……හිරූගෙන්…..~~~ පිනි වරුසා 64 ~~~

විසිනි වෙනදටත් වඩා හොදට ලෑස්තිවෙලා ආශිගෙ ෂොප් එකට යන්න ලෑස්තිවුනා…..
මෙතුම්ගෙ රෑම් එකට ගිහින් කාඩ් ටිකත් අරගෙන එන්න පිටත්වුනේ…..

එක්ස්කියුස්මී……

ෂොප් එක ඇතුලට ඇවිල්ල ආශිගෙ කැබින් එක පැත්තට යන්න හදද්දි රිසෙප්ශන් එකේ හිටිය ගෑනු ලමය කතා කලා….

ඇයි මිස්…..
මිස් කොහාටද යන්න හැදුවෙ…..

මං සර්ව හම්බෙන්න ආවෙ….
ආ..මේ… මට ඔයාලගෙ සර්ව හම්බෙන්න පුලුවන් ද ……

සෝ සොරි මිස් සර් දැන් මීටින් එකකනෙ ඉන්නෙ…..

කොච්චර වෙලාවක් යයිද ඒක ඉවරවෙන්න…..

ඒකනම් කියන්න බෑ මිස්……

එහෙනම් සර්ට කියන්න පුලුවන් ද එයාව හම්බවෙන්න විසිනි ඇවිල්ල ඉන්නව කියල….

හරි මිස් වාඩිවෙලා ඉන්න මං සර්ට ඉන්ෆෝම් කරන්නම්……

ඕකේ තෑන්ක්ස්……

විසිනි පැය බාගයක් විතර බලාගෙන ඉදල බැරිමතැන ආයිමත් අර ගෑනු ලමය ලඟට ගියා…..

මිස්….

මං දැන් පැය බාගෙකටත් වැඩිය බලාගෙන ඉන්නව.ඔයා සර්ට කිව්වෙ නැද්ද…..

මං සර්ට කිව්ව මිස් ඒත් සර් කිව්ව වැදගත් මීටින් එකක ඉන්නෙ කියල කවුරු ආවත් එවන්න එපා කියල…….

ඔහොම ටිකක් වාඩිවෙලා ඉන්න මිස් තව ටිකකින් මීටින් එක ඉවරවෙයි……

ටික වෙලාවක් යද්දි මීටින් එකේ හිටිය වගේ පෙනුන පිරිසක් ෂොප් එකෙන් එලියට යනව දැක්කට පස්සෙ විසිනි හිතුවෙ ආශි විසිනිට ඇතුලට කතා කරයි කියල……
ඒත් තවත් පැය බාගයක් විතර බලාගෙන ඉඳල බැරිමතැන කෙල්ල නැඟිට්ට…..

ඔයාලගෙ බොස් මොකද කිව්වෙ…..

ඉන්න මිස් මං සර්ගෙන් ආයිමත් අහන්න…..

සර් අර මිස් දැන් ගොඩක්වෙලා ඉඳල බලාගෙන ඉන්නෙ….
මිස්ට එන්න කියන්නද……

හරි සර් හරි ඕකේ….

මේකයි මිස්….
මේවෙලාවෙ සර් ලොකු වැඩක ඉන්නව කිව්වෙ……
තව විනාඩි හතලිස්පහකින් විතර ඇතුලට එවන්න කිව්ව…..

ඕකේ ෆයින්…..
එහෙනම් මේ කාඩ් ටික ඔයාලගෙ සර්ට දීල කියන්න එයාගෙ අයියගෙ වෙඩින් එකට ඔෆිස් එකේ අයට ඉන්වයිට් කරන්න කියල……

හරි මං යනව එහෙනම්…..

සොරි මිස්….
මිස් සර්ගෙ නංගිද…..

නෑ මං කවුද කියල ඔයාලගෙ බොස් හොදට දන්නව එයාගෙන්ම අහගන්නකො…..

විසිනි කේන්තියෙන් යන්න යනව ආශි හිනාවෙවී ජනේලෙන් බලාගෙන හිටියෙ….

බස් හෝල්ට් එකට ඇවිල්ල බස් එකක් එනකම් මග බලාගෙන ඉන්නකොටම ආශිගෙ කා එක කෙල්ල හිටගෙන හිටිය තැනට ඇවිල්ල නැවැත්තුව….

ආශි ෂටර් එක පාත්කරල කෙල්ලට නඟින්න කිව්වත් විසිනි නොදැක්ක ගානට අහක බලාගෙන හිටිය…..

කා එකෙන් බැහැල ආව ආශි හිටගෙන හිටිය විසිනිගෙ අතින් ඇදල අරගෙන කා එක ඇතුලට දාල දොර වැහුව……

තියෙන නපුරුකම විතරක්…..
කරන්න දන්නෙ නපුරුකම්ම විතරයි…..

මොකද ආවෙ…..

මං තමුසෙ පස්සෙන් ආව නෙමෙයි අද දවසට මගෙ වැඩ ඉවරයි ඉතිං මාත් ගෙදර යන්න එපෑ…….

ඉතිං …….
මාව මොකටද කා එකට දාගත්තෙ ගියපු විදිහටම මට ගෙදර යන්න පුලුවන්…..

ආසාවට…..

ආශි කේන්තියෙන් කියද්දි කෙල්ල කටවහ ගත්තෙ තව මොනවහරි කිව්වොත් ආශිට හොදටම කේන්ති යයි කියල….

⁣ගොඩ කාලෙකින් ආශි වේලාසනින් ගෙදර එනව දැක්කම හැමෝටම පුදුම හිතුන…..

අරකිගෙ වශිය වැඩකරල වගේ….

ඈත තියාම ආශිගෙ කා එක එනව දැකපු මහිම මෙතුම් අතේ තිබුන ටීවී එකේ රිමෝට් එක උදුර ගන්න ගමං කිව්වෙ…..

මං නොකිව්වයි කියන්න එපා ලොකු එකෝ තෝත් දැන දැනමයි අමාරුවෙ වැටෙන්නෙ…..

ගෑනියෙක්ට අහුවුනා කියන්නෙ ඉතිං මුළු ජීවිත කාලෙම හිරඅඩස්සියට වැටෙන එකට තමයි…..
බැඳල දවසක් යන්න කලින් තෝම මට කියයි තනිකඩ ජීවිතේ සැපක් කියල…..

බඳින්න දෙයක්නෑ බං මට ඒක දැන්ටම තේරිලා තියෙන්නෙ……

මො..ක..ද්.ද කි..ව්වෙ…..

එතකොටයිම ඉනට අත්දෙකත් තියාගෙන දොර ලග හිටගෙන රිතූ හිටියෙ …..

ඔය මං කිව්වෙ දැන් ඉතිං කාල වරෙන්කො…..

මෙතුම් මුනුමුනු ගගා මහිමගෙ කනට ලංවෙලා කියද්දි මහිම අමාරැවෙන් හිනාව තදකරගත්ත……

ආ ඩා..ලිං ⁣ ඔ..යා මෙ..හෙ……

ඔව් මෙහෙ තමයි…..

මාව සැලෝන් එකට එක්ක යන්න ලෑස්ති වෙන්න කියල මෙයා මෙතන කකුල් දෙකත් උඩින් තියාගෙන ටීවී බලනව…..

මං මං එහෙම දෙයක් කිව්වද ආ ආ කිව්ව තමයි…

මං පැයකටත් වඩා හෝල්ට් එකට වෙලා රස්ත්යාදු වෙවී හිටිය…..
වෙලාවට ආශි අයිය ආවෙ….

ඔයාට මට කෝල් එකක් දෙන්න තිබුනනෙ මැනික……
ම..ත..ක් වෙ..න්..නත් එ..ක්ක……

කෝල් තමයි…….
කෝල් දෙන්නත් පෝන් එක වැඩ කරන්න එපැයි……

ආ මට අමතක වුනානෙ ඕෆ්වෙලා තිබිල එහෙම්මම චාජ් ගැහුව……

එතකොටම විසිනිත් එක්ක ආශි දොරෙන් මතුවුනේ….

මෙතුම් ඉතිං දැන්වත් යන්න ලෑස්ති වෙන්නැද්ද මට ලේට් වෙනව…

හරි විනාඩි පහක් ඉන්නකො මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නං …….

මොනව කරන්නද අරූට තිබුන මොලේ මට තිබුනෙ නෑනෙ…..
යකෝ හොරෙන් බඳින එක හරි පැනල යන එකහරි බලාගෙන ගියාම දාහෙන් සම්පතක්නෙ…..

තොට බඩෙන් එලියට එන්න විතරයිනෙ හදිස්සිය තිබුනෙ……
අපරාදෙ කියන්න බෑ දෙයියනේ කියල තෝ ඒකටනම් ඉස්සර වුනා……
පොඩි අයිය දිහා බලලවත් හැදියම් තලගොයා….

මොකද අනේ මෙතුම් මහිම එක්ක කුටු කුටු ගගා ඉන්නෙ ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්නකො……

ඒගොල්ලන්ගෙ කෝලම් අක්කි එන්න යං අපි එතකං ගිහින් තේ එකක් බොමු……

විසිනි රිතූ එක්ක කුස්සිය පැත්තට යද්දි ආශි සද්ද නැතිව රෑම් එකට යන්න ගියා…..

………………………………………………………………

දවස් ගෙවිල ගියේ පුදුම වේගෙකින් දන්නෙම නැතිව මෙතුම්ලගෙ වෙඩින් එක කට ලඟටම ඇවිත්……

හෙට වෙඩින් එක තිබුනත් කෙල්ලට තාම හරියට ඇඳුමක් තෝරගන්න බැරිවුනා…..
තිබුන ඔක්කොම සාරි,ගවුම් සේරම ඇද උඩට අතඇරල ඔහේ ඒදිහා බලාගෙන හිටියෙ එකක්වත් හරියන්නෑ කියල හිතුන නිසා…..

සසිනිත් එක්ක ගිහින් වෙඩින් එකට අදින්න කියල ඇඳුම් දෙකක් ගෙනාවත් හොයල හොයල බැරිමතැන එකක් ගන්න ඕන නිසා ගෙනාව මිසක් කැමැත්තක් තිබුනෙ නෑ …….

ආ…..

කෙල්ල කම්බුලට අතකුත් තියාගෙන ඇඳුම් දිහා බලාගෙන කල්පනා කරනකොට ආශි පාර්සලයක් දික්කලේ…….

විසිනි එවෙලෙම පාර්සලය දිගඇරල බැලුවෙ
ආශිගෙ වෙනස්වීම ගැන හිතන ගමං…….

ඒකෙ ඇතුලෙ තිබුනෙ විසිනි එදා ආශිගෙ ෂොප් එකෙන් තෝරගත්ත ලෙහෙන්ග එකකුයි රතු පාටට හුරු සාරියකුයි……
සාරි ජැකටුත් මහල ඇතුලෙ තියෙනව දැක්කහම විසිනි පුදුමවෙලා ආශි හිටගෙන හිටිය තැන බැලුවෙ එතකොටත් ආශි යන්න ගිහින් ……..

නපුර නපුරුමත් නෑ එහෙනම්…….
මට තාමත් ගොඩක් ආදරේ පාටයි…….
මොනව වුනත් හොද චොයිස් එකක් තියෙනව……..

සසිනි මනමාලියන්ට අන්දන කෝස් එකක් කරල තිබුන නිසා සසිනි ලස්සනට විසිනිට ලෙහෙන්ග එක ඇන්දුව……

⁣දෙන්නත් එක්ක ලෑස්තිවෙලා ඉවරවෙලා අම්මව බලෙන් ඇදගෙන ඇවිල්ල විසිනි සසිනිට කියල බලේන්ම අම්මටත් පුංචියට මේකප් එකක් දැම්ම……

විසිනි යන්න හදද්දි සසිනි විසිනිගෙ අතින් ඇදල නැවැත්තුව……

පොඩ්ඩක් හිටපං……
උබේ ඇදුමට මැච්වෙන ලස්සන මලක් මං ලඟ තියෙනව…..

හ්ම් හරි…..
උබ මාරම ලස්සනයි විසිනියො…..
අදනම් උබේ මැරය උබව අල්ලගෙන ගිලියි……

කෙල්ල සසිනිත් එක්ක පහලට බහිද්දි විසිනිව ආශි දැක්කට පස්සෙ ආශිගෙ ඇස් ලොකුවෙනව දැක්ක සසිනි කෙල්ලගෙ අත අල්ලල කෙන්ත්තුව…..

එතකොටයි ඇත්තටම කෙල්ලත් මේ ලෝකෙට ආවෙ…..

ආශි ද කියල හිතාගන්න බැරිතරමටම ආශි පුදුම කඩවසම් බවක් තිබුනෙ…..
ආශිගෙ දිහාම බලාගෙන ආපු විසිනි පය පැටලිල වැටෙන්නත් ගියා…..

රිතූ වගේම මෙතුම් ගොඩාක් ලස්සනට හිටිය…..
මහිමනම් හිටියෙ ටිකක් හිත හොදකින් නෙමෙයි ඒකට හේත්තු වුනේ මහිම මෙතුම්ගෙ බෙස්ට්මන් කෙනෙක් විදිහට හිටිය නිසා මහිමටත් නිලමෙ ඇදුම අදින්න වුනා…….
මහිමගෙ අකමැත්තෙන් වුනත් කොහොමහරි මෙතුම් මහිමට ඇදුම අන්දවල තමයි පස්ස බැලුවෙ……

නිලමෙ ඇදුම් ඇදගෙන වුනත් කොල්ල නිකන්හිටියෙ නෑ මගුල පැත්තකින් තියල සසිනිගෙ හෙවනැල්ල වගේ සසිනි පස්සෙන්ම පැන්නුව මිසක්……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ……
ගොඩාක් අයගෙ හීනෙ හෙට හැබෑවෙන්න ඉඩ තියෙනව….
හී හී මම කියන්නෑ ඉතිං ඔයාලම හිතාගන්නකො….. 

2 Comments

  1. 잠시 시간을 내어 귀하의 뛰어난 콘텐츠에 대해 감사의 말씀을 전하고 싶었습니다. 귀하의 플랫폼은 제가 지식을 탐구하는 데 필수적인 도구가 되었으며 귀하가 제공하는 정보의 품질에 지속적으로 깊은 인상을 받았습니다. 당신이 하는 모든 일에 감사드립니다!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *