…..හිරූගෙන්……~~~ පිනි වරැසා 45 ~~~

අනේ අතඅරින්නකො මට කිති අනේ….

ආශි විසිනිගෙ ඇගේ හැමතැනම කිති කව කව ගොඩක්වෙලා කෙල්ලව හිනැස්සුව….
හිනාවෙලා හිනාවෙලා කෙල්ලගෙ මූණ රතුවෙලා ඇස්වලින් කඳුළු එලියටත් පැනල තිබුනෙ ……

ඇද්ද ….
හම්මෝ මේකිගෙ ඇඟේ හැමතැනම කිතිනෙ…..
මට සෑහෙන්න මහන්සිවෙන්න වෙයි මේකිව ගොඩ දාගන්න…..

ඒ කිව්වෙ….
ඒ කිව්වෙ මේකයි….
මං උබට ගොඩාක් ආදරෙයි මගෙ මැනික….
උබ ඒක තේරැම් ගත්ත එකම මට ඇති….
මොන ප්‍රශ්නෙ ඇතිවුණත් කවදාවත් තමුසෙ මාව දාල යන්නෑ නේද…..

ඔලුව වනල හරියන්නෑ මට ඔය කට ඇරලම කියනව ඉතිං …..

ඔව් …..
මට ඒ වචනෙත් ඇති බං…..

ආශි ආයිමත් කෙල්ලව තුරැළු කර ගද්දි විසිනි ඒ පපුව මත හිස තියාගෙන අතගෑවෙ හුගක් ආදරෙන්…..

මහත්තයො …..
දැන්වත් ඔයා මට කිස් එකක් දෙන්නෙ නැද්ද….

ඕනෙද….
⁣ඔව්…..

කොතනටද….
මෙතනටද…..

ආශි විසිනිගෙ දෙතොල් පෙන්නල අහද්දි කෙල්ල ලැජ්ජාවෙන් අහක බැලුවෙ……

මාර ලැජ්ජාවක්නෙ මේක…..
කෝ වරෙන්කො මං ඕව ඔක්කොම ඇරල ගන්න …..
හැබැයි ඊට ඉස්සර මට එකක් ඕනෙ…..
මං තමුසෙට බලෙන්හරි දීල තියෙනවනෙ තමුසෙ තමයි මට තාම එකක්වත් දීල නැත්තෙ…..

කෝ දෙන්නකො ඉතිං …
මට බෑ …..
ඒ මොකෝ….
ඇයි ලැජ්ජද….
හ්ම් ….
අමතකද මං දැන් තමුසෙගෙ මනුස්සය කියල ඒ වගේම බඩේ ඉන්න පැටියගෙ තාත්ත ඉතිං මට කිස් එකක්වත් දෙන්න බෑද…..

ආශි මූණ ඇද කරගෙන කියද්දි කෙල්ලට දුක හිතුන …..
කෙල්ල ජීවිතේටම දුන්න පලවෙනි හාදුව ආශිගෙ නලලත මත සටහන් කලේ නුහුරට වගේ …..

ගොඩාක් ආදරෙයි මගෙ මැනික …..
ආශිගෙ ඇස්වලින් කෙල්ල දැක්කෙ ආදරේ විතරමයි….
කෙල්ලට මේ වෙලාවෙ ශශීවත් ශශීගෙ වදන්වත් මතක්වුනේ නෑ ……
විසිනිට ඕනවුනේ අද ආයිමත් ආශිගේම වෙන්න …..

ආශිගෙ හුස්ම මූණ පුරා දුවද්දි කෙල්ල ගැහෙන හදවතින් ඇස් පියාගත්ත …..
ආශි කෙල්ලගෙ දෑස් සිප ගද්දි කෙල්ලගෙ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා …..
කොල්ලගෙ උනුසුම ගත දැවටෙද්දි විසිනි ආශිට තවත් තුරැළුවුනා…..

ආශි විසිනිගෙ දෙතොල් සිප ගත්දි කෙල්ලට ලොකු වේදනාවක් දැනුනත් ආශිගෙ ආදරේ දැනෙද්දි ඒ හැමදේම අමතක වුනා….
විසිනි ආයිමත් අාශිගෙම වුනාට පස්සෙ ආශි ගොඩාක් ආදරෙන් විසිනිගෙ කුස සිප ගත්තෙ…..

සුදූ මං නම් ආස කෙලි පැටියෙකුට තමුසෙ වගේම අහංකාර මුරංඩුකම පිරිල තියෙන කෙල්ලෙකුට……

ආශි කෙල්ලගෙ කුස මත ඔලුව තියාගෙන ඔහේ කියෝනව විසිනි බලාගෙන හිටියෙ ගොඩාක් ආසාවෙන්…..

ඇයි ඔහොම බලන්නෙ…..

පුදුමයි …..

ඒ මොකද….

ඔයාට හොදට කතා කරන්න පුලුවන් කියල මං අද දැනගත්තෙ…..

ඒ කිව්වෙ…..

නෑ ඉතිං මගේ මහත්තය කා එක්කවත් වැඩිය කතා කරන්නෙ නැති නිහඬ චරිතයක්නෙ…..

ආශි කෙල්ලගෙන් ඈත් වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනව…..

ඇයි මහත්තයො මේ…

ඔව් මැනික මට ඔයලට වගේ හොදට හිනාවෙලා සතුටින් හැමෝම එක්ක කතා කර කර සතුටින් කාලය ගෙවන්න පුලුවන් ජීවිතයක් නෑ ……

මගෙ හිතේ තියෙන ප්‍රශ්න කන්දරාව නිසා මට එහෙම ජීවිතයක් ගෙවන්න විදිහක් නෑ මං කොච්චර ආස වුනත්…..

මං හැමවෙලාවෙම විමසිල්ලෙන් සෝදිසියෙන් ජීවත් වෙන්න ඕනෙ….
මේ ගෙදර ඉන්න ඔක්කොගෙම ජීවිත තියෙන්නෙ අනතුරේ මං එයාලව ආරක්ෂා කරන්න ඕනෙ රැක ගන්න ඕනෙ….

ඒකයි මං දැන් කොහාටවත් යන්නෙ නැතිව ගෙදරට වෙලාම ඉන්නෙ…..
මේ හැමදේම තව ටික දවසකින් ඉවරයක් කරන්න පුලුවන් වෙයි….
කොහොමත් මං මගේ දරැව ඉපදෙන්න කලින් එයාට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් හදනව…..

මං ඔයාට පොරොන්දු වෙනව මං මේ හැමදෙයක්ම පුලුවන් ඉක්මනට ඉවරයක් කරනව කියල…..
ඊට පස්සෙ හැමදේම අමතක කරල අපිට පුලුවන් සතුටින් ජීවත් වෙන්න……

මොනවද මහත්තයො ඔයාට මේ තරමටම තියෙන ප්‍රශ්න…..
මං ඔයාට හැමදේම පැහැදිලි කරල පස්සෙ කියන්නම් සුදූ ……
ඒත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනෙ කිසිම වෙලාවක මට කියන්නෙ නැතිව ගෙදරින් එලියට යන්නෑ කියල……

ගෙදර ඉන්න ඔයා පොඩ්ඩක්වත් බයවෙන්න එපා මං ගේ වටේට ඇහැ ගහගෙන ඉන්න කොල්ලො දාල ඉන්නෙ……
මං ගෙදර නැතිවුනත් ඕන හදිස්සියකට උන් බහී මට ගොඩක්ම බය ඔයා ගැන ඔයා මට නොකිය ගමන් බිමන් යයි කියල …..

ගෙදරින් එලියට කකුල තියන්න කලින් හොදට මතක තියාගන්න ඔයාගෙ ලඟ අපේ දරැවත් ඉන්නව කියල එයාව අපි පරිස්සම් කර ගන්න ඕනෙ කියල හොදට මතක තියාගන්න ……..
ඒ නිසා මං කියනදේ අහන්න…….
මං අකමැති දේවල් කරල ප්ලීස් මාව අවුස්සන්න එපා…..
හරිද ම්…….

හා මහත්තයො මං ඔයා කියන විදිහටම ජීවත් වෙන්නම් …….

සුදූ මට තව දෙයක් ඔයාගෙන් දැනගන්න තියෙනව මට හිතෙනව ඔයා මට මොනවහරි හංගනව කියල ……
එදා පාරෙදි ඔයාට ශශී මොනවද කිව්වෙ මහපාරෙ අඬන්න තරමටම……

ඔ…යා ……

ඔව් මං කිව්වනෙ මං එදා ඔයාලගෙ පස්සෙන් ආව කියල ඔයාල ගෙදරට එනකම්ම ඒක එහෙම වුනා ……

එදා ශශී මොනවහරි දෙයක් ඔයාට කිව්ව කියල තේරැනා ඒත් මං ඈත ඉදන් බලාගෙන හිටිය නිසා මොකුත් ඇහුනෙ නෑ …….

මට තේරුනා ඔය දෙන්න අතරෙ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනව කියල එදා ඔයා අඬනව දැක්කම……

ප්ලීස් මට අද හැමදේම කියන්න මට ඒදේවල් දැනගන්න ඕනෙ…..
තවත් ඕව හංගගෙන හිටිය කියල කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෑ……

ආශි නැඟිටල ඇඳ වියලට කොට්ටයක් තියල හාන්සිවුනාම කෙල්ල ගිහින් ආශිගෙ පපුව මතින් ඔලුව තියාගත්ත…….

මං හැමදේම කියන්නම් මහත්තයො ඒ දේවල් අහල ඔයා කේන්ති ගන්නෑ නේද…..

හරි හරි කියනවකො ඉතිං …..

කේන්ති ගන්නෑ නේද…..

හ්ම් හරි හරි කියනව ඉතිං …….

ආශි කෙල්ලගෙ කම්බුලක් තදින් සපාගන්න ගමං කිව්වෙ…….

ආ..ව් මට රිදුන මැරයො……

ඈ මොකක්ද ඒ කිව්වෙ …..
මොකක්ද කියනව…..

ආශි කෙල්ලගෙ කන අල්ලගෙන කියද්දි විසිනි අහකබලාගෙන හිනාවුනා…….

හ්ම් ඒකියන්නෙ මෙච්චරකල් මේකි මට කතා කරල තිබිල තියෙන්නෙ මෙහෙම ඒකනෙ නිකම්ම කටින් පිටවුණේ…….

මේකටනම් පනිශ්මන්ට් එකක් දෙන්නම වෙනව……
නැත්නම් මේකි මේක පුරැද්දක් කර ගන්නව……

එහෙම කියල ආශි විසිනිගෙ දෙතොල් මතට බරවෙලා විනාඩි දෙක තුනක්ම සිපගත්ත…..
කෙල්ලගෙ දෙතොල් ලේපාට වුනාට පස්සෙ ආශි විසිනිගෙන් ඈත්වුනේ……
අහක බලාගෙන මනමාල විදිහට ආශි හිනාවෙනව දකිද්දි කෙල්ල ආශිට පිටුපාල අනිත් පැත්තට හැරැන…….

ඒ මොකද බං එකපාරටම මට පස්ස හැරෙව්වෙ……
ආශි ආයිමත් කෙල්ලව ඇදල පපුවට තියාගත්ත…

ආව්…
ඔහොම අදින්න එපා අනේ කොයිවෙලේහරි මගෙ අතපය ගැලවෙයි……
මට මෙහෙම කරල එයා කුකුලක් වගේ හිනාවෙන හැටි…

විසිනි දෙතොල් පෙන්නල කියද්දි ආශි ආයිමත් හිනාවෙන ගමං කෙල්ලගෙ දෙතොල් වලට පාත්වෙන්න හැදුවෙ….

කෙල්ල ඇඟේ තියෙන උපරිම හයියෙන් ආශිගෙ කම්බුලින් අල්ලල මූන අනිත්පැත්තට තල්ලු කලා…..

ආශි අනිත් පැත්තට මූණ හැරෙව්වෙ හයියෙන් හිනාවෙන ගමං …..

මෙච්චර හරියක් කරල ආයිමත් එනව මෙතන….

සුදූ ……..
ඇයි මහත්තයො……

මං අර අහපු දේ කියන්නකො……

ශශී මට කිව්ව ඔයාගෙයි එයාගෙයි අතරෙ සම්බන්ධයක් තිබුන කියල……

හ්ම් එහෙම එකක් තිබුන තමයි මං බොරැවට ඒවිදිහට හැසිරැනේ…..
මට එයාලගෙ ගෙදරින් ඉන්ෆොමේශන් වගයක් ගන්න තිබුන මං ඒකට එයාව පාවිච්චි කලා විතරයි……

එහෙම කරන එක පව් වැඩක් නේද මෙතුම්…..
ශශී පව් ඔයා එයාව රැවැට්ටුව…..

මං කලේ පව් වැඩක්නම් ඊට වඩා දාස් ගුනයක් පව් වැඩ උන් කරල තියෙනව…..
එයා දැන් ප්රෙග්නට් මහත්තයො…….

හ්ම් මං ඒක දන්නව…..

ආශි එහෙම කියද්දිනම් කෙල්ලගෙ පපුව පිච්චිලා යනව වගේ දැනුනෙ…..

••මාත් එක්ක සම්බන්ධයක් තියෙද්දිත් ඒකි නිකන් හිටියෙ නෑ•• ……

ආශි එහෙම කියද්දි කෙල්ල කඳුළු පුරෝගෙන ආශි දිහා බැලුවෙ…..

ඔවුන් මහ වල් මිනිස්සු සුදු …..
ඔවුන්ගේ පවුලම එකයි …..
ඕකි මිනිහෙක් දැක්කොත්නම් වූත් එක්ක නටන්න පුලුවන් ඔක්කොම නැටුම් නටල තමයි ඌව අතඅරින්නෙ…..

මං නම්…..

කෙල්ලට ආශිගෙ කතා අහන්න තවත් පුලුවන්කමක් තිබුනෙ නෑ ….
කෙල්ල ආශිව තල්ලු කරල දාල අඬාගෙනම බාත්රෑම් එකට ගිහින් දොර වහගත්ත …..

කොච්චර කිව්වත් කාවවත් අල්ලල නෑ කියල එයා කතා කරද්දි එයාට නිකම්ම කියවෙනව…..

ආශිටත් හිතාගන්න බැරිවුනා කෙල්ලට මේ හදිසියේම මොකද වුනේ කියල…..

විසිනි එන්න පරක්කු නිසාම ආශි පෝන් එක අරගෙන වෙලාව බලන්න හැදුවෙ…..

ශිට් මං පෝන් එක සයිලන් කර ගත්තනෙ….
මිස් කෝල් 34 තියෙනව…..

එතකොටයි ආශි දැක්කෙ මැසේජ එකකුත් ඇවිත් තියෙනව ……

••අපි බඩු පොට් එක හොයා ගත්ත පුලුවන් ඉක්මනට අපේ තැනට වරෙන් උන් මෙතනින් බඩු මාරැ කරන්න වගේ සෙට් වෙන්නෙ•••

බාත්රෑම් එකේ දොරට තට්ටු කරත් දොර ඇරියෙ නැතිනිසා ආශි එලියෙ ඉදන්ම යනව කියල කෑ ගහල කියල යන්න ගියා….

බාත්රෑම් එකට වෙලා ටැප් එක ඇරගෙන හිටිය නිසා කෙල්ලට ආශි කිව්ව කිසිම දෙයක් ඇහුනෙ නෑ …..

අඬල අඬල හෙම්බත්වෙලා එලියට එනකොට කාඹරේ ,බැල්කනි එකේ හැමතැනම බැලුවත් ආශි පේන්න හිටියෙ නෑ…..

පහල ආශිගෙ බයික්එක ස්ටාඩ් වෙන සද්දෙට
කෙල්ල බැල්කනි එකට දුවගෙන ගිහින් බලද්දි දැක්කෙ ආශි බයික් එකේ නැඟල යනව…..

කෙල්ලට ආශි ගැන හිතේ සැකයක් තිබුනෙ නැතත් ආශිගෙ කතාවට කෙල්ලට දුක හිතිලයි තිබුනෙ….

එලිවෙනකල්ම ආශි ගැන හිත හිතා ඉඳල අඬල කෙල්ලගෙ ඇස් දෙකත් එක්ක මූණම තඩිස්සි වෙලා තිබුනෙ…

දවල් වෙනකම් බලාගෙන හිටියත් ආශි ගෙදර ආවෙනෑ …..
බැරිමතැන කෙල්ල ආශිගෙ දුරකථනයට ඇමතුමක් ගත්තාම ඒක ක්‍රියා විරහිත කරලයි තිබුනෙ…..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ…….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *