…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 39 ~~~

ආශි ටිකෙන් ටික කෙල්ලගෙ ලඟට කිට්ටුවෙද්දි ඇස් වලින් සට සට ගාල කඳුළු කැට කඩාගෙන වැටුන…..
සියලු වේදනා එකපිට ඇවිත් හදවතේ තෙරපෙද්දි ඉකි ගහල හයියෙන්ම ඇඩුන…

ආශිගෙ මූනෙ තියෙන්න කේන්තිය දැක්කමනම් විසිනිගෙ කකුල් පවා පනනැතිව ගියා….
ටික ටික ලඟට ඇවිත් කට දෙපැත්තෙන් තද කරල මිරිකද්දිනම් කෙල්ලට දැනුනෙ ලොකු වේදනාවක්….

මොකද අඬන්නෙ …..
ඇඬුව කියල ඔක්කොම හරියනවද…..
මං උබේ කඳුළු දකින්න කැමතිනෑ ඉස්සෙල්ලම ඔය ටැප් එක වහ ගනිං……

ආශිගෙ සැරපරැෂ වදන් පවා කෙල්ලට දැනුනෙ පිහිතුඩු වලින් අනිනව වගේ…..

මෙයා මේ තරමටම හිතක් පපුවක් නැති මනුස්සයෙක් ද….
මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම තේරැමක් නැති හිස් ජීවිතයක් වුනා මෙයා නිසා….
මටත් හැමදේම නැතිවුණා….
ඒත් එයා හැමදාම හිතුවෙ එයා ගැන විතරයි….
දැන් අපේ කසාදෙ නිසා එයාට නොලැබිච්ච දෙවල් ගැන හිතල මට වඳ දෙනව…..
එහෙම කරන එක හරිද…..

මට විතරක් ආදරේ කරනව කියල කී දෙනෙක්ව ආශ්රේ කරාද …..
මට පේන්නත් දෙන්නෙක් එක්කම හිටියෙ….
තව කොහේ කොහේ සම්බන්ධ තිබුනද කව්ද දන්නෙ….

එයා දැන් මට ආදරේ කරපු එකට පසුතැවෙනව….
මං එයාට කිව්වෙ නෑ මාව කසාද බැදල එයාගෙ සතුට නැතිකරගන්න කියල එයයි බලහත්කාරෙන්ම මාව මැරි කලේ….
දැන් හැමදේටම වැරදි කාරය මන්ද දෙයියනේ …..
මට මැරෙන්න තරම් දුකක් දැනෙනව….
ඒත් මං ඔයාට හදවතින්ම ගොඩාක් ආදරේ කලා නෙතුම්…..
ඔයාට කවදහරි මාව තේරෙයි දැනෙයි …..

තමුසෙට මං කියපුදේ ඇහුනෙ නැද්ද …..
මං කිව්වෙ ඔය ටැප් එක වහ ගන්න කියල නැතුව මගෙ ඇස්⁣දෙක දිහා බලාගෙන භාවනා කරන්න නෙමෙයි ……

තමුසෙ ආයිමත් මගෙ දේවල් අල්ලල එහෙම තිබුනොත් බලාගෙනයි….
මං මේ තමුසෙට අන්තිම හොදින් කියන්නෙ….
ආයිමත් කිසිම දෙයක් අල්ලල තිබුනොත් උබ මගෙන් මැරැම් කනව……

හැමදාම මැරැම් කනව මැරැම් කන්ව කියන්නෙ නැතිව මාව එක පාර මරල දාන්න මෙතුම් …..

විසිනි එහෙම කියනවත් එක්කම ආශිගෙ දෑස් කේන්තියෙන් දිළිසුනා…..
කම්බුල් තොල් පිම්බිල ගැහෙන්න ගත්ත….
කෙල්ල ඇඬුම් අතරෙ වේගෙන් ඇසිපිය ගැහුවෙ මොනව වෙයිද කියල හිතාගන්න බැරිව හදවතින් ගැහෙමින්…..

කට මිරිකගෙන හිටිය අත ලිහිල් වෙලා යද්දි කෙල්ලට සනීපයක් දැනුනත් ඊලඟ මොහොතෙ මොකක් වෙයිද කියල බයෙනුයි හිටියෙ …..

ඒත් එකපාරට විසිනිට හැමදේම බොඳවෙලා යනව වගේ දැනුනෙ…..
වේගෙන් තමන් වටේ තියෙන දේවල් කැරකෙනව වගේ දැනෙද්දි කෙල්ල අත් දෙකෙන්ම හිස බදා ගත්ත…..
කකුල් දෙක පනනැතිවෙලා වගේ යනකොට අත් දෙක පිටි පස්ස⁣ට කරල බිත්තියට තද කලා …..

කෙල්ල යාන්තමට දැක්ක වියරැ වැටිල තිබුන ආශිගෙ මූන එකපාරටම වෙනස්වෙනව……
ආශිගෙ දෑසකින් කඳුළු බින්දුවක් එලියට පනිනව වගේ දකිද්දි විසිනිගෙ ඇස් පියවෙලා ගිහින් ඇඳගෙන වැටෙන්න යද්දි ආශි පැනල කෙල්ලව අල්ල ගත්ත…….

සුදු තමුසෙට මේ මොනවද වුනේ….
සුදූ ….
කතාකරනව සුදූ ….

ආශි එහෙම්මම අල්ලගෙන ඉන්න ගමං විසිනිගෙ කම්බුල් වලට තට්ටු කර කර කෙල්ලට කතා කලත් විසිනිට සිහිකල්පනාවක් තිබුනෙ නෑ ……

කෙල්ලව උස්සගෙන ඇවිත් ඇඳෙන් තියල ආශි එහාට මෙහාට දිව්වෙ පිස්සු හැදිල
වගේ….
දෙතුන් පාරක්ම කකුල් පැටලිලා වැටෙන්න ගියා….
හිසකෙස් තදින්ම ඇද ඇද කාඹරේ එහාට මෙහාට දිව්ව මිසක් හොදටම බයවෙලා හිටිය නිසා කරන්න දෙයක්වත් සිහිකල්පනාවට ආවෙනෑ …..
මේසෙ උඩ තිබුන වතුර බෝතලේ අරගෙන ඇවිත් විසිනිගෙ මූණ තෙමන ගමන් කම්බුල් වලට තට්ටු කර කර කතා කලා…..

සුදු…..
කතා කරනවකො….
සුදූ මාව බය කරන්න එපා බං …
සුදූ කියනවකො තමුසෙ මේ බොරැවක් නේද කරන්නෙ …..
මා…ව දා…ල දෙ…යි..ය..නේ උ..බ ම..ගෙ හු..ස්..ම ටි…ක බං …..

අනේ මට බෑ බං තමුසෙ නැති ජීවිතයක් ගැන හිතන්නවත්…..
සුදු ……
අනේ කතා කරනවකො…..
මං තිරිසනෙක් බං ….
මං කිසිම හිතක් පපුවක් නැතිව තමුසෙට වද දෙනව……
අ..නේ සු ..දූ….

කෙල්ල අමාරැවෙන් ඇස් පියන් අරිද්දි දැක්කෙ කෙල්ලගෙ පපුවට ඔලුව තියාගෙන හයියෙන් ඉකි ගගහ අඬන ආශිවයි….

කෙල්ලට හිතුනෙම මේ හීනයක්මයි කියල…..
ආශි පපුව තදකරගෙන අල්ලගෙන ඉන්න නිසා කෙල්ලට ඉබේම කෙදිරි ගෑවුනා…..
කෙල්ලගෙ කෙදිරිය නිසා ගැස්සිල ඔලුව උස්සපු ආශි ආයිමත් කෙල්ලගෙ කම්බුල් අත ගෑව…….

තමුසෙට දැන් කොහොමද සුදූ……
කියනවකො මාව බය නොකර….

හො…ද..යි…..

ඔය ඇත්තමද…..
එහෙනම් කමක්නෑ ඔහොම ටිකක් හාන්සි වෙලා ඉන්නව මං ඉක්මනට ගිහින් වාහනයක් හොයාගෙන එන්නම් හොස්පිට්ල් යන්න ……
ශිට් වෙලාවට කව්රැවත් නෑනෙ ගෙදර…..
ඔහොම ඉන්න මං විනාඩියෙන් ඉන්නං…..

ආශි නැගිටල යන්න හදද්දි කෙල්ල ආශිගෙ අතකින් අල්ල ගත්ත……

මට හොස්පිටල් යන්න ඕනනෑ දැන් හොදයි…..
තව ටිකක් මෙහෙම හිටියාම හරියයි….

ආශි ආයිමත් කෙල්ල ලඟින් වාඩිවෙලා කෙල්ලගෙ නලල සිප ගන්න උත්සහ කරද්දි කෙල්ල ආශිගෙ පපුවට අත තියල ආශිව නැවත්තුව……

නවත්තන්න ඔය විකාර බොරු රඟපෑම්….
ඔයාට මේ කසාදෙ සාපයක්නෙ වෙලා තියෙන්නෙ……
මෙතුම් මට බොරැවට මෙහෙම ලංවෙන්න කිසිම උවමනාවක් නෑ…
අදින් පස්සෙ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න……
මීට පස්සෙ මගෙ ලඟටවත් එන්න එපා මං කැමතී ඉක්මනින් මේ කසාදෙ ඉවරයක් කරල ඔයාගෙ ජීවිතේට වාසනාව ගේන්න….

ඔයා කිව්වනෙ මං නිසා හැමදේම ඔයාට නැතිවෙලා ගියා කියල ……
මීට පස්සෙ එහෙම වෙන්නෑ……
කොහොමත් අපි කසාද බැන්ද කියල කසාද ජීවිතයක් තිබුනෙ නෑනෙ අපිට….
බොරැවට ලෝකෙට පේන්න ජීවත් වුනා විතරයිනෙ….

ආයිමත් මට ඔයා කරදර කරන්න ආවොත් මං මොනවහරි කරගෙන මගෙ ජීවිතේ නැති කර ගන්නව…..

ආශි පරාජිතයෙක් වගේ හරිම අසරණ විදිහට කෙල්ල දිහා බලාගෙන හිටියෙ…
වෙච්ච දේවල් ඔක්කොම අමතක කරල කෙල්ලට හිතුනෙම ඒ පපුවට තුරැළු වෙන්න….
ඒත් එහෙම කලොත් කවදාවත් ආශිගෙන් ඈත් වෙන්න බෑ කියල කෙල්ලට තේරුනා…..

ආශිගෙ කම්බුල් දිගේ කඳුළු බේරෙද්දි කෙල්ල හරිම අමාරැවෙන් වාවගෙන හිටියෙ..
එකපාරටම ආශි කෙල්ලව ඇඳල අරගෙන පපුවට තද කරල තුරැළු කර ගත්ත…..

විසිනිට හුස්ම ගන්නවත් බැරි තරමට පපුව තදවෙද්දි කෙල්ලගෙ ඇඟිලි තුඩු ආශිගෙ කොන්දට තදවුනා….
ඒත් එක්කම ආශි කෙල්ලව ටික ටික ලිහිල් කලා…
අත් දෙකම කම්බුල් මත තියල කෙල්ලගෙ නලලත සිප ගත්තෙ ආශිගෙ කඳුළු වගේම විසිනිගෙ කඳුලැලිත් ඒ කම්බුල්වල තැවරෙද්දි……

කෙල්ලගෙ ඔලුව අතගාල ඒ හිසත් කොල්ල සිප ගත්ත…..

මං හොඳ මිනිහෙක් නෙමෙයි සුදූ….
මගෙන් ඈත්වෙලා ගිහින් තමුසෙ අළුත් ජීවිතයක් ගතකරනවනම් මමත් දැන් ආසයි….

තමුසෙට මාත් එක්ක ජීවත් වෙනවනම් හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ මේ විදිහට කඳුළු බිබී…..
තමුසෙට ලස්සන ජීවිතයක් තියෙන්න ඕන සුදු මට කවදාවත් ඒක කරන්න බැරිවෙයි….
මේ අත්වල ……
මේ ජරා අත්වල ගෑවිලා තියෙන්නෙ ලේ විතරයි …..
මං දන්නව මේ අත්වලින් මං තමුසෙව අල්ලද්දි තමුසෙට මං ගැන ඇතිවෙන්නෙ පිළිකුලක් කියල මට තේරෙනව…..

කොහොමත් මගෙ ජීවිතේ ගැන වැඩි විශ්වාස යක් තියන්න බෑ ඉස්සරහට….
සමහරවිට මගෙ මැනිකට මං නැතිව තනියම ජීවත් වෙන්න වෙයි….
එහෙම උනොත් මැරැනට පස්සෙත් මගෙ වලට හෙන වදියි….
මං මේටිකේ මේ විදිහට ගොඩක්ම හැසිරැනේ ඔයාට මාව එපා කරවන්නයි…

දැන් ඔයා මාව අමතක කරල අලුත් ජීවිතයක් ගැන හිතන්න මගෙ මැනික….
මං මැරැනත් ඔයාව ආරක්ෂා කරනව රත්තරනේ….
ගොඩාක් ආදරෙයි සුදූ …..

ආශි කෙල්ලගෙ ඇස් දිහා බලාගෙනම හිතුවෙ කෙල්ලගෙ කම්බුල් දිගේ බේරෙන කඳුළු පිහදාල ආශිගෙ කදුළුත් ටී ෂර්ට් එකේ අත්වල අතුල්ලන ගමං …..

⁣ආයිමත් කෙල්ලගෙ නලලත සිපගෙන වේගෙන් කාඹරේන් යන්න ගියා….
කෙල්ල බලාපොරොත්තු වුනේ ආශි ඒවේගෙන්ම බයික් එකේ නැගල යයි කියලයි….

ඒත් බයික් එකේ සද්දයක්වත් ඇහුනෙ නැති නිසා කෙල්ලගෙ හිතට සහනයක් දැනුනෙ….

ආයිමත් ⁣බිත්ති අත ගගා රෑම් එකට ඇවිත් ඇදටවෙලා ඇස්දෙක පියාගෙන විසිනි ගොඩක්වෙලා කල්පනා කලේ ඉස්සරහට ජීවිතේ මොන විදිහකට ගෙවන්න සිද්ධවෙයිද කියල හිතාගන්න බැරිව…..

එදායින් පස්සෙ ආශියි විසියි අතරෙ පුංචි කතාබහක්වත් තිබුනෙ නෑ ….
කෙල්ල දවසින් වැඩිහරියක්ම ගෙව්වෙ රෑම් එකට වෙලයි ආශිත් කෙල්ල වගේමයි කාලෙ ගෙව්වෙ….

කෙල්ලගෙ ඇග දවසින් දවස දුර්වල වෙද්දි කාටවත් කියාගන්න නොතේරෙන අමුතු අපහසුවකින් දවස් ගෙව්වෙ….
සමහර වෙලාවකට මුළු ඇඟම පනනැතිවෙලා ගිහින් කලන්තෙ ගතියක් දැනුනත් කෙල්ල ඒක එච්චර ගනං ගත්තෙ නෑ …..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *