…..හිරූගෙන්……~~~ පිනි වරුසා 58 ~~~

අදින් පස්සෙ උබේ බැල්මක් තියා හෙවනැල්ලක්වත් කිසිම අහිංසකයෙක්ට වැටෙන්න දෙන්නෑ මම…..
අදින් උබේ කතාව ඉවරයක් කරල දානව…
මං මෙච්චරකාලයක් ජීවත්වුනේ උබෙන් පලිගන්න මගේ ජීවිතේ එකම අරමුණ වුනේ උබ…..

උබ නිසා මට මගෙ ජීවිතේම නැතිවුණා….
සතුට කියනදේ මගෙ ජීවිතේට හීනයක් වෙලා ගියා…..
ඒත් තවත් මට විඳවන්න බෑ…..
මාත් කැමතී ජීවිතේ විඳවන්නෙ නැතිව විඳින්න….

මට,පොඩි කෙල්ලන්ට ,කොල්ලන්ට සැනසීමෙන් හෙටක් ගැන හිතන්න පුලුවන් උබ නැතිවුනොත් විතරයි…..
ඒ නිසා අපිට සැනසීමක් දීල පලයං යන්න…..

ආශි අතේ තිබුන පිහියෙන් සේනාධීරට ඇනගෙන ඇනගෙන ගියේ සේනාධීර හයියෙන් කෑ ගහද්දි…..

ඇති පොඩි එකෝ ඕක නවත්තපං දැන් ඕක මැරිල දැන් ගොඩක්වෙලා……

ආශි පිස්සෙක් වගේ වියරු වැටුන කේන්තියකින් තාමත් පිහියෙන් අනින අත හයියෙන් අල්ලගෙන මාම කිව්වෙ…..

ඕක මැරිල බං ඉන්නෙ…..
දැන් ඕක නවත්තපං……

එතකොටයි ආශිට සිහිකල්පනාව ලැබුනෙ….

සේනාධීරගෙ ඉනෙන් අල්ලගෙන හිටිය අත අතඅරිනවත් එක්කම සේනාධීරගෙ පනනැති සිරුර බිමට ඇදගෙන වැටුන…..

ඒත් එක්කම ආශි දැක්ක දොර ලග වෙඩිවැදිල වැටිල හිටිය දෙතුන්දෙනෙක්ම…..

මුං ඇවිල්ල ගේම ඉල්ලුවනෙ…..
ඉතිං මුංටත් බොසා ලඟටම යන්න වුනා……

අපි යමං කොල්ලො…..

මාම ආශිගෙ අතට පිස්ටල් එක දෙන ගමං කිව්වෙ……

ආශිට දැනුනෙ ලොකු හිසරදයක්…..
ඉවසන්නම බැරිතැන ඔළුව තදකරල මිරික ගත්තත් ආශි මාමට අමාරැ බවක් පෙන්නන්න ගියෙ නෑ ……

දෙන්නත් එක්ක එලියට එනකොට මාමගෙ ටීම් එක ගොඩක් දුරට තත්වය පාලනේ කරල තිබුනෙ…..
ඒත් ආශිගෙ අතින් වෙඩි කාල මැරෙන්න දෙතුන්දෙනෙක්ටම සිද්ධ වුනා……

ආශි එලියට යන කොරිඩෝව ඉස්සරහට යනවත් එක්කම වේගෙන් දුවගෙන ආව මනුස්සයෙක් ආශිගෙ ඇඟේ හැප්පිල බිම ඇදගෙන වැටුන……

උබ දන්නව ද මේකට තමයි කියන්නෙ ඉල්ලගෙන කනව කියල……
කොහොමින් කොහොමහරි මං අබ්බගාතය හොයාගන්න කලින් අබ්බගාතය ඇවිල්ල මාව හොයා ගත්ත එහෙනම්……

ආශි කිව්වෙ බිම වැටිල ඉන්න සෝමෙට පයින් පාරක් ගහන ගමං…..

මං කැමතිනෑ අබ්බගාතයෙක් මරන්න…..
ඒත් මට වෙන කරන්න දෙයක්නෑ…..
උබ ඒ අයියගෙම මල්ලිනෙ ඉතිං…..
මං දැන් මේ ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා හිටිය හොදටම ඇති ……
උබව මං අතඇරියොත් එහෙම උබ ආයිමත් කට්ටිය සෙට් කරගෙන ඇවිත් මට මගෙ පවුලෙ අයට කරදර කරන්න පටන්ගනියි…..

උබලගෙ වදේ මං අද මෙතනින්ම ඉවරයක් කරනව…..

ආශි අතේ තිබුන පිස්ටල් එකෙන් සෝමෙගෙ පපු ප්‍රදේශයට වෙඩිතියන ගමං එතනින් යන්න ගියේ…..

………………………………………………………………

ආශි මාමත් එක්ක හොස්පිටල් එක ඇතුලට එනකොට කෙල්ලව අයි.සී.යූ අරගෙන තිබ්බ…..

තුවාල වලට බේත් දාගන්නෙවත් නැතිව ආශි ගියෙ කෙල්ලව බලන්න……

ඇතුලෙ ඉඳල එලියට එන ඩොක්ටර් ලඟට ආශි දුවගෙන ගියා……

ඕමයි ගෝඩ්….

මිස්ටර් මේ මොනව වෙලාද….
යන්න ඉක්මනටම මෙයාව ඇඩ්මිට් කරන්න….
මේ තාම ලේ යනව…..
නර්ස් නර්ස් හරියප්…..

මං ආවෙ ඇඩ්මිට් වෙන්න නෙමෙයි ඩොක්ටර් අර ඇතුලෙ ඉන්න ලෙඩාට කොහොමද දැන්…..

එතකොට ඔය මිස්ටර් කවුද ලෙඩාගෙ…..

ඒ මගෙ වයිෆ් ඩොක්ටර්….

එහෙමද …..
තවම මුකුත් හරියටම කියන්න බෑ ….
ඔයා බයවෙන්න එපා අපි එයා ලඟමයි ඉන්නෙ……
ඔයා ගිහින් ඇඩ්මිට් වෙන්නකො…..
මේක පොලිස් කේස් එකක් වගේ…..
අපිට පොලිසියටත් දන්වන්න වෙයිවගේ….

ඒගැන බය වෙන්න එපා ඩොක්ටර් මං පොලිසියෙ ඉන්නෙ මේ මගෙ අයිඩී එක…..
මං එහෙන් කෙරෙන්න ඕන හැමදේම කරන්නම්……

ඕ සොරි …..
හෙට නේද දිවුරුම් දීම……
ටීවී එකෙන් නම අහල තිබුනට කෙනා දැක්කට අඳුරගන්න බැරිවුනානෙ මිස්ටර් විජේමාන්න……

ඒකට කමක්නෑ ඩොක්ටර්……

ඉක්මනට මේ පේෂන්ව ඇඩ්මිට් කරන්න මිස්ටර් විජේමාන්න මේ පේනවනෙ තාම ලේයනව දැම්ම ඇඩ්මිට් කලේ නැත්නම් මොනවගේ සිටුවේෂන් එකක් ඇතිවෙයිද කියන්න බෑ ……

ඩොක්ටර් මට දැනගන්න දෙයක් තියෙනව….
එයා ප්රෙග්නට් වෙලා හිටියෙ බ..බා..ට
කො..හො..මද දැ..න්…..

ඔයාගෙ නම මොකද්ද ……

මං ආශි…..

මේකයි ආශි අපි මේවගේ වෙලාවට කඩාවැටිල හරියන්නෑ හිත ශක්තිමත් කර ගන්න ඕන….
සෝ සොරි මිස්ටර් ආශි …..
පේෂන්ව අරගෙන එනකොටත් බබා නැතිවෙලා හිටියෙ……

Likes ,comments වලට thanks යාලුවනේ …..
අද මං අසනීපෙන් ඉන්නෙ උන හැදිල ඒනිසා කතාව ටිකයි ටයිප් කරගන්න පුලුවන් වුනේ යාලුවනේ…..

අද කතාව ටිකයි කියල කව්රැවත් තරහ වෙන්න එපා හොදේ……

ආදරණීය යාලුවනේ අපේ සින්ඩරෙල්ලාට ( අංජු ) සහයෝගය දෙන්න. මේ ලින්ක් එකෙන් ගිහින් අංක 03 ( සසර තනුව) වොට් කරන්න.ස්තුතියි බුදුසරණයි හැමෝටම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *