…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 63 ~~~

වෙනදට උදේ පාන්දරින්ම ෂොප් එකට දුවන ආශි අද හතත් පහුවෙනකම්ම හොදට නිදි……

විසිනිගෙ ඇග උඩ තිබුන ආශිගෙ අත විසිනි අයින් කරන්න හදද්දි ආශිත් ඇහැරැනා…..

මේ මොකද…..
යනව යන්න අහකට…..

ආශිට තුරුල්වෙලා හිටිය කෙල්ලව ආශි ඈතට තල්ලුකලේ කේන්තියෙන්……

පොඩ්ඩක් ඉඩ දුන්නාම එනව මෙතන…..

ආශි කේන්තියෙන් කෑ ගහද්දි විසිනිගෙ ඇස් වලට පිරුනු කඳුළු දෙකම්මුල් දිගේ බේරුනා…..

කොයිවෙලේ බැලුවත් ටැප් එක ඇරගෙන…..

තමුසෙට වෙන වැඩක් නැද්ද මගෙ ඇගේ එල්ලෙන එකයි අඬන එකයි ඇරෙන්න…..

මොකද්ද කිව්වෙ මං ඇඟේ එල්ලුනාද එතකොට…..
මං කිව්වෙ නෑනෙ මාව රෑ අරගෙන එන්න කියල…..
අනික අමතක වුනාද මමයි කසාද ගෑනි කියල…..

ඔව් ඉතිං ඕක ගෑනිට මතක්වෙන කොට මිනිහ ලෑස්තිවෙලා ඉන්න ඕන ගෑනු කරේ තියාගෙන පිලිගන්න…..

නැන්දගෙ දුව වෙච්චි උබව ගත්තට වැඩිය හොදයි මං අරැන්ගෙන් වෙඩි කෑවනම්…..

මොකද්ද කිව්වෙ……

ඇඳේ හාන්සිවෙලා හිටිය ආශිගෙ ඇඟට පැන්න කෙල්ල නියපොතු වලින් ආශිගෙ ඇග සූරද්දි ආශි කෙල්ලව ඇදෙන් බිමට තල්ලු කරල දැම්ම……

එහාට පලයං යන්න මල යස්සනී…..

කෙල්ල බිම වාඩිවෙලා හයියෙන් අඬද්දි ආශි කට කොනකින් හිනාවෙලා විසිනි ලඟට කිට්ටුවුනා…..

උබට අමතක වුනාද මං ආශි කියල…..
ආයිමත් මගෙත් එක්ක ජල්ලි අල්ලන්න ආවොත් ඊලඟ පාර මං උබව තල්ලු කරන්නෙ ඇඳෙන් නෙමෙයි මේ බැල්කනි එකෙන් පහලට……
ඒකනිසා මාත් එක්ක එල්⁣ලෙද්දි ටිකක් පරිස්සමෙන්……

ආශි බාත්රෑම් එකට ගියාට පස්සෙ විසිනි ආයිමත් ඇදට ඇවිල්ල නිදා ගත්ත…..
යාන්තමට ආයිමත් නින්ද යාගෙන එනකොට වතුර බිංදු මූණට වැටෙනව දැනෙද්දි විසිනි ගැස්සිල ඇහැරැනේ…..

මගෙ ගෑනි කියල මහ ලොකුවට කිව්ව නේද…..
ගෑනිනම් ගෑනි කියල තමුසෙ පෙන්නනවකො….
මිනිහ වැඩට යන්න කලින් කන්න හදල දෙන්නවත් තමුසෙ දන්නැද්ද……
යනව ගිහින් මට කන්න මොනවහරි හදනව…..
ආ ඊට කලින් හොද තේ එකක් දාගෙන එනව….

කන්න හදන්න මං දන්නවෑ දවල්වෙලා යනව කියල…..
අනික ඔයා ගෙදරින් කන එක නවත්තලනෙ හිටියෙ…..

අද මට ටිකක් නින්ද ගියා….
ඒකට කමක්නෑ දැන් හදනවකො….

ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ හිතේ සැනසීමෙන් ඊයෙ නිදාගත්ත නේද…..
ඒකයි ඔයාට හොදට නින්ද ගියෙ……

මගෙන් මොනවත් අහගන්නෙ නැතිව යනවද යන්න……
ආව මෙතන මඟුලක් කියන්න……

විසිනි යන්න යනව ආශි කන්නාඩියෙන් බලාගෙන හිටියෙ……

හ්ම් ඒ කතාවනම් ඇත්ත සුදු මැනික…..
හිතට සැනසීමක් දැනුන ගොඩාක් දවසකින්……

ආශි ඔරලෝසුව අතට දාගන්න ගමං කන්නාඩියෙන් පේන කෙල්ලගෙ රෑපෙ දිහා බලාගෙන හිතුවෙ……

කෙල්ල පහලට ඇවිල්ල අම්මත් එක්ක එකතුවෙලා ඉක්මනට කෑම ටිකක් හැදුව…..

කෝහේදෝ යන්න ලෑස්තිවෙලා ආපු මහිම එක පාරටම කෙල්ල දිහා බලාගෙන හිනාවෙද්දි විසිනි අතේ තිබුන කැරට් ගෙඩියෙන් මහිමට දමල ගැහුව…..

ඒ..යි බ..ං……
හ්ම් වෙලාවට තොගෙ අතේ කැරට් අලේ තිබුනෙ බැරිවෙලාහරි පිහියක් ,මන්නයක් එහෙම තිබුනනම් එහෙම මෙතන මරණයක් වෙනව……

ඒයි සුදූ ඊයෙ නම් පුල් රොමෑන්ටික් නයිට් එකක් උබල ගහල තියෙන පාටයි……

ඒත් එක්කම අත් දිග ෂර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නම නමා පඩිපෙළ බහිමින් හිටිය ආශි දැක්කම මහිමගෙ හිනාව බකස් ගාල ආයිමත් එලියට පැන්න……

ආශි කන්න වගේ මහිම දිහා බැලුවෙ නහර පවා කේන්තියෙන් ඉලිප්පෙද්දි……

නැන්දම්මේ කොහිල තැම්බුවනම් ගේ⁣න්නෝ මට හොදටම මූලග්ගාය තදවෙලා තියෙන්නෙ අනේ……

කෑම මේසෙන් වාඩිවෙන ගමං මහිම කියද්දි කෙල්ල අමාරැවෙන් හිනාව තදකරගෙන හිටියෙ…..

හිරි ඇර ඇර නැගිටල ආව මෙතුම් ඈනුමකුත් අරින ගමං කෑම මේසෙන් වාඩිවුනේ…….

ශිකේයිය මූගෙ තියෙන මුස්පේන්තුකම…….
මොකද්ද බං ලොකු අයියෙ කෑම මේසෙදිවත් ටිකක් පිළිවෙලකට ඉදහංකො…..
උබගෙනම් මැනස් කියල නාමයක් ගෑවිලා නෑ……
මං දිහා බලලවත් ටිකක් හැදෙන්න බලපංකො…..

ආච්චිගෙ රෙද්ද…..
වෙන මිනිහෙක් කිව්වනම් මං ඇත්තටම පිලිගන්නව තලගොයෝ…..
තෝ වගේ මල පෙරේතයෙක් ඔය වගේ කතා කියද්දි…..
කියල වැඩක්නෑ ගෙම්බො මට තොට දෙන්න හිතෙනව මගෙ පනුවො කාපු දතක්……

ඒකනෙමෙයි මෙහාට වරෙන්කො ටිකක්…….

මහිම මෙතුම්ව හිමිහිට ලඟට අැඳල අරගෙන විසිනිගෙ තුවාල වෙච්ච තොලයි ආශිගෙ හීරිලා තිබුන බෙල්ලයි මෙතුම්ට පෙන්නුවාම මෙතුම්ගෙ හිනාව නවත්තගන්න බැරුව කකා හිටිය බත් කටත් හිස්මොල්ලෙ ගියා……

ලොකු අයියෙ ඕවටයි රොමෑන්ස් කියන්නෙ……
තෝ මදකිපිල වගේ හනිමුන් ගිහින් වන කරගන්නෙ නැතිව දන්න මිනිස්සුන්ගෙන් අහල ටිකක් ඉගෙන ගනිං……

ආශිගෙ මූණ ටික ටික කේන්තියෙන් වෙනස් වෙනකොට මහිම ඉක්මනට කතාව වෙන පැත්තකට හැරෙව්ව…….

ඒක නෙමෙයි ලොකු එකෝ කෝ අර ආව උබේ අසමජ්ජාති යාලුවො ටික…….

උන් ගියා බං……

මේ උදේ පාන්දර…….

දැන් මොන පාන්දරක්ද බං……
නමයත් කිට්ටුයි…..

උන් යනකොට තෝ හෙන ගහනව වගේ ගොර ඇද ඇද නිදි……

කට පරිස්සමෙන් කතා කරපිය ලොම්බො…..
උනුත් වැදගත් ලෝයස්ල මේ රටේ…….

අනේ තොපේ වැදගත්කම……
තොපි වැඩිහරියක්ම කියන්නෙ බොරුනෙ……
වංචාව ඇඟ පුරාම……

අනික තෝ….

තෝ දැනගං උබ මාව සවුත්තු කරල කතා කරාට යකෝ මං මෙච්චරකාලෙකට තාම එක නඩුවක්වත් පරාදවෙලා නෑ……

ඒක උබ හිතාගෙන ඉන්නෙ උබේ දක්ෂතාවය කියලද…….
අඩෝ කුණු ලෝගුව තෝ නඩුකාරයටත් පගාව දෙන මිනිහෙක්…..
තෝ නොදන්නව උනාට ඒක මේ මුළු රටම දන්නව…….
ලඟදිම තොට විරුද්ධව විශ්වාස බංගයක් ගේන්නත් යන්නෙ….

හිටපංකො යන්න හිටපු ගමන පැත්තකින් තියල මං වෙන්ඩ නෑනට තෝ ගැන පහදල දීල යමින් ගමං fcid යට පැමිණිල්ලකුත් දාගෙන යන්නෙ……

මහිමයි මෙතුනුයි විහිලු කර කර කෑම කන අතරෙ ආශි සද්ද නැතිව නැඟිටල යන්න ගියා……

මං කිව්ව කියල හිතාගනින් තෝ ඕකව අවුස්සගන්න ගිහින් කොයිවෙලේ හරි ගමකට කනව…..

දන්නවනෙ සේනාධීරය කාපු කෑම……
තරහ ගියාම ඕක ඔක්කොටම බෙදන්නෙ එකම හැන්දෙන්……

ආශි ගියාට පස්සෙ කෙල්ලත් ඇවිල්ල කෑම මේසෙන් වාඩි වුනා……

ඒක නෙමෙයි සුදූ උබේ කටට උනේ මොකද්ද බං ……

මොනා වෙන්නද මේ තියෙන්නෙ හොදට…..

පෙනේ පෙනේ හොදට තියෙන බව…….
කෝකටත් කියල අරූ එන්න කලින් ඉක්මනට ඕක හොදකර ගනිං……
අපරාදෙ කියන්නෙ ඌත් ඊයෙ හොද කොටි දෙනකට අහුවෙලා තිබුන පාටයි….

ඒකද මෙයාල මේතරම්ම අපිදිහා බලල හිනාවුනේ……
කේන්තියෙන් ගිය විදිහට ආපහු ආවම තියෙන තරහට මාව සම්බෝල කරයිද දන්නෑ…….

පිස්සු ……

පිස්සු තමයි බං …..
ඕව දැක්කම අපේ ලාමක හිත් තැලෙනෝනෙ……

ඒක නෙමෙයි සුදූ මල්ලිගෙ ඔෆිස් එකේ අයට කාඩ්ටික බෙදල එන්න පුුළුවන්ද ඔයාට…..

මට මේ ටිකේ වෙලාවක් නෑ ඕයි…..
අදම ගියත් කමක්නෑ…

හරි අයිය මං යන්නං……

මේ තමුසෙ කොහේ ගියත් කමක්නෑ…..
අර තමුසෙගෙ යාළුවගෙ ගෙදර යද්දි මටත් පොඩ්ඩක් කියනව ඈ…….

ඒ මොකටද…..

ඒ මොකටද අහන්නෙ…..
ඒ පැත්තෙ හොර හතුරො පිරිල තමුසෙ තනියම යනවන්න පුලුවන් යෑ……
අනික මං වගේ අයියෙක් තමුසෙට ඉන්නකොට තමුසෙ මොකටද තනියම යන්නෙ…….

අනේද කියන්නෙ……
මෙච්චරකල් නැති හොරු දැන් සසිනිගෙ ගෙවල් වටේටමයි කැරකෙනව ඇත්තෙ…….

Likes ,comments වලට thanks යාලුවනේ….. 

6 Comments

  1. 귀하의 플랫폼은 저에게 깨달음의 등불이었습니다. 귀중한 내용을 세심하게 정리해주셔서 감사합니다. 나는 더 많은 통찰력을 흡수하기 위해 다음 방문을 이미 기대하고 있습니다!

  2. أنابيب الضغط الخرسانية في العراق أنابيب الضغط الخرسانية في مصنع إيليت بايب مصممة لتحمل الضغط العالي وهي مثالية للتطبيقات الثقيلة في أنظمة توزيع المياه والصرف الصحي. تم تصنيع هذه الأنابيب بدقة، حيث توفر قوة لا مثيل لها وموثوقية، مما يجعل مصنع إيليت بايب الخيار الأفضل في العراق لحلول أنابيب الضغط الخرسانية. يضمن التزامنا بالتميز أن كل منتج يلتزم بأعلى معايير الجودة. تعرف على المزيد حول أنابيب الضغط الخرسانية لدينا من خلال زيارة elitepipeiraq.com.

  3. Bwer Company is a top supplier of weighbridge truck scales in Iraq, providing a complete range of solutions for accurate vehicle load measurement. Their services cover every aspect of truck scales, from truck scale installation and maintenance to calibration and repair. Bwer Company offers commercial truck scales, industrial truck scales, and axle weighbridge systems, tailored to meet the demands of heavy-duty applications. Bwer Company’s electronic truck scales and digital truck scales incorporate advanced technology, ensuring precise and reliable measurements. Their heavy-duty truck scales are engineered for rugged environments, making them suitable for industries such as logistics, agriculture, and construction. Whether you’re looking for truck scales for sale, rental, or lease, Bwer Company provides flexible options to match your needs, including truck scale parts, accessories, and software for enhanced performance. As trusted truck scale manufacturers, Bwer Company offers certified truck scale calibration services, ensuring compliance with industry standards. Their services include truck scale inspection, certification, and repair services, supporting the long-term reliability of your truck scale systems. With a team of experts, Bwer Company ensures seamless truck scale installation and maintenance, keeping your operations running smoothly. For more information on truck scale prices, installation costs, or to learn about their range of weighbridge truck scales and other products, visit Bwer Company’s website at bwerpipes.com.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *