….හිරෑගෙන්…..~~~ පිනි වරැසා 34 ~~~

පාන්දර විසිනිට යාන්තන් ඇහැරැනේ කව්රැහරි තමන්ව වඩාගන්නව වගේ දැනෙද්දි ….
කවුද කියල හොඳටම දැනුන නිසා කෙල්ල බොරැවට හිටිය නිදිවගේ ….
ආශි කෙල්ලව කාඹරේට ගෙනල්ල ඇඳට එක පාරම අතඇරිය….

ආ..ව්…
මොකක්ද මැට්ටො ඒකලේ මට හොදටම රිදුන …..

මං මේ පිටි මුට්ටෙ උස්සගෙන ආවෙ අපරාදෙ ….
මේකිගෙ තියෙන හොරකම…..
උබ හිතුව මදි මාව තම්බන්න ඒවනම් වාන….
මට සතියකටවත් ජිම් යන්න ඕනනෑ යකෝ කොන්ද දිග අරින්නවත් බෑ වගේ බං….
දැන් සෑහෙන්න බරයිනෙ…

ආශිත් කෙල්ලගෙ අත් දෙකම තද කරල ඇදට තියල අල්ලගෙන පපුවෙන් ඔලුව තියා ගත්ත….

යනව යන්න මාව විහිලුවට අරගෙන දැන් එනව මෙතන බොරැවට නැළවෙන්න….

දඟලන්නෙ නැතිව ඉන්නවකො ටිකක් ඔහොම…..
සුදූ මගෙ ඔලුව ටිකක් අතගානවකො හලෝ ගොඩාක් ඔලුව කැක්කුමයි….

ආශි කිව්වෙ කෙල්ලගෙ දෑත් ලිහිල් කරන ගමන් …..
හෙමින් හෙමින් විසිනිගෙ දිගු ඇඟිලි ආශිගෙ කෙහෙරැලි අතර ගමන් කරද්දි දැනුන සනීපෙට ආශි දෑස් පියාගත්ත …..

ඔලුව කැක්කුම හැදෙන්නැතිව තියෙයිද ඔයා ඔය විදිහට බොනකොට …..
ප්ලීස් අයිය ඔයා ටිකක් කන්ට්‍රෙල් වෙන්නකො…
ටිකක් බොනඑක අඩු කරන්න ඔයාට පුලුවන් නම් විතරක් ….

ආශි ඔලුව උස්සල කෙල්ල දිහා බලල ආයිමත් හිටපු විදිහටම ඔලුව තියාගෙන ඇස් පියා ගත්ත …..

මැට්ටි මං කේන්තියෙන් ඉන්න වෙලාවක තමුසෙ මට අයිය කිව්වොත් මතක තියා ගන්නව ඒක තමුසෙගෙ අවසාන වචනෙ තමයි….
කොච්චර කිව්වත් අහන්නෙ නෑ නේද අයිය කියන්න එපා කියල …..

එහෙනම් මං මොකක්ද කියන්නෙ…..
මට තේරෙන්නෑ මොනව කියන්නද කියල….
ඔයාම කියන්නකො කොහොමද මං කතා කරන්න ඕන….

අයිය කියන්නැතිව වෙන ඕන බම්බුවක් කියහං …..
නපුර කියන්නද ….

ආශි ඔලුවෙ තියෙන කෙල්ලගෙ අත අරගෙන ඇඟිල්ලක් හයියෙන් හපාකෑව…..

ආ..ව් අ..ම්…මා…..
මට රිදෙනව මැට්ටො……

ඊලඟ පාර මං කන්නෙ තොගෙ කට…
ඒ හින්ද ටිකක් කට පරිස්සන් කරගෙන හිටපිය…..

හරි එහෙනම් මං කට වහගෙනම ඉන්නම්කො නෙතුම් …..

ආශි කලබලෙන් වගේ කෙල්ල දිහා බැලුවෙ මෙච්චරකාලයකට පස්සෙ අම්මට පස්සෙ නම කියල කතාකලේ විසිනි නිසා …..

විසිනිට බයක් වගේ හැඟීමක් හිතට දැනුනෙ ආශිට නම කියල කතා කරපු නිසා කේන්ති යයි කියල …..
ඒත් ඒ මූණෙ යාන්තමට හිනාවක් ඇඳුනෙ….

අම්ම මට නම නිතරම කියල කතා කරන්නෙ මට ඒවගේ නමක් තියෙනව කියල මතක්කරන්නයි….
දැන් අම්මගෙ හවුලට තව කෙනෙකුත් ඉන්නව මට නිතරම නම මතක්කරන්න…..
අම්ම හිතාගෙන ඉන්නෙ මං අම්ම කරනදේ දන්නෑ කියල ඒත් මං හැමදේම දැනගෙනයි සද්ද නැතිව ඉන්නෙ…

මං හිතුවෙ සුදූ මට මහත්තය නැත්නම් රත්තරං ඔය එක එක වචන තියෙන්නෙ ඒවයින් එකක් කියල කතාකරයි කියල බලාගෙන ගියාම මෙයත් අම්මගෙ ඩයල් එකේමයි…..

තමුසෙ මාත් එක්ක හැමදාම ඉන්නව නේද සුදූ මොන ප්‍රශ්න ආවත් මාව දාල යන්නෙ නෑ නේද….
ම් කියන්නකො මාව දාල කවදාවත් යන්නෙ නෑ නේද….

කෙල්ල බොරැවට නිදිවගේ හිටියෙ හැමදාටම ආශි ලඟ නවතින්න බෑ කියල හොඳටම දන්න නිසයි …..

මට පොරොන්දු වෙන්න බෑ ඔයාව දාල යන්නෑ කියල මට ඉක්මනටම ඔයාව දාල යන්න වෙනව ශශීට මගෙ තැනදීල…..
ඒත් මං යන්නෙ හිතකින් නෙමෙයි දහස් වාරයක් හිතින් මැරි මැරී රත්තරනේ ….

කෙල්ල නැඟිටිනකොටත් ආශි නැගිටල ලෑස්ති වෙනව…
ආශි ඇඳගෙන ඉන්න ඇඳුම දැක්කම කෙල්ල ආශි දිහා බැලුවෙ පුදුමයෙන්…..

ඔයා මේ කොහෙ යන්නද උදෙන්ම අනික මෙහෙම ඇඳගෙන …..

සුඳු පාට ෂර්ට් එකකට නිල් පාට ඩෙනිම් කලිසමක් ඇඳල ෂර්ට් එකේ අත් වැලමිට ලඟට නමල ඉන්න ආශි කවදාවත් නැති විදිහට ලස්සනට විසිනිට පෙනුනෙ….

අද මගෙ ලඟම යාළුවෙක්ගෙ ෆියුනරල් එක මං මේ යන්න හදන්නේ ……

මමත් එන්නද නෙතුම් ඔයත් එක්ක යන්න….

එපා එහාට වෙලාම මං ඉන්නෑ මට වෙන වැඩ වගයකුත් තියෙනව …..
මට ඔයාව හැම තැනම දාල මගෙ වැඩ වලට
එහෙ මෙහෙ යන්න බෑ ……

හරි හරි මං ඉන්නම් ඉතිං …..
හ්ම් ඒක හොඳයි….

මං එනකොට කීය වෙයිද දන්නෑ …..
සමහරවිට එළිවෙන්නත් ඉඩ තියෙනව …..
බයනොවී ඉන්නව …..

ඒකනම් ඉතිං හැමදාම ඒ විදිහනෙ අයි…
නෑ නෙතුම් …..
මං ඉතිං හැමදාම වගේ පාර බලාගෙන ඉන්නම් …..

මං යනව….
තමුසෙ පරිස්සමෙන් ඉන්නව ….

ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න …..

ආශි අතින් කොන්ඩෙ හද හද බයික් එකේ යතුරයි පෝන් එකයි අරගෙන ⁣විසිනි දිහා බලල දොර අරගෙන යන්න ගියා….

දවල් වෙද්දි මෙතුනුත් සුදු පාට ඇඳුමක් ඇදගෙන යන්න ලෑස්ති වෙනව විසිනි බලාගෙන හිටියෙ හරිම කුතුහලයෙන් …..

මේ දෙන්නම යන්නෙ එකම මල ගෙදරකටද….
ඇයි මෙයාල මට මේව හංගන්නෙ…..
මෙයාලගෙ මොනවහරි හොරයක් තියෙනව….

අයිය ඔයා මේ කොහේ යන්නද…..
මගෙ යාළුවෙක්ගෙ ෆියුනරල් එකක් තියෙනව ඒකට යන්න කියල මේ….

එහෙමද…..
අම්මත් යනවද…..

නෑ එයා යන්නෑ ……

ඇයි ඔයාල දෙන්නම අඳුරන යාළුව අම්ම අඳුරන්නෙ නැද්ද …..

දෙන්නම කිව්වෙ කව්ද …

දෙන්නම කිව්වෙ මෙතුම් නෙතුම් දෙන්න තමයි……

හ්ම් අ..පි..ද….
මං මේ මේ එච්චරම දන්න කෙනෙකුත් නෙමෙයි ආශිගෙ යාළුව නිසා ටිකක් ගිහින් එන්න කියල ….

මෙතුම් ගෙදරින් යන්න කලින් විසිනි ලයිබ්‍රියට යනව කියල අම්මට කියල ගෙදරින් ඇවිත් ත්‍රීවීල් එකක නැඟල හංදියට වෙලා බලාගෙන හිටියෙ මෙතුම් යනකම්…..

මෙතුම්ගෙ කා එක පාස් වෙනවත් එක්කම ත්‍රීවීල් එකේ රියදුරාට කිව්වෙ කා එක පස්සෙන්ම යන්න කියලයි……
කඩුවෙල හරියට කා එක කිට්ටු කරල ප්‍රධාන පාරෙන් තරමක් පටු පාරකට හරවද්දි විසිනි
ඒ දිහා බලාගෙන හිටියෙ ⁣ලොකු කුතුහලේකින්…..

ඒ පටු පාර දිගේ ගෙවල් පහක් විතර පහුකරාට පස්සෙ හම්බුන නිවස සුඳුම සුදු පාටින් වටේම සරසල තිබුනෙ …..

සාමාන්‍ය විදිහට ඉදිකරල තිබුන නිවස එච්චරම දූගී බවක් ඒ පවුලෙ තියෙනව කියල පෙන්නුම් කලේ නෑ ……

මෙතුම් කා එකෙන් බැහැල ඇතුලට යනකම් ඉදල විසිනි මඟ බලාගෙන හිටියෙ මෙතුම් ටිකක් කොහාටහරි යනකම් …..

හිතුව වගේම මල ගෙදර හිටිය දෙතුන්දෙනෙක් එක්ක ඊට පැය කාලකට විතර පස්සෙ මෙතුම් කා එකේ නැඟල යන්න ගියා…..

අයිය මං ඇතුලට ගිහින් ඉක්මනටම එනව අනේ ප්ලීස් කොහෙවත් යන්නෙ නැතිව ඔහොමම ටිකක් ඉන්නව ද ……

හරි නෝන නෝන ගිහින් එන්න මං ඉන්නම්…..

විසිනි චන්ඩිය වගේ ආවට බයට හිත ගැහෙන්න ගත්ත …..
බැරිවෙලාවත් නෙතුම් ඇතුලෙ හිටියොත් මං නිකම්ම අහුවෙයි එයාට……

විසිනි ඇදගෙන ආව සුදු පාට සල්වාර් එකේ තිබුන ශෝල් එක අරගෙන ඔලුවට දාගෙන හිමිහිට කෙල්ල ඇතුලට ගියා……

මල ගෙදර ඉන්න කිසිම කෙනෙකුගෙ මූණ බැලුවෙවත් නැතිව බිම බලාගෙනම ඇතුලට ගියෙ කව්රැහරි දන්න කෙනෙක් හිටියොත් කෙල්ල අඳුර ගනියි කියන බයටමයි….

බිම⁣ට හැරවිලා තිබුන දෑස් ඒ නිසල දේහය දිහාට යොමු වෙද්දි කෙල්ලගෙ දෑස් වලට කඳුළු පිරැනෙ මුකුත්ම හිතාගන්න බැරිවෙද්දි…..
දෑස් වලින් කඳුළු නොනැවතී ගලාගෙන යද්දි ඇගිලි තුඩු වලින් නලලත තදින්ම මිරික ගත්ත …..

දෙයියනේ මං මෙහෙම දෙයක් දකින්න කවදාවත් බලාපොරොත්තු වුනේනෑ …..

ගොඩාක් යාලුවො කොටස් දෙකක් ඉල්ලුව ඇත්තටම සමහර යාලුවො තර්ජනේ කලා කොහොමින් කොහොමහරි දවස ඉවරවෙන්න කලින් මං ඔන්න ඔයාලගෙ ඉල්ලීම ඉශ්ට කලා….
කලින් මං දවසට කොටස් දෙකක් විතර දැම්ම තමයි යාලුවනේ ඒත් මේටිකේ මං වැඩ ගොඩකට හිරවෙලා ඉන්නෙ මේටික හරි ලියන්නෙ ගොඩාක් වැඩ මැද්දෙ ඔයාල බලාගෙන ඉන්න නිසාමයි….

නැතිව කතාව ටිකක් ෆේමස් වුනා කියල මං ගනං උස්සනවවත් මගෙ ලොකුකමවත් නෙමෙයි …..
ඔයාලගෙ කමෙන්ට් වලටත් මං පුලුවන් පුලුවන් වෙලාවට රිප්ලයි කරනව….
රිප්ලයි නොකෙරැවත් හැබැයි අනිවාර්යයෙන්ම මං ඒ කමෙන්ට් හොද වුනත් මට බැනල තිබුනත් කියවල ගොඩක් සතුටු වෙනව……
හැමදාම වගේ මං ඔයාලට ගොඩාක් ආදරෙයි ඈ…..

Likes ,comments වලට ගොඩාක් ස්තූතියි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *