….හිරූගෙන්……..~~~ පිනි වරුසා 59 ~~~

දරුනු කැක්කුමක් හිසට දැනෙද්දි ආශි එතනම බිම වාඩිවුනා ……
වේදනාව ඉවසගන්නම බැරිමතැන ඔළුව තදින් මිරික ගන්න ගමන්ම හිසකෙස් වලින් ඇදගත්ත……

උබ ඔයතරමට හිත හයිය නැති මිනිහෙක් නෙමෙයිනෙ මගෙ පුතේ……

හැමදේම දැන් ඉවරයක් වෙලා මාමෙ මගෙ දරු පැටිය මට නැත්වුනා…….

ආශිගෙ දෑස් වලින් කඳුළු කැට වැටෙද්දි මාමගෙ දෑසුත් කඳුලින් තෙත්වෙලා ගියා…..

ඉවර නෑ පොඩිපුතේ දැනුයි හැමදේම අළුතින් පටන්ගන්න ඕන…..
උබලට තිබුන හැම ප්‍රශ්නයක්ම අද ඉවර වුනානෙ…..
අද ඉඳන් අළුත් ජීවිතයක් පටන්ගනින්……

මගෙ දරුව නැති ජීවිතයක් ගැන මට හිතල වැඩක්නෑ මාමෙ……

උබලට තව ලමයෙක් හදාගන්න පුලුවන්නෙ…..
උබලගෙ වයස තාම එහෙම්මමයි……

කොච්චර ලමයි හදා ගත්තත් ඉස්ඉස්සරම ලැබෙන්න හිටිය මගෙ පැටිය මගෙ පලවෙනි දරුපැටිය මගෙ හීනෙ මට ආයිමත් ලැබෙන්නෙ නෑනෙ මාමෙ……

මං කොච්චර හීන මැවුවද මගෙ ජීවිතේ සතුට මාව දාල ගිහින් දෙයියනේ…..

ඔය ඇති බං……

ආශිගෙ හිසේ වේදනාව එන්න එන්න දරුනු වෙද්දි හයියෙන්ම තුවාලෙ මිරික ගත්තෙ හිතේ තිබුන වේදනාවට කේන්තියටත් එක්කම……

ඔය මුරංඩු නොවී යමං ඔය තුවාලෙ ඩොක්ටර්ට පෙන්නල එන්න……

ආශි ගියා නෙමෙයි මාම ආශිව බලෙන්ම ඇඳගෙන ගියා…..

………………………………………………………………

<<<මාස හයකට පසු>>>

විසිනි බැල්කනි එකට වෙලා මහ රෑ අහස දිහා බලාගෙන කල්පනා කෙරුවෙ ගෙවිල ගිය කාලෙ ගැනයි…..
තවමත් පුරුද්දට වගේ විසිනිටත් නොදැනිම විසිනිගෙ අත ගිහින් නතරවෙන්නෙ විසිනිගෙ කුසේ…..
ඒ වෙලාවටනම් කෙල්ල කොහාටහරි වෙලා ඉකි ගගහ ගොඩාක් වෙලා අඬනව…..

හැමදේම මට නැතිවෙලා ගියා දෙයියනේ මගෙ මුළු ජීවිතේම……
මගෙ දරු පැටිය යන්න ගියෙ මගෙ ජීවිතේ තිබුන,සතුට ,සැනසීම ,ආදරේ ඔක්කොමත් අරගෙන……
මගෙ මහත්තය මගෙන් හුගාක් දුරස්වෙලා ඈතට ගිහින් දැන්…..

එකඅතකින් ඒක හොදයි……
මොකද ශශී නිසා එයා දැන් තාත්ත කෙනෙක් වෙලා ඉන්නෙ……
මට දෙන්න බැරිවුන සතුට එයා ශශීගෙන් දැන් විඳිනව…..
මට මගෙ ජීවිතේ වැරදුන එකට කිසි දුකක්නෑ මගෙ මහත්තය හරි සතුටින් ඉන්නවනෙ……

ආශි උදේම ගෙදරින් පිටත්වුනාට පස්සෙ ආයිමත් එන්නෙ මහරෑට ඒත් කවමදාවත් කෙල්ල ඉස්සරහට ආවෙනෑ …….

⁣විසිනි කල්පනා කර කර ඉන්නකොට තමයි ආශිගෙ කා එක ගේට් එකෙන් ඇතුලට දැම්මෙ……

ශශීයි දරුවයි බලන්න යනව ඇත්තෙ උදේන්ම ගිහින් දවසම ශශී ලඟට වෙලා ඉඳල එනව ඇත්තෙ…..
දැන් බයික් එකේ නෙමෙයි කා එකේ අපරාදෙ කියන්න බෑ ශශී කා එකකුත් අරගෙන දීල ……
මාත් එක්ක හිටියනම් ඔය මුකුත්ම එයාට ලැබෙන්නෑනෙ…….

මේ ටිකට වුන හොද දේවල් තමයි මහිමගෙ තාත්ත පොලිස්පති තනතුරේ දිවුරුම් දීපු එක……

ඒකනිසා එදා වුන සිද්ධිය වගේම ආශිට තිබුන පරණ නඩුහබ සේරම නැතිවෙලා ගියා…..

ආ ඒවගේම මෙතුම් දැන් ප්‍රේම වන්තයෙක්……
වැඩක් පලක් කරගන්න බැරිව හිටිය දවස්වල මෙතුම් ඔෆිස් එකේ වැඩ කරගන්න ලේසියට සෙකට්රි කෙනෙක් ගත්තනෙ…..
ඉතිං එයා ඒකෙන්ම ගොඩ ගියා…..

මහිමනම් පෙරේතය වගේ විසිනිගෙ යාළුව සසිනි පස්සෙන් යනව ඒත් තාම යාළු කරගන්න පුලුවන් වුනේනෑ ……

මේ දවස්වල කට්ටියම බරටම මෙතුම්ගෙ වෙඩින් එකට ලෑස්ති වෙනව……

හැමදාම ගෙදර ආවට පස්සෙ ආශි වොශ් එකක් දාගෙන පුරුද්දට වගේ හැමදාම නිදාගන්න කලින් බැල්කනි එකට වෙලා ටිකවෙලාවක් ඔහේ කල්පනාවක් දාගෙන වාඩිවෙලා ඉන්නව……

කලිසමේ සාක්කුවෙ අත් දෙකම දාගෙන බැල්කනි එක දිහාවට එනකොටම ආශි දැක්ක විසිනිට හාන්සි පුටුව උඩම නින්ද ගිහින් තියෙනව…..

කෙල්ලගෙ මූණ දැන් ආයිමත් ටිකක් එලිය වැටිල…..
ගෙවිල ගිය මාස ටිකේම කලේ කාඹරේට වෙලා අඬ අඬා හිටිය එකමයි…..
ඒනිසාම කෙල්ල හොදටම ඇදිල ගිහින් ගොඩාක් කෙට්ටුවෙලා ලෙඩ පාටට හිටියෙ….

කෙල්ලගෙ මූණ දැක්කම ආශිට හිතුන විසිනි දැන් ටිකක් හිත හදාගෙන කියල……

ආශි හිමිහිට ගිහින් කෙල්ල නිදාගෙන හිටිය පුටුව ඉස්සරහින් බැම්මේ වාඩිවුනා……

අපේ දරුව හිටියනම් මෙලහකට ඔය බඩගෙඩිය තමුසෙට උස්ස ගන්නවත් බැරිතරමට ලොකුවෙලා තියෙයි සුදූ ……
එහෙනම් හෙට අනිද්ද වෙනකොට මට මගෙ දරුපැටියගෙ මූනත් දකින්න තිබුන….
මේ අත් දෙකට අරගෙන හුරතල් බලන්නත් තිබුන…..
එහෙනම් හෙට අනිද්ද වෙනකොට පුංචි කෙලිපැටියෙක්ගෙ තාත්ත කෙනෙක් මං……

තමුසෙ නොදන්නව වුනාට මං දැනගත්ත අපිට ලැබෙන්න හිටියෙ දෝනියෙක් සුදූ…..
හිටියනම් හරියට තමුසෙ වගේම අහංකාර වෙයි…..

ඒත් අපිට දෝනිව නැතිවුනේ වැඩි හරියක්ම තමුසෙගෙ තිබුන මුරංඩුකම නිසයි…..
මට මගෙ දරුව නැතිකලේ තමුසෙගෙ මුරංඩුකම…..

ආශි ගොඩක්වෙලා කෙල්ල දිහා බලාගෙන ඉඳල ආයිමත් අහස දිහා බලාගෙන හිටියෙ පරණ තුවාලෙ පෑරෙන කොට දැනෙන දුක වැඩි නිසාමයි…….

අාශි රෑම් එකට යන්න හැදුවත් කෙල්ල මෙහෙම දාල යන්න හිත දුන්නෙ නෑ…..
ඒකනිසා විසිනි ලඟට ගිහින් කෙල්ලව වඩාගෙන රෑම් එකෙන් ගිහින් තිබ්බ…….

හුඟ කාලෙකට පස්සෙ කෙල්ලගෙ සුවඳ දැනෙද්දි ආශිට හිතුනෙම කෙල්ලට තුරුල්වෙලා නිදාගන්න……
ඒත් කෙල්ලගෙ ප්‍රතිචාරය මොනවගේ වෙයිද කියල දන්න නිසා ආශි හයියෙන් හුස්මක් හෙලල යන්න ගියා…..

පහුවෙදා ඇහැරෙද්දි සුපුරුදු පරිදි ආශි යන්නත් ගිහින් ……
ආශි උදේ හය විතර වෙද්දි ගෙදරින් යනව….
ආයිමත් එන්නෙ දහයත් පහුවෙලා……

ඒකනිසා ආශිව ගොඩක් වෙලාවට කෙල්ල දකින්නෙවත් නැතිතරම් ආශි හිටියත් කෙල්ල ආශිව මඟ අරිනව……

ඒත් ආශි එනකම්ම තාමත් කෙල්ල නිදි නැතිව ඇහැරිලා බලාගෙන ඉන්නව…..
ඒ පුරුද්දනම් තාමත් එහෙම්මම තියෙනව…

කෙල්ල නැඟිට්ට වෙලාවෙ ඉඳන්ම කල්පනා කෙරුවෙ ඊයෙ රෑ රෑම් එකට ආවෙ කොහොමද කියල……

මෙතුම් අයිය දැකල අරගෙන යන්න ඇති….

මූණ කට හෝදගෙන පහලට එද්දි අර ජෝඩුව ටීවී බලනව…….

ඒයි සුදූ තමුසෙත් එනව අද ගමනක් යන්න….

කොහෙද…..

මෙතුම් එක්ක මහිම ටීවී බලන තැනට ගිහින් විසිනි මෙතුම් ලගින් වාඩිවුනා…….

අපි අද වෙන්ඩ නෑනත් එක්ක ෂොපිං යනව…..

අනේ මට බෑ ඔයාල ගිහින් එන්න…..

බෑ නෙමෙයි සුදූ ලෑස්ති වෙනව දවල්ට…..
ගෑනුන්ට අරගෙන දෙන්න කලින් මට මගෙ චූටි නංගිට අරගෙන දෙන්න ඕනෙ……

මේ බලපල්ලකො උබට අනාගත බිරිඳට එහෙම ඇහුනනම් ඔය කතා කන්න වෙනව ගමකට…….

විහිලු නෙමෙයි බං…..
හැමදාම මේකි මගෙ චූටි නංගි තමයි ඒක කවදාවත් වෙනස් වෙන්නෑ……
මං කසාද බදින්නෙ රිතූගෙන් මේ හැමදේටම පොරොන්දු අරගෙන තමයි….

පොරොන්දු ඒ මොනාද අයිය…..

අපි හැමදාම එකම ගෙදර ඉන්න ඕන සුදූ මේවගේම ගොඩාක් ආදරෙන් සමගියෙන්…..
අපේ පවුල වෙන්වෙලා යන්න හොදනෑ…..
ඒවගේම මගෙ නංගිට අම්මට මල්ලිට හොදින් සලකන කෙනෙක් වෙන්න ඕන….

කොටින්ම මගෙ පවුලෙ හැමෝටම හොද සහෝදරීයක් දුවෙක් වෙන්න ඕනෙ…
මොන ප්‍රශ්නයක් ඇතිවුනත් ඒ හැමදේටම එකාවගේ ඉන්න ඕන…….

ඒ හැමදේම මං එයාට කලින්ම කියල තියෙන්නෙ….
එයා මට පොරොන්දුවක් වුනා……
මං එයාට කියල තියෙන්නෙ ඒ පොරොන්දුව කැඩුව දවසට අපි දෙන්නගෙ සම්බන්ධෙ ඉවරයි කියල……
අපි ඔක්කොම හැමදාම මේ විදිහට එකට ඉන්න ඕන සුදු නංගි කවදාවත් වෙනස් වෙන්නෙ නැතිව…..

මෙතුම් කිව්වෙ විසිනිගෙ ඔළුව අතගාන ගමන්මයි…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *