…..හිරූගෙන්……~~~ පිනි වරුසා 53 ~~~

හොද නින්දක් නිදාගෙන දෑස් පොඩිකර කර නැඟිටිද්දි ආශි කෙල්ල දිහාම බලාගෙන සෝෆා එකට වෙලා වාඩිවෙලා හිටියෙ….

කෙල්ල ආශිව දැක්ක කියල තේරුනාම ආශි රවල අහක බලාගත්ත…..

මේ නපුරගෙ තියෙන නපුරුකම විතරක්….
කොච්චර හිත තදකරගෙන ඉන්න හැදුවත් මං දන්නව ඔයා මට ගොඩක් ආදරෙයි කියල….

බලමුකෝ මෙයා කොහොමද මගේ දැලේ පැටලෙන්නෙ නැතිව ඉන්නෙ කියල…..

ආ..ව්….
ම..හ..ත්..ත..යො….
ඉන්න බෑ මගෙ ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් දැනෙනව….
අ..ම්..මා….

කෙල්ල කඳුළු පුරෝගෙන නලල පොඩිකර පොඩිකර කෙදිරි ගාද්දි ආශි කෙල්ලගෙ ලඟට ගියා නෙමෙයි විද්ද…..

ආශි කෙල්ලගෙ ලඟට ඇවිත් වාඩිවෙලා කෙල්ලගෙ ඔළුව අතගාද්දි හාන්සිවෙලා හිටිය කෙල්ල නැඟිටල හයියෙන්ම ආශිව බදාගත්ත….

මට ඒත් හිතුන ගානට වැඩිය ඇඹරෙද්දි උබ ඔය කරන්නෙ බොරුවක් කියල…..
උබට මාව දැන් පේන්නෙ විහිලුවක් වගේද යකෝ….

බොරුවට අඬපු කෙල්ලට ඇත්තටම ඇඬුන….

මගේ මහත්තය ලඟට වෙලා ඉන්න ආස කරන එක මං කරන වැරුද්දක්ද මහත්තයො……
මට ඔයාගෙ පපුවට තුරැළු ඉන්න හුඟාක් ආස හිතෙනව මහත්තයො…..
ඇයි මාව මේතරම්ම ඔයාගෙන් ඈත් කරන්නෙ රත්තරනේ……
ඒකයි මං බොරුවක් කරල හරි ඔයාව මගෙ ලඟට ගෙන්න ගත්තෙ…..

උබ මට බොරු කරල මාව ගෙන්න ගන්න ඕනෙ නෑ යකෝ මමම පිස්සෙක් වගේ අවෙනෙ කාලයක් …..
ඒකාලෙ උබට මාව වඳයක් වුනානෙ…..
මං කට කැඩෙනකම්ම කිව්වනෙ උබට මං නැතිව එලියට බහින්න හිතන්නවත් එපා කියල කෝ උබ ඇහුවද මං කියපුදේ……

මං අහනව මහත්තයො ඔයා කියනදේ….
ඒත් මගෙ මහත්තයට වෙඩි තියල හංදියට ගෙනත්දාල තියෙනව තාමත් පන අදිනව ඉක්මනට ඇවිත් හොස්පිටල් අරගෙන යන්න කිව්වාම මට පුලුවන් ද මුකුත් නොවුණු ගානට ගෙදරට වෙලා ඉන්න…..
එහෙම කරන්න මට බෑ මහත්තයො කවදාවත් …….
පොඩ්ඩක් පපුවට තට්ටු කරල අහන්න මගේ තැන හිටියනම් ඔයත් කරන්නෙ ඒක නෙමෙයිද කියල…..
මං ඔයාට ගොඩාක් අාදරෙයි සුදු මහත්තයො…..

කෙල්ල ආශිගෙ කම්බුලක් සිප ගන්න හදද්දි අාශි කෙල්ලව නැවැත්තුව……

ආදරෙයි ……
හ්ම් ආදරෙයි උබේ බම්බුවෙ ආදරේ යකෝ….
මං උබ ගැනත් බලාගන්නෙ දරුවට එහෙම මොනවහරි වෙලා තිබුනනම් තමයි…..

ඔයාට එච්චරම ද ඕනෙ මහත්තයො මගෙන් ඔයාගෙ දරුව විතරද ඕනෙ. එතකොට මං
මං ඔයාගෙ දරුව බිහිකරල දෙන නිකම්ම නිකම් ගෑනියෙක් විතරද…..
ඔයාට මාව ඕනෙ නැද්ද දැන්….
මං දැන් ඔයාගෙ කව්රැවත් නෙමෙයිද….
එතකොට ඔයා මට ආදරෙයි කිව්වෙ ⁣බොරුවටද දෙයියනේ…..

ඒක තමුසෙට තේරෙන්න ඇතිනෙ. මං තමුසෙට ඇත්තටම ආදරේ කලාද නැද්ද කියල …..

ඔව් මහත්තයො මට ඇත්තටම ඔයා ආදරෙයි කියල දැනෙනව…..
මගේ හිත ඔයාගෙ පස්සෙන්ම පන්නද්දි ඔයා මාව තව තවත් ඈත් කරනවනෙ…..

කියනදේ අහන්නැති ගෑනු මට එපා…..

ආශි අහක බලාගෙන කියද්දි කෙල්ලට තේරුනා කලින් තරමටම දැන් ආශිගෙ මූණෙ තරහක් ගෑවිලා නෑ කියල…

ඔයා හිතාගෙන ඉන්නෙ මං කවුරු කියලද….
අමතකද මං ආශිගෙ ගෑනි කියල….
ඔයාට කේන්ති යනවනම් මට ඒකෙන් බාගයක්වත් ලැබෙන්න එපැයි……

ආශිට මුකුත් හිතාගන්නවත් ඉඩ නොතිය විසිනි ආශිගෙ දෙතොල් හයියෙන් හපාකෑව….
ආශි විසිනිව ඈත් කරන්න හදද්දි කෙල්ල තව තවත් දත්ටික තදකලා…..
ඒත් වැඩිවෙලා යන්න කලින් ආශි කෙල්ලගෙ කට දෙපැත්ත තද කරල මිරිකපු පාරට කෙල්ලගෙ කට නිකම්ම ඇරුන…..

අයින්වෙයං යකෝ උබ ගෑනියෙක් කියලයි මං කලින් හිතාගෙන හිටියෙ දැන් බලාගෙන ගියාම උබ යකින්නකටත් අන්තයි…..

ආශිගෙ තොල ලේ පාට වෙලා පැත්තකින් ලේ චුට්ටක් මතුවෙලා තියෙනව දැක්කහමනම් කෙල්ලටත් දුක හිතුන….

යකින්නියො උනත් තමන්ගේ මිනිහගෙ මස් කන්න දඟලන්නෙ නැතිව ඇති තමුසෙ වගේ……

තමන්ගේ මහත්තය ඔහොම නරක් වෙනකොට ගෑනුන්ටත් දරුනු වෙන්න වෙනව තමා ඔය විදිහට …..

මං උබට මේකෙ රිටන් එක දෙන්නම් දැන්ම නෙමෙයි මගෙ පැටිය ඉපදුනාට පස්සෙ…..

ඇයි පස්සෙ……

මට උබට දැම්ම එහෙම කරන්න බෑ එහෙම උනොත් මගෙ පැටියටත් රිදෙයි…..

ආශි මුකුත් කියන්න කලින් විසිනි හයියෙන්ම ආශිගෙ උරහිසට උඩින් අත් දාල ආශිට තුරැළු වුනා…..

තමුසෙ ඔය හදන්නේ මගෙ උරෙස්සත් කන්නද…..

ආශිගෙ උරහිස් වලට දැනුනෙ කඳුළුවල රස්නයක්…..

මට ඇත්තටම ගොඩාක් සතුටුයි මහත්තයො අපේ පැටියට මේතරමටම ආදරේ කරන තාත්ත කෙනෙක් හම්බවෙනවට…..
ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම තාත්ති වෙන්නෙ……..

ඒත් මට ඔය ආදරෙන් චුට්ටක්වත් දෙන්න බැයිද මහත්තයො……

කෙල්ල අඬ අඬා කියද්දි ආශිගෙ දරදඬු දෑතුත් වැඩිවෙලා යන්න කලින් කෙල්ලගෙ ඉනවටේ තදවුනේ කෙල්ලට දරාගන්න බැරිතරමට වේදනාවකුත් අරගෙන….
හයියෙන් හුස්මක් අරගෙන පිටකරන ගමං තව තවත් ආශි කෙල්ලව තුරැළු කරගත්ත….

ඒත් කවුරුහරි උගුර පාදනව වගේ ඇහෙද්දි කෙල්ල ගැස්සිල ආශිගෙන් අයින් වෙන්න හැදුවත් ආශිටනම් ඇහිලවත් නැද්ද කොහෙද……
බැරිමතැන කෙල්ල දෙතුන්පාරක්ම ආශිව හෙල්ලුවට පස්සෙයි ආශිත් ගැස්සිලා වගේ හොද සිහියට ආවෙ……

අම්ම ඇවිල්ල දොර ලඟට වෙලා හිනාවෙලා අහක බලාගෙන ඉන්නව දැකල ආශි නැඟිට්ට පාර රෑම් එකෙනුත් ගිහිනුයි නැවතුනේ….

කොහොමද සුදූ දැන් ඔයාට…..
මට දැන් හොඳයි අම්ම…
මං පැය දෙකකට විතර කලින් ඇවිල්ල ගියෙත් දූට හොඳටම නින්ද ගිහින් තිබුනෙ ඉතිං මං දූට ඇහැරෙව්වෙ නෑ……

අම්ම ඔයාට කොහොමද දැන් ඔළුව රිදෙනවද අම්ම……

කෙල්ල කඳුළු පුරෝගන්න ගමං අම්මගෙ ඔලුව හිමිහිට අල්ල අල්ල ඇහුවෙ…..

මට එච්චරම අමාරැවක් නෑ දූ…..
මට සිහිය එනකොට මගෙ කෙල්ල ලඟ නෑ කියල දකිද්දි මගෙ පපුව රිදුන තරමක් රත්තරනේ…….
මගෙ කෙල්ලට කරදරයක් වුනානම් එහෙම මටත් ජීවත් වෙලා වැඩක්නෑ දෙයියනේ……
දෙයියන්ගෙ පිහිටිටෙන් මගෙ කෙල්ලට දැන් හොදයිනෙ ඉතිං…….

මං හොදින් ඉන්නවනෙ අම්ම ඒත් මේ මොකද හොදටම මූණ මැලවිලා තියෙන්නෙ…..
ආ එතකොට කෝ අපේ මෝඩ ජෝඩුව නිකමටවත් මාව බලන්න ආවෙ නෑ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්…..

අයියලට වැඩ දූ…..
ලොකු අයියට හොදටම වැඩ වැඩී මේදවස්වල …..
ගෙදර එන්නෙත් හොදටම රූ වෙලා…..
මහිමනම් දූ දන්නවනෙ එයා ගැන එක්සෑම් ලඟයි කියල ඔය රෑම් එකට වෙලා හුස්මක් කටක් නැතිව පාඩම් කරන්නෙ…..

මං එයාලත් එක්ක තරහයි අම්ම එයාලට මට වැඩිය එයාලගෙ වැඩ ලොකුවෙලා….

හරි හරි මං කියන්නම්කො ඉක්මනට ඇවිත් බලල යන්න කියල…..

හැබැයි එනකොට පලතුරු මල්ලක්වත් අරගෙන එන්න කියන්න …..
පරක්කුවුනාට පනිශ්මන්ට්…..

කෙල්ල හිනාවෙලා කියද්දි අම්ම අහක බලාගෙන හොරෙන් කඳුළු පිහදාගත්තෙ කෙල්ල දකී කියල බයෙන්…..

Likes ,comments වලට thanks යාලුවනේ මට අද වැඩිය ලියන්න හම්බුන්නෑ වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ…..
ඔක්කොම සමාව භාජනේකට දාල යන්න හොදේ……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *