…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 30 ~~~

දොර ලඟට වෙලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න මෙතුම් වගේම නැන්දවත් දැක්කම විසිනිට හයියෙන්ම ඇඬුන …..
කෙල්ල දුවගෙන ගිහින් නැන්දගෙ පපුවට තුරැළු වෙලා ඇඩුව …..
කිසිම දෙයක් හිතාගන්නවත් බැරිව සමිතයි මෙතුනුයි තාමත් දොර ලඟට වෙලා බලාගෙන ඉන්නව …..

උබ මේ මොනවද කලේ නෙතුම් ….
කවමදාවත් මං උබෙන් මේවගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ …..
උබ මේ කෙල්ලව බලෙන්ම කසාද බැන්දද මොකක්ද උබට තිබුන හදිස්සිය ……
මේ ගෙදර තව මිනිස්සු ඉන්නව කියල උබට අමතක වුනාද මෙච්චර ලොකු තීරණයක් ගත්තෙ අපි කාටත් හොරෙන් ……

නෙතුම් කියපං මොකද උබ මෙහෙම ⁣දෙයක් කලේ කියපං උබ හිතාගෙන ඉන්නෙ උබේ අම්මත් මැරිල කියලද……

සමිත අඬ අඩා අහද්දි ආශි හිටියෙ හරිම සැහැල්ලු විදිහට …..
මුකුත් නොවුන ගානට කොන්ඩෙ හද හද හිටියෙ….

ඇයි උබ අපිට මෙහෙම ගින්දර දෙන්නෙ …..
උබ දන්නවනෙ මේකිගෙ මැරිච්ච අම්මයි තාත්තයි උබට කොයිතරම් ආදරේ කලාද කියල…..

ඔය ඇති අම්ම …..
හොදටම ඇති ….
මං එයාලගෙ ආදරේට ……….. මාව අවුස්සන්න එපා අම්ම එහෙමවුනොත් එකා එකා ගානෙ දැම්මම මං වල පල්ලට යවනව ඔයා හොදටම දන්නවනෙ මං කියන්නෙ මොන දේ ගැනද කියල ……

ආශිගෙ වෙනස් වීම කව්රුත් පුදුම කලා….
මෙච්චරවෙලා සැහැල්ලුවෙන් තිබුන ඒ මූණ තරහින් පිපිරෙනව…..

මගේ අම්මවයි තාත්තවයි මතක් කලාම අැයි මෙයාට මේ තරමටම කේන්ති යන්නෙ …..

මං මේකිට ගොඩාක් ආදරේ කරනව….
අනික මං හොදටම දන්නව වෙන මොන කෙල්ලටත් වඩා මේ කෙල්ල අම්මව හොදට බලාගනියි කියල ….

ආශි අනිත් දේ කිව්වෙනම් අහක බලාගෙන ….

තව එකක් ආදරේ වැඩි කමටද මංද ඊයෙ රෑ මගෙ අතින් මෙයාට වැරැද්දක් වුනා ……

ඒක කියනවත් එක්කම සමිතගෙ අත නතරවුනේ ආශිගෙ කම්බුලක……

ශික් උබ මගෙ පුතා කියන්නත් ලැජ්ජයි අර රත්තරං මිනිහට ජාතක වුනාද කියලවත් හිතාගන්න බෑ ….
ඇයි උබ මේ අහිංසකීට ඒවගේ නොසන්ඩාල වැඩක් කෙරැවෙ ……
මං උබට මේක මීට ගොඩාක් කලින් කරන්න තිබුනෙ මගෙ ආදරේ නිසයි උබ ඔය තරමටම දරදඬු මිනිහෙක් වුනේ ……
උබ ඔය පස්සෙන් පන්නන උන්ගෙයි උබගෙයි කිසිම වෙනසක් නෑ බලාගෙන ගියාම…..

අම්ම ජීවිතේටම මට අතක් උස්සල නැති ඔයා අද අත ඉස්සුව මට ඒගැන සතුටුයි අම්ම ඒ කියන්නෙ මටත් වඩා ඔයා මෙයාට ආදරේ කරනව…..
ඒගැන මට සතුටුයි …..
ඇත්තටම සතුටුයි මගෙ අම්මට හොද දුවෙකුයි මගෙ කෙල්ලට හොද අම්ම කෙනෙකුයි අද හම්බවෙලා…..

ඒත් අම්ම ඔයා මාව අර බල්ලන්ට සමාන කරපු එක වැරදී ගොඩාක් වැරදී …..
මං මොන බලුවැ⁣ඩ කරත් කවම කවදාවත් ගෑනු එක්ක ඉදනෑ…
මං මේකිට ඇත්තටම ආදරේ නිසයි එහෙම දෙයක්වුනේ…..
අම්ම මාව කවදහරි තේරුම් ගනියි හැබැයි එදාට අම්ම ගොඩක් පරක්කු වැඩිවෙයි….

මල්ලි නැවතියං ඔහොම ….
මල්ලී …..

ආශි පුටුවකටත් පයින් ගහගෙන ගියේ මෙතුම් කෑ ගහද්දිමයි…..
ඒත් එක්කම ඇවිල්ල හිටිය අයත් යන්න ගියා ….

දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි ….
කොහොමහරි ඌ කරපු වැරැද්ද ටිකක්හරි නිවැරැදි කරලනෙ…..
අම්ම දැන් හිත හදාගන්න කොහොමින් කොහොමහරි අම්මගෙ සුදූ දුව ලේලිවෙලා හැමදාටම මේ ගෙදර නවතින එකම කොච්චර දෙයක්ද….

මට සමාවෙයං දුවේ මං උබව තනිකරල ගිය නිසයි අද උබට මෙහෙම දෙයක් උනේ….
මට සමාවෙයං …..

නැන්ද කෙල්ලට අත් දෙක එකතුකරල කියද්දි කෙල්ල අඬාගෙනම නැන්දගෙ දෙපතුල් ලඟ වැද වැටුන …..

ඔයා ඔහොම කරල මට පව් පුරවන්න එපා මගෙ නැන්දෙ….
හැමදාම මට මගෙ අම්ම උනේ ඔයා මගෙ අම්මෙ….
මාව මලක් වගේ ඇතිදැඩි කලේ ඔයයි මං හැමදාම හිතුවෙ ඔයාව දාල ⁣කවදහරි මේ ගෙදරින් යන්නෙ කොහොමද කියලයි……
දැන් හැමදාම නැන්ද ලඟට වෙලා ඉන්න පුලුවන් මේ සුදු දුවට මට …
ඒකම ඇති මගෙ රත්තරං නැන්දෙ …..

නැගිටින්න මගෙ මැනික …..

නැන්ද කෙල්ලව පපුවට තුරැළු කරගත්තෙ ගොඩාක් ආදරෙන් …..

යන්න මගෙ මැනික ගිහින් ඔය ඇඳුම් ගලෝල සැහැල්ලු අැඳුමක් ඇද ගන්න ……
ඇස් වහක් කටවහක් නෑ මගෙ කෙල්ල අද පුදුම ලස්සනක් තියෙන්නෙ …..

කෙල්ල රෑම් එකට ඇවිත් නාගෙන සැහැල්ලු ඇඳුමක් ඇද ගත්ත …..
මුළු දවසම ගෙවිල ගියේ කා අතරත් වැඩිය කතා බහක් නැතිව …..

මුළු දවසම බලාගෙන හිටියත් ආශි ගෙදර ආවෙනෑ….
රෑ එකොලහත් පහු වෙනකම්ම කෙල්ල ඇහැරිලා බලාගෙන හිටියෙ ….
කෙල්ලට ගොඩක් ආශි ගැන බය දැනුනෙ ගෙදරින් ගියේ ගොඩාක් කේන්තියෙන් නිසයි….
යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හොදටම දාඩිය දාල ගැස්සිල ඇහැරෙනව…
රෑ දොලහ මාරට විතර කෙල්ල ගිහින් ආශිගෙ රෑම් එකේ බැලුවෙ ඇව්ල්ල ද කියල…..

තාම ඇවිල්ල නෑ ….
අනේ මංද මේ මහ රෑ කොහේ රස්තියාදු ගහනවද කියල ….

කෙල්ල ඇවිල්ල ආයිමත් ඇඳට වැටුන …..
කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතිව නින්ද ගියා…..

යන්තමින් ඉර එලිය මූනට වැටෙද්දි කෙල්ලට ඇහැරැනා ….
නුහුරැ උනුසුමක් ගත දැවටිලා තියෙනව දැනෙද්දි
කෙල්ල ගැස්සුනා…..
ආශි කෙල්ලගෙ පපුවට ඔලුව තියාගෙන හොදටම නිදි ඒ මදිවට ඉනවටේ ගිහින් තියෙන අත නිසා කෙල්ලට හෙල්ලෙන්නවත් බෑ ……

මං මං කොහොමද මෙයාගෙ රෑම් එකට ආව …..
ඊයෙත් හොදටම බීලද කොහෙද ඇවිල්ල තියෙන්නෙ ඉන්න බෑ ලඟවත් පුදුම අරක්කු ගඳක්නෙ තියෙන්නෙ ……

කෙල්ල ඇඹරී ඇඹරී ඉද්දි ආශිටත් ඇහැරැනා……

තමුසෙට අමතක වෙලාද මං ඊයෙ තමුසෙ මැරි කලා කියල ගිහින් අර රෑම් එකේ නිදාගත්තෙ….
මීට පස්සෙ තමුසෙ නිදාගන්න ඕනෙ ඉන්න ඕනෙ මගෙ රෑම් එකේ එහෙම නැතිවුනොත් තමුසෙගෙ රෑම් එකේ නිදාගත්තොත් වතුර බාල්දියකින් නාවල ඇදගෙන එන්නෙ ඊයෙ වගේ වඩාගෙන එන්නෑ
හරිද …..

කෙල්ල ආශිගෙ රෑම් එක දිහා ඇස් කරකවල බැලුවෙ …..
මේක තනිකරම පිස්සන් කොටුවක්නෙ…..
මුළු කාඹරේ පුරාම රෙදි බඩු හැම තැනම ඉහිරැවල…

මොකද තමුසෙ ඔය ඇස් ලොකු කරල බලන්නෙ…..
හරි හරි මං හැඩිනොකර ඉන්න ට්‍රයි කරරන්නම්….
ඔයා රෑම් එක හදාගන්නවකො ඕන විදිහකට…..

සුදු අම්…
ආශි කියන්න හදපුදේ නවත්තල අහකබලාගත්ත….
කෙල්ලටත් පුදුමයි ආශි මේ කරන දේවල්නම් ….

මං ඔයාට පොරොන්දු වෙනව කවදහරි ඔයා කැමැත්තෙන්ම මාලඟට එනකම් කවදාවත් මං ඔයාට ලංවෙන්නෑ එදා බලෙන්ම කරපු වරද කවදාවත් මං කරන්නෑ සුදූ …..

ආශිගෙ අත යාන්තන් බුරැල්වෙලා යද්දි විසිනි අැදෙන් පැනල දුවන්නයි ලෑස්ති වුනේ ඒත් ආශි පිටිපස්සෙන් දුවගෙන ඇවිත් දොර ලඟදි කෙල්ලව අල්ල ගත්ත ….
පිටිපස්සෙන් කෙල්ලගෙ පිටට තුරැළු වුනා..

තාම ඊයෙ කලිසම පිටින් කොහොම මෙහෙම ඉන්නවද මන්ද…..
ෂර්ට් එක ගලෝල පුටුවක් උඩින් ගුලි කරල තියෙන විදිහ දැක්කමනම් කෙල්ලටත් හිනා……
විසිනිව හරහට වඩාගෙන ඇවිත් ආයිමත් ඇදෙන් තිබ්බ ….
තියල ඒ පපුවට ඔලුව තියාගත්ත …..

සුදූ හරිම නිදහසක් දැනෙනව….
මට මෙහෙම ටිකක් ඉන්න දෙන්නකො ප්ලීස් …

කෙල්ලටත් නොදැනිම අාශිගෙ හිසකෙස් අස්සෙන් ඇගිලිතුඩු යැව්න…
ආශි තව තවත් කෙල්ලගෙ පපුවට තුරැළු වෙලා දෑස් පියාගත්තෙ ගොඩාක් සැනසීමෙන් …..

Likes ,comments වලට thanks යාලුවනේ ඊයෙ කොටසත් එක්ක තව කොටසක් අද දානව යාලුවනේ …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *