……හිරෑගෙන්……~~~ පිනි වරැසා 21 ~~~

මෙතුම් ගෙදර එනකම් විසිනි මඟ බලාගෙන
හිටියෙ…..
ඒත් රෑවෙනකම් මඟ බලාගෙන හිටියත් මෙතුම් ආවෙ නෑ ….
කෙල්ල හිටියෙ ගොඩාක් දුකින්…..
රෑ එකොලහට විතර ඇහුන මෙතුම්ගෙ කා එකේ සද්දෙට කෙල්ල ගැස්සිලා ඇහැරැනා….

නැන්දට කොහොමටවත් බේත්ටික බිව්වහම ඇහැරෙන්නෑ….
කෙල්ල රෑ ඇදුම පිටින්ම දුවගෙන ගියේ දොර ගාවට…..
මෙතුම් බෙල්එක ගහන්නත් කලින් කෙල්ල දොර ඇරිය…..
මෙතුම්ටනම් පුදුමත් එක්ක …..
කෙල්ල දුවගෙන දුවගෙන ගිහින් මෙතුම්ට තුරැළු
වුනා….

ඇයි නංගා මේ ….
ඔයා කොහොමද මං බෙල් කරන්නත් කලින් ඇවිත් දොර ඇරියෙ ….
ඇහැරිලාද හිටියෙ ….

එකපාරටම කෙල්ල අඬන්න ගත්තාම මෙතුම් බය
වුනා….
සූදූ ඇයි මැනික ….

විසිනි මෙතුම්ව බදාගෙන අඬන්න පටන්ගත්ත…..

සුදූ ඇයි ඔයාට කව්රැවත් මොනවහරි කිව්වද මැනික…..
නෑ අයිය මට දුක හිතුන…..

මෙතුම් විසිනිගෙ කම්බුල් දිඟේ බේරෙන කඳුළු ඇඟිලි තුඩු වලින් පිස්ස…..
ඒ මොකෝ සුදු දුකෙන් හිටියෙ මගෙ මැනික….

ඔයා මට නොකියම ගියානෙ අයිය….
කවදාවත් එහෙම කරල නෑ ….
ඔයා දැන් මාව මඟ අරිනව ….
ඇයි එහෙම කරන්නෙ අයිය ….

හරි අපි ඕව පස්සෙ කතා කරමු සුදූ මට දැන් මහන්සි….

ඔය ඔයාගෙ ⁣බොරැ අයිය….
ඔයා කතා කරනව තියා මූනවත් මගෙ බලන්නැ දැන් ….
පස්සෙ කතා කරමු කියන්නෙ බොරැ….
මට දැනුයි කතාකරන්න ඕන ….

කෙල්ල ආයිමත් අඬන්න පටන්ගත්ත….

හ්ම් ….
එන්නකො එහෙනම් මුලින්ම අපි කතාකරල ඉමු…….

මෙතුම් කෙල්ලගෙ අතින් අල්ලගෙන මිදුලෙ තිබුන
බැම්ම උඩින් වාඩිකරල මෙතුනුත් කෙල්ල ලඟින්ම වාඩිවුනා….

දැන් කියන්නකො මගෙ සුදු නංගි ඇයි දුකෙන් ඉන්නෙ …..

ඔයා මාව මඟ අරින නිසා අයිය ….
ඇයි මට මෙහෙම කරන්නෙ ……
හැමෝම කරන්නෙ මගෙ හිත රිද්දන එකමයි….

කවුද එතකොට දැන් හැමෝම…..
ඔයයි පොඩි අයියයි…..

මටත් ඔයාගෙන් දෙයක් දැනගන්න තියෙනව සුදු
නංගි …..
ඔයා මට ඇත්තම කියන්න ඕනෙ…..
ඔයා මට ඇත්ත කිව්වොත් මං ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙනව සුදූ …..

හා අහන්න …..

විසිනි හිමින්සැරේ මෙතුම්ගෙ උරහිසට කම්බුල තද කරත් මෙතුම් ගනන්ගන්නෙ නැතිව හිටිය….

ඔයාගෙයි අපේ මල්ලිගෙයි සම්බන්ධයක්
තියෙනව ද….
මට ඒක විතරක් කියන්න ……

නෑ අයිය …..
එහෙම දෙයක් නෑ ….

ඔය ඇත්තමද…..
ඒත් මට දැනෙන්නෙ ඒක බොරැවක් කියල….
මං කෙලින්ම අහන්නම් නංගි…..
මං දවසක් දැක්ක උදේක ඔයා මල්ලිගෙ රෑම් එකේ මල්ලිගෙ පපුවේ නිදාගෙන ඉන්නව …..
ඒ ආදරේ නෙමෙයි ද නංගී …..

නෑ අයිය ඔයා හිතනදේ නෙමෙයි එදාවුනේ…
මං ඔයාට වෙච්චි හැමදේම කියන්නම් අයිය …..

විසිනි වෙච්ච හැමදෙයක්ම එක හුස්මටම මෙතුම්ට
කියාගෙන කියාගෙන ගියා …..

මගෙ හිතේ එයාට ආදරයක් නෑ අයිය ….
එයාගෙ හිතේ මොනව තිබුනත්….
එයා මට අාදරේ කරන්නෙ එයාගෙන් මට වැරැද්දක් වුනා කියල හිතලයි …..
එහෙම වෙලා නෑ කියල දැනගත්තොත් එයා මාව අතඅරියි…..
ඒක නිසා මට බයයි අයිය එයාගැන හිතන්නවත්…..
මට එදාවෙච්ච දේ කියන්නත් බයයි …..
බොරැවක් කිව්වෙ කියල දැනගත්තොත් එයා මාව මරයි අයිය ….

මං හොදටම මගෙ මල්ලි ගැන දන්නව සුදූ…..
එයා කවදාවත් කෙල්ලෙක් දිහා බලනවත් එකෙක්
නෙමෙයි …..
ඌ ගොඩාක් දුක් විඳල තියෙනව සුදූ…..
ඔයත් ඌට මුළු හදවතින්ම ආදරේ කරන්න සුදූ….
කවදාවත් ඔයාට එ්වගේ කොල්ලෙක් හම්බෙන්නෑ
මැනික ……
මට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරයි …..

ඇත්තටම මං ඔයාට ගොඩාක් ආදරේ කලා…
ඒත් දැන් ඉදන් එහෙම නෑ ……
ඔයාව අයිතිවෙන්න ඕනෙ ඌට විතරයි ……
ඔයාගෙන් ඉල්ලන්⁣නෙ එකම දෙයයි ඌට ආදරේ කරන්න ඔයාගෙ ආදරේට පුලුවන් ඌව හොද මිනිහෙක් කරන්න …..

ඔයාගෙ හිතේ මං ගැන පුංචිම හැඟීමක් හරි තිබ්බනම් ඒක දැම්මම අයින්කර ගන්න සුදූ….
මං මේ මොහොතෙ ඉඳන්ම හිතා ගන්නව ඔයා මගෙ එක කුස උපන් නංගි කියල ……
ඔයා මට මගෙ සහෝදරී විතරයි මගෙ නංගි ඒක කවදාවත් අමතක කරන්න එපා මැනික එච්චරයි ඔයාගෙ මේ අයිය ඉල්ලන්නෙ …..

මං යනව…..
ඔයත් ගිහින් නිදාගන්න ……

නවතින්න අයිය …..
මල්ලිගෙ ආදරේ වෙනුවෙන් තමන්ගෙ ආදරෙත් අමතක කරනවද ඔයා …..
ඇත්තටම මගෙ හිතෙත් ඔයා ගැන මොකක්ද දෙයක් තිබුන …..
ඒක ආදරේද මොකක්ද කියන්න මං දන්නෑ අයිය….

ඒත් මට බයයි අයිය එයාගැන හිතන්නවත් …..
එයා හරි නපුරැයි දඩබ්බරයි ගොඩාක් සැරපරැෂයි
එහෙම කෙනෙක්ට මං ලංවෙන්න බයයි අයිය ….
මට බයයි …….

ඔයත් හොද කෙනෙක් නෙමෙයි අයිය ……
ඔයාටත් ඕනෙ ඔයාගෙ මල්ලිව හදාගන්න මාව පාවිච්චි කරන්න …..
මට මේ මොහොතෙ ඉඳන් ඔයාවත් එපාවුනා අයිය….
මට ඔය දෙන්නගෙන් කාවවත් එපා ….
ඔය දෙන්නගෙන් කාටවත් මං කවදාවත් ආදරේ කරන්නෑ …..
ඔයාටත් ඕනෙ මාව ඒ ගිනි ගොඩට බිලි දෙන්න විතරයි ….

පිරිමි ඔක්කොම එකයි….
ආත්මාර්ථකාමී….
මට ඔයාලගෙ ආදරේ ඕනනෑ අයිය …..
මගේ ජීවිතේ හදාගන්න මං තනියම උත්සහ කරනව…..
ගොඩාක් ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට..
මං යනව….

කෙල්ල කඳුළු පිහ පිහ කාඹරේට ගිහින් දොර වහගත්ත ….
ජීවිතේට පිරිමියෙක් ඕනම කියල හිතාගෙන ඉන්නෙ
දුර්වල ගෑනු …..
මගේ ජීවිතේට කවදාවත් පිරිමියෙක් ඕනනෑ ….

විසිනි මෙතුම් එක්කවත් ආශි එක්කවත් කතාබහ කලේනෑ ….
අඩුගානෙ ඒගොල්ලන්ගෙ මූණවත් බැලුවෙ නෑ …
ආශිටනම් ඒකෙ එච්චරම වෙනසක් දැනුනෙ නෑ
මොකද විසිනි හැමදාම ආශිට සැලකුවෙ එහෙම නිසා …..

ඒත් ආශි හැමතිස්සෙම විසිනිගෙ පස්සෙන් හිටිය…..
විසිනි ආශිට ලංවෙයි කියන බලාපොරොත්තුවෙන් මෙතුම් හැමදේටම කරඹාගෙන හිටියෙ ….

උසස්පෙල විභාගෙත් ලඟ ලඟම එනනිසා කව්රැවත් විසිනිට වචනෙකින්වත් බලපෑමක් කලේනෑ …..
විසිනිත් මේ හැමදේම අමතක කරල විභාගෙට හොදින් ලෑස්තිවුනා ……
ආශිගෙ ඇස්නම් නිතරම විසිනිගෙ රෑපෙමයි
හෙව්වෙ…..

විභාගෙ ලංවුනාම සසිනිත් ඇවිල්ල විසිනිගෙ ගෙදර නතරවුනා …..
දෙන්නම එකතුවෙලා පාඩම්වැඩ කලා…..
කෑම මේසෙදි නිතරම ආශික්ගෙ ඇස් විසිනිගෙ ඇස්වල පැටලෙන්න ආවත් විසිනි ආශික්ගෙ දිහා බැලුවෙවත් නෑ ….

කොහෙද උබ යන්නෙ …..
තව ටිකයිනෙ මේ පාඩමේ ඉතුරු ටිකත් ඉවර කරලම පලයංකො…..
හරි හරි බං තිබහයි…..
මං බොන්න මොනවහරි අරගෙන එන්නං ….

කෙල්ල පහලට යනකොට ආශි බයික්එක ස්ටාඩ් කරනව ඇහුන ….
නිසමට වගේ දොරෙන් එලියට කෙල්ල ඔලුව දාල
බලන්නකොට දැක්ක දෙයින් කෙල්ලගෙ මුළු ඇගම හිරිවැටිල ගියා……..

Likes ,comments වලට thanks
මගෙ යාලුවනේ …… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *