේ ආශිගෙ ඔඩොක්කුවේ…..

ඒත් එක්කම ආශි කෙල්ලගෙ බඩ වටේට අත යවල
තවත් කෙල්ලව ලං කරගත්ත …….

අත අරින්න මාව …..
මට යන්න ඕනෙ …..

යාළුව බීම එක ගෙනත් දෙන්න කිව්වාම බෑ කිව්ව
නේද…..
ඒකට පනිශ්මන්ට් එන තමා මේ….

විසිනිගෙ උරහිසෙන් ආශි ඔළුව තියද්දි නම් කෙල්ල වෙව්ලල ගියා…..
කෙල්ලට තේරැනේ උගුරකට පවා වේලිල ගිහින්
කියලයි…..

අත අරින්නකො අයිය please ……

මං අල්ලගෙන ඉන්නෙ මගෙ wife ව ඇයි අවුලක්ද…..

ආශිගෙ අතින් විසිනිගෙ කරේ තිබුන ශෝල් එක ගැලවිලා ගියා…
ඒත් එක්කම විසිනිට දැනුන සැර මත්පැන් ගඳකුත්…..

කරැවලට වෙලා බීපු එකයි කරල තියෙන්නෙ ……
ඒකයිමේ මෙහෙම හැසිරෙන්නෙ ….
ශික් විතරක් ……

ආශික් දොතොල් විසිනිගෙ බෙල්ලෙන් තියද්දි කෙල්ලට බයටම ඇඬුන….
ආශිගෙ දෙතොල් විසිනිගෙ උරහිස් වල දඟ කරද්දි
විසිනිගෙ දෑස් වලින් වැටුන කඳුලැලි බදවටා එතිල තිබුන ආශිගෙ දෑත් වලට වැටුන….

ගැස්සිල ගිය ආශි ඉක්මනින් අත මුදා ගත්ත ……
යනව…..
යනව ඉතිං යන්න ….

විසිනි කඳුළු පිහදාන ගමං ඉක්මනින් එතනින් යන්න ගියා…..
මහ ජරාම මිනිහෙක් …..
මේ තරම් නරක මිනිහෙක් මේ පලාතටවත් නෑ …..

හිතට දැනුන කේන්තියටත් එක්ක විසිනි යාලුවො
එක්ක නටන්න පටන්ගත්ත ……
කෙල්ල දැනගෙන හිටියෙ ආශි මේවගේ දේවල් වලට කැමති නෑ කියල ……..
පස්සේ පස්සේ පිරිමි ලමයි එක්කත් ඩාන්ස් කරන්න පටන්ගත්තට පස්සෙනම් ආශික්ගෙ ඉවසීමේ සීමාව පැන්න ……
ආශි කිසිම කතා බහක් නැතිව යාලුවො මැද්දෙ
ඩාන්ස් කර කර හිටිය විසිනිගෙ අතින් ඇදගෙන
ගියා……
කෙල්ලගෙ යාලුවො සේරම බලාගෙන හිටියෙ බයවෙලා වගේ ……
කෙල්ලව කා එක ලඟට ඇදගෙන ඇවිත් ඇතුලට තල්ලු කරල දොර වැහුව……
විසිනිට දැනුනෙ පුදුම ලැජ්ජාවක් …..
කේන්තියට කඳුළු කැට කඩාගෙන වැටුන…….

ආශික්ගෙ කිසිම කතා බහක් තිබුනෙ නෑ …..
ඒත් ඒ වෙනුවටත් එක්ක මූනෙ නම් කේන්තිය පිරිල ඉතිරිලා ගිහින් ……

ටික දුරක් ආවට පස්සෙ ආශි කා එක නැවැත්තුව…..
එනව යන්න කන්න …….
මට බෑ …..

තමුසෙ මාව මාරයා කරගන්නෙ නැතිව එනව ගිහින් කාල එමු…..

ම..ට බෑ……

හිතේ කේන්තිය තිබුනත් විසිනි ඒ ටික කිව්වෙනම් බයේ ගැහෙන ගමන්මයි……

උබට කියන කිසිම දෙයක් තේරෙන්නැද්ද…..
මං බිංදුවටම ඉවසපු නිසයි පාටි එකේදිත් උබේ කෙරැවාව දැකල සද්ද නැතිව හිටියෙ …..
එහෙම නැතිව මං කොන්ද පන නැති උබ හිතන ජාතියෙ එකෙක් නෙමෙයි …….
කට වහගෙන ඉන්න හැදුවාම මාව අවුස්ස ගන්නමනෙ ඕනෙ…….

මමත් මිනිහෙක් යකෝ…..
මාත් කැමතී ආදරේ විදින්න…..
හරි මං උබව ඇල්ලුවොත් තමා දැන් නරක……
උබට අතන කොල්ලො බදාගෙන නටද්දි ඔය හිරිකිතේ දැනුනෙ නැද්ද …..
ලැජ්ජයි යකෝ ගෑනුකමටත්……
උබට හොදින් කියල අහන්නෙ නැත්නම් උබව මකලහරි මං හදනව…….
එ්ක හොදට මතක තියා ගනින්…..

ආශිගෙ වචන පිහි තුඩු වලින් අනිනව වගේ කෙල්ලට දැනුනෙ ……
විසිනිට ජීවිතේ ගැනම කලකිරැන……
අඬල අඬල දැන් කඳුලුත් නෑ වගේ …….

ආශික්ට හිතාගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ …..
එක පාරටම විසිනි නවත්තල තිබුන කාර් එකේ දොර ඇරගෙන කරැවලේම දුවගෙන ගියා….

Likes ,comments වලට thanks
මගෙ යාලුවනේ ….. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *