…..හිරූගෙන්……~~~ පිනි වරැසා 42 ~~~

සෙනිහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ නිරතුරැ ඔබට පොවන්නම්….
හදේ වේදනා දල්වලා ගින්දරින් මුට්ටිය
රත් කරවන්නම්….
හදේ හාමිගෙන් පැටියෙක් ගෙනවිත් දීලා
තනිකම ඔබෙ දුරලන්නම්……
ලඳේ ඔය මුවින් ආදරේ කිව්වොතින් සිල්පද
ප..හ..ම ර..කි .න්..න..ම්…….

විසිනි ආශිගෙ රෑම් එකට යන්න හදද්දි ආශි සිංදුවක් කියනව ඇහුන නිසා කෙල්ල දොර ලඟට වෙලා කන්දීගෙන හිටියෙ…..
ලෝකෙට පේන්න දරදඬු මිනිහෙක් වගේ ඉන්න ආශිගෙ හිත මේවගේ කියල කව්රැවත් විශ්වාස කරන්නෙ නැතිවෙයි කියලත් කෙල්ලට හිතුන…..

කන්නාඩිය ලඟට වෙලා කොන්ඩෙ ගස ගස හිටිය ආශි කන්නාඩියෙන් දැක්ක දොර රෙද්ද හෙල්ලෙනව…..

කිය කිය හිටිය සිංදුව හිමිහිට නවත්තන ගමං හෙමින් සැරේ කිට්ටුවුනේ දොර රෙද්ද ලඟට…..
ඇවිත් හිටියෙ විසිනි කියල ආශිට හොදටම තේරැනා….
දොර රෙද්ද ලඟට ගිහින් කෙල්ලගෙ ඔලුවෙ ඉඳන්ම දොර රෙද්ද පැටලුව ඊට පස්සෙ හෙලවෙන්නවත් බැරි විදිහට හයියෙන් මිරිකල අල්ලගත්තෙ…..

ආ..ව් මේ මං .. මං
අ..ත.. අ..රි…න්..න..කො…. අ..නේ රි..⁣දෙ..න..ව ම..ට…

මං මං කියන්නෙ කව්ද …..
මට අඳුරගන්න බෑ ….

කෙල්ල කෑ ගහද්දි ආශි හයියෙන් අල්ලගෙන ඉන්නව වගේ බොරැවට පෙන්නල කෙල්ලව පපුවට තුරැළු කරගෙන
හිටියෙ….
කෙල්ලත් කිසිම දෙයක් නොදන්න ගානට කෑගහන එක නවත්තල ආශිගෙ පපුවට තුරැළුවුනා …..

ආශිගෙ පපුවට තුරැලු වෙලා ඉන්නකොට කෙල්ලට හිතුනෙම ඒ පපුව අයිති කෙල්ලට විතරයිම කියල ….
ශශී කියන්නෙ බොරැවක්මයි කියල හිතින් හිතාගෙන කෙල්ල තවත් ඒ පපුවට බරවෙලා ⁣හුඟ දවසකින් නොලැබුණ සෙනිහස හෙවුව….

කව්රැහරි උගුර පාදවන වගේ ඇහුනට පස්සෙයි දෙන්න මේ ලෝකෙට ආවෙ….
ආශි කෙල්ලව අත ඇරියට පස්සෙයි මෙච්චරවෙලා දොර රෙද්ද ඇතුලෙ හිරවෙලා හිටිය කෙල්ල එලියට ආවෙ…..

බුදාම්මෝ …..
මං හීනයක් ද බං දකින්නෙ…..
මේකි මෙච්චරවෙලා හිටියෙ අැතුලෙද යකෝ….
කොහොමද ඒක….
බලපංකො ලොකු අයියෙ…..

ඇවිත් තිබුනෙ මහිමයි මෙතුනුයි ….
දෙන්නත් එක්ක අහක බලාගෙන හිනාවෙනව දැක්කහමනම් කෙල්ලට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනුනෙ…..

අපි ඇවිත් තියෙන්නෙ නරක වෙලාවක නේද බං ලොක්කො….
බාත්රෑම් අස්සෙ රෑම් අස්සෙ ටොයිලට් අස්සෙ ඇඳන් අස්සෙ කෙල්ලො අරං යන කොල්ලන්ට වඩා පොඩි අයිය කොච්චර ශ්‍ෙෂ්ඨ ද බලපංකො……
පහසුයි,ලාබයි ලේසියි අවශ්‍ය වන්නේ දොර රෙද්දක් පමණි….

කෙල්ලො කොල්ලො ලව් කරනව මං මේ ඇස් පොට යනකම්ම දැකල ඇති ඒත් මේ ජීවිත කාලෙට දොර රෙද්දක් අස්සෙ ඉන්නව දැක්කමයි ඔය…..
මං අද කිව්ව කියල හිතාගනිං ඊගාව එකා එල්ලෙන්නෙ ජනේල් රෙද්දක….

මොකද්ද හැලපයො කිව්වෙ තෝ….

නෑ මං කිව්වෙ උබලගෙ තියෙන්නෙ එකම ලේනෙ අනික උබල නිවුන්නුනෙ ඒ නිසා උබල දොර රෙදිවල ජනේල් රෙදිවල පැටලිලා ඉදී හරියට වවුලො වගේ…..

කෙල්ල හිමිහිට මාරැවෙලා කාඹරේට ආවෙ ලැජ්ජාවෙ රතුවෙලා තියෙන මූණ හංගගෙන…..
ආශිනම් තමන්ට නෙමෙයි වගේ ඔහේ අහක බලාගෙන ඉන්නව…….

මේ දැන් ඔය ඇති බං අහන්න ආපුදේ කියහං මහිය….
මේ අපිට පොඩි ගමනක් ගිහින් එන්න බයික් එකේ යතුර පොඩ්ඩක් දියන් පොඩි අයියෙ….

ඒක බයික් එකේ ඇති මං ගෙනාවෙ නෑ….
බයික් එකේ නෑ බං ඒකනෙ අහන්න ආවෙ….

ආ මට අමතකවුනා වතුර එකක් බොන්න ගිහින් මං ඒක කෑම මේසෙ උඩින් තිබ්බ….

රයිට් එහෙනම් බායි අපි ගියා….
සුදූ මේ කන්ටිනිව් කරපං දොර රෙද්දෙ ප්‍රේමය අපි යනෝ….

මේං මෙහෙ වරෙන් යන්න උබේ කන්ට්‍රොල් නැති කට නිසා කොයිවෙලේ හරි උබ මුගෙන් ගමකට කනව….

මෙතුම් මහිමගෙ කනට හිමිහිට මුමුණ මුමුණ මහිමව ඇදගෙන ගියෙ….
ආශි දොර වහල හැරිල බලද්දි කෙල්ල රෑම් එකේ හිටියෙ නැතිනිසා බැල්කනි එක පැත්තට ගියා….

ආශිට පිටිපස්ස හරෝගෙන කනුවකට හේත්තු වෙලා හිනාවෙවී බඩත් අත ගගා හිමිහිට කතාව…..
කොල්ල කන් දීගෙන හිටියත් කිසිම දෙයක් ඇහුනෙ නෑ …..
පස්සෙ එතන තිබුන හාන්සි පුටුවට වෙලා හාන්සි වෙලා කෙල්ලගෙ හිනාව දිහා බලාගෙනම හිටියෙ …..
අඩ අදුරෙ උනත් පේන කෙල්ලගෙ හිනාව හරිම ලස්සනයි අහිංසකයි කියල කොල්ලට හිතුන…..

කොච්චර අහිංසකයි වගේ හිටියත් මේකි වෙලාවකට හරිම නපුරැයි, අහංකාරයි ,මුරංඩුයි…..

ඊට ටික වෙලාවක් ගියාට පස්සෙ විසිනි ඉකිබිදිනව දකිද්දිනම් කොල්ලට කේන්තිත් එක්ක…..

අනේ මංද මට මේ ගෑනුනම් තේරැම් ගන්න කවදාවත් බැරිවෙයි ⁣….

වෙලාවකට හොඳට හිනාවෙලා ඉන්නව එකපාරටම අකුණු ගගහ වහිනව වගේ පුපුර පුපුර ඉන්නව ඊට පස්සේ ගං වතුර දානකම් අඬනව ……

කඳුළු පිහදාගෙන යන්න හදද්දි තමයි කෙල්ල දැක්කෙ අඳුරෙම වාඩිවෙලා තමන් දිහා බලාගෙන ඉන්න ආශිව….

කෙල්ල බිම බලාගෙන එතනින් යන්න හදනකොට ආශි කෙල්ලගෙ අතින් ඇඳපු පාරට කෙල්ල ගිහින් ආශිගෙ ඇඟ උඩටම වැටුන…..
එතනින් නැඟිටල යන්න හැදුවත් ශක්තිමත් ආශිගෙ දෑත් වලින් ගැලවෙන්න විසිනිට පුලුවන් කමක් තිබුනෙ නෑ …..

එන්න එන්න ඒ දෑත් තද වෙද්දි විසිනි ගිහින් ආශිගෙ ඇඟටම හිරවුණා…..
ඒත් වෙනද වගේ හිතන්නත් කලින්ම ලැබෙන සිප වැලදගැනීම් ආශික්ගෙන් ලැබුනෙ නෑ …..
ඒ වෙනුවට ආශි කෙල්ලගෙ බ්ලවුස් එක යටින් අතදාල කෙල්ලගෙ කුස ආදරෙන් අතගෑව…..

එක පාරටම කෙල්ලගෙ පපුවත් එක්ක ගැස්සිල ගියා….
කෙල්ලගෙ දෑස් වලට කඳුළු පිරෙද්දි කෙල්ල බැලුවෙ ආශිගෙ මූණ දිහා….
ඒත් ඒ මූනෙ කිසිම වෙනසක් නෑ…..
ඈත අහස දිහා බලාගෙන කල්පනාව…..

කෙල්ලට තේරැනේ ආශිගෙ අතින් නොදැනුවත්වම ඒ දේ වුනා කියලයි…..

එයා මගෙන් දරැවෙක්වත් බලාපොරොත්තු වෙනවද…..
නෑ එහෙම වෙන්න විදිහක් නෑ …..

නැත්නම් එයාට ශශීගෙ දරැව මතක්වෙනව ඇති ……
එයාට ශශී ලඟට යන්න හිතෙනව ඇති මේ විදිහට ලඟට වෙලා ලංවෙලා ඉන්න හිතෙනව ඇති …..
මගෙ ඉරණමේ තියෙන්නෙ නොලැබීම විතරයි…..

ටික වෙලාවක් ඒ විදිහට ඉන්නකොට කෙල්ලට අප්පිරියාවක් දැනුන…..
බඩ දඟලන්න ගත්තාම කෙල්ලට ඕනවුනේ ඉක්මනින් වමනෙ කරන්න…..
ලිහිල් වෙලා තිබුන ආශිගෙ දෑත් වලින් මිදිල දුවගෙන ගියෙ බාත්රෑම් එකට…..

බඩ කැලතිලා පපුවත් එක්ක පොඩිකරගෙන වමනෙ යන්න උඩට එනකොට කෙල්ලට දැනුනෙ ඉවසන්න බැරි වේදනාවක්….
වේදනාව වැඩිවෙද්දි කෙල්ල බාත්රෑම් එකේම බිම වාඩිවෙලා අඬ අඬාමයි වමනෙ කලේ…..

පැය බාගයක් විතර ගියාට පස්සෙ කෙල්ල ඇඟ සෝදගෙන ආපහු රෑම් එකට අාවෙ….
එනකොටත් ආශි නිදි…..
කෙල්ලගෙ හිතට දැනුනෙ ලොකු සැනසීමක්….
ඇඳුම් ටික කෙල්ලගෙ කාඹරේ තිබුනත් නිකමට ආශිගෙ අල්මාරිය ඇරල බැලුවෙ අදින්න මොනවහරි ඇඳුමක් තියෙයිද කියල…

කිසිම ඇදුමක් තිබුනෙ නැතිනිසා ආශිගෙ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්ත….

රෙදි අදිද්දි දැකල හුරැ දෙයක් ආශිගෙ ඇඳුම් අස්සෙ තියෙනව දැක්කම කෙල්ල ආයිමත් බැලුවෙ ආශි දිහා…..
ආශි අනිත් පැත්තට හැරිලම නිදි ……

විසිනි හෙමිහිට අදින කොටයි දැක්කෙ…..

දෙයියනේ මේ අර බෙඩ්ශීට් එකනෙ…..
එතකොට මේක මෙයාද ගෙනාවෙ …..

කෙල්ලගෙ පිරිසිදුකමේ සලකුණත් තාම ඒ විදිහටම ඒ ශිට් එකේ කියෙනව….
ශිට් එක අදිද්දි ඒකෙ ඇතුලෙ තිබිල එදා ඇඳගෙන හිටිය නයිටියත් බිමට වැටුන….

මේව මෙයා අරගෙන ආවද….
ඒත් මට හිතාගන්න බැරිව හිටියෙ බෙඩ්ශීට් එකට මොකද වුනේ කියල …..

දෙයියනේ මෙතුම් මට ඇත්තටම ආදරෙයි ද…
ඔයා මට ඇත්තටම ආදරෙයිද මගෙ මහත්තයො…..
මෙච්චර දෙයක් මගෙ ඇස්වලින් දැකලත් මං කොහොමද මහත්තයො ශශී කිව්ව දේ පිළිගන්නෙ…..

බෙඩ්ශීට් එක තිබුන විදිහටම නමල ආශිගෙ ඇදුම් අස්සෙන් තිබ්බ…..
කෙල්ල ඇවිත් ආශි ලඟින්ම අනිත් පැත්තෙන් හාන්සි වුනා……

කෙල්ල ආශි දිහාම බලාගෙන කල්පනා කලේ ආශිගෙ අමුතු හැසිරීම් ගැනයි….
ඒත් වැඩිවෙලා යන්න කලින් ආශිගෙ අතක් ඇවිත් විසිනිගෙ ඉන වටේ ගිහින් ඈතට වෙලා හිටිය විසිනිව ඇදල තමන් ලඟට ගත්ත ……

නපුර …..
මෙච්චරවෙලා අනිත් පැත්ත හැරිල බොරැවට නිදිවගේ ඉඳල තියෙන්නෙ……
කෙල්ලත් ආශිගෙ උරහිස වටේ දෑත් යවල ආශිට තුරැළු වුනා …..

ආශිගෙන් විසිනි සිප වැළදගැනීම් බලාපොරොත්තු වුනත් ආශි විසිනිව තුරැළු කරගෙන හිටිය මිසක් ඊට එහා ගියේනෑ….

ඒත් ටික වෙලාවකට පස්සෙ ආශිගෙ අතක් ඉන දිහාට ඇදිල යනකොටනම් කෙල්ලගෙ ඇඟම හිරිවැටුන…..

කෙල්ල ඇඳගෙන හිටිය ෂෝට බඩ හරියටම උස්සගෙන හිටිය නිසා බඩ හරයෙ ඉලාස්ටික් එක තිබුනෙ…..
ෂෝට හිරට තිබුනෙ නැති වුනත් ආශි හිමිහිට ඉලාස්ටික් එක ඉනෙන් පහලට තල්ලු කරල ආයිමත් කෙල්ලව ලඟට ඇදල අරගෙන කෙල්ලව තුරැළු කරගත්ත….

විසිනිට දැන් දැන් ආශිගෙ වැඩත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්නෙ….

කෙල්ලට පාන්දරින්ම ඇහැරෙන කොටනම් ආශිගෙ හිස ඇවිත් නතරවෙලා තිබුනෙ කෙල්ලගෙ පපුවේ……

ඔයා ඉස්සර වගේමයි ⁣මහත්තයො…..
තාම ඔයාගෙ පුරැදු වෙනස්වෙලා නෑ …..

කෙල්ල ආශිව හිමිහිට ඈත් කරල නැගිටින්න හැදුවත් වෙනද වගේම ඒ දෑත් ආයිමත් කෙල්ලගෙ ඇඟේ පැටලිල ඒ තුරැලටම ඇඳල ගත්ත …..

ගොඩ දවසකින් තමුසෙගෙ හුලඟවත් මගේ ඇගේ වැදුනෙනෑ සුදූ….
ප්ලීස් මට ටිකක් මෙහෙම ඉන්න දෙනව….
මොන මිනිහද අකමැති තමන්ගෙ ගෑනිගෙ රස්නෙ ලඟට වෙලා ඉන්න…..

මං ආදරේ කෙරැවෙත් කරන්නෙත් උබට විතරයි ඒක තේරුන දවසකට උබ මාලඟට ආදරේ පුරෝගෙන වරෙන් මැනික….
මං එදාට උබව ආයිමත් මගේම කරගන්නම් එතකම් මං උබට කිස් එකකින්වත් වඳ දෙන්නෑ සුදූ ……
තමුසෙට මගෙ ආදරේ තේරෙන්නැත්නම් මට කියනව මං උබට මගෙ පපුව පලල හරි ඒක පෙන්නන්නම්…..

ආශිගෙ වේදනාකාරී වදන් වලින් කෙල්ලගෙ පපුව පසාරැ වෙනව වගේ දැනුන…..
අාශිගෙන් මිදිල කෙල්ල නැගිට්ටෙ හිතකින්නම් නෙමෙයි තවත් මේ විදිහට හිටියොත් ගමන යන්න ගොඩක් පරක්කුවෙයි කියලයි…..

අරගෙන යන්න සැන්විචර්ස් හදල උදේට කෑමත් ලෑස්ති කරල ඉවරවෙලා ගිහින් උදෙන්ම නාගෙන එහෙම සුදු පාට ටෝප් එකකට ලෙගින් එකක් ඇඳගෙන තෙත කොන්ඩෙ කඩල දාල කටුවක් ගහල ඉක්මනින් පහලට දුවන්න හැදුවෙ පරක්කුවෙලා කියල අම්ම පහලට වෙලා කෑ ගහපු නිසයි …..

කෙල්ල දුවගෙන යනකොට එකපාරටම කෙල්ලගෙ අතින් ඇද්ද නිසා අත උරහිස ලගින් ගැලවිලා යනව තරම් වේදනාවක් දැනුන…..

ආ…ව් අ…ම්…ම….

එතකොටයි කෙල්ල ආශිව දැක්කෙ ⁣….
ඒ මූණ කේන්තියෙන් වියරැ වැටිල තිබුනත් සුදු පාට අත්දිග ෂර්ට් එකක් ඇදල අත වැලමිට ගාවට නමල නිල්පාට ඩෙනිමකින් සැරසිල හිටිය ආශිගෙ වතේ තිබුනෙ පුදුම කඩවසම්බවක්….

තමුසෙ මේ කුලප්පු වෙලා වගේ කොහෙද දුවන්නෙ…..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *