….හිරූගෙන්…..~~~ පිනි වරැසා 47 ~~~

විසිනි ප්රෙග්නට් කියල දැනගත්තට පස්සෙ අම්මගෙ වැඩේම බලහත්කාරෙන්හරි විසිනිට කවන එක……

මහිම කැම්පස් ගිහින් එනකොට අම්ම විසිනිට බලෙන්ම කවනව කොල්ල බලාගෙන හිටියෙ ඇස් වලටත් වඩා කටත් ඇරගෙන…..

මොකෑ නැන්දම්මෙ මේකි එපා කියද්දිත් මේතරම් මේකිට ගිල්ලන්නෙ…..
හරිනම් මහන්සිවෙලා මහන්සිවෙලා ගෙදර එන අපිටයි බත් පිඟාන අතේ තියාගෙන උලුවස්ස ලඟට වෙලා බලාගෙන ඉන්න ඕනෙ කවන්න…..

ඇයි මේකිට මොකකහරි අසනීපයක්ද….

නංගි දවසටම කාල නෑ ඔලුවෙ කැක්කුමක් හැදිල …..
ඒකයිමේ කවන්නෙ…..

අම්ම හිනාවෙලා කියද්දි මහිම ඇස් දෙකත් එක්ක හීන් කරල බැලුවෙ විශ්වාස කරන්න බැරුව වගේ…..

බඩගිනි නැන්දෙ….
යන්න යන්න වොෂ් එකක් දාගෙන එන්න ඉස්සෙල්ලම…..

පලයං පලයං මලපෙරේතයො ආපු ගමන්ම දෙසාබාන්න ලෑස්ති වුනා ඔක්කොම තියල…..

ආ උබ ආවද හැලපය…..
උබත් දෙන්නෙ මාර ලනු තමා…..
මං උබ එනකම් කැම්පස් එක ලඟට වෙලා බලාගෙන ඉඳල ඇතිවෙලා ආවෙ හිටං….

එන්න බැයිනම් බොරැ පොරොන්දු නොදී පලයං හිවල….
හරි හරි බං එන්න හදනකොට පොඩි වැඩක් වැටුන…..

මං යනව වොෂ් එකක් දාගන්න වර යන්න ලොම්බො ආව ගමං බත් හැලියට පනින්නෙ නැතිව…..

මහිම මෙතුම්ට ගහන්න පන්නද්දි මෙතුම් පඩිපෙළ දිගේ හයියෙන් දිව්ව…..

දුවල ගිය මෙතුම් ආයිමත් පඩිපෙළ උඩ ඉඳන්ම කෑ ගැහුව…….

සුදූ මගෙ තේ එක අරගෙන එනව….

අනේ මන්ද ඔය ලමය කසාදයක් බැන්ද කාලෙටත් ඔය විදිහටම කෑ ගහයිද කියල…..

අම්ම හිනාවෙලා කියද්දි විසිනි කෑම මේසෙන් නැගිටල ගියේ මෙතුම්ට තේ හදන්න…..

මෙතුම්ට තේ එක දීල ආපහු රෑම් එකට ආවට පස්සෙ ආයිමත් කෙල්ලට දැනුනෙ අප්පිරියාවක්….

බාත්රෑම් එකට වෙලා කාපුදේවල් ඔක්කොම වමනෙ කලා…..
අැඟට දැනෙන අමාරැවටම කෙල්ලට ඇඬෙද්දි උනුසුම් දෑතක් පිටිපස්සෙන් ඇවිත් බඩ අතගාන්න ගත්තෙ…..

ඇයි මැනික අමාරැයිද රත්තරං…..
ආශි කෙල්ලගෙ උරහිසට නිකට තද කරන ගමන් ඇහුවෙ….

ආශි කෙල්ලව එක්කගෙන ඇවිත් ඇදෙන් හාන්සි කරල පපුව අතගෑව…..
අඬන්න එපා සුදූ මං තමුසෙ ලඟ ඉන්නවනෙ
අපි මේකට බේත් ටිකක් ගන්න යමු….

වැඩක් නෑ නෙතුම් මේවට බේත් නෑ…..
මේ කාලෙට මෙහෙම තමයි…..

ආශි හයියෙන් හුස්මක් පිටකරල කෙල්ලගෙ ඔලුව උරහිසට හේත්තු කරගෙන ආදරෙන් අතගෑව….

විසිනිගෙ බෙල්ල දිගේ රැවුල අතුල්ලද්දිනම් කෙල්ල හයියෙන් හිනාවුනා….

මට කිති අනේ …..
ඉතිං ඒකටනෙ මං ඉන්නෙ….

ආශි හිනාවෙලා කියල විසිනිගෙ දෙතොල් ඇගිල්ලෙන් පිරිමදිනකොටනම් කෙල්ල හැදුවෙ ආශිගෙන් ඈත් වෙන්න…..

ආශි විසිනිගෙ ඇඟට බරවෙලා දෙතොල් සිපගද්දි දොරට ගහනව ඇහෙද්දිනම් ආශි කෙල්ලගෙන් ඈත් වුනේ බොරැ තරහක් මවාගෙනයි….

ශිට් හොදම වෙලාවට තමා හැම එකාටම මතක්වෙන්නෙ මේ රෑම් එක…..

ආශි කොන්ඩෙන් ඇද ඇද ගිහින් දොර ඇරියෙ…..

පුතා මට ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න ඕන….

එන්න අම්ම….

අම්ම කෙල්ලගෙ ලඟින්ම ඇදෙන් වාඩිවුනා….

මං මේ ආවෙ දැන් ඉතිං ඔහොම කරබාගෙන ඉඳල හරියනවද…..
හොද වී.ඕ.ජී කෙනෙක් චැනල් කරන්න ඕන ඉක්මනින්….
මං හිතුවෙ හෙටම ගියොත් හොදා කියල දැන් මාස එකහමාරකුත් වෙලා ඇතිනෙ…..

අම්ම කෙල්ලගෙ මූණ දිහාම බලාගෙන අහද්දි කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තෙ…..

පුතා මොකද කියන්නෙ….

හා අම්ම යමු ……

තව ටික දවසක් යනකොට දූට අළුතින් ගවුම් ටිකක් ගන්න වෙයි ….

අම්ම කෙල්ලගෙ ඔලුවත් අත ගාගෙන රෑම් එකෙන් යද්දි ආශි ඇවිත් කෙල්ල ලඟින්ම වාඩිවෙලා ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන
කුස අතගගා සිප ගත්ත…..

දැන් ඉතිං තමුසෙගෙ කලිසම් කෑලි වලට බායි කියන්න ලඟයි….

පහුවදා කෙල්ල ලෑස්ති වුනේ ඩොක්ටර් හම්බවෙන්න යන්න
මෙතුම් කා එක දීල බයික් එකේ වැඩට ගිය නිසා තුන් දෙනාටම යන්න ලේසි වුනා….

දුව ඔයා ලෑස්ති ද….
ඔව් අම්ම මේ එනව….

කෙල්ල ලෑස්ති වෙලා එලියට යන්න හදද්දි ආශි ඇවිත් කෙල්ලගෙ පිටට තුරැළු වුනා….

කොන්ඩෙ එහෙම අවුල් කරන්න එපා මහත්තයො මට බෑ ආයිමත් පීරන්න එහෙම….

මං ලඟට එනකොට තමුසෙ මට රෙඩ් ලයිට් දානවනෙ ඕයි….
වෙන ගෑනුනම් මිනිහ ලඟට එනකම් බලාගෙන ඉන්නෙ ආදරේ බෙදාගන්න…..

හ්ම් ඇත්තද….
බෙදා ගන්න නොගිහිනුත් මට ලැබිල තියෙන දේවල් වල හැටියට බෙදා ගන්න ගියොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ…

නරක් වෙලා තියෙයි උබට…..
බලපංකො මේ බන්ඩිය ඉස්සරහට එනකොට මේ ආශික්ගෙ වැඩ කෝමද කියල…

ලමයි පරක්වෙනව ඉක්මනට එන්න…..

අම්ම පහලට වෙලා කතා කරනව එන්න යමු…..

හ්ම් යං….
දුවන්නැතිව හිමිහිට යනව පරිස්සමෙන්….
හරි මගෙ මහත්තයො..

තුන් දෙනාම කාර් එක ලඟට එනකොට ආශිට කෝල් එකක් ආව….
කෙල්ල දැක්ක ආශිගෙ මූණ එකපාරටම වෙනස් වෙනව……

මට පොඩි හදිස්සියක් …..
විනාඩි දහයක් යයි මං ඉක්මනට එන්නම්….

පුතා එනකම් ත්‍රීවීල් එකක් අරගෙන අපි යන්නද……

පිස්සුද අම්ම මං ඉක්මනට එනව ඔයාල කොහේවත් යන්න එපා…

ඒත් එක්කම ආශි ආයිමත් කාටද කෝල් එකක් ගත්ත ….

අරෑගෙ පොට් එක ඉක්මනින් හොයා ගනිල්ල වැරදිලා ⁣අපේ එකාව අරගෙන ගිහින් මං ඕකුන් ඔක්කොම බාවනව ඌට මොනාහරි වුනොත්…..
ආ තව එකක් වෙන වෙලාවල් වලට වඩා අපේ ගේ ගැන ඇලට් එකේ ඉදපල්ල මං ⁣දැන් ගෙදරින් එලියට යනව…..

ආශි කා එකට නගින්න ගිහින් ආයිමත් කෙල්ල ලඟට ඇවිත් කෙල්ලව තදින්ම බදාගෙන කෙල්ලගෙ නලල සිප ගත්ත අම්ම ඉන්නව කියලවත් හිතන්නෙ නැතිව….

මං යනව මගෙ වස්තුව පරිස්සමෙන් ඉන්න මගෙ මැනික අපේ පැටියවත් පරිස්සමෙන් බලා ගන්න ….

යනව නෙමෙයි මහත්තයො ගිහින් එන්නම් කියන්න…..

හරි ගිහින් ඉන්නම් මැනික…..
ආශි හිනාවෙලා කෙල්ලව තුරැළු කරගද්දි කඳුලක උනුසුම කෙල්ලගෙ උරහිසට දැනෙද්දි කෙල්ලගෙ පපුව ගැහෙන්න ගත්තෙ අහේතුකව දැනුන බයට…..

අම්ම මගෙ අම්ම ……
මගෙ කෙල්ලව බලාගන්න ……

ඇයි පුතා මේ …..
අම්ම බයවෙලා ආශිගෙන් අහද්දි ආශි හිනාවෙලා අම්මගෙ හිස අතගාල කා එකට නඟින්න හදද්දි කෙල්ල ආයිමත් ආශි ලඟට ගියා…..

ඇයි මහත්තයො මේ මට ලොකු බයක් දැනෙනව…..
යන්න එපා මහත්තයො අපි යන්න ලෑස්ති වෙච්ච ගමන යමු…..

මෝඩි බයවෙන්න එපා මං ඉක්මනින් එනව…..
ආපු ගමං යමු…..
අම්මත් එක්ක ගෙට වෙලා ඉන්න මගෙ මැනිකගෙන් මං එකම දෙයයි ඉල්ලන්නෙ මොනදේ වුනත් ගෙදරින් එලියට බහින්නනම් එපා රත්තරං….

ආශි පාත්වෙලා කෙල්ලගෙ කුස සිපගද්දි කෙල්ලට හොදටම දැනුන ආශිගෙ කඳුළුවල රස්නෙ…..

ඉක්මනට එනව මැනික…

ආශි කා එකට නැඟල ස්ටාඩ් කරල වේගෙන් යන්න පිටත්වෙද්දි අම්මගෙ පපුව වගේම කෙල්ලගෙ පපුවත් වේගෙන් ගැහෙන්න ගත්ත…..
හයියෙන් අඬන කෙල්ලව අම්ම ගේ ඇතුලට එක්කගෙන ගියා…..

කෙල්ල ඇඟිලි ගැන ගැන ඔරලෝසුව දිහාම බලාගෙන හිටියෙ ඒත් ඉක්මනට එනව කියල ගිය ආශි ගිහින් පැය බාගෙකටත් වඩා ගෙවිල ගිහින් තිබුනත් තාම ගෙදර ආවෙ නෑ….

කෙල්ල ඔරලෝසුව දිහාම බලාගෙන කාලය ගෙව්වත් අම්ම කලේ සෝෆාවට වෙලා ඔලුව ගහගෙන හූල්ලපු එකයි….

පස්සෙ කෙල්ල ගිහින් බුදු කුටිය ලඟින් වාඩිවුනා…..

එයා ගොඩක් නරක නපුරු කෙනෙක් තමයි බුදු හාමුදුරුවනේ ඒත් මට මගෙ දරැවට එයාව ගොඩක් ඕනෙ බුදු හාමුදුරුවනේ අනේ එයාව ආරක්ෂා කරල දෙන්න ……

එයාට කිසිම කරදරයක් වෙන්න එපා එයාව ආරක්ෂා කරන්න බුදු හාමුදුරුවනේ….
මගෙ මහත්තයව ආරක්ෂා කරන්න දෙයියනේ…..

විසිනි බුදු කුටියට වෙලා ගොඩක්වෙලා අඬල අඬල ආපහු එනකොට අම්ම තාම හූල්ල හූල්ල අඬනව……

පැය දෙක තුනක් ගියාට පස්සෙත් ආශි ගෙදර නාපු නිසා විසිනි ආශිට කෝල් එකක් ගත්තෙ ඒත් පෝන් එක වැඩකලේ නෑ….

දුව මෙතුම්ට හරි මහිමට හරි අරගෙන බලන්න…..
වැඩක්නෑ අම්ම ඒ කාගෙවත් පෝන් වැඩකරන්නෑ….

ඇයි දෙයියනේ මේ දරැවො මේ තරමටම මට ගින්දර දෙන්නෙ….
මාත් අම්ම කෙනෙක්….
දරාගන්න බැරි වේදනාවක් දරාගෙන උන් දෙන්නව බිහි කරල හුගාක් දුක් විඳල තනියම උන්ව ලොකු මහත් කරගත්තෙ….
උන් දැනුම් තේරැම් තියෙන වයසය ඇවිල්ලත් මගෙ හිතට සැනසීමක් දෙන්නෙ නැතිහැටි……
ඇයි මගෙ දරැවො මේ විදිහට මට ගින්දර දෙන්නෙ….
මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව…

අම්ම කෑගහල අඬද්දි විසිනි කඳුළු පිහදාගෙන ගිහින් අම්මව සැනසුව…
ගේ පුරාම ඇහුනෙ දෙන්න හූල්ලන සද්දෙයි ඔරලෝසුවේ කටු ගමන් කරන සද්දෙයි විතරයි……

එක පාරටම ගෙදර පෝන් එක රින් වෙන සද්දෙට අම්ම වගේම විසිනිත් ගැස්සිල ගියා….

විසිනි ගිහින් වෙව්ලන ඇඟිලි තුඩු වලින් පෝන් එක අරගෙන කනේ තියාගත්ත….

හෙලෝ….
මේ ආශික් මහත්තයගෙ ගෙදරද…

ඔ..ව්…

මං මේ කියනදේ අහල කලබල වෙන්න එපා…..
ආශි මහත්තයට කවුද වෙඩිතියල හංදියට ගෙනත් දාල ගිහින්…..

මො..න..වා…..

එයාට තාම පන තියෙනව ද මන්ද කව්රැවත් බයට ලඟට කිට්ටුවෙන්නෑ බලන්නවත්…..

මං මේ ඒලඟ ගෙදරක කෙනෙක් කතා කරන්නෙ..
ඉක්මනින් ඔයාල ඇවිත් එයාව හොස්පිටල් අරගෙන යන්න….
සමහරවිට එයාට තාම පන තියෙනව ඇති….

කෙල්ලට කියපු කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ….
විසිනිගෙ කම්බුල් දිගේ කඳුළු ගලාගෙන ගියා මිසක් කෙල්ලට කතා කරන්න බැරිව ගොලුවෙලා යනව වගේ දැනුනෙ….

කෙල්ල අඬනව දැකල අම්ම ලඟට ඇවිත් කෙල්ලව හොල්ලල ඇහුවත් කෙල්ලට කතා කරගන්න තියා අඬාගන්නවත් සිහියක් තිබුනෙ නෑ ……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *