…….හිරෑගෙන්…….~~~ පිනි වරැසා 24 ~~~

ආශි දුන්න සරම උරහිස් උඩින් දාගෙන විසිනි ඉක්මනින් කාඹරේට දිව්ව……
සසිනි තාමත් ගෙදර ඇවිල්ල නැති එකනම් කෙල්ලට ලොකු සැනසීමක් ගෙනාවේ …..
බාත්රෑම් එකට ගියෙ බාගෙට තෙමිල හිටිය නිසා හොදටම නාගන්න හිතාගෙන …..
ෂවර් එක යටට වුනාම කෙල්ලට මතක්වුනේ ආශි කියල ගිය වචන ටිකයි ඒක මතක්වෙද්දිනම් කෙල්ලගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්ත …..

එයා ඇත්තටම එහෙම කරයිද…..
නෑ එහෙම නැතිවෙයි …..
ඒත් කරනව කිව්ව දෙයක් කවදාවත් නොකර ඉන්නෑ හොදින්හරි නරකින්හරි කරනවමයි…..
මං නිසාද දෙයියනේ එයාගෙ ජීවිතේ නාස්ති වෙන්නෙ …..
මට ගොඩාක් බහ හිතෙනව දැන්නම් ……
ඒත් මං ඇයි එයාගැන වදවෙන්නෙ…..
පුංචි ලමයෙක් නෙමෙයිනෙ දැන් එයාට හොදයි හිතෙනදේනෙ කරන්නෙ මට මොකද ඉතිං …..
ඒත් ඇයි දෙයියනේ මට වරදකාරී හැඟීමක් දැනෙන්නෙ ……
හරියට මගේ ලඟ තිබුන දෙයක් මට නැතිවෙලා ගිහා වගේ ලොකු දුකක් මට දැන් දැනෙනවනෙ…..

ඒයි මොකද යකෝ කරන්නෙ මං දැන් ඇවිත් පැයකටත් කිට්ටු වෙන්න එනව උබ ඕකෙ පැලවෙලාද බොල…

සසිනි දොරට ගගහ කෑ ගහන සද්දෙටයි විසිනිට මතක්වුනේ දැන් ගොඩක් වෙලා ඉදන් බාත්රෑම් එකේ ඉන්නෙ කියල …….

විසිනි නාඟෙන එලියට එනකොටම සසිනි අත්දෙකත් ඉනට දිහාගෙන විසිනි දිහා බලාගෙන හිටියෙ ……

උ⁣බ මට ඇත්ත කියහන් කාගෙද මේ සරම…..
කවුද අපි නැතිවෙලාවෙ ගෙදරට ආවෙ…

කව්රැ එන්නද බං ….
මං වැලේ තිබුන රෙදි ගන්කොට ඒ එක්ක එන්න ඇති ඕක අයියලගෙ එකක් වෙන්න ඇති …..
එතකොට අඬල උබේ ඇස් රතුවෙලා තියෙන්නෙ….
පිස්සුද බං ඒ ගොඩක්වෙලා නාපුනිසා වෙන්න ඇති….
හරි ඒකත් එහෙම කියමුකො ඔය උබේ තොල තුවාල වෙලා තියෙන්නෙ කොහොමද ……

මොනවද බං ආව වෙලාවෙ ඉඳන්ම ප්‍රශ්න අහනව ඉවරයක් නෑ යමංකො කන්න කාල පාඩම්කරන්න ලෑස්ති වෙමු…..

හරි උබ අකමැතිනම් කියන්න ඕනෙ නෑ …..
ඒත් මං උබට එක දෙයයි කියන්නෙ කරන දෙයක් පරිස්සමෙන් කෙල්ලෙක් කියන්නෙ වීදුරුවක් වගේ කෙල්ලෙක්ගෙ ජීවිතේ එක තීරණයක් වරද්ද ගත්තොත් කුඩු වෙච්චි වීදුරැ මගේ ආයිමත් කවදාවත් හදන්නත් බෑ ගොඩනගන්නත් බෑ …

මට තේරෙනව බං උබ කියනදේ….
මං කවදාවත් ජීවිතේ වරද්ද ගන්නෑ බං මං උබට කියන්නම් හැමදේම හැබැයි මේ වෙලාවෙ නෙවෙයි මට ඒව ගැන හිත හිත විභාගෙ අනාගන්න බෑ ඒ නිසා මං උබට හැමදේම කියන්නම් හැබැයි පස්සෙ…..

උබට ඕන වෙලාවක් බං මට එක දෙයයි වෙන්න ඕනෙ උබ ජීවිතේ නාස්ති කර නොගන්න එකයි හරි හරි හරි මැට්ටි මදැයි ඔය කල්පනා කලා යමන්කො කන්න මට බඩගිනි බං ගෙදරින් කෑවෙත් නෑ අපරාදෙනෙ නැන්දගෙ රසම රස බත් එක……..

සසිනි කෑවත් පලවෙනි බත්කට කටට ගද්දිම විසිනිට මතක්වුනේ ආශිව…..
එයා මොනව කරනවද දන්නෑ බඩගින්නෙ ඉන්නවද දන්නෑ මාත් එක්ක තියෙන තරහට නැත්නම් අර කියපු විදිහට මේ වෙලාවෙ…..
නෑ ඒක වෙන්න විදිහක් නෑ එයා එහෙම කෙනෙක් නෙමෙයි ඒත් එහෙම කරනව කිව්වනෙ…..

විසිනි කෑම කන්නෙ නැතිව අතගගා හිටිය එකයි කලේ….
ඒයි උබ කන්නෙ නැද්ද ….
ඔලුව කැක්කුමයි බං මං යනව රෑම් එකට කෑම නොකාම කෙල්ල ගිහින් ඇදට වැටුන …

විසිනි උබ අද පාඩම් කරන්නෙ නැද්ද බං නිදාගෙන ඉන්නෙ නැගිටහංකො….
මට අද බෑ බං මගෙ ඔලුව ටිකක් රිදෙනව …..
උබ පාඩම් කරහන් …..

සසිනි ආයිමත් විසිනිට කතා නොකලෙ විසිනිට කොච්චර කිව්වත් වැඩක්නැති නිසාමයි……

එදා සිදුවීමෙන් පස්සේ ආශි ගෙදර ආවෙ නෑ නැන්ද ආශි නැති වේදනාවෙන් අඬද්දිනම් කෙල්ලට හිතුනෙම ආශිව හොයාගෙන යන්නමයි…..
වෙනදට නිතරම බස් ස්ටෑන්ඩ් එකේ යාලුවොත් එක්ක කාලය ගෙවන ආශි දැන් දකින්නවත් නෑ ….
අහම්බෙන් ඒ රැව නෙත ගැටුනත් ආශි ඒ පැත්තෙවත් ඉන්නෙ නැතිව යන්න යනව…..
ක්ලාස් එනකොට යනකොට වටේ හැරි හැරි විසිනි නිතරම බැලුවෙ ආශිව…..
මෙතුම් ගිහින් ආශිට ගෙදර එන්න කතා කලාම කියල තිබුනෙ වැඩ වගයක් තියෙනව ඉවර කරල ගෙදර එනව කියලයි……

එදා කෙල්ල පංති යන අතරෙ කෙල්ල දැක්ක ආශි එක්ක තුරැළුවෙලා එදා ගෙදර ආව කෙල්ල බයික් එකේ යනව…..
තව දවසක් සුදු ගොඩාක් ලස්සන කොන්ඩෙ දිගට තියෙන කෙල්ලෙක්⁣ගෙ අතින් අල්ලගෙන යනව ඒ කෙල්ලත් ආශිට කිට්ටුවෙලා හයියෙන් හිනාවෙවී යනව පෙනුමින්නම් ඒ කෙල්ල අහිංසක පාටයි කියල විසිනිට හිතුන ……

ආශි විසිනි දැක්කට පස්සෙ අදුරන්නැති කෙනෙක් වගේ අහක බලාගෙන යනව දැක්කමනම් කෙල්ලට මහ පාරෙම ඇඬුන…..

ටික ටික විභාගෙට දින ලං වුනත් කලින් තිබ්බ උනන්දුව කැපවීම කෙල්ලගෙ තිබුනෙ නෑ වැඩිහරියක්ම කලේ කල්පනා කරන එකයි නිදාගන්න එකයි…..
සසිනි නිතරම විසිනිට කෑ ගැහුවත් විසිනි ඇහෙන්නෑ වගේ ඉන්නව …..

විභාගෙට යන දවසෙත් කෙල්ල දැක්ක ආශි අතේ එල්ලිලා ගිය කෙල්ලම අදත් ආශිගෙ අත් ගොබේක
එල්ලිලා හිනාවෙවී එනව…..
ඒත් අදනම් ආශි වෙනද වගේ යන්න ගියෙ නෑ …..
කෙල්ලව එතනම නවත්තල පාර පැනල විසිනි ලඟට දුවගෙන ආව…..

අද එක්සෑම් පටන් ගන්නව නේද….
ඔව් …
හොදට කල්පනාවෙන් උත්තර ලියන්න …
හ්ම් ……
මං යනව….
මේක කාටහරි කියල බැද ගන්න …..
මං ඒවට සුදුසු මිනිහෙක් නෙමෙයිනෙ …..
ආශිගෙ වචන පිහිතුඩු ඇනෙනව වගේ කෙල්ලට දැනුනෙ ….
ආශි විසිනි එක්ක කතා කරපු හැම වචනයක්ම කිව්වෙ අහකබලාගෙන කෙල්ලට දීලගිය පිරිත් නූල පවා දුන්නෙ අහකබලාගෙනමයි….

ආයිමත් අර ගෑනු ලමය ලඟට දුවගෙන ගිය ආශි ඒ ලමයගෙ අතින් අල්ලගද්දි විසිනිගෙ කම්බුල් දිගේ කඳුළු ගලාගෙන ගියා…..
ආශිත් යන්තමින් වගේ කෙල්ල දිහා බලල යන්න ගියා ……

හරිම ලස්සන අහිංසක තැන්පත් ගෑනු ලමයෙක්….
ඔයා ඇත්තටම එයාට ආදරේ කරනවද අයිය ……

විසිනි පිටුපා යන ආශි දිහා බලාගෙන හිතුවෙ ගොඩාක් දුකෙන් …..
විභාග ශාලාවට ගියත් කෙල්ල ප්‍රශ්න පත්‍රය අතට අරගෙනත් කලේ කල්පනා කරපු එකයි…..
විභාගෙත් ඉවරවෙලා ගියා සසිනිට ප්‍රශ්න පත්‍රය ගොඩාක් ලේසි උනත් විසිනිටනම් සෑහෙන්න අමාරැවුනා ……

විභාගෙ ඉවරවෙලා ගෙදර එනකොට ආශිගෙ බයික්එක මිදුලෙ නතර කරල තියෙනව දැක්කම කෙල්ලට දැනුනෙ පුදුම සතුටක් ……
විසිනි ආශිගෙ කාඹරේ පහුකරගෙන යන්න හදද්දි කෙල්ලට හිතුන ආශි ඉන්නව ද බලන්න …..
කාඹරේ දොර රෙද්ද ඈත් කරල බැලුවත් ආශි ඇතුලෙ හිටියෙ නෑ ….

ආශිගෙ පර්ස් එකයි පෝන් එකයි ටේබල් එක උඩ තියෙනව දැක්කමනම් දැනගත්ත ආශි ඇවිල්ල තමයි කියල ……
ආපහු දොර රෙද්ද අත ඇරල යන්න හදද්දි හැඩිදැඩි පපුවක කෙල්ල හැප්පිල ගියා…..
ඉනට අත් දෙකත් තියාගෙන කෙල්ලට රවාගෙන හිටිය ආශි රෑම් එකට ගිහින් හයියෙන් දොර වහගත්ත …

හවස හතරහමාර විතර වෙනකොට විසිනි ගිහින් ගෙදර ඔක්කොටම තේ හදන්න පටන්ගත්ත….
සෝෆා එකේ වාඩිවෙලා හිටිය නැන්දට තේ එකදීල කෙල්ල යන්න හැදුවෙ ආශිට තේ එක දෙන්න එතකොටම ආශි කොන්ඩෙ අතින් හද හද පඩ්පෙල බැහැගෙන ඇවිත් අම්ම ලඟට ගියා….

කොහෙද යන්නෙ පුතා මේ හදිසියේම ….
යාළුවෙක්ගෙ ගෙදර….
එහෙනම් ඇවිත් මේ තේටික බීල යන්න …..
මට එපා….

ආශි අහකබලාගෙන කියද්දිනම් කෙල්ලට ⁣ගොඩාක් දුක හිතුන ……
මං යනව අම්ම ….

ටේබල් එක උඩ තිබුන හෙල්මට් එකක් අතට අරගෙන ආශි ආයිමත් අම්ම දිහාවට හැරැන ….

අද රෑට මගෙ යාළුවෙක් එනව අම්ම ටික දවසක් මෙහෙ නවතින්න එක්ක …….
එයාට රෑම් එකක් ලෑස්ති කරල තියන්න ….

බයික් එක ස්ටාඩ් කරල ආශි වේගෙන් යන්න ගියා…….

අනේ මන්ද මොකට මෙහෙම රේස් යනවද කියල
මේ කොල්ල හරිම හිතුවක්කාරයි එන්න එන්නම….

නැන්ද ඇස්වල කඳුළු පුරෝගද්දි කෙල්ලට නැන්ද ගැන දැනුනෙ පුදුම වේදනාවක් …..

Likes ,comments වලට ගොඩාක් ස්තූතියි මගෙ යාලුවනේ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *