…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 37 ~~~

⁣මහිමයි මෙතුනුයි ඇවිත් මිඳුලෙ අඹ ගහ යට තියෙන පුටුවෙන් වාඩිවුනා….

ඇත්තටම ලොකු අයියෙ මොකක්ද බං පොඩි අයියට උන් වෙනුවෙන් මීනී මරන්න
තරමටම ඒ පව්ලත් එක්ක ඔච්චරටම තියෙන සම්බන්ධෙ …..

උබ ඔය කියන්නෙ සුදු මැනිකෙලෑ පවුල ගැනනෙ….

සුදු මැනික කවුද බං ඒ…..

අර ඇස් පේන්නෑති නංගිය බං …..
එයාට හැමෝම කතා කරන්නෙ සුදු මැනිකෙ කියල …..
ඉතිං මාත් දන්නෙ ඒනම තමයි…..

ඔය සුදූ මැනිකෙලෑ තාත්ත සේන අංකල් උබට මතකද ….

ආ එව්චරම නෑ බං…..
තාත්ත අපිව ගමට ඇරියනෙ ආච්චි විතරක් ගෙදර තනියම තියන්න බෑ කියල මං පොඩි කාලෙදිම ඒ හිංද මට එච්චරම මතකයක් නෑ බං ….
ඒත් ලාවට වගේ ඩයල් එක මතකයි….

අපේ තාත්තලයි සේන අංකලුයි පොඩි කාලෙ ඉඳන්ම හොඳ යාලුවොලු බං …
ඒකනෙ අපේ ලොකු මාම අම්මව තාත්තට බන්දල දීල තියෙන්නෙත්….

අපේ තාත්තයි නැන්දවයි මාමවයි මරපු පලිය ගන්න තමයි සේන අංකල් ආශිව පුංචි කාලෙ ඉඳන්ම ට්‍රෙනිං කරල තියෙන්නෙ….
ඒ සිද්ධිය උනාට පස්සෙ සේන අංකල් හැමෝගෙන්ම ඈත්වුනා…..
කොටින්ම අපි ඉස්සරහට හම්බ වුනත් මූණවත් බැලුවෙනැ ……

ඒත් මිනිහ මේ හැමදේම කරල තියෙන්නෙ අපේ අම්මට හංගන්න මිනිහ කරන දේවල්…..
අපේ අම්මවත් සේන අංකල්ල දැන් අවුරැදු විස්සකටවත් දැකල නැතිව ඇති….
සේන අංකල් කරාටි මාස්ටර් කෙනෙක්….

මේකට ඌවම තෝරගෙන තියෙන්නෙ එදා එයාලව මරපු දවසෙ මල්ලිය අඬ අඬා දත්ම්ටි කාගෙන කිව්වලු මට උන් මරල උන්ගෙ මස් කන්න ඕනෙ කියල….
ඌට ඒතරම් කේන්තියක් ගිහින් තියෙන්නෙ ඌ හැමදේම බලාගෙන ඉඳල තියෙන්නෙ….
මේ මිනී මැරැම් තුනම ඇහෙන් දැක්ක එකම සාක්ශි කාරයත් ඌම තමයි…..

මං දන්නෑ බං ඌට උනේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල හැබැයි ඒ හැමදේම උනේ උගෙම උවමනාවට….
මාමයි සේන අංකලුයි කොච්චර ඒකව හරි මාර්ගෙට ගන්න හැදුවත් ඒක කරන්න බැරිවුනාලු ……
බැරිමතැන ඌට හැමදේටම සපෝට් කරල….

එදා ඒ හැමදේම කරපු මිනිහ අද සුඳු රෙද්දක් පොරෝගෙන මිනිස්සුන්ගෙ හිත් දිනාගෙන ඇමතිකෙනෙක් වෙලා ඉන්නව….
එ්ත් එදත් එකයි අදත් එකයි උෟ …..
තාම ඌ කරන සක්කිලි වැඩ නවත්තල නෑ….
මිනිස්සුන්ට හොද මූණ පෙන්නගෙන හොරා කනව අහිංස කෙල්ලො දූෂනේ කරනව කුඩු ගේනව කරන්න පුලුවන් හැම දහදුරා වැඩක්ම කරනව…..

ඒත් හැම චන්දෙකින්ම දිනනවත් එක්ක….
මිනිහගෙ බලු වැඩ පොලිසියට අල්ලල දෙනව කියල සේන අංකල්ව මිනිහට අහුවුනා ……

උන් ඊට පස්සෙ සේන අංකල් නිශ්ශබ්ද කරන්න අංකල්ගෙ ලොකු දුව දිනූ ඉස්සුව….
පස්සෙ කෙල්ලව දූෂනේ කරල මරල දාල ඉඳල වැල්ලෙ තිබිල මිනිය හම්බුනේ ….

ඒ දුකට සේන අංකල්ගෙ වයිෆ් පපුවෙ අමාරැවක් හැදිල මැරැන……
පස්සෙ මිනිහ බාගෙට පිස්සෙක් වගේ හිටියෙ…..

මල්ලිය ගෙදරින් ගියාට අපි දන්නෑ කොහේ යනවද කොතන ඉන්නවද කියල….
හැබැයි ඌ දැනුම් තේරැම් තියෙන කා⁣ලෙ ඉඳන්ම සේන අංකල් ලඟ එයාලගෙ ගෙදර ඉඳල තියෙන්නෙ…..

ඌ අපිත් එක්ක වැඩිය කතා බහ නොකෙරැවට සේන අංකල්ගෙ කෙල්ලො දෙන්නත් එක්ක පුදුම එකතුයි…..
උන් දෙන්නට මාර ආදරයක් තිබුනෙ…..
ඔක්කොටම වැඩිය සුදු මැනිකෙට මාර ආදරෙයි …..
ඒ ලමයගෙ ඇස් දෙකත් පේන්නෙ නෑනෙ….
කොහේ ගියත් කෙල්ල ගියෙ ආශිගෙ අතේ එල්ලිලාමයි……

දිනූට එහෙම අපරාධයක් කලා කියල එවෙලෙම උන් සේන අංකලුට කෝල් කරල කියල ඒත් මේ කිසිම දෙයක් සේන අංකල් මල්ලිට කියල නෑ …..
අඩුගානෙ උස්සගෙන ගියා කියලවත්…
ඌ හැමදේම දැනගෙන තියෙන්නෙ සේරම ඉවරයක් වුනාම…..

ඇයි බං ඒ අංකල් පොඩි අයියට හැමදේම හැංගුවෙ කිව්වනම් ඌට කෙල්ලව අගේට බේර ගන්න තිබ්බ…..

ඔව් එහෙම කරන්න තිබ්බ…..
ඒත් ඒවෙලාවෙ ආශි ඉස්සරහට දැම්මනම් අවුරැදු ගානක් ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ යනව කියල අංකල් දන්න නිසා හංගල තියෙන්නෙ……

ඒ මොකක්ද බං ඒ කතාව…..

ඔව් බං මල්ලිය බොරැවට ශශී එක්ක රවුම් ගැහුවෙ …..
උගෙ ගෙට රිංගලම උගෙ හොර අල්ල ගන්න තිබුන එකම ක්‍රමය ශශී ….
අනික ආශි පලාතම බයකරගෙන ඉන්න චන්ඩිය කියල දැනගත්තාම ඇමතිතුමා උඩින්ම ඌට කැමති වුනා …..

ඒ කියන්නෙ ඒ කියන්නෙ ඒ ඇමතිය…..

ඔව් බං වූ සේනාධීර …..

ඒ දවස්වල මල්ලී ශශී එක්ක යාළුවෙලා හිටියෙ ඒක නිසා….
මල්ලිටත් නොකිය අංකල් සේනාධීර මරන්න ගිහින් වෙඩිකාල මැරැන….

හැබැයි අංකල් ඒ ගමන යන්න කලින් මල්ලිව පොරොන්දු කරගෙන තියෙනව සුදු මැනිකෙව අස් දෙක වගේ බලාගන්න කියල….

ඒදා ඉඳන්ම මල්ලි එක කුස උපන් සහෝදරයෙක්ටත් වඩා හොදට සුදු මැනිකෙව ආරක්ෂා කලා….
රැයක් දවාලක් නැතිව හැමවෙලාවෙම එහාටයි මෙහාටයි දිව්වේ ……
ගෙදර හිටියට වැඩිය හිටියෙ ඒ ගෙදර…..

පස්සෙ කෙල්ලගෙ ආරක්ෂාවට තව කොල්ලො දෙතුන්දෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ඒ ගෙදර නවත්තල තිබුනෙ….

කෙල්ල මියුසික් වලට හරිම ආසයි දකෂයි ඒ නිසා මල්ලිය මේ ලඟකදි කෙල්ලව මොකක්ද මන්ද හොද ප්‍රසිද්ධ ගායකයෙක් ලඟ පංතියකට යවල ඉඟැන්නුවෙ…..

මමත් ඔය පාරෙ යද්දි ඕන තරම් දැකල තියෙනව කෙල්ල මල්ලියගෙ අතේ එල්ලිලා හිනාවෙවී පාරෙ යනව……

කොහොමහරි කෙල්ලගෙ වෙලාවට කෙල්ලව ඇමතියගෙ අර හිටිය බාල පුතා ඌ මහ වනචරයෙනක්නෙ බං ඌ දැකල තියෙනව කෙල්ලගෙත් තිබුනෙ පුදුම ලස්සනක්නෙ …..

අපරාදෙ කියන්න බෑ අප්ප වගේම තමයි පුත්තුත් ගෑනු පෙරේතයො….
කෙල්ලව උස්සන්න කොච්චර ට්‍රයි කරත් වැඩක්වෙලා නෑ හැමතිස්සෙම මල්ලිය ලඟින් ඉන්න නිසා……
ඌ⁣ටත් ටිකක් ඉව දැනිල තියෙනව කව්රැහරි පස්සෙන් පන්නනව කියලත් …..

මේ හැමදේම අනිත් පැත්ත පෙරලුවෙ මල්ලිගෙ කසාදෙයි බං ……
අවුරැදු ගානක් ගහපු ප්ලෑන්ස් සේරම වතුරෙ ගියා මල්ලිගෙ කසාදෙ හදිසියේම වෙච්ච නිසා…..

ශශීව ඉත්තෙක් කරගෙන වැඩේ දෙන්න හිටිය ඌට ඒකිව අත ඇරල දාන්න උනා මේ කසාදෙ නිසා….

සේරම හිතපු විදිහටම කෙරීගෙන එනකොට මුගෙ හදිස්සි තීරනේ හින්ද සේන අංකල්ගෙයි උබලගෙ තාත්තගෙයි ඔක්කොම කැපකිරීම් වතුරෙ ගියා විතරක් නෙමෙයි අර අහිංස කෙල්ලට තිරිසන්නු අතින් මැරැම් කන්නත් වුනා …….

දැන් ඔය ඕක කලකිරීමෙන් වගේ ඉන්නෙ ඒකයි…….

මූ සුදූව බැන්දට පස්සෙ ශශීව පන්න ගත්ත…
මේව ඔක්කොම ආරංචි වෙලා තියෙන්නෙ ඇමතියගෙ බාල පුතාට මොකද ඒ දවස්වල ඇමතියයි උ⁣ගෙ ලොකු පුතයි රට හිටියෙ…..

ඊට පස්සෙ ඌ කොහොමහරි ට්‍රයි කලේ සුදු මැනිකෙ උස්සල මල්ලියගෙන් පලිගන්න…..

මම මේ කිසිම දෙයක් ඒ දවස්වල දැනගෙන හිටියෙ නෑ බං …..
මං උන් දෙන්නට හනිමුන් ටුවර් එකක් ඇරේන්ජ් කරල දුන්න …….
ඒක යන්න අදිමදි කර කර ඉඳල තියෙන්නෙ සුදු මැනිකෙව තනියම දාල යන්න බැරිනිසා….

කෙල්ලව ගෙදර අරගෙන එන්න හැදුවාම නුවර එලියෙ යන්න කලින් ගිහින් එ්කි ඒකට කැමති වෙලා නෑ …..

යන්න ලෑස්ති වෙච්ච ගමන ගිහින් ඇවිල්ල හැමදේම අපේ සුදූටයි ගෙදර අයටයි පැහැදිලි කරල දීල එක්කගෙන යන්න කියල……
පස්සෙ මූ අකමැත්තෙන් වුනත් සුදූගෙ හිත රිදෙයි කියල හිතල අර ගමන යන්න කැමතිවෙලා තියෙන්නෙ…..

කෙල්ලට කියල ගෙදර ආපු ගමන් අපේ ගෙදර ඔක්කොටම කියල හැමදාටම මෙහෙ නවත්තගන්න එක්කගෙන එනව කියල…..

සුදු මැනිකෙත් ගොඩාක් සන්තෝසෙන් ඉඳල තියෙන්නෙ ගෙදර එන්න …..
පස්සෙ ඌ මෙහෙන් යනකම් ඇහැ ගහගෙන හිටිය අර තිරිසන්නු ටික හිටපු උන්ට ගහල කෙල්ලව අරගෙන ගිහින්……

මල්ලියට ගොඩක් දුකයි ගෙදර එක්කගෙන එන්න දවස් දෙකක් තිියෙද්දි කෙල්ලට මේක වුනා කියල…..
අනික උගෙ සතුට හොයන්න ගිහින් සුදු මැනිකෙ නැති කරගත්ත කියලත්…….

ඒත් මේ හැමදේටම වැඩිය මල්ලිය අපේ සුදූට ආදරෙයි බං ඒකනෙ සුදූ වෙනුවෙන් හැමදෙයක්ම නැති කර ගත්තෙ….
ඌට සුදූ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් බං…..
දැන් සුදූ මත්තෙම උෟ මැරෙන්න උනත් ලෑස්තියි කියල මං දන්නව……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ….. 

2 Comments

  1. You really make it appear so easy with your presentation but I in finding this
    matter to be really one thing that I feel I’d never
    understand. It seems too complex and extremely wide for me.
    I am taking a look ahead on your subsequent put up, I’ll try to get the dangle of it!
    Escape rooms hub

  2. Somebody essentially help to make severely posts I’d state.
    This is the first time I frequented your website page and up to now?

    I surprised with the analysis you made to make this particular publish extraordinary.

    Magnificent job!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *