…..හිරෑගෙන්……~~~ පිනි වරුසා 62 ~~~

විසිනි ආශි ගැන ගොඩාක් දුකින් හිටියෙ….
අම්ම,තාත්ත,වගේම ආශිගෙ තාත්ත මතක්වෙද්දිත් කෙල්ලට දැනුනෙ ලොකු දුකක්……

එයා වැරදි නෑ……
මං උනත් එයාගෙ තැන හිටියනම් මං කරන්නෙත් එයා කරපු දේමයි….
හැබැයි එයාට තියෙන තරම් දෛර්යයක් ශක්තිමත් හිතක්නම් මට නැතිවෙයි…..
හැමෝගෙන්ම ගෙදර අයගෙන් පවා කොච්චර බලපෑම් ඇති වුනත් එයා එයාගෙ ඉලක්කයට ගිහින්මයි නැවතුනේ…..
ඇත්තටම මට මගෙ මහත්තය ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ……

හ්…ම් ඒත් කොහොමද මං මේ නපුරව යාළු කර ගන්නෙ…..
කොච්චර හැදිල තිබුනත් නපුරුකමයි කේන්තියයි පොඩ්ඩක්වත් අඩු නැතිව තියෙනවනෙ තාමත්…..

ආශි ගෙදර එනකල් විසිනි බැල්කනි එකට වෙලා හැමදාම වගේ බලාගෙන හිටියෙ….

කා එක වත්තට දානව විසිනි බැල්කනි එකට වෙලා බලාගෙන……

ආශි ඇවිල්ල පැයක් විතර ගියාට පස්සෙ ආශි බැල්කනි එක දිහාට එනව වගේ ඇහෙන කොට කෙල්ල බොරුවට නිදිවගේ හිටිය…..

ආශි ඇවිල්ල ටික වෙලාවක් එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳල කෙල්ල ලඟට ඇවිල්ල වඩාගෙන කෙල්ලගෙ රෑම් එකට අරගෙන ගිහින් ඇඳට අතඇරිය…..

ආ..ව් අ..ම්..ම….

උබේ ඔය ලුණු ගම්බිරිස් ,ගොරක මදි මාව තම්බන්න…..
උබ හිතාගෙන හිටියට මං මෝඩයෙක් කියල මතක තියාගනිං මං උබ හිතාගෙන ඉන්න එකා නෙමෙයි කියල……

සීතලේ ඉන්න හොද නැති නිසයි මං තමුසෙව අරගෙන ආවෙ නැතිව ලව් කරන්න නෙමෙයි……

ආශි කෙල්ල දිහා බලල කේන්තියෙන් කෑ ගහද්දි කෙල්ලගෙ ඇස් දෙකත් එක්ක ලොකුවෙලා ගියා…..
වේගෙන් ඇසි පිය ගැහුවෙ ඇස්වලට පිරුන කඳුළු බිමට වැටෙයි කියල බයට……

කෙල්ලට කෑ ගහපු ආශි යන්න හැරෙද්දි විසිනි ගිහින් ආශිගෙ අතේ එල්ලුන……

ම..ට ස..මා..වෙ..න්න ම..හ..ත්..යො….

ඇයි ඒ ගමන අද මොකද තමුසෙට වුනේ….
මාම තමුසෙට තේරුම් කරාට පස්සෙනෙ තමුුසෙට මං ගැන කරුනාව පහලවුනේ…..

ඇයි තමුසෙට කලින් ටිකක්හරි මං ගැනත් හිතන්න බැරිවුනේ ……
මං කොච්චර විඳවනවද කියල උබට ටිකක්වත් තේරුම් ගන්න බැරිවුනා …..

දරුව නැතිවුණා කිව්වම උබ මට කොයිතරම් දේවල් කිව්වද…..
මං තිරිසන් මිනිහෙක් කිව්ව….
මං මගෙ දරුව මරාගත්ත කිව්ව…..
හැමදේටම මං වැරදි කාරය කිව්ව…..
උබ කිව්වනෙ කවදාවත් මගෙ මූණ උබට පෙන්නන්නවත් එන්න එපා කියල…..

ඒකයි මං මෙච්චරකල් උබට පේන්නවත් ආවෙ නැත්තෙ…..
මගෙ පවුලෙන් ඈත්වෙලා හිටියෙ……
උබට සැනසීමෙන් ඉන්න දීල මං හැමෝගෙන්ම ඈත්වෙලා ගියා…..
දැන්වත් උබට සැනසීමක් දැනෙනවද…..
උදේ පාන්දරම ෂොප් එකට ගිහින් මහ රෑ වෙනකම් මං ඒකෙ ඉඳල එන්නෙ මට වැඩ තියෙනවටම නෙමෙයි……
තමුසෙ නිදාගත්තට පස්සෙ එන්න……

ඒත් අමතක කරන්න එපා උබේ මුරංඩුකමත් හැමදේටම මුල් වුනා කියලත්…..
මං කට කැඩෙනකම් කිව්ව මං නැතිව තමුසෙට එලියටවත් බහින්න එපා කියල ඒත් තමුසෙ ඒක කලා……

එකපාරක් කරපු වරදම උබ ආයිමත් කලා…
මං කියපු දේවල් සතපහකටවත් ගනං ගන්නෙ නැතිව …..
ඒකටනම් උබට මගෙන් කවදාවත් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා……

උබටත් වැඩිය මං විඳෙව්ව මගෙ දරුව නැතිවෙච්ච එකට…..
හැබැයි උබට දැනුනෙ උබේ වේදනාව විතරයි මගෙ වේදනාවක් පොඩ්ඩක්වත් දැනුනෙනෑ….
මේකද උබේ මහලොකු ආදරේ……

පුංචි කාලෙ ඉඳන්ම සතුට ,සැනසීම කියනදේ පොඩ්ඩක්වත් මට ලැබිල නෑ……
හරියට රෑට නින්දක්වත් මට ලැබිල නෑ…..
පුංචි කාලෙ මං ඇස් පියා ගන්නත් බයයි…..
ඇස් පියාගත්තම මට ඇහෙන්නෙ නැන්දගෙ විලාප සද්දෙ මගෙ තාත්තගෙ මාමගෙ දෑස් වල තිබුන වෛරය එයාල පන ඇද ඇද දඟලපු විදිහ…..

පුංචි කාලෙ ඉඳන්ම මේ වෙනකම් මට සතුටක් ලැබුනනම් දැනුනෙ උබේ අකමැත්තෙන් හරි මං උබව කසාද බැඳ ගත්ත දවසෙ……
මගෙ දරුව මගෙ ලඟට ආව කියල දැන ගත්ත දවසෙ…..
මං තාත්ත කෙනෙක් වෙන්න යනව කියල දැනගත්තාම මට දැනුන සතුටනම්…..

ඒත් දැන් ඒව වැඩක්නෑ…..
තමුසෙට හරි සැනසීමෙන් ඉන්න පුලුවන්නෙ දැන්…..
මං ජීවත් වෙන්නෙ තමුසෙ කියපු විදිහටම තමුසෙගෙන් ඈත්වෙලා……

ආශි යන්න හදද්දි කෙල්ල අල්ලගෙන හිටිය අත ආශි ගලවන්න හදද්දි කෙල්ල තවත් තදකරල අාශිගෙ අත අල්ල ගත්ත…….

පුලුවන්නම් විතරක් මට සමාව දෙන්න මහත්තයො ඒත් මගෙන් ඈත් වෙන්න එපා….
මං කැමතී අපිට නැතිවෙච්ච සතුට ඔයාට ආයිමත් දෙන්න…….

කෙල්ල ආශිගෙ අතේ එල්ලිලා කියද්දි ආශිගෙ මූණ තිබුනටත් වැඩිය කේන්තියෙන් පිරෙනව විසිනි දැක්ක…….

බලාපොරොත්තු තියාගෙන ඉඳල ඒව සුනුවිසුනු වෙලා ගියාම දැනෙන වේදනාව මං හොදටම අත්වින්ද…..
මට ආයිමත් විඳවන්න ඕනනෑ…….

මං තමුසෙට සමාව දීල ආයිමත් දරුවෙක් ගැන හිතල දරුවෙක් හදාගත්තත් මට බයයි තමුසෙගෙ තියෙන මුරංඩුකම නිසා ඒ දරුවත් මට නැතිවෙයි කියල……
⁣බොරුවට හීන දකින්න මට ඕනනෑ…….

කෙල්ල අල්ලගෙන හිටිය අත ගසල දාල ආශි යන්න ගියෙ කෙල්ල දිහා රවල බලල ලොකු කේන්තියකින්………

විසිනි ආයිමත් ආශි එක්ක කතාකරන්න නොගියෙ කේන්තියෙන් ඉන්න වෙලාවට ආශි එක්ක කතාකරල කිසිම තේරුමක් නැතිනිසා……

එන්න එන්න වෙඩින් එක ලං වෙනකොට හැමෝම කාර්යය බහුල වෙලා හිටියෙ……

ආශිනම් කිසිම දෙයක් නොදන්න ගානට ෂොප් එකට යනව ගෙදර එනව………

ආශි රෑ ගෙදර ඇවිල්ල වොෂ් එකක් දාන්න බාත්රෑම් එකට යන්න හදද්දි කවුරුහරි දොරත් ලොක් කරගෙන ඇතුලෙ ඉන්නව ඇහුන…….

ආශි කේන්තියෙන් දොරට ගැහුවෙ අපරාදෙ කලින් ගෙදර ආවෙ කියල හිතල තමන්ටම බැන ගන්න ගමං…….

⁣කවුද ඇතුලෙ ඉන්නෙ……
ඉක්මනට එනව මටත් වොෂ් දාගන්න ඕන…..

මොන මලවදයක්ද මන්ද…..
ශුවර් එකට මහිමට තමයි ඕක තමයි වඳ දිදී ඇණයක් වෙන්නෙ……

කේන්තියෙන් පුපුර පුපුර ඉන්න ගමං අතේ තිබුන ටවල් එකත් අල්ලල විසිකරල දැම්ම…….

මූනම් හදන්නම බෑ…..
මං ඇවිල්ලත් දැන් පැය බාගෙකට වැඩී…..
මූව ඇතුලෙ දිය වෙලාද මන්ද…..

වරෙන් බං විගහට එලියට මට නාගන්න…..
තෝ ඇතුලෙ මුල් ඇදලද…..

ඉවසන්නම බැරිමතැන කාඹරේ එහාට මෙහාට ඇවිද්දෙ තනියම කියව කියව…..

පැයකටත් කිට්ටු වෙනව…..
ෂොප් එකේ මැරිල මැරිල වැඩ කරල ඇවිල්ල නා ගන්නවත් නිදහසක් නැතිහැටි ඇතිවෙනකම් තෝ නාගෙන වරෙන්කො මාත් ටිකක් නාවන්න…….

මේසෙ උඩ තියල තිබුන වතුර ජොග්ගුව අතට අරගෙන දොර අරිනව ඇහෙද්දි ආශි දොර කිට්ටුවට ගියේ……

දොර ඇරපු ගමන්ම වතුර ජෝගුවත් එක්කම ආශි ඇගට විසිකලේ…..

ආ..ව් අ..ම්…ම….

විසිනි ආයිමත් තෙමුන මදිවට විසිකරපු ප්ලාස්ටික් ජෝඩුව ගිහින් තොලේ වැදිල තොල පුපුරල ලේත් එනව……

ඕ ශිට් තමුසෙද……

වේදනාවට කඳුළු පිරෙද්දී විසිනි රවල බැලුවෙ ආශි දිහා…..

තමුසෙ මොනවද මගෙ රෑම් එකේ කරන්නෙ…..

ඇයි අමතක වුනාද මේක මගෙත් රෑම් එක කියල….

ආ දැන්ද ඒක මැඩම්ට මතක්වුනේ…..

ඔව් ඇයි…..

තමුසෙ දැන් එකට එකත් කියනවද….

ඔව් ඇයි බෑ කියල හිතුවද…..

ආශිගෙ මූණ කේන්තියෙන් පිරෙද්දි විසිනිට බය දැනුනත් කෙල්ල ආශිට ඒක ඇගෙව්වෙ නෑ ……

දෙනව කට පුපුරන්න උබ එකට එක කියනකොට……

තව කොහාට දෙන්නද මේ ගහල පුපුරල ලේත් එනව ඇයි පේන්නැද්ද …..
ආව මෙතන මට ගහන්න…..
ඒමදිවට ඇඳුනුත් තෙමල……

බාත්රෑම් ගියානම් ඉක්මනට එන්න දන්නැද්ද ඒකට වෙලා පැලවෙලා ඉන්නෙ නැතිව…..

ගඳ ගහන රෙදි වගයක් තිබිල හේදුව ඒකයි පරක්කුවුනේ …..

තමුසෙ මොකද ඒව කරන්න ගියෙ මගෙ වැඩ මට කරගන්න පුලුවන්……

කෙල්ල කොන්ඩෙ බැදල තිබුන ටවල් එකත් ඇදල අරගෙන ආශි බාත්රෑම් එක ඇතුලට ගියෙ……

ආව් නපුරො මට රිදුන…..

ආශි නාගෙන එනකොට විසිනි ඇඳේ නිදාගෙන ඉන්නව දැක්කම ආශිට පුදුමත් හිතුන…..

තමුසෙ මොකද මෙහෙ කරන්නෙ…..

නිදාගෙන හිටිය කෙල්ලව හොල්ලන ගමන් ආශි ඇහුවෙ….

පේන් නැද්ද කරන දේ මං නිදි…..

යනව යන්න මගෙ රෑම් එකෙන් එලියට මං තමුසෙව එලියට ඇදල දාන්න කලින්….

මට බෑ …..
මේක මගෙත් රෑම් එකනෙ…..

යනව යන්න…..

ආශි කෙල්ලගෙ අතින් ඇදගෙන ගිහින් රෑම් එකෙන් එලියට දැම්ම….

දොර වහද්දි කඳුළු පුරෝගෙන ආශි දිහා බලාගෙන ඉන්න කෙල්ලව දැක්කම ආශිගෙ හිත පිච්චිලා යනව වගේ දැනුනත් කෙල්ල ගිහින් නිදාගනී කියල හිතල දොර වහල ගිහින් ඇඳට වැටුන…..

මහ රෑ කවුරුහරි කෙදිරිගානව වගේ ඇහුන සද්දෙට ආශි ගැස්සිල ඇහැරැනේ…..
සද්දෙ දොර දිහාවෙන් වගේ ඇහුන නිසා ආශි කරුවලේම හිමිහිට දොර ලඟට ගිහින් දොර ඇරිය…..

විසිනි දොර ලග බිම හීතලේ ගැහි ගැහී නිදාගෙන ඉන්නව දැක්කම ආශිට දුකක් වගේම කේන්තියකුත් දැනුන…..

මේකිගෙ තියෙන මුරංඩුකම…..
රෑම් එකට ගිහින් නිදාගන්නෙ නැතිව මගෙන් පලිගන්න වෙන්න ඇති මෙතන නිදාගත්තෙ…..

ආපහු කාඹරේ ඇතුලට ගිහින් දොර වහල දාන්න හැදුවත් කෙ⁣ල්ල වෙවුල වෙවුල ඉන්න විදිහ දැක්කාම ආශිට හිත දුන්නෑ…….

විසිනිව අරගෙන ඇවිත් ඇදෙන් තිබ්බහම විසිනිටත් ඇහැරුනා……

උබේ තියෙන මුරංඩුකම නිසානෙ රෑම් එකට ගිහින් නිදාගත්තෙ නැත්තෙ…..
දැන් සනීපද අමාරුව……

ටයිල් එකේ හීතලේම ඉඳල කෙල්ලගෙ මුළු ඇඟම සීතල වෙලා තිබුනෙ……
සීතල ඉවසන්නම බැරිතැන කෙල්ල ඇදේ තිබුන ආශිගෙ ශිට් එක අරගෙන ඇඟට දාගෙන අත්දෙකම පපුවට තුරැළු කරගත්ත…..

එ් රෑම් එකේ මෙතුම් අයියගෙ යාලුවො වගයක් ඉන්නව…..

මොනව…..
ඉතිං තමුසෙ අම්මගෙ රෑම් එකට යන්න තිබුනනෙ…..

අම්ම කිව්ව ඒකට එන්න එපා ඔයාගෙ එකට යන්න කියල……

විසිනි සීතලෙන් වෙවුලද්දි ආශි විසිනිව ඇදල අරගෙන පපුවට තුරැළු කර ගත්ත…..

කාලෙකින් ආශිගෙ සුවඳ විසිනිට දැනෙද්දි විසිනි තව තවත් ආශිගෙ පපුවට ගුලිවුනා…..

විසිනි ටික ටික ආශිගෙ මුනට ලංවෙද්දි…

දැන් නිදාගමු……

විසිනිගෙ හිතේ ඇතිවුණ පුංචි බලාපොරොත්තුවත් නැති කරමින් ආශි කෙලලවත් තුරැළු කරගෙනම ඇස් පියාගත්ත……

Likes ,comments වලට thanks යාලුවනේ…….. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *