…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 29 ~~~

මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඇයි උබට බැරි මාව මැරි කරන්න තමුසෙ මොකද මෙච්චරටම මුරංඩු ටිකක් කල්පනා කරල බලනව හැමදේම විසදෙනව අපි කසාද බැන්දහම…..

ම..ට බෑ …
ආශිගෙ අත ටික ටික තදවෙද්දි විසිනිට හුස්ම ගන්න බැරිව දැගලුව කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලගෙනම ආශි කෙල්ලව ඇදට තල්ලු කලා …..

මට උබේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ උබව හොදින්හරි නරකින්හරි මං කසාද බදිනව අද …..
ඒකනිසා මාව තවත් අවුස්ගන්නෙ නැතිව හොදහිතින් ලෑස්ති වෙයං…..

කෙල්ලට ඇඟිල්ල දික්කරල කියල ආශි යනවත් එක්කම

එතකොට ශශීට මොකද වෙන්නෙ …..
මට බෑ මං නිසා තවත් කෙනෙක් අසරණ කරන්න….

තමුසෙ මං කියපුදේ කරනව මං ඒකි ගැන බලාගන්නම් …..

බලාපොරොත්තු දීල පොරොන්දු දීල එයාව මෙහෙම අතරමං කරනඑක හරිද අයිය මොනවඋනත් එයත් ගෑනියෙක් මමත් ගෑනියෙක් මට බෑ තව කෙනෙකුට ගින්දරක් දීල අහක බලාගන්න ….

මම වෙන එකෙක්ටවත් බලාපොරොත්තු දුන්නෙත් නෑ පොරොන්දු වෙලත් නෑ ඒක මටත් වැඩිය හොදට ඒකි දන්නව ඒකනිසා තමුසෙ ඒක ප්‍රශ්නයක් කර ගන්න ඕන නෑ …..
මං පොරොන්දු දීපු එකම එකීව තමයි මේ බැද ගන්න දඟලන්නෙ …..

එතකොට මාව රිද්දන ශශීව පාවිච්චි කරල එයාගෙ ජීවිතේ විනාශ කරපු එකත් හරියි කියලද කියන්නෙ…

මං කිව්වනෙ ඒකි හැමදේම දැනගෙනයි හිටියෙ
මං කවදාවත් මං ගැන බලාපොරොත්තු තියාගෙන කියල එයාට කියල නෑ ….

ශශීගෙ දරැවට මොකද වෙන්නෙ අයිය …

කෙල්ල එහෙම අහද්දි ආශි තරහින් පිරැන ….

මං උබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැදිල නෑ ඒ හැමදෙයක් ගැනම මං බලාගන්නම් තමුසෙට තියෙන්නෙ ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනඑක විතරයි ……

මං තමුසෙට හැමදේම කියන්නම් මට ප්‍රශ්න වගයක් තියනව ඒ ඔක්කොම සෙට්ල් වුනාම මං තමුසෙට හැමදේම කියන්නම් එතකම් පුලුවන්නම් මාව ටිකක් විශ්වාස කරනව…..

ආශි ගියාට පස්සෙ ටික වෙලාවකින් කාඹරේ දොරට කව්රැහරි තට්ටු කරනව ඇහුන නිසා මෙතෙක්වෙලා සාරිය දිහා ලබාගෙන ඔහේ කල්පනා කර කර හිටිය කෙල්ල ගැස්සිල ගියා ……

ඇයි සාරි එක ලස්සන නැද්ද ….
ටිකක් නවීන තාලෙට ඇද පැලදගත්ත අවුරැදු තිහක විතර ගෑනු කෙනෙක් ආවෙ….

නෑ එහෙම දෙයක් නෑ ලස්සනයි …..
කෙල්ල හරිම අමාරැවෙන් දෙතොල් වලින් විතරක් හිනාවෙලා කිව්වෙ ….

කැත වෙන්න විදිහක් නෑ ඔයාගෙ මහත්තය වෙන්න ඉන්න එක්කෙනා තමයි තේරැවෙ මං කලේ ජැකට් එක මහපු එක විතරයි …

කෙල්ල හැමදේම ඔහේ අහගෙන හිටිය මිසක් වැඩි විස්තර අහන්න ගියේ නෑ ….

ආශි මල්ලිගෙ තේරීම හරිම ලස්සනයි ….

ඔව් සාරිය ලස්සනයි ….

මං කිව්වෙ සාරි එක ගැන නෙමෙයි නංගි ඔයා ගැන….
ඒ වගේ ගල් හිතක් හෙල්ලුව කියන්නෙත් පුදුමයක්….
පුදුමෙකුත් නෑ ඉතිං මේ වගේ ලස්සන කෙල්ලෙක් ලග මොන කොල්ලටද හිත ගල් කරගෙන ඉන්න පුලුවන් …..
ම්….

ආශි මල්ලි මං හොදට දන්නව ටිකක් දඩබ්බරයි උනත් ඒ වගේ හොද කොල්ලෙක් මේ පලාතටවත් නැතිව ඇති….
නංගි හරිම වාසනාවන්තයි …..

ඔය ටික මට කියන්න කිව්වෙ එයාද අක්කා….

නෑ මගෙ රත්තරනේ ඔයා මේ මොනවද කියන්නෙ ඒ කොල්ල එහෙම දෙකයිපනහෙ වැඩ කරන එකෙක් නෙමෙයි මං මගෙ හිතේ තිබුන දේ අවංකවමයි කිව්වෙ …..

හරි අපි ඒ හැමදේම අමතක කරල වැඩේට බහිමු එහෙනම් …..

ඒ කිව්වෙ ….

මං මේනකා….
ඔයාට අන්දන්න මං ආවෙ ඇයි මල්ලි කිව්වෙ නැද්ද මං එනව කියල …..
කමක්නෑ නංගි ජැකට් එක ඇදගන්නකො එහෙනම් මල්ලි කිව්ව නිසා අපේ නංගිගෙ ගානමයි ඔයත් කියල මං නංගිගෙ මිම්මට මැහුවෙ ……
ගානට තියෙයි වගේ …

මට බෑ අක්ක මං කැමතිනෑ මේ කසාදෙට …..

අනේ නංගි මෙතන ප්‍රශ්නයක්නම් අතිකරන්න එපා දන්නවනෙ ආශික්ගෙ හැටි හොදටම ඒනිසා එයා කියන දේ කරන්න මැනික ……
මටත් තව ටිකකින් බැනුම් අහන්න වෙයි ඔයාව ලෑස්ති කලේ නෑ කියල ඒ නිසා ඇඳ ගමු නංගී ….

කරන්න කිසිම දෙයක් නැතිනිසා මේනකාට ඕන දෙයක් කරගන්න දීල විසිනි සද්ද නැතිව හිටිය …..

හරිම චාම් විදිහට සාරියකින් විසිනිව හැඩගැන්නුව….

වාව් මාරම ලස්සනයි නංගි මං අන්දපු ලස්සනම බ්‍රයිඩ් ඔයා තමයි…
ඇත්තටම ලස්සනයි …….
තව ටිකකින් මගේ ඇස්වහත් වදියිද දන්නෑ …..

ඔහොම මලානික වෙලා ඉන්න එපා නංගි හිනාවෙලා සතුටින් ඉන්න අද ඔයාගෙ ජීවිතේ ලස්සනම දවසනෙ සතුටින් ඉන්න ….

මේනකා විසිනිගෙ දෙකම්මුල් සිපගෙන රෑම් එකෙන් යනවත් එක්කම ශශී කලබලෙන් වගේ රෑම් එකට දුවගෙන ඇවිත් දොර වහගත්ත …..

කෙල්ලගෙ ලස්සන දැක්කම ඉරිසියාවෙ පුපුරන්න
හැදුව ……
එනිසා බොරැවට හයියෙන් අඬාගෙනම කෙල්ල ලගට ආවෙ…..

ඇයි විසිනි ඔයා දැන දැනත් මට මෙහෙම කරන්නෙ….
ඇයි මාව දරැවෙක් එක්ක තනි කරන්න හදන්නෙ ඔයත් ගෑනියෙක්නෙ ඔයාට මං ඉන්න තත්වෙ හොදට තේරෙනවනෙ ප්ලීස් ඔයාට විතරයි පුලුවන් මට උදව් කරන්න මට මෙහෙම කරන්න එපා විසිනි….

මං කොහොමද මේ සමාජෙට මූන දෙන්නෙ මට අනුකම්පා කරන්න විසිනි ….
හරි ඔයාට මාව විශ්වාස කරන්න බෑනෙ එහෙනම් මේක ටිකක් බලන්නකො මේ මගේ ප්‍ග්රන්සි රිපෝට් එක …..

විසිනි අතට ගද්දි අත වේගෙන් ගැහෙන්න ගත්ත

දෙයියනේ මේක පොසිටිව් …..
මේතරම් වංචාවක් මට කලාද සුදු අයියෙ ඔයා….
ඔයාට නොකිව්වත් මගෙ පන මං ඔයා මත්තෙ මැරෙන්න උනත් ලෑස්ති වෙලා හිටියෙ …
ඇයි රත්තරනේ මට මේ තරම් ද්‍රෝහිකමක් කලේ මොන හිතකින්ද අයිය …..
ඔයාගෙ දරැවෙකුට අම්ම වෙන්න හීන දැකපු මට වෙන කෙනෙක්ගෙ කුසේ ඔයාගෙ දරැවෙක් ඉන්නව දකින්න මං කොච්චර පව්කාරයෙක් ද …..

කෙල්ල කොට්ටයක් තුරැළු කරගෙන හයියෙන් ඉකි ගහල ඇඬුව ….

මං යනව විසිනි ආශි මට දැම්මම ගෙදරින් යන්න කිව්ව..
මං එයා මාව දකින්න කලින් මෙතනින් යන්නම් ….
මෙතන ඉන්නව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි…..
මං යනව විසිනි මගෙ දරැවගෙ අනාගතේ රැදිල තියෙන්නෙ දැන් ඔයාගෙ අතේ…..

ශශී එලියට යන්න දොර අරිද්දි ආශි හිටියෙ දොර ඉස්සරහ හිටගෙන බිත්තියට අතක් තියාගෙන….

ආ…ශි ඔ …යා …..
ඔව් මං තමයි …..
තමුසෙ මොකද කරන්නෙ මේ රෑම් එකේ…..
මං මේ නි..ක..න් ආ…වෙ වි..සි..නි බ..ල…න්..න..
දැන් බැලුවනෙ එහෙනම් යනව….
දැම්ම ගෙදරිනුත්…

ආශි රෑම් එක ඇතුලට ඇවිත් වේගෙන් දොර වැහුව…
බයවෙලා වගේ කෙල්ල දිහා බලාගෙන හිටියෙ ….
යන්තම් හිනාවෙලා ඔලුව කස කස විසිනි ලඟට ඇවිත් බිමට නැඹුරු කරගෙන ඉන්න ඒ මූන නිකටින් අත තියල උඩට ඉස්සුව ……..

තමුසෙ අද පුදුම ලස්සනයි මගෙ නංගි දැක්කහම මට ඉතිං ……
කියන්න වචන නෑ මට ඉන්නෙ හැම අතින්ම සුන්දර බිරිඳක් …….
වෙලාව හරි රෙජිස්ට්‍රාර් ඇවිත් ඉන්නෙ අපි යමු දැන්…

විසිනිටත් ආශි දැක්කම ඇස් අදහගන්න බැරිවුනා….
සාරි එකට ගැලපෙන අත්දිග ෂර්ට් එකකින් හැඩවෙලා තිබුන ඒ රැවේ තිබුනෙ පුදුම කඩවසම්
බවක්…..

අාශි කිව්වෙ කෙල්ලගෙ අතින් අල්ල ගන්න ගමන් ගොඩාක් ආදරෙන් ……..
ඒත් ඒ අත විසිනි ගසල දාද්දි ආශි පුදුමවෙලා බලාගෙන හිටියෙ ……

ඇයි මේ…..

මං කිව්වනෙ මං මේ කසාදෙට කැමති නෑ කියල ප්ලීස් ඒකනිසා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..

තමුසෙ තාමත් ඔය අහංකාරකම අත ඇරියෙ නැද්ද…..
තමුසෙට මගෙ අතින් මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දිත් තමුසෙට ඕන මගෙන් ඈත් වෙන්න…..
වෙන කෙල්ලෙක්නම් හදන්නෙ කොහොමහරි ඉක්මනට කසාද බැදගන්න…….
මට තමුසෙ තේරුම් ගන්න අමාරුයි ……
ඒවයින් වැඩක්නෑ එනව අපි යමු දැන් ……
මේපාරනම් ආශි කලින්ටත් වඩා හයියෙන් තද කරල අත අල්ල ගත්තෙ ……

මාව අත අරින්න මට බෑ කිව්වොත් බෑමයි……

විසිනි කෑ ගහද්දිම ආශි කෙල්ලගෙ අතින් ඇදගෙන
ගියා….
කෙල්ලව ඇඳගෙන පහලට එද්දි එතන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න පිරිස දැක්කම කෙල්ලට දැනුනෙ ලොකු ලැජ්ජාවක් ……

කෝට් එකක් දාගෙන හිටිය කෙනා රෙජිස්ට්‍රාර් කියල කෙල්ලට තේරැනා ඒ වගේම අන්දපු මේනකා අක්ක වගේම තව මැදි වයසෙ කෙනෙකුයි ආශිගෙ වයසෙ වගේ කොල්ලො දෙතුන් දෙනෙක්ම හිටිය……

පේනවනෙ මෙතන තව කට්ටිය ඉන්නව නටල මට ලැජ්ජ කරන්නෙ නැතිව තමුසෙට තියෙන්නෙ සද්ද නැතිව අත්සනක් දාන්න විතරයි ……
එහෙම නැතිව මෙතන යකා නටල මාව නරක මිනිහ කර ගන්න එපා……..
තමුසෙට තේරැනානෙ ⁣….

කෙල්ල ඉකි ගගහ අඩද්දි පහලට ඇදගෙන එනව දැක්කම හැමෝටම තේරැනා මේක අකමැත්තෙන් වෙන විවාහයක් කියල…..

රෙජිස්ට්‍රාර් මහත්තය ඔයාගෙ වැඩේ පටන්ගන්න එහෙනම්…..

ටේබල් එක ඉස්සරහ පුටු⁣වකින් විසිනි වාඩිකරවල ආශිත් ඒ ලගින්ම වාඩිවුනා ඒත් අල්ලගෙන ඉන්න කෙල්ලගෙ අතනම් අත ඇරියෙ නෑ …..
සාක්කියට කෙල්ලගෙ පැත්තෙන් මේනකා වාඩිවුන අතර ආශිගෙ පැත්තෙන් තරමක් මැදි වයසෙ හිටිය කෙනා වාඩිවුනා …..
කෙල්ල අඬනවනම් බලාගෙන හිටියෙ හැමෝම හරිම දුකෙන්…

මනමාල මහත්තය මෙතනින් අත්සන් කරන්න …
ආශි කෙල්ල දිහා බලන ගමන් යාන්තන් හිනාවෙලා අත්සන් කලා…..

මනමාල මහත්මිය මෙතනින් අත්සන් කරන්න….
රෙජිස්ට්‍රාර් වරයා දෙතුන් වාරයක්ම කිව්වත් කෙල්ල බිම බලාගෙන අඬ අඩා හිටියෙ …..

තමුසෙගෙ කන ඇහෙන්නැත්ද අත්සන් කරනව ඔතනින් ….
කෙල්ල අඬ අඩාම ඔලුවෙන් කිව්වෙ බෑ කියලමයි….

හරි බෑනෙ එහෙනම් ….
කෙල්ලව අල්ලගෙන ඉන්න අත එන්න එන්නම තද වෙද්දී තව හයියෙන් ඇඩුන….
ආශි ඉනේ ගහගෙන හිටිය පිස්ටල් එක අතට ගද්දිනම් විසිනිගෙ මුළු ඇඟම ගැහෙන්න ගත්ත….

උබ දන්නවනෙ මේ ආශිගෙ වචන දෙකක් නැතිබව
දැන් උබ අත්සන් නොකෙරැවොත් උබට දකින්න වෙන්නෙ මගේ මලගම තමයි ……

ආශි පිස්ටල් එක ඔලුවට තියාගද්දි කෙල්ලට මතක්වුනේ එදා හිතක් පපුවක් නැතිව සෝමෙගෙ ගෝලයන්ට වෙඩිතියපු විදිහ …..

එයා කිව්වොත් කරනවමයි…
දෙයියනේ මං මොනවද කරන්නෙ දැන් …….
මොනදේ උනත් දැන් මට මගෙ අයියගෙ ජීවිතෙයි වැදගත්….
මට අයිය නැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බෑ…..
මං දැන් අයිය කසාද බැදල අයියට කොහොමහරි තේරුම් කරල ශශීවයි අයියවයි එකතු කරනව….

පිස්ටල් එක ලෝඩ් කරද්දි කෙල්ලගෙ පපුවත් එක්ක රිදෙන්න ගත්ත….

ඕක නවත්තන්න අයිය මං ඔයා කියන දෙයක් මං කරන්නම්….
ඒ නපුරු මූණ ටිකක් සංසුන් වුනේ ඊට පස්සෙයි….

කෙල්ල ගැහෙන ඇඟිලිතුඩු වලින් වෙව්ල වෙව්ල අත්සන් කරා …..
ඊට පස්සෙ මේසෙන් ඔලුව තියාගෙන හයියෙන්ම ඇඩුව….

“පොඩි පුතා”

කෑ ගහන සද්දෙට හැමෝම බැලුවෙ දොර දිහා……

Likes ,comments වලට thanks යාලුවනේ ඊයෙ නෙට්වර්ක් ප්‍රශ්නයක් නිසා මට කතාව දාන්න බැරිවුනා ….
සමාවෙන්න යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *