……හිරෑගෙන්……~~~ පිනි වරැසා 19 ~~~

එපා අයිය please ඕක කරන්න එපා..
Please ……

ආශි සෝමෙගෙ අනිත් අතත් කපන්න හදද්දි විසිනි යටිගිරියෙන් කෑ ගැහුව …..
පැත්තකට වෙයං….
එපා අයිය please ….
පැත්තකට වෙයං යකෝ මගෙන් මැරැම් නොකා…..
එ..පා.. අ..යි…ය….

උබට කියනදේ තේරෙන්නෙම නැද්ද…..
ආශි සෝමෙව අතඇරල දාල කෙල්ල දිහාට ටික ටික ලං වෙද්දි කෙල්ල පස්සෙන් පස්සට ගියේ ඒ මූනෙ දවා අළු කරන තරමටම තිබුන කේන්තිය
නිසයි…..

ආ උබට තේරෙන්නෙ නැත්ද ……
මාව උබට තේරෙන්නෙ නැද්ද ….
තමුසෙට තේරෙන්නෙ නැද්ද මාව..

අර මිනිහට උබගෙ හිතේ තියෙන අනුකම්පාව තරමටවත් උබට පන වගේ ආදරේ කරන මට උබේ හිතේ නෑ …..
උබව බල්ලො ටිකත් එක්ක රේප් කරන්න හදපු මිනිහටත් උබේ හිතේ අනුකම්පාව තියෙනව…..
ඇයි උබ මට මෙහෙම කරන්නෙ …..
ඇයි….

ආශි ඉනේ ගහගෙන හිටිය පිස්තෝලෙ අතට අරගෙන කෙල්ලට දික්කරා…..

කියපං මෙච්චර ආදරෙන් ඇස් දෙක වගේ උබව බලාගත්ත මගෙ අම්මට මේතරම් ගින්දරක් දීල එන්න පුලුවන් වුනේ කොහොමද …..
ඔය හිත පිට මිනිස්සු ගැන උනු වුනාට තමන්ගෙ උන් ගැන උනුවෙන්නැද්ද……

කි..ය..පං … ය…කෝ….
අාශි පිස්තෝලෙ පත්තු කරල අහසට වෙඩි තිබ්බෙ
යටිගිරියෙන් කෑ ගහන ගමං …..

කතා කරපිය…..
උබේ මුරංඩුකම හින්ද අපි ඔක්කොම විදවන්න
ඕනෙද…..

ආශි කෙල්ලගෙ ඔලුවට පිස්තෝලෙ තියල කෙල්ලගෙ කට තද කරල වැහුව
ආවේගෙන් කෑ ගහන ගමං ආශික් කෙල්ලගෙ මූනෙන් දැක්ක කෙල්ල මොනවද කියන්න හදනව කියල……

ආශික් එක එල්ලෙම බලාගෙන හිටියෙ කෙල්ලගෙ ඇස්දිහා….
ඇහි පිල්ලමක් ගහන පරක්කුටව ආශි කට කොනකින් හිනාවෙන ගමන්ම පිටිපස්ස හැරිල වෙඩි තියාගෙන තියාගෙන ගියා…..

එයා කොහොමද පිටිපස්සෙන් හිටිය මනුස්සය
දැක්කෙ …..
එතකොට මගෙ ඇස්දිහා බලාගෙන හිටියෙ මගෙ ඇස්වලින් ඒ මිනිහ දැකලද මට සමච්චලේට හිනාවුනේ….

ගුටිකාල බිම වැතිරිලා ඉන්න හැමෝටම ආශි වෙඩි තිබ්බ එක මනුස්සයෙක්ට ඇර…..

මට මේක කරන්න තිබුනෙ මීට ගොඩක් කලින්….
උබල දිනූව රේප් කරපු දවසෙම….
මට අහුවුනේ තොපි දෙන්න විතරයි ….
මං මිනී මරන්න කැමතිනෑ යකෝ…..
ඒකයි එදා උබලට පාඩමක් උගන්නල ඇරියෙ උබල හැදෙයි කියල හිතල…..
ඒත් මට වැරදුනා…..
තොපි හැදෙන උන් නෙමෙයි …..
කොහොමහරි තොපි ඔක්කොම බල්ලො ටික මට එකපාර හම්බුන එකත් හොදයි…..
මං මිනී මරන්න කැමතිනෑ යකෝ හැබැයි තොපි වගේ තිරිසන්නු දැක්කම පස්ස ගහන්නෙත් නෑ ….

බලපං උබේ කටුකන බල්ලො ටික මං ඉවරකලා…
දැන් මේ පලාතෙ ඉන්න එක කෙල්ලෙක්ගෙ ඇඟකටවත් මේ බල්ලන්ගෙ හුස්ම ආයිමත් වැ…ටෙ…න් ..නෙ නෑ… ය…කෝ….

ආශික් එහෙම කියල ආයිමත් ලේ පෙරාගෙන හිටිය සෝමෙගෙ මූනට පයින් ගැහුව…..
උබ හරි ආසයි නේද මේ අත් වලින් ගෑනු අත ගාන්න…..
ආසයිද…..
ආ ආසයිද…..

ආශි ඒ අත අල්ලල අඹරද්දි සෝමෙ යටිගිරියෙන් කෑ ගැහුව…..
වැටිල තියෙන පිහිය අතට ගද්දිම…..

අනේ අයිය please එපා……
විසිනි ආශිගෙ උරහිසට අත තියද්දිම ආශි ගහපු කම්බුල් පාරට කෙල්ල විසික් වෙලා ගියා….

තොට අයින් වෙන්න කිව්වනෙ…..
මං උබ ගැන පස්සේ බලාගන්නම් මගෙන් ඈත් වෙයං යකෝ…..
ආයිමත් තෝ කට ඇරියොත් මං මේකෙන්ම උබටත් ඇනල මාත් ඇන ගන්නව …..
ආවේගෙන් කෑ ගහන ගමං ආශි ආයිමත් සෝමෙ දිහාට හැරැන……

උබ මේකෙන් නේද මගෙ කෙල්ලව අතගෑවෙ…..
මේකෙන් නේද ආතල් එක ගත්තෙ …..
මං තෝව මරන්නෑ…..
උබ ජීවිත කාලෙම මැරි මරී ජීවත් වෙන්න ඕන…

ආශි පිහියෙන් සෝමෙගෙ අනිත් අතත් කපල දාල මුහුදට විසිකලා…..
සෝමෙ වේදනාවෙන් බෙරිහන් දෙද්දි මූළු ඇඟම දහඩියෙන් නෑ වෙද්දි විසිනි සිහිසුන්වෙලා ඇදගෙන
වැටුන ……

ආයිමත් කෙල්ල ඇස් අරිද්දි හිටියෙ ඇඳක් උඩ…..
ආශිත් ෂර්ට් එකක්වත් නැතිව ලඟින් නිදාගෙන
හිටියෙ ……
ඇඟේ ඇදුමක්වත් නැතිව බෙඩ්ශීට් එකක් විතරක් ඇගවටේ දවටල කියල දැනෙද්දිනම් කෙල්ල රතුවෙලා ගියා…..
කෙල්ලගෙ අත වැදිල ටේබල් එක උඩ තිබුන කා එකේ යතුර බිමට වැටෙද්දි ආශි ඔලුව උස්සල
බලල…..

ඒත් නෑ ඔළුව උස්සල බලල කෙල්ලගෙ පැත්තට හැරිල තිබුන ඔලුව අරගෙන අනිත් පැත්තට කර ගත්තු එකයි කලේ…..

තාම කේන්තියෙන් වගේ ……
මේ කොහෙද ඉන්නෙ …
මං කොහොමද ඒක දැනගන්නෙ…..
ඇහැරෙව්වොත් මගෙ ඇඟට කඩා පනියි…..
අනික මගෙ ඇදුම් ඒව ගැලෙව්වෙ කව්ද……
තව එලිවෙන්නත් පැය දෙක තුනක්ම තියෙනවත් එක්ක …..
නැන්ද දැන් බයවෙලා ද දන්නෑ ……

මෙයා මාව උදේට නොමර මරයිද දන්නෑ …..
වෙන දෙයක් වෙන්නැතෑ කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ……
තව ටිකක් වෙලා කල්පනා කර කර හිටිය කෙල්ලට ටික වෙලාවකින් ආයිමත් නින්ද ගියා…

කෙල්ල නැඟිටිනකොට ආශිගෙ අත කෙල්ලගෙ ඉනවටේ ගිහින් කෙල්ලත් හොදටම ආශිට තුරැළු වෙලා නිදි……
කෙල්ල ආශිට කලින් නැඟිට්ටත් ලැජ්ජාව නිසා බොරැවට නිදිවගේ හිටිය …….
ටික වෙලාවකින් ආශි නැගිට්ටත් සද්දයක්වත් නැතිව බලාගෙන හිටියෙ කෙල්ලගෙ මූන දිහා ……

මූනෙ තියෙන අහිංසකකම හදවතේ නෑ ……

ආශික් ඉනවටේ තිබුන අත ඇදල අරගෙන කෙල්ලව එහාට තල්ලු කරල නැඟිට්ට…….
බාත්රෑම් එකට යන සද්දෙ ඇහුන නිසා කෙල්ල නැගිටල ඇස් ඇරල වට පිටාව බැලුවෙ ගව්ම තියෙනවද බලන්න …….

ඒ ගව්මෙනුත් වැඩක්නෑ හොදටම ඉරිලනෙ තිබුනෙත්…..
කෙල්ල කාඹරේ ජනේල් ලඟට ගිහින් කාඹරෙන් එලිය බැලුව….
පුංචි ගෑනු ලමයෙක් මිදුලෙ සෙල්ලම් කරනව…..
මේක ගෙයක් වගේ …….
ඒත් එක්කම ආශි බාත්රෑම් එකෙන් එලියට ආව….
කෙල්ල බෙඩ්ශීට් එකත් හයියෙන් අල්ලගත්තෙ කඩාගෙන වැටෙයි කියල දැනුන බය නිසාමයි…..

විසිනි ආශි දිහා බැලුවත් ආශි තරහින් අහක බලා ගත්ත …..
තාමත් ඒ කේන්තිය එහෙම් පිටින්ම මූනෙ රැදිල තිබුන…..
ඒත් එක්කම ඊයෙ රෑ ආශි හැසිරැන විදිහ මතක්වෙද්දි කෙල්ලගෙ ඇඟම දහඩියෙන් තෙත්වෙලා ගියා…..

ආ තමුසෙත් wosh එකක් දා ගන්නව …..
ආශි කිව්වෙ පිහදදා ආව ටවල් එක කෙල්ලගෙ දිහාවට විසි කරන ගමනුයි…..

ඒත් එක්කම දොරට තට්ටු කරනව ඇහුන……

මචං ආශි …….
මචං ……

තමුසෙගෙ කන ඇහුනෙ නැද්ද තාම මෙතන පිළිමෙ වගේ හිටගෙන ඉන්නෙ ….
ඇයි මූට ඉන්න ලස්සන පෙන්නන්න ඕනද…..
පලයං ඔය මගුලත් අරගෙන බාත්රෑම් එකට මගෙන් මැරැම් නොකා……

කෙල්ල බාත්රෑම් එකෙන් එලියට එද්දි ලස්සන රෝසපාට ගව්මක් ඇද උඩ දාල තිබුන……
ඒත් එක්කම ආශි දොර ඇරගෙන ඇතුලට ආව….

ගිහින් ඉක්මනින් ඕක ඇදගෙන ලෑස්ති වෙනව…..
ගෙදර යන්න පරක්කුවෙනව……

කෙල්ල සද්ද නැතිව ගව්මත් අරගෙන බාත්රෑම් එකට ගියේ ආශි කියන්නෙ අහල කිසිම දෙයක් දැනගන්න පුලුවන් කෙනෙක් නොවන නිසයි ….

එයාම හිතල කිව්වොත් තමයි…
ඇහුවොත් එහෙම මගේ ඇඟට ගොඩවෙයි….

කෙල්ල ලෑස්තිවෙලා එලියට එනකොට ආශික් ඊයෙ ඇදගෙන ගිය ෂර්ට් එක ඇඳ ඇද ඒකෙ බොත්තම් දානව……..

ආශි කතාවක් බහක් නැතිව කා එකේ කී එකයි පෝන් එකයි අරගෙන ඉස්සර උනාම කෙල්ලත් ඒ පස්සෙන් ම ගියා…..

ඒ ගෙදර හිටියෙ ලස්සන ජෝඩුවක් …..
ලස්සන පුංචි හුරතල් දුවෙකුත් හිටිය …..
විසිනිගෙනම් ඇස් තිබුනෙ හුරතල් දෝනි ලගයි….

උබල යන්න ද….
ඔව් බං මෙලහකටත් අම්ම හොදටම බයවෙලා ඇති…..
දැම්ම ගියානම් හොදයි….

යමංකො බං කෑම ලෑස්ති කරල තියෙන්නෙ ……
කෑම ටිකක් කාලම පලයං ……

අනේ දැන්නම් බෑ බං ….
හොදටම පරක්කුයි…..
උබල අපිට ඊයෙ ඉන්න දීපු එකම ලොකු උදව්වක්…..
අයියෝ ඒව මොනාද බං …
ඊටවඩා කොච්චර උදව් උබ මට කරල තියෙනවද….

ආ නංගිට ගව්ම ගානටනෙ….
මං හිතේ ගානට ගෙනාව ඔය තියෙන්නෙ ලස්සනට…
ආශික්ගෙ යාළුවගෙ wife කියද්දි විසිනි හිනාවුනා…..
Thanks අක්කි කරපු උදව්වට …..

ආශියො මං හිතුවෙ උබේ නංගිය ගොළුයි කියල….
මේ කතා කරන්නෙ යස අගේට….

අනිත් අය හිනාවුනත් හිනා කඳුලක් ඒ මූනෙ තිබුනෙ නෑ ….
අපි එහෙනම් ගිහින් එන්නං ගයිය….
හා මචං ….
පරිස්සමෙන් පලයං …..

ගයාන්ගෙ පිටට තට්ටුවක් දාන ගමං ආශි කා එකට නැගල ස්ටාඩ් කලා….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ …. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *