…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 36 ~~~

⁣විසිනි නැඟිටල පහලට යන්න පඩිපෙළ බහිද්දි තමයි ආශි ගෙදර ආවෙ….
පඩිපෙළ බහිද්දි කෙල්ලව ඉස්සරහට හම්බුනත් නොදැක්ක ගානට ආශි වේගෙන් පඩිපෙළ නැඟගෙන උඩට ගියා ….

අම්මත් එක්ක එකතුවෙලා උදේට කෑම හදල කෙල්ල ගියෙ මෙතුම්ටයි නෙතුම්ටයි කෑමට කතා කරන්න…..

අයිය ….
අයිය …..

විසිනි දෙතුන් පාරක්ම දොරට ගැහුවත් මෙතුම්ගෙ කාඹරෙන්නම් කිසිම සද්දයක් නෑ…..

අයිය ඔයා නිදිද අනේ …..
මොකෝ බං උබ මේ උදේපාන්දරින්ම ඔය දොර ගලවන්න හදන්නේ මං උබේ මිනිහ නෙමෙයි උගෙ අයිය ගිහින් උෟ⁣ගෙ දොරට තඩිපාපං ……

ඇයි යකෝ රෑට මිනිහ හින්ද නිදාගන්න විදිහක් නෑ පාන්දරට ගෑනි නිදාගන්න දෙන්නෑ ……

පාන්දර ….
මොන පාන්දර ද අයිය දැන් උදේ නමයත් පහුවෙලා ……
මං ආවෙ උදේට කන්න එන්න කියන්න නැතිව ඔයාගෙ නින්ද කඩන්න නෙමෙයි…..

විසිනි ආශිගෙ රෑම් එකට යනකොටනම් ආශි වොෂ් එකක් දාගෙන රෑම් එකට ආව විතරයි….

නෙතුම් කන්න එන්න …..

හ්ම් …..

විසිනි කරබාගෙන ආයිමත් කුස්සියට ඇවිත් කෑම සේරම මේසෙට ඇරිය …..

සේරම ඇවිත් කෑම කන්න පටන්ගත්තට පස්සෙ අන්තිමට ආවෙ මෙතුම් නිදිගැ⁣ට කඩ කඩ එන මෙතුම්ව දැක්කම අම්මට වගේම විසිනිටත් හිනා ගියා …..

අම්මා පුදුම බඩගින්නක් තියෙන්නෙ හරියට සුමානෙකින් කාල නෑ වගේ …..
අම්මෙ ඔය තියෙන දෙයක් බෙදල දෙන්නකො…..

ඔක්කොම එක්ක කෑම කන අතරෙ ගෙදර බෙල් එක ගහනව ඇහුන නිසා කෙල්ල ගියෙ දොර ලඟට …..

විසිනි යටිගිරියෙන් කෑ ගහන සද්දෙ ඇහෙද්දි ආශි ඔක්කොටම කලින් පිස්ටල් එක ඉනෙන් ඇදල අරගෙන ඒක ලෝඩ් කරන ගමන්ම දුවගෙන ගියෙ දොර ගාවට….

විසිනි සිහිසුන්ව ඇඳගෙන වැටිල ඉන්න අතරෙ තමන්ට පිටුපාල කෙල්ලව වඩාගන්න උත්සහ කරන කොල්ල දිහාට පිස්ටල් එක දික් කරල ආයිමත් අහකට ගත්තෙ ඇවිත් ඉන්න කෙනා ආශි අඳුරගත්තට පස්සෙ …..

තෝ යකෝ…..
තෝ කරන ගොබ්බ වැඩ නිසා දවසක මගෙන් මැරැම් කන එක කනවමයි….

මහිය උබනම් මැටි හරකෙක් යකෝ….
බැරිවෙලාහරි මූට උබව අඳුරගන්න බැරිව තිබ්බනම් එහෙම…..

මෙතුම් මහිමගෙ බඩට ගහන ගමන්ම හිනාවුනේ බිම වැටිල තියෙන වෙස් මූණ අතට ගන්න ගමන් …..

මේකි මේක දැකල කලන්තෙ දාල වැටුනද යකෝ ඒ වුනාට ගෙදර ඉන්න අපිව තමයි බයකරගෙන ඉන්නෙ මෙතන යකින්න වගේ….

මෙතුම් හිනාවෙවී කියද්දි මහිම කෙල්ලව වඩා ගන්න හැදුවෙ ආශි මහිමව තල්ලු කරල ආශිම විසිනිව වඩාගත්ත …..

පැත්තකට වෙයං පැත්තකට වෙයං ඒ උගෙ අයිතිය දැන් …..

බලපංකො ඒක ලොකු අයිය …..
අපිට සුදුව දැන් අල්ලන්නවත් තහනම් වගේ……

මහිම කියන්නෙ ආශිලගෙ පොඩි මාමගෙ එකම පුතා….
දැන් කැම්පස් එකේ අවසන් වසරෙ ඉඟෙන ගන්න ශිෂ්‍යයෙක්…..

ආශි විසිනිව ගෙනත් සෝෆා එකෙන් තිබ්බට පස්සෙ අම්ම මහිමට බැන බැනම ඇවිත්
මූණට වතුර ඉස්සෙ…..

සීතලක් මූණ වටේ දැවටෙද්දි විසිනි හිමිහිට දෑස් ඇරල බැලුවෙ…..

සුදූ තමුසෙට මොන යකාද ගැහුවෙ බං….
මහිම හිනා වෙවී අහද්දි වටේ ඉන්න අනිත් අයත් ඒ එක්කම හිනාවෙද්දි කෙල්ලට දැනුනෙ පුදුම තරහක්….

අමාරැවෙන් නැඟිටගත් කෙල්ල කාඹරේට යන්න නැඟිට්ටෙ….
හැමෝටම රවාගෙන ගිහින් පඩිපෙළ නගින්න ගත්ත…..

මේ යකාද ගැහුවෙ බං …

මහිම වෙස්මූණ පෙනුනල අහද්දි කෙල්ල ඊට වඩා හයියෙන් අඩි තියල පඩිපෙළ නැග්ග….

මං කිව්වෙ බොරැද හා ඕකි අපේ ගෙදර ඉන්න යකින්න කියල දැක්කනෙ රවපු රැවිල්ල……

අපරාදෙ කියන්න බෑ මූ අපි දෙන්නටම කලින් අපිට හිටපු එකම නෑනව ඩැහැගත්ත නේද ලොකු අයියෙ බං …..

ඒකනේන්නං බං
ඒකනෙ මං තාමත් කෙල්ලෙක් නැතිව මේ වේලෙන්නෙ …..

ඇයි බං මේ මාත්…..

ඒක නෙමෙයි ලොක්ක සුදුව හරියන්නෙත් මූටම තමයි….

ඇයි බං ඒ අපි ඒතරම්ම අවුල්ද…..
මෙහෙම හිටියට මාත් හැන්සම් තමා….

⁣පල යන්න හම්පඩ මීම…
තෝ හරියට රිලා මොටෙක් වගේ …..
රිලා හැන්සම් තෝ….
පල කුණු ලෝගුව….
තෝ කුණු ලෝයරයෙක් කියල දැන් මේ මුළු රටම කතා වෙනව…..

මහිය උබ හැරෙන හැරෙන පැත්තටම කපනවනෙ බං උබේ පැත්තනම් මලාට ගන්න හොදනෑ …..
කොහොමත් උබල කැම්පස් එවුන්නෙ….

හරි හරි ලොක්කො …..
මං එහෙම කිව්වෙ ඇයිද දන්නව ද යකින්නියක් යකෙක්ට මිසක් අපි දෙන්න වගේ සත්තරං එකට හැදුන වැඩුන ගුණ යහපත් කොල්ලොන්ට ගැලපෙනවෑ….

ආශිනම් මොකුත් නෑහෙන විදිහට සද්ද නැතිව කනව……
කොහොමත් ආශි වැඩිය කතාබහ කරන විහිලු තහලු කරන කෙනෙක් නෙමෙයිනෙ…

නැන්දම්මෙ ඔන්න මං මේ පාර ආවෙ මගෙ ෆයිනල් එක්සෑම් ඉවර වෙනකම්ම මෙහෙ නවතින්න කියල…..

මං පුතාට ඉතිං කොච්චරවත් කියනවද මෙහෙට ඇවිත් නවතින්න කියල …..
පුතාමනෙ බෑ කියල හිටියෙ…..

මං හිටියෙ යාලුවො ටිකක් එක්කනෙ නැන්දෙ….
උන් අපේ ගමේ උන් ටිකක්නෙ ඉතිං එකට හිටිය උන්ව එහෙම දාල ඇවිත් මට විතරක් ඇවිත් මෙහෙ නවතින්න පුලුවන්යෑ …..

එහෙනම් දැන් ඔය තෝ අැවිත් ඉන්නෙ යස අගේටවත්…
දැන් එතකොට උන් පව් නැද්ද තලගොයෝ..

ලොකු පුතා මොනවද ඔය ඔයා මල්ලිට කතා කරන වචන….
ඉඟෙන ගත්ත දැනුම් තේරුම් තියෙන කෙනෙක් නේද….

මෙයාට මොන දැනුම් තේරුමක් ද …..
මූ උපාධිය ගත්තෙ හොරාටනෙ…..

හරි හරි අම්ම මේ සිංහල බසනෙ අපි කතා කරන්නෙ …..
ඊට එහා යන්නෑ මූ පල්ල…..

ඒයි ලෝයර් කුණා උබ අර උසාවියෙ බොරැ ගොතන කුණු කටින් මං ගැන දිව්රනව තියා මගෙ නම කියන්නවත් එපා….
නැත්නම් තෝ කියන බොරැ වලට අහක යන හෙනයක් ඇවිත් තොගෙ කටේ වෙනුවට මගෙ කටේ වදී……

අම්මෙ මේ ලොම්බව අපේ ගෙදර නවත්තගන්න එපා අපිට කනක් ඇහිල ඉන්න හම්බෙන එකත්නෑ……

පංසලක් වගේ නිස්කලංකව නිදහස්ව තිබුන අපේ ගේ මූ ඇවිත් විනාස කරනව අම්ම මුගෙ කුණු ටොයිලට් කට ඇරල…..

දැන් එතකොට යාලුවො දාල එන්න බෑ කියපු තෝ එකපාරටම මොකද අපේ ගෙට කඩාගෙන වැටුනෙ……

බෝඩිමේ ඇන්ටිගෙ පුතා රට ඉඳන් එනවලු බං ඒක එනව කියල ගේ හිස් කරල ඉල්ලුවනෙ……
ඊට පස්සෙ අනිත් උන්ටික හොස්ටල් වලටයි එක එකාගෙ බෝඩිං වලටයි ගියා…

ඉතිං ගෙම්බො තොට උන්හිටිතැන් නැතිවුනාද……

නෑ බං මටත් තැන් දෙක තුනක්ම හම්බුනා ඒත් එකතැනක්වත් පාඩම් කරන්න පුලුවන් පරිසරයක් තියෙන තැන් නෙමෙයි……

මහිම පුතා එන්න ඔයත් කෑම ටිකක් කමු…..

ඕ ගොඩක් බඩගිනි නැන්දෙ ….
තියෙන ඔක්කොම ජාති දාල බෙදල දෙන්නකො…..

හූන වගේ හිටියත් මුගෙ තියෙන බඩජාරිකම විතරක්…..

ආශි කාල සද්ද නැතිව නැඟිටල ගියත් මෙතුම්නම් හයියෙන් හිනාවෙවී මහිම එක්ක කෑම කනව….

උබ ආව එක හොදයි බං මං කම්මැලිකමේ හිටියෙ දැන්නම් හිනාවෙලා විහිලුවක් කරන්නවත් කෙනෙක් ඉන්නවනෙ….
කොහෙද ඉතිං මල්ලිය හිටියත් උෟ දන්නෙ කේන්ති ගන්නයි කෑ ගහන්නයි බුම්බගෙන ඉන්නයි විතරයිනෙ බං ….

මෙතුම් කිව්වෙ මහිමගෙ කරට අත දාගෙන මිඳුල දිහාට යන ගමන් …

මට ආරංචි වුනා ලොක්කො අර කේස් එක දැන් මොකක්ද ඒකෙ තත්වෙ…..

තත්වෙ කියන්නෙ බං කරපු උන්නම් දැන් එකෙක්වත් ජීවතුන් අතර නෑ …
ඒත් දැන් තමයි ගේම් එක පටන් අරගෙන තියෙන්නෙ ….
අනේ මන්ද මේව කොහෙන් කෙලවර වෙයිද කියල …..

පව් බං මොනව හිතෙන්න ඇද්ද ඇස්දෙකවත්
පේන්නෙ නැති අර අහිංසකීට….

ඔව් බං හැබැයි ඒ පවුලට කරපු දේවල් වලටනම් කරපු එකෙක්වත් අත අරින්නෙ නැතිව ඌ රිටන් එක දුන්න…..

මට අපේ තාත්ත එක්කනම් මාරම කේන්තියි බං අයියෙ ….
මේ සේරටම උල්පන්දන් දෙන්නෙ එයා තමයි …..

අපි එහෙමම හිතන එකත් වැරදී බං මෙච්චර අවුරැදු ගානක් ගිහිල්ලත් නීතියෙන් කරන්න බැරිවෙච්ච දේනෙ ඔය මල්ලි ලව්වහරි කරවන්න හදන්නෙ…

ඕක කරවන්න තමයි මාම නෙතුම්ව මරල ආශි කියන මිනිහව හැදුවෙ….
මාම ආශිත් එක්ක ඕකුන්ව කොටු කර ගන්න
දැන් අවුරැදු ගානක ඉඳලනෙ ප්ලෑන් ගහන්නෙ…..

එහෙම බැලුවාම මාමත් සාධාරණයි බං…..
තමන්ගෙ කෙනෙකුට මේ තරම් අපරාධයක් වෙලා තියෙද්දිත් එකම ලේ කකියන්නැත්තම් ඒ සහෝදරකම් වලින් වැඩක්නෑ ….

මාත් හැමදේම අකුරක්නෑර දැනගත්තෙ මේ ලඟකදි මගෙන් දෙන්න පුලුවන් උපරිම සපෝට් එක මං එයාලට දෙනව….
ඒවගේම මගෙ හිතෙත් දැන් තියෙන්නෙ ඕකුන්ව මරල කෑලි කරන්න තරම් කේන්තියක්…
මටත් චාන්ස් එකක් ආවොත් උන් ඉවරයක් කරන්න මාත් දැන් දෙපාරක් හිතන්නෑ ඒදේ කරන්න….

Likes ,comments වලට ගොඩාක් ස්තූතියි යාලුවනේ….. 

2 Comments

  1. Awsome post and right to the point. I am not sure
    if this is in fact the best place to ask but do you guys have any thoughts on where to hire some professional writers?
    Thx 🙂 Escape room

  2. Thanks for the good writeup. It if truth be told was once a amusement
    account it. Look advanced to far delivered agreeable
    from you! However, how can we keep up a correspondence?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *