…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 44 ~~~

හානේ අච්චාරු දැකපු කාලයක් නෑ යකූ…..
දැක්කහම කෙල උනනව…..

කෙල්ල අච්චාරු අරගෙන එනකොට මහිම පැනල කවරයක් උදුර ගනිද්දි කෙල්ල පුපුරැ ගහන කේන්තියකින් බැලුවෙ…..

ගෑනිත් මිනිහට දෙවනි නෑ වගේ බලාගෙන ගියාම…..
ඔහොම මට රවන්න එපා මගෙ මැනික මා උදුරා ගත්තේ එක් කවරයක් පමණි….

එකක්හරි ගත්තනෙ….
පෙරේතය….

වැඩිය උඩපනින්න එපා තොපේ අත්වල තියෙන ඔක්කොම මං උදුරගන්නව හරිද….

ඒව ඉතිං හදේ තමයි අපේ විසිනිගෙ හබිය ඉන්නකම් ……

කොහොමද ඒක…..
මගෙ ඇගේ දුවන්නෙත් උගෙ ලගින්හරි ගිහින් තියෙන ලේ තමයි …..
මේම හිටියට අපිත් චන්ඩි තමා නංකි….

හා හා උබ මෙතන මොකද මේ කෙල්ලොත් එක්ක එල්ලිලා කූඩැල්ල වගේ…..

බලන්නකො මෙතුම් අයිය මෙයා විසිනිගෙ අතේ තිබුන අච්චාරු කවරෙකුත් උදුරගෙන තව ලොකුකම් කතා කරන්නත් එනව…..

මල පෙරේතය තෝනම් යකෝ මකලවත් හදන්න බෑ ….

සුදූ එනව යන්න මං අද ඔයාට ඇතිවෙනකම් අච්චාරු අරගෙන දෙනව…..

මෙතුම් කෙල්ලගෙ අතින් අල්ලගෙන ගිහින් ගොඩාක් අච්චාරු අරගෙන දුන්න….
කෙල්ල ඒව අතට ගත්තෙ හරිම ආසාවෙන්….

කෙල්ල වෑන් එක ලඟට ඇවිල්ලත් වටේටම ඇස් කරක කරක හෙව්වෙ ආශිව….
ඒත් ආශි පේන්න කොහේවත් හිටියෙ නෑ….

මේ ලමය කොහාට ගියාද මන්ද මෙච්චරවෙලා ලොකු පුතා මල්ලිට කෝල් එකක් දාල බලන්නකො….

ටික වෙලාවකින් ආශි ඇවිල්ල ඩිකියට මොනවද දාල වෑන් එකට නැග්ගෙ….

………………………………………………………………

පේරාදෙණියට ආවට පස්සෙ හැමෝම එහාට මෙහාට ඇවිද ඇවිද මල් වත්තෙ ලස්සන බැලුවත් විසිනිනම් වමනෙ ගිහින් හොදටම හෙම්බත්වෙලා හිටියෙ…..

ටික දුරක් සසිනිත් එක්ක ඇවිත් ගහක් යටින් වාඩිවුනා ……

විසිනි කොහොමද ජීවිතේ…..

හොදයි බං ඉන්නව ….
උබ කැම්පස් සිලෙක්ට් වෙයි නේද….

හ්ම් එහෙම වෙයි …..
මට දුකයි බං උබ නැතිනිසා ……

දුක් වෙන්න එපා බං මේ මගෙ ලැබීම මට උරැම දේ මට ලැබුනෙ…..

උබ කොහොමද බං අර නපුරත් එක්ක ජීවත් වෙන්නෙ මටනම් හිතාගන්නවත් බෑ…..

ලොකෙටම පේන ආශි නෙමෙයි බං ඇත්තටම එයා හොද හදවතක් තියෙන මනුස්සයෙක්…..

කේන්තිකාරයෙක් නපුරෙක් තමයි ඒත් එයා මට ඇත්තටම ගොඩාක් ආදරේ කරනව….
නොපෙන්නුවට මං ගැන නිතරම හොයනව වද වෙනව ඒත් ඒක පෙන්නන්න දන්නෑ….
මට ආදරේ කියල මට දැන් හොදටම දැනෙනව….

කොහොම උනත් කමක්නෑ උබල දෙන්න හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ඕ⁣න…..
මට එච්චරයි ඕන…..

විසිනි හිනාවෙලා බිම බලාගත්තෙ හිතේ තියෙන දේවල් කාටවත් කියන්න බෑ කියල දැනෙද්දි ……

කෙල්ල දැක්ක ආශි ඈතට වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නව…..
කෙල්ලට දුකක් දැනුනෙ කොච්චර කට්ටිය හිටියත් ආශි නිතරම තනිවෙලා ඉන්නව දැකලයි……

මේ ආන් නැන්ද කතා කරනව කන්න අපි යමුද …..
ඔයා යන්නකො මං මෙයාවත් අඩගහගෙන එන්නං …..

හ්ම් එහෙනම් මහත්තය එක්කම වරෙන්…..

හැමෝම විහිලු තහලු කර කර කන අතරෙ කෙල්ලටත් නොදැනිම බත් කටවල් දෙක තුනක් කැවුන…..
ඒත් එනකම්ම මග දිගට වමනෙ කර කර ආවෙ……

ගෙදර එනකොටනම් කෙල්ලට ඇවිද ගන්නවත් පනක් තිබුනෙ නෑ …..

අාශි කෙල්ලව එක්කගෙන ඇවිත් ඇදෙන් හාන්සි කලා….
කෙල්ලට ආශිගෙ ලඟින් පවා දැනුනෙ වමනෙ ගඳ…..
ඇයිද කියල බලන්න ඇස්දෙක ඇරල බලන්නකොටයි දැක්කෙ ආශිගෙ ෂර්ට් එකේ ඉදන්ම ඩෙනිමෙත් එක්ක ගෑවිලා තියෙන වමනෙ ගොඩ….

⁣විසිනිගෙ අැස් වලට කඳුළු පිරෙද්දි විසිනි බැලුවෙ අාශි දිහා…..
ආශි විසිනිගෙ කඳුළු පිහදාල ඔලුව අතගාල ටවල් එකත් අරගෙන බාත්රෑම් එකට ගියා….

නින්ද ගිහින් හිටිය විසිනි අැහැරැනේ ආශි කතා කරද්දි …..

ආ මේක බීල ඉන්න…..
මට කිරි බොන්න බෑ අප්පිරිය හිතෙනව….

අප්පිරිය හිතෙනව ඒ මොකද ඒ….
නෑ මේ නි..න..න්…..

සුදූ මට අැත්තම කියනව තමුසෙ මට මොනවහරි හංගනව නේද …..

මං මේ නෑ …..
ඇයි තමුසෙට මාව ශුවර් නැද්ද හැමදේම මට හංගන්නෙ …..

තමුසෙ ඉස්සෙල්ලම ගිහින් වොෂ් එකක් දාගෙන එනවකො …..

කෙල්ල බාත්රෑම් එකේ ඉන්න ගමනුත් කල්පනා කලේ ආශි අද මොනව ගැන අහයිද කියල…..

ටවල් එක ඇදගෙන එලියට එනකොට හැම තැනම ඇස් කරකව කරකව බැලුවෙ ආශි කොහෙද කියල…..
පේන්න හිටියෙ නැතිනිසා කෙල්ලට දැනුනෙ ලොකු සැනසීමක් ……

ඒත් එලියට ඇවිත් අල්මාරිය දිහාට යනකොටම ආශි බැල්කනිය දිහාවින් මතුවුනා…

අදත් අදින්න ඇදුමක් නැද්ද …
මගෙ ෂෝටකට එහෙම අත තියනව නෙමෙයි …..
අදින්න ඇදුමක් නැත්නම් ඔහොම නිදා ගන්නව…..

විසිනි අසරණ විදිහට ආශි දිහා බලද්දි ආශි කෙල්ලගෙ පිටිපස්සෙන් ඇවිත් තුරැළු වෙලා නිකට විසිනිගෙ උරහිසේ තිබ්බ….

ඔහොම බලන්න එපා බං හිත පිච්චිලා යනව…..
ආශිගෙ රැවුල උරෙස්ස දිගේ ඇතිල්ලෙනව දැනෙද්දි කෙල්ලට එක පාරට අනිත් පැත්තට හැරිල ආශිගෙ පපුව බදාගත්ත…..

ආශිටනම් හිතාගන්නවත් බෑ විසිනි එහෙම කලා කියලවත් …..
ආශි කෙල්ලව වඩාගෙන ගිහින් කෙල්ලවත් පපුවට තුරැළු කරගෙන ඇද වියලට කොට්ටෙ තියල හාන්සි වුනා …

සුදූ මට අද තමුසෙ ඇත්තම කියනව තමුසෙ දන්නවනෙ මං බොරැ කියනවට ආසම නෑ කියල මට බොරැ කරල තමුසෙට බේරුමකුත් නෑ …..

මොකද්ද තමුසෙ මට හංගන්නෙ සුදූ ….
මං ගැන පොඩිහරි ආදරයක් තියෙනවනම් අද තමුසෙ හිතේ හංගගෙන ඉන්න හැමදෙයක්ම කියනව……

කියන්න ඉතිං …….

ආශි ආදරෙන් කෙල්ල දිහා බලාගෙන අහද්දි කෙල්ලටත් හිතුනෙ හැම දෙයක්ම කියන්න….

මං ප්..රෙ..ග්..න..ට් වෙ..ලා ම..හ..ත්..ත..යො………

විසිනි අඬාගෙන ආශිගෙ පපුව බදාගෙන කියද්දි ආශිගෙ කිසිම වෙනසක් තිබුනෙ නෑ….
ආශිගෙ ඇඟිලිතුඩු හෙමිහිට විසිනිගෙ හිසකෙස් අතරින් ගමන් කලා විතරයි…..

අඬන්න දෙයක් නෙමෙයි සුදූ අපි සතුටු වෙන්න ඕන දෙයක් මිසක් ……
මං ඒක දැනගෙන හුඟක් කල්….
මං ඇහුවෙ වෙන මොනවද හංගන්නෙ කියල…..

හුඟක් කල් කිව්වෙ …..
තමුසෙ වමනෙ දදා ඉන්නකොට මට ඒක තේරැනා…..
මං එදා තමුසෙ චෙක් කරන්න ගියාම දැන ගත්ත…..
තමුසෙට කලින් ඒ රිපෝට් එක ආවෙ මං අතට……
මට එදා දැනුන සතුටනම් හිතාගන්නවත් බෑ….
සතුටට මං එතන හිටිය නර්ස්ව වඩාගෙන කැරකුව…..

ඒත් එක්කම විසිනිට දැනුන ආශිගෙ අතක් කුස ස්පර්ශ කරනව……
මට මේ තරම් සතුටක් දුන්නට උබට පිං මැනික……

ආශි විසිනිගෙ බෙල්ලට මූණ තද කරන ගමං කිව්වෙ ……
අාශිගෙ කඳුලක උනුසුම බෙල්ල දිගේ දැනෙද්දි කෙල්ලට දැනුනෙ ඇඟම පිච්චෙනව වගේ…..
ආශි ලේසියෙන් අඬන කෙනෙක් නෙමෙයි කියල කෙල්ල දන්නව…..

ඒත් මගෙ හිතේ ලොකු දුකක් තියෙනව සුදූ…..
මෙච්චර වටින දෙයක් අපිට ලැබිලත් තමුසෙ මට ඒ සතුට ගැන කිව්වෙ නැත්තෙ ඇයිද කියලයි මට දැනගන්න ඕනෙ……

මට හැමදෙයක්ම අද කියනව…..
හැබැයි අදත් තමුසෙ මට දන්න දේවල් හැංගුවොත් තමුසෙට හැමදාටම ඒගැන පසු තැවී ජීවත් වෙන්න වෙයි……

සුදූ ……
මගෙ මැනික ……

විසිනි ඇස් ලොකු කරල ආශි දිහා බැලුවෙ ඒ ආශිමද කියල ……
ඔහොම බලන්න එපා බං මං පිස්සු වැටෙයි…..

අපිට ජීවිතේ පිළිවෙලක් කරගන්න වෙනව සුදු අපේ පැටිය වෙනුවෙන් හැබැයි මට ඒකට ටිකක් කල් ඕනෙ…….
තමුසෙ මට කියනව සුදූ තමුසෙ මට පොඩ්ඩක්හරි ආදරේ ද කියල …….

ආශි කෙල්ලගෙ නිකටින් උස්සල මූණට එබිල අහද්දි කෙල්ලගෙ ඇස්වලට කඳුළු පිරැන……

ආදරෙයි ද ……..
අඬන්නැතිව කියන්න ඉතිං…..
කියන්නකො ආදරේ ද ……

ඔ..ව් ම..හ..ත්..ත..යො…
ඔයාට හිතාගන්නවත් බැරි තරමටම…..

ආශි කෙල්ලව තදින්ම බදාගද්දි කෙල්ලට ඉවසන්න බැරි තරම් වේදනාවක් දැනුනෙ…

ආශිගෙ ශක්තිමත් අතපය වලට හිර වෙද්දි විසිනි වේදනාව අමතක කරල ආශිට ඉඩ දුන්නෙ ඒ ආශි ආදරේ කරන විදිහ නිසා…..

ආශිගෙ හුස්ම මුහුණ පුරා දැවටෙද්දි කෙල්ල බලාපොරොත්තු වුනේ ආශි සිප ගනී කියලමයි….
විසිනිගෙ හිත ආදරෙන් පිරිල යද්දි හිතාගන්නවත් බැරි විදිහට ආශි කෙල්ලගෙ හැඟීම් වලට තිත තිබ්බ….

කෙල්ලට දුකක් වගේම ලැජ්ජාවකුත් දැනුන නිසා කෙල්ල ආශි දිහා බැලුවෙ කඳුළු පුරෝගෙන…..

කෙල්ලගෙ ඇස්වලින් ගලාගෙන ගිය කඳුළු වැටිල ආශිගෙ පපුව තෙත්වෙලා ගියා…..

ඔයාට හිතෙනවද සුදූ මං හැඟීම් දැනීම් නැති මිනිහෙක් කියල…..
මං තමුසෙට කිව්වනෙ තමුසෙ කැමැත්තෙන් මගෙ ලඟට එනකම් මං තමුසෙට කිස් එකක්වත් දෙන්නෑ කියල……

මට කියනව සුදූ තමුසෙට මාව අප්පිරියාවක්ද….
මං තමුසෙව මේ අත් වලින් අල්ලනකොට තමුසෙට දැනෙන්නෙ සර්පයෙක් ගෑවුනා වගේ අප්‍රසන්න හැඟීමක් ද…..
තමුසෙ මට ආදරේ කලාට මං තමුසෙව අල්ලනවට තමුසෙ අකමැතීද සුදූ ……

නෑ මෙතුම් …..
මං ඔයාට ගොඩාක් ආදරෙයි මහත්තයො….
ඔයා මොන වැරැද්දක් කරල තිබුනත් මට ඔයා ගැන එහෙම ගැඟීමක් ඇතිවෙන්නෑ දැන්…..
ඒ තරමටම මං ඔයාට ආදරෙයි මහත්තයො….

සුදූ තමුසෙ තමයි මගෙ පන…..
මං තමුසෙගෙ ඔලුවෙ අත තියල කියන්නෙ මං ගෑනු ඇගකට අත තියල තියෙනවනම් ඒ තමුසෙගෙ විතරයි….
කවුරු මොකා මොනව කිව්වත් මගෙ හිත දන්නව මං හිතනව මගෙ හිත දැන් තමුසෙට තේරෙනව ඇති කියල …..
උබට විතරයි මං ආදරේ කලේ…..

මං ඔයාව විශ්වාස කරනව මහත්තයො….

ගොඩාක් වෙලා දෙන්නත් එක්ක වචනයක්වත් කතා කරන්නෙ නැතිව තුරුළු වෙලාම හිටිය….

ම..හ..ත්..ත..යො….
ම්….

මං දෙයක් ඉල්ලන්නද ඔයාගෙන්…..
හ්ම් ඉල්ලපං ඕනදෙයක් මගෙ පන උනත් දෙන්නම් …..
මොනාද ඕනෙ…..

ම..ට ම..ගෙ අ…යි..ති..ය ඕ..නෙ….

ආශි මුකුත්ම නොකිය අහකබලාගෙන මනමාල හිනාවකින් මූණ පුරෝගෙන පහත්වෙලා කෙල්ලගෙ කුස ආදරෙන් සිප ගද්දි කෙල්ල හිරිවැටිල ගියා….

අයිතිය මේ තියෙන්නෙ …..
ආශි කිව්වෙ රැවුල බඩේ අතුල්ල අතුල්ල කෙල්ලට කිති කවන ගමං ……

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *