…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 50 ~~~

කෙල්ල ජීවිතේ රැකගන්න ඔට්ටු වෙද්දි මේ ලෝකෙ තිරිසන් මිනිස්සු ජීවත් වෙනව කියල පසක් කරමින් කිසිම අනුකම්පාවක් නැතිව ඇමති පුතාගෙ සිරැරට විසිනිගෙ සිරැර වැසීයනවත් එක්කම කෙල්ලව තද කරල බදාගද්දි කෙල්ල පුලුවන් උපරිම වීරිය දාල තදින්ම උරහිස සපාකෑව……
ඔහුට දැනුන කේන්තියට කෙල්ලගෙ ඔළුව දෙතුන්පාරක්ම ඇද වියලෙ හැප්පුව…..

වේදනා දෙන හිසත් අල්ලගෙන ඇදමතට කඩාගෙන වැටෙද්දි කෙල්ලගෙ ගතට සිතට කිසිම පනක් නැතිව ගියා…..
විසිනි බාගෙට මැරිල වගේ ඇඳමත වැටිල ඉන්දැද්දි කුරිරැ සිනහවක් මුව මත සටහන් කර ගනිමින් ඔහු යලිත් කෙල්ල ලගට කිට්ටුවුනා…..

මුල ඉඳන්ම ඔය විදිහට හිට්යනම් තමුසෙ මෙච්චර විඳවන්නෑනෙ…..

අතොරක් නැතිව කෙල්ලගෙ බෙල්ල සිප ගද්දි කෙල්ලට දැනුනෙ සර්පයෙක් වෙලිල ඉන්නව වගේ …..
දැනෙන හිරිකිතට අහක බලාගත්තෙ අන්තිම බින්දුවට යනකම් හිතේ තිබුන දහිරිය වගේම ඇඟේ පතේ හයිය හිදිල යද්දි…..

ඒ තිරිසනා අතින් කෙල්ලගෙ ගව්ම කර ලඟින් ඉරිල යද්දි කෙල්ලගෙ දෙකම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියෙ මොරසූරන වරැසාවක් ගානට……

එන්න මගෙ මහත්තයො ……
මාව බේරගන්න දෙයියනේ…..
මේ තිරිසන්නුගෙන් මාව බේරගන්න දෙයියනේ …..
මට තවත් ටිකකින් මේ හැමදේම නැතිවෙලා යයි …..

බෙල්ල දිගේ ගිය දෙතොල් කෙල්ලගෙ දෙතොල් ලඟ නවතින්න හදද්දි විශාල සද්දයක් එක්ක කාඹරේ දෙදුරැම් කද්දි කෙල්ලගෙ ඇඟ උඩ හිටිය තිරිසනා කෙසෙල් පරඩැලක් ගානට කෙල්ලගෙ ඇඟටම කඩාගෙන වැටුන……

එතකොටයි ⁣කෙල්ල දැක්කෙ රත්පැහැ ගැන්විලා තියෙන දෑස් වගේම ඒ වියරැ වැටිල ඉන්න මූණ …
අතේ තිබුන පිස්තෝලෙ කම්බුලක් දිගේ අතුල්ල ගන්නව දකිද්දිනම් කෙල්ලට තේරැනා මේ මිනිහ මැරිල වැටුනෙ කියල…..

කෙල්ලගෙ ඇඟ උඩ හිටිය මනුස්සය ඇඳල අරගෙන පාපහරක් දෙන ගමන්ම බිමට තල්ලුකලා ඒ වෙනකොටත් හිසට වෙඩිකාල මියගිහින් හිටියත්…..

කෙල්ලගෙ ගව්ම උඩින් ඉරිල තියෙනව දැකපු ආශි ෂර්ට් එක ගලවද්දි කෙල්ල දැක්කෙ ලේ පාටට ෂර්ට් එක රත්පැහැ ගැන්වෙලා තියෙනව……

ඒත් කෙල්ලට ආශි ලඟට නැගිටල යන්න තරම් කිසිම ඇඟපතේ හයියක් තිබුනෙ නෑ….

කෙල්ලගෙ ඇඟ කොච්චර තුවාලවෙලා තිබුනත් ලේ පෙරාගෙන හිටියත් කෙල්ලට බය හිතුනෙ ආශිගෙ ෂර්ට් එක දැකල….

ආශි ලඟට ඇවිත් ඇඳේ වැතිරිලා ඉන්න කෙල්ලව නැඟිට්ටවන්න හදද්දි පලාතම දෙදරවමින් වෙඩි වරැසාවක් ඇහෙනකොට කෙල්ල පැනල ආශිගෙ පපුව බදාගෙන ඒ පපුව අස්සෙ මූණ හැංගුවත් වෙනද වගේ ඒ උනුසුම් දෑත් ඉනවටේ වෙලුනෙනෑ…..

කෙල්ලට දැනුන වෙනස නිසා කෙල්ල ආශි දිහා බැලුවත් ආශි එක එල්ලෙ බිත්තිය දිහා බලාගෙන හිටියවිනා කෙල්ල දිහා බැලුවෙවත් නෑ ……

කෙල්ල පිස්සුවෙන් වගේ ආශිගෙ ඇඟපත අතගාල බැලුවෙ කොහේහරි තුවාලවෙලාද කියල බලන්න….
⁣යාන්තන් කෙල්ලගෙ හිතට සැනසීමක් දැනුනෙ ආශිගෙ ශරීරයේ තුවාලයක සටහනක් නැතිවෙද්දි……

කෙල්ලගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දි කෙල්ල දැක්කෙ ඒ දෑත් කේන්තියෙන් මිට මෙලවිලා වෙව්ලනව…..
අත් වල ඉදන් බෙල්ල දිගේ නහර ඉස්මතුවෙලා තියෙද්දි කෙල්ලට තේරැනේ ආශි ඉන්නෙ දත්ම්ටි කාගෙන කියල…..
දෑස් රත්පැහැවෙලා කම්බුල් පුපුරැ ගහන කේන්තියෙන් ගැස්සෙද්දි කෙල්ල ආශිව තදකරගෙන අල්ලගෙන හිටිය අත්දෙක ගැලවිලා ගියේ ආශිගෙ කේන්තිය දැකල….

එදා රෑ නුවරඑළියෙදි මම ඔයාගෙන් දැක්කෙ මේ කේන්තියමයි මහත්තයො…..

කෙල්ල කඳුළු වගුරවමින් ආශි දිහා බලාගෙන ඉන්දැද්දි කිසිම කතාබහක් නැතිව බොත්තම් ගලෝගෙන හිටිය ෂර්ට් එක කරෙන් ගලෝල අරගෙන ආශි කෙල්ලගෙ ඇඟට දැම්ම…..

එන්න එන්නම වෙඩි සද්දෙ වැඩිවෙද්දි කෙල්ලට තේරැනේ දෙපිරිසක් අතර වෙඩි හුවමාරැවක් වෙනව කියල …..

පොඩි පුතා…..
දුවට කරදරයක් නෑ නේද…..

පිස්තෝලයක් අතේ තියාගෙන නිල ඇඳුමින් කාඹරේට පැමිණියෙ කෙල්ලගෙ තාත්තගෙ මල්ලි ……

බාප්පි …..
කෙල්ල ගිහින් බාප්පට තුරැළු වුනේ
දෙකොපුල් දිගේ බේරෙන කඳුළු බාප්ප පිහදාන්න ගද්දි……

සුදූ පුතා ඔයා හොදින් නේද…..
ඔව් බාප්පි ……

කෙල්ල බාප්පට තුරැළු වෙද්දි එතනින් යන්න හදපු ආශිගෙ අත තදකරල බාප්ප අල්ලගත්ත……

පොඩි පුතා ඔය ඇති හොදටම ඇති හොදමදේ අපි දැන් මෙතනින් යන එක….

ය..න්…න…..

මාමට පිස්සුද……
එහෙම යනවනම් මං මෙතනින් යන්නෙ එක්කො මුං සේරම ඉවරයක් කරල නැත්නම් මගෙ මලකද තමයි ……

මාම අතඅරින්න මාව…..
මට අද මුං ඔක්කොම මරාගන්න ඕනෙ නැත්නම් මගෙ හිතට සැනසීමක් ලැ⁣බෙන්නෑ…..
ඔයා මාව තවත් නවත්තන්න එපා අවුරැදු ගානක් මාව බැදගෙන ඉන්න දම්වැල් දැන්වත් ගලෝල දාන්න දෙයියන්ගෙ නාමෙට……

ආශි මාම දිහත් කේන්තියෙන් බලල කියද්දි කෙල්ලගෙ හිතත් ගැස්සිල ගියා…..

පොඩිපුතා අපි එහෙම කරන්න ඕනෙ තමයි…
අපි එහෙම කරමු හැබැයි මේක නෙමෙයි වෙලාව…..
හොඳමදේ අපි පුලුවන් ඉක්මනින් සුදූව මෙතනින් අරගෙන යනඑක …..
මේ කෙල්ල හොදටම බයවෙලා ඉන්නෙ…..

මාම ……
මාමට පුලුවන්නෙ මේකිවත් අරගෙන යන්න…..
මං මේක ඉවරයක් කරල දාල එන්නං ……

ආශි මාම අල්ලගෙන ඉන්න අත ගසල අයින් කරද්දි මාම තව තවත් හිර කරල අත අල්ලගත්තෙ……

පිස්සු කෙලින්න හදන්නෙපා මිනිහො උබ හොදටම දන්නවනෙ ගෙදර තියෙන සිටුවේෂන් එක මොකක්ද කියල…..
අනික උබට අමතක වුනාද මෙතන බඩදරැ අම්ම කෙනෙක් ඉන්නව කියල…..
උබ අමතක කරන්න එපා මෙතන ඉන්නෙ උබේ ගෑනියි දරැවයි කියල ඒකනිසා ඔය පලිගන්න දඟලන එක පැත්තකට තියල උබ කෙල්ලවත් අරගෙන මෙතනින් පැනගනින්…..

මෙතන දැන් පොලිසියෙන් වට කරල තියෙන්නෙ මට මැදිහත් වෙන්නත් සීමාවක් තියෙනව හොදම දේ කාටවත් නොපෙනෙන්න මෙතනින් පැනගන්න එක….
තව ටිකකින් මෙතන පොලිසියෙන් ඉවරටම වට කරයි……
මීඩියා වලිනුත් එන්න ඉඩතියෙනව…..
මේක ප්‍රසිද්ධ ප්ලේස් එකක්නෙ…..

මට බෑ මාමෙ…..
මං මෙහෙම බයගුල්ලෙක් වගේ පැනගත්තොත් මුං හිතයි මං ###යෙක් කියල…..
මාව අතඅරින්න …..

අාශි මාමගෙ අත වේගෙන් ගසද්දි ගැලවිලා ගිය අත ඇවිත් නැවතුනේ ආශිගෙ කම්බුලක…..

කිව්වාම අහල පලයං හැමදේටම වඩා වටින්නේ උබට පවුල නෙමෙයිද පලිගන්න එකද ……
අමතක කරන්න එපා මේ වෙලාවෙ උබේ පවුලෙ අයට උබව ඕනෙ කියල…..
මේ උන් ලඟට වෙලා ඉන්න ඕනෙම වෙලාව……
උන්ට නැඟිටින්න ධෛර්යය දියං….
පලිගන්න ඕනෙ වෙලාවක පුලුවන්…..

උබමයි මේ තරමට මේ ප්‍රශ්න දුරදිග අරගෙන ගියේ….
මං උබට කට කැඩෙනකම් කිව්වනෙ සුදූව කසාද බදින්න එපා බැඳල ප්‍රශ්න වැඩිකරගන්න එපා කියල කෝ ඒදේ ඇහුවද…….
දැන්වත් මං කියනදේ අහපං මිනිහො……
කෙල්ලව අරගෙන පලයං…..

ඒත් මාම ඔයා…..
උබ මං ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා මං ඉන්නෙ මගෙ ටීම් එක එක්ක…..
මේක මං බලාගන්නම් …..

ආශි කෙල්ල දිහා බැලුවෙ දවා අළු කරන තරම් බැල්මකින්……

මං තොට කිව්ව නේද කට කැඩෙනකම් ගෙදරින් එලියට ගිහින් මාව අසරණ කරන්න එපා කියල දැන් උබට සතුටුද…..

ආශි දඹර ඇඟිල්ල දික් කරගෙන කෙල්ලගෙ ලඟට කිට්ටුවෙද්දි කෙල්ල තව තවත් මූන බාප්පගෙ පපුව අස්සෙ හැංගුව…..

අද උබ නිසා තමයි මේ වගේ අමාරැ වෙලාවක මගේ මාමව තනි කරල මට යන්න වෙලා තියෙන්නෙ…..

පුතා තියෙන ප්‍රශ්නයක් ගෙදර ගිහින් කතාකරගනිං මේ කෙල්ලත් දැන් හොදටම බයවෙලානෙ ඉන්නෙ…..
මෙතන රංඬුකර කර ඉන්න පුලුවන් තැනක් නෙමෙයි …..

සුදූ ඔයා දැන් පුතා එක්ක ඉක්මනින් පිටත්වෙන්න …..

බාප්ප කෙල්ලව පපුවෙන් ඈත් කරන්න හදද්දි කෙල්ල ආයිමත් බාප්පගෙ පපුව බදාගත්ත ……

මට යන්න බෑ බාප්පි මට බයයි….

බයයි බය වෙන්නෙ මොකටද ඔයා දන්නවනෙ ආශි කියන්නෙ කව්ද කියල හිතාගන්නකො රටේ ඉන්න හොඳම ආරක්ෂකය එක්ක යනව කියල…..
එයා ඔයා ලඟින් ඉන්න නිසා ඔයා කිසි දේකට බයවෙන්න ඕනෙනෑ …….

බාප්ප කිව්වෙ කෙල්ලගෙ හිසට නිකට තද කරන ගමං ….

ඒකමයි බාප්පි මට තියෙන බය…..

කෙල්ල කම්බුල් දිගේ පෙරෙන කඳුළු පිටි අත්ලෙන් පිහදාගද්දි බාප්ප කෙල්ලගෙ නලලත ආදරෙන් සිප ගත්ත…..

මගෙ කෙල්ල ඉක්මනින් යන්න මෙතන ගැවසෙන්න හොද තැනක් නෙමෙයි…..

බාප්පගෙ ඇඟේ එල්ලිල හිටිය කෙල්ලගෙ අතින් ඇදල ගත්ත පාරට කෙල්ල විසිවෙලා ගිහින් ආශිගෙ පපුවෙ වැදිල නතරවුනේ…..

මං යනව පුතා …..
පරිස්සමෙන් මාමේ…..

බාප්ප ගියාට පස්සෙ ඒ රකුසු ඇස් තමාවෙතට හැරවෙද්දි කෙල්ල බිම බලාගත්තෙ ඒ බැල්ම දරාගන්න බැරිමතැන….

ආශි යන යන තැනට කෙල්ල ඇදිල ගියා මිසක් කෙල්ලට කිසිම ඇගේ පතේ හයියක් තිබුනෙ නෑ දුවල පැනල යන්න …..

වෙඩි හඬ මැදින් ගමන්කරද්දි කෙල්ලගෙ ලේ පවා රත්වෙලා ගියේ කන් අඩි පුපුරන්න තරමට ඇහුන සද්දෙට වගේම බයට…..

ආශි තැනින් තැනට මුවා වෙවී කෙල්ලව ඇදගෙන ගියේ හරිම කල්පනාවෙන්…..
විටෙක ආශිගෙ අතේ තියෙන පිස්තෝලෙන් හඬ නංවාගෙන උන්ඩ පිටවෙද්දි කෙල්ල අාශිගෙ අත්ගොබේ අස්සෙ මූණ හිරකර ගන්නෙ මුළු ඇඟම ගැහෙද්දි……

ආශි කෙල්ලව අත ඇරල ජනේලෙකින් එලියට පනිද්දි කෙල්ලගෙ ඉහින් කනින් දාඩිය බේරුනේ තවත් තට්ටු දෙකක් පහලට බහින්න ඉතුරුවෙලා කියල දකිද්දි……

කෙල්ල දුවල ගිහින් ජනේලෙන් පහල බැලුවෙ ආශි බිම වැටිල ඇති කියල හිතෙන් බයෙන් ගැහෙද්දි ……..

ඒත් ආශි ජනේලෙට ටිකක් පහලට වෙන්න පහලට තියෙන බැම්මක් උඩ හිටගෙන ඉන්නව දැක්කට පස්සෙ කෙල්ල හයියෙන් හුස්මක් අරගෙන පිටකලා ……

කෝ ඉක්මනට පහත්වෙනව…..
මට බයයි මහත්තයො පහලට පනින්න අනික මං ප්රෙග්නට්නෙ……

දැන්ද තමුසෙට ඒක මතක්වුනේ…..
මං තමුසෙට කිව්වෙ පනින්න කියල නෙමෙයි ඔය ජනේලෙ උඩ ඉඳගෙන කකුල් පහලට දාල වාඩිවෙනව මං වඩාගන්න…..

කෙල්ල කියපු විදිහට හිටියට පස්සෙ ආශි කෙල්ලව උස්සල බිමින් තිබ්බ…..

කෙල්ලවත් අරගෙන ගිහින් බැමි දෙක තුනක් පහලට බැහැල යාන්තන් කෙල්ලව බිමට බස්සගත්ත……

යමු …..
කෙල්ල නොන්ඩි ගගහ ඇවිදිනව දැක්කම ආශි කෙල්ලගෙ කකුල් දිහා පාත්වෙලා බැලුවෙ කුතුහලෙන්…..

බැදල තිබුන ලනු වලට කැපිල තිබුන දෙපා වලින් ලේ වැක්කෙරෙනව දැක්කට පස්සෙ ආශිගෙ මූණ තව තවත් නපුරු වුනා……

මං කොච්චර කිව්වද උබට ……
දැනගෙන හිටිය උබව උන්ට අහුවුණොත් මේ විදිහට විඳවන්න වෙයි කියල ……
මට දුක නාහෙට අහන්නෙ නැති උබ නිසා උබේ බඩේ ඉදගෙන මගෙ දරු පැටියත් දුක් විඳින එක ගැන……

ආශිගෙ වචන පිහිතුඩු වගේ ඇවිදින් කෙල්ලගෙ පපුවෙ වදිද්දි කෙල්ල කඳුළු පිරුන දෙනෙතින් ආශි දිහා බලනවත් එක්කම ආශි එක පාරටම නැමිල කෙල්ලව හරහට වඩාගත්ත…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *