…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 51 ~~~

ආශි කෙල්ලවත් අරගෙන පාර දිගට තිබුන ගස් අතරින් මුවා වෙවී ඉස්සරහට ගිහින් කාර් එකේ දොර ඇරල කෙල්ලව ඒකට නැග්ගුව….

පුදුමයි මෙයා ඇවිල්ල තියෙන්නෙ කාර් එකේ…..
වෙනදට බයික් එකේනෙ ගමං බිමන් යන්නෙ…..
මට බයික් එකේ යන්න හොද නැතිනිසා කා එක අරගෙන එන්න ඇති……

කෙල්ලට ආශි ගැන දැනුනෙ ලොකු ආදරයක් ගෞරවයක් …..

කෙල්ල හිමිහිට ස්ටීරියන්වීල් එක උඩ තිබුන ආශිගෙ අත අල්ලන්න උත්සහ කරද්දි ආශි අත ගසල දැම්ම …….

මෙච්චරටම තරහද මහත්තයො ඔයා මාත් එක්ක ……
මං ගෙදරින් ගියෙ ඇයි කියල දැනගත්තාමවත් මට ඔයාගෙන් සමාවක් ලැබෙයි කියල හිතන්නවත් බැයිද …….

කෙල්ල කඳුළු පෙරාගෙන ඇඬුවත් ආශි සතපහකට මායිම් කලේනෑ ……
තාමත් ඒ මූණ කේන්තියෙන් දිළිසෙනව…..
ආශි ඉස්සරහ බලාගෙන කාර් එක පැදෙව්ව මිසක් නිකමටවත් කෙල්ල දිහා බැලුවෙ නෑ…..

ඒත් කෙල්ලගෙ ඇඬිල්ල එන්න එන්නම වැඩි වෙද්දි ආශි වේගෙන් ගිය කාර් එක මහසද්දෙන් තිරිංග තදකරල නැවැත්තුව පාරට කෙල්ලගෙ මුළු ඇඟම රත්වෙලා ගියා…..

ආශිගෙ මූණ දැක්කම එක පාරටම කෙල්ලගෙ අඬිල්ල නැවතුනේ පපුව සියදහස් වේගයෙන් ගැහෙද්දි……

උබත් අම්මෙක්ද යකෝ……
උබට නිකමටවත් හිතෙන්නෙ නැද්ද දරු පැටිය ගැන…..
උබ ඔහොම හූල්ල හූල්ල අඬනකොට ඒක මගෙ පැටියට හොඳනෑ …..
ප්ලීස් දෙයියන්ගෙ නාමෙන් පොඩ්ඩක් ඉදපං
ඉවසගෙන ඔය ලමය ඉපදෙනකම්වත්…..
ඊට පස්සෙ ඕන බම්බුවක් කරගනිං….

කෙල්ලගෙ තුවාල වලින් දැනෙන වේදනාවට වඩා වේදනාවක් ආශිගෙ වචනවලට කෙල්ලට දැනුන…..

ආයිමත් කා එක පාරට දාපු ආශි ආව වේගෙටත් වඩා වැඩි වේගෙකින් යන්න පිටත්වුනේ……

එයාට කේන්ති ඇති මං නිසා එයාගෙ දරැව එයාට නැතිවෙයි කියල…..
මං ගැන තිබුන ආදරේ එයා දැන් මරල දාල දරුව ගැන විතරයි දැන් ඒ හිතට සෙනිහසක් තියෙන්නෙ……
මං ගැන කිසිම හැඟීමක් දැන් ඒ හිතට නැති ගානයි…..

කෙල්ල ෂටර් එකෙන් එලිය බලාගෙනම ගියෙ බැරිවෙලාහරි කෙල්ලගෙ කඳුළු ආශි දැක්කොත් එහෙම ආයිමත් ආශිගෙ චවන වලට හිත රිද්ද ගන්න වෙයි කියල…..

ආශි කෙලින්ම එක්ක ආවෙ ප්‍රයිවට් හොස්පිටල් එකකට …..
අම්ම ගැන ආශිගෙන් අහන්න හිතට දහස්වාරයක් හිතුනත් ඇහුවෙ නැත්තෙ ආශි කොහොම ප්‍රතිචාර දක්වයිද කියල හිතාගන්න බැරි නිසා…..

කෙල්ලට එලියට බහින්න දොර ඇරල කිසිම කතාබහක් නැතිව ආශි කෙල්ලව වඩාගෙන ඇතුලට එක්කගෙන ගිහින් ට්‍රොලියකින් තිබ්බ…..

හිස ,මූණ වගේම අතපය බැදල තිබිල කැපුම් තුවාල තිබුන නිසා ඩොක්ටර් කෙල්ලව පරීක්ෂා කරල බලල ඇඩ්මිට් කරන්න කිව්ව…..
කෙල්ලට ලොකු හිසේ කැකකුමකුත් තිබුන ඔලුව දරුනු විදිහට ලේ එනකම් ඇද වියලෙ හප්පපු හින්ද …..

ඩොක්ටර් ආශිව පැත්තකට එක්කගෙන ගිහින් කතා කරනව කෙල්ල බලාගෙන…
ආශි අත දික් කර කර කතා කරද්දි කෙල්ලට තේරැනා ආශි මොනවහරි ඩොක්ටර්ට පැහැදිලි කරන්න හදනව කියල ….

සමහරවිට එයා වෙච්ච දේවල් ඩොක්ටට පැහැදිලි කරනව ඇති …..

කෙල්ල ඔහේ සිවිලිම් ෆෑන් එක දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ආශි එක්ක ඩොක්ට ඇතුලට ආව….

මෙයා ප්රෙග්නට් නිසා මේ දවස්වල හොදට පරිස්සම් කරන්න ඕන …..
බැරිවෙලාහරි ඔය ගහපු පාරක් තදින්ම වැදුනනම් එහෙම ඒක ගොඩක් දරැවටත් බලපාන්න තිබ්බ…..

ඉස්සෙල්ලම අපි මෙයාගෙ තුවාල වලට බේත් දාල ඉමු ඊට පස්සෙ සේලයින් එකකුත් දෙන්න වෙනව ඇඟනම් හුගාක් දුර්වල පාටයි….
හොදට කාල බීල සතුටින් ඉන්න ඕනෙ මේ කාලෙට එතකොටයි දරුවත් නිරෝගිමත්ව වැඩෙන්නේ….

ඩොක්ට ගියාට පස්සෙ නර්ස් කෙනෙක් තුවාල වලට බේත් දාන්න කාඹරේට එනකොට විසිනි තද කරල ඇස් පියාගත්තෙ හිත ගැහෙද්දි …..

ආශි කෙල්ලගෙ ඇඳ ලඟම තිබුන ජනේලෙන් අත් දෙකම තියාගෙන ඈත බලාගෙන ලොකු කල්පනාවක හිටියෙ…..

මිස් දඟලන්න එපා….
කෝ ටිකක් ඉන්නකො මේ තුවාල සුද්ධ කරනකම් …..

කෙල්ල අතපය වකුටු කරගෙන ඈදේ කෙලවරටම ගුලි වෙනව බලාගෙන ඉඳල නර්සුත් අහක බලාගෙන හිනාවුනා……

ආශි ගැස්සිල වගේ හිටපු කල්පනාවෙන් මිදිල ආයිමත් රෑම් එකපුරා ඇස් යැව්වෙ කෙල්ල කෑගහන සද්දෙ ඇහිල…..

ප්ලීස් මිස් මට මේ වැඩේ කරන්න දෙන්න මට තව වැඩ තියෙනව මෙතනට වෙලාම ඉන්න විදිහක් නෑ ….
තව පේෂන්ල ඉන්නව මට බේත් දෙන්න….
සෝ ප්ලීස් මගෙ වැඩේ කරන්න දෙන්න…..

ඒත් කෙල්ල තව තවත් පස්සට වෙලා ගුලිවුනේ අඬන දෑස් වලින් ගලන කඳුලින් පිටි අත්ලෙන් පිසදමදම….

ආශිගෙ රතුවෙලා තියෙන දෑස් වගේම කේන්තියෙන් පිම්බිලා තියෙන මූණ දැක්කමනම් ⁣මෙච්චරවෙලා අඬ අඬා හිටිය කෙල්ලගෙ ඇඬිල්ල එකපාරටම නතරවුනා…..

ආශි ටික ටික ඇද ලඟට කිට්ටුවෙද්දි කෙල්ලට දැනුනෙ හුස්ම ගන්න බැරි තරමට අපහසුවක්……

බලන්නකො මිස්ටර් මේ මිස් මට බේත්ටික දාන්න දෙන්නෙ නෑනෙ…….

නර්ස් ආශි එක්ක කේලම කියද්දිනම් කෙල්ල නර්ස් දිහාත් රවල බැලුව……

මෙහාට එනව…….
ලඟට ……

ආශි රවාගෙන කියද්දි කෙල්ල ඔරවගෙන ඇඳ මුල්ලෙ ඉඳන් අයිනට වෙන්න ආවෙ ආශිගෙ හැටි හොදටම දන්න නිසයි…..

හ්ම් දැන් ඔය වකුටු කරගෙන ඉන්න කකුල් අතපය දික්කරනව …….
බේත්ටික දාල ඉවරවෙනකම් තමුසෙ නිකමටවත් අතපය හොල්ලන්න බෑ …..
එහෙම කරල මං නරක මිනිහ කියන්න එපා….
මං කියනදේ ඇහුවෙ නැත්නම් මං පව් පිං බලන්නෙ නෑ …..
ඒක මීට වැඩිය රිදෙයි එතකොට තමුසෙට හිතෙයි මං බේත්ටික දාගත්තනම් මීට හොදයි කියල….

කෙල්ල ආශිටයි නර්ස්ටයි රවල බලල අහක බලාගත්තෙ ආශිගෙන් බේරෙන්න බෑ කියල දන්න නිසා…..

සජිකල් දාල තුවාල පිහදාද්දි දැවිල්ලට කෙල්ලට කෙදිරිත් ගෑවුනා…..
වේදනාව කඳුළු වලින් පිට කලත් විසිනි ඒකටත් බයෙන් හිටියෙ ආශි බනියි කියල…..
කෙල්ල යටින් ඇස් කරකවල බැලුව ආශි තාම බලාගෙන ඉන්නවද කියල…..
වෙනසක්නෑ ඒ ඇස් තාම කේන්තියෙන් දිළිසෙනව මදිවට කෙල්ලගෙ තුවාල දිහා බලාගෙන ඉන්නෙ යකෙක් වගේ……

බේත්දාල ඉවරවුනාට පස්සෙ කෙල්ලට ඔලුවෙන් දැනුනෙ ලොකු වේදනාවක් …..

හ්ම් ඇති යාන්තමට අලි බබාට බේත් දා ගත්ත …..

නර්ස් හිනාවෙලා යන්න ගියෙ බේත් පෙති වගේකුත් ආශි අතින්ම තියල……..

එයාවෑ ලෙඩා මමනෙ ලෙඩා මට එපැයි බේත් ටික දෙන්න ……
මට පේන්නෙ මේ නර්සුත් දැන් ගානට වැඩී වගේ…….
හිතාගෙන ඇති එයා ඉස්සරහ මට බැන්න නිසා මං එයාට බය ඇති කියල ඒ බය නෙමෙයි බිරිඳකට තමන්ගෙ ස්වාමිපුරුෂය ගැන තියෙන ගෞරවේ කියල ඒ ගොං මොලේට තේරෙන්නෙ නැතිහැටි……

විසිනි නර්ස් ගිය දිහාටත් ඔරව ඔරව ඉන්නකොට ආශි කෙල්ල දිහාවට වතුර වීදුරැවකුයි බේත් පෙතිටිකයි දික්කලා…..
ඒත් එක්කම කෙල්ල අප්පිරියාවෙන් අහක බලාගත්තෙ….

ආ බොනව….
මට බෑ බේත් දැක්කම වමනෙ යන්න එනව…..
එහෙම කියල හරියන්නෑනෙ තමුසෙ මේ ටික කොහොමහරි බොන්න එපෑ…..

ආ ගන්නව….
මට බෑ …..

ආශි කොච්චර පෙරත්ත කලින් විසිනිට බේත් දැක්කම ලොකු අප්පිරියාවක් දැනුනෙ……

කිව්වම අහල බොනව…..
මට බෑ කිව්වොත් බෑමයි…..

කෙල්ල බිම බලාගෙනම උත්තර දුන්නෙ දැන්නම් ආශිගෙ මූණ රාක්ෂයෙක්ගෙ වගේ ඇති කියල හිතිල…..

ඒ කියන්නෙ තමුසෙට බොන්න බැයිද මං මෙච්චර කියද්දිත්…..
මං මගේ ක්‍රමේට තමුසෙට මේක පොවන්නද…..

මං කිව්වනෙ අනේ මට අප්පිරියයි බේත් දකිද්දිත්…..
මට බෑ ඕව බොන්න දන් බේත් දාලනෙ තියෙන්නෙ මට හොදවෙයි…..

මේකිගෙ තියෙන මුරංඩුකම……
එහෙනම් මේ විදිහට බීල බලහං …..
මේව දුන්නෙ තමුසෙට බොන්න මිසක් මට බොන්න නෙමෙයිනෙ….

වතුර වීදුරුව ටේබල් එක උඩින් තිබ්බ ආශි කෙල්ලගෙ කට දෙපැත්තෙන් මිරිකල අල්ලපු පාරට විසිනිගෙ ඇස් වලිනුත් කඳුළු පැන්න…..

කෙල්ලගෙ කට මිරිකල කට ඇරවල බේත් පෙතිටික ඇතුලට දැම්ම…..

ආ බීපිය….

වතුර වීදුරුව තොල් ලඟට ලං කලාම විසිනි කඳුළු පෙර පෙර බේත් පෙතිටික ගිලල දැම්මෙ…..

දැන් සනීපද….
ඕක තමයි මං උබට කලින්ම කිව්වෙ…..

ඊට පස්සෙ සේලයින් බොතලේ අරගෙන එන නර්ස්ව දැක්කමනම් ලඟ හිටිය ආශිගෙ අත කෙල්ල තදකරල අල්ල ගත්තෙ…..

අනේ මට හුගාක් බයයි මහත්තයො…..
කෙල්ල ඇස්වල කඳුළු පුරෝගෙන කියද්දි ආශි කෙල්ල ලඟින්ම වාඩිවුනා……

කෝ මිස් අත දෙන්න මට …..

ඊලඟට වෙනදේ විසිනි හොදටම දන්න නිසා අත්දෙක අරගෙන පපුවට තුරැළු කරගත්තෙ….

කෙල්ලගෙ පපුවට ගුලිවෙලා තියෙන අත අරගෙන ආශි නර්ස් අතට දීල කෙල්ලව තදින්ම පපුවට තුරැළු කර ගත්ත….

හුඟ වෙලාවකින් දැනුන නැති ආශිගෙ උනුසුම කෙල්ලගෙ ගත දැවටෙද්දි කෙල්ල තව තවත් ආශිගෙ පපුවට ගුලිවුනා…..

නර්ස්ගෙ අතේ තියෙන අත කෙල්ලටත් නොදැනිම තද කරල අල්ලගත්ත ආශි කෙල්ලගෙ හිස අතගාද්දි කෙල්ලට හැමදේම අමතකවෙලා ගිය ගානයි…..

කඩියෙක් කනව වගේ රිදුමක් අතදිගේ යද්දි කෙල්ල අත ඇඳල ගන්න හැදුවත් ආශිගෙ හැඩිදැඩි අතට හිරවෙලා තිබුන ඒ අත හොල්ලන්නවත් බෑ ……
කෙල්ල කඳුළු පුරෝගෙන ආයිමත් අතදිහා බලද්දි නර්ස් කටුව ගහලත් ඉවරයි…..

හම්මෝ ලෙඩ්ඩුත් ඇවිල්ල තියෙන හැබැයි මේවගේ අමාරුකාරයෙක්නම් ඇවිල්ල නෑ….

නර්ස් හිනාවෙලා යද්දි ආශිගෙ පපුවට විසිනි තව තවත් ගුලිවෙන්න හදද්දි ආශි හැදුවෙ විසිනිව ඈත් කරල නැගිටල යන්න…..

මං නිසා නැති වුනත් ඔයාගෙ ලැබෙන්න ඉන්න දරැව ගැන හිතලහරි මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න මහත්තයො….
මං දන්නව ඔයාට දැන් මාව ඕන්නෑ කියල…..
ඒකට කමක්නෑ මට ටික වෙලාවක් ඉන්න දෙන්න ….

මං කියනදේ අහන්න බැරි ගෑනියෙක්ව මට කොහොමත් ඕන්නෑ තමයි……
මෙච්චරවෙලා විසිනිගෙ ඔලුව අතගෑව අත නතරවෙද්දි කෙල්ල බැලුවෙ ආශිගෙ මූණ දිහා……

පුදුමයක් නෑ ඒ මූණ කේන්තියෙන් රතුවෙලා…..
ආශි නැගිටල යන්න හදද්දි කෙල්ල තද කරල අාශිව අල්ලගත්තෙ….

පිං සිද්ධවෙයි මාව ඔයාගෙන් මේ විදිහට ඈත් කරන්න එපා මට මේ විදිහට ටික වෙලාවකට විතරක් ඉන්න දෙන්න මහත්තයො……

කෙල්ල අඬ අඬා ආශිගෙ පපුවට තුරුළු වුනත් ආශිගෙ උනුසුම් දෑත්නම් කෙල්ලගෙ ඇඟ වටේ වෙලුනෙනෑ …..

විසිනිට එහෙමම නින්ද ගියාට පස්සෙ අාශි ⁣කෝල් එකක් අරගෙන මාමට කතා කරල විසිනිගෙ තනියට මාමව නවත්තල රෝහල් කොරිඩෝව දිගේ ඉදිරියට ගියෙ අයි.සී.යූ
එක තිබුන දිහාවට……

අයි.සී.යූ එකේ දොරෙන් බලාගෙන හිටියෙ ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් හයියෙන් හුස්ම ගන්න විදිහ……
ආශිගෙ දෙනෙතින් කඳුළු කඩාගෙන වැටෙද්දි දෑත් මිට මෙලවුනේ කේන්තිය ඇට ලේ මස් නහරවලට පවා දැනිල රිදුම් දෙද්දි…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *