….හිරූගෙන්…….~~~ පිනි වරුසා 65 ~~~

ආශිගෙ හිතුවක්කාර දෑස් ආපු වෙලේ ඉදන්ම විසිනි පස්සෙන්ම පන්නද්දි විසිනි හිටියෙ හරිම ලැජ්ජාවෙන්……

මොකද බං උබේ මිනිහ ගිලින්න වගේ උබ දිහා බලාගෙනම ඉන්නෙ හරියට අද දැකල වගේ…..

එන්න එපා එයාට මිනිහ මිනිහ කියන්න…..
අනික එයා මං දිහා බලන්නෙ නැතිව වෙන කාදිහා බලන්නද……

මගෙ මහත්තයව පැත්තකින් තියමුකො…..
එතකොට උබ මොකද කියන්නෙ මහිම අයිය ගැන……
පව් බං…..
හිනා වෙලා විහිළුවෙන් හිටියට එයා ඇත්තටම උබට ආදරෙයි……

අනේ මන්ද බං…..
ආපුවෙලේ ඉදන්ම මගේ පස්සෙන්මයි…..
දැන් හැමෝටම ඒක නෝට් අැති……

ඇයි උබ මහිම අයියට කැමති නැද්ද……
හරි කැමති නෑනෙ එහෙනම් ඉදහන්කො මං ගිහින් කියල දාන්න……
එතකොට උබට ආයිමත් කරදර කරන්න එන එකක් නෑ……

විසිනි එහෙම කියද්දි ලස්සනට තිබුන සසිනිගෙ මූණ එකපාරටම වෙනස්වෙලා ගියා……

ඔය උබ අකමැතී කියල උබේ මූණ දැක්ක ගමන්ම මට තේරුනා…..
උබ අකමැතී කියල දැනගත්තාම ඒක දෙවනි මනමාලිට හරි ට්‍රයි කරල ඒකවත් සෙට් කරගන්නෙනැතෑ……

විසිනි කියද්දි සසිනිගෙ මූණ තිබුනටත් වඩා අවුල්වෙලා යනව දැක්කහම විසිනි අහක බලාගෙනම හොරෙන් හිනාවුනා……

ඉදහන්කො මං කියල එන්න……

විසිනි එතනින් යන්න හදද්දි සසිනි විසිනිගෙ අතින් ඇදල නැවැත්තුවෙ……

කැමතී……

මොකද්ද කිව්වෙ……

මං එයාට කැමතී කිව්වෙ……

ඔව් ඉතිං මොන ගොංවැස්සිද පොලිස්පති තාත්තගෙ හොදට ඉගෙනගෙන තියෙන එකම පුතාට අකමැති වෙන්නෙ…..

ඕන කෙනෙක් කැමතී මං උනත්……

එහෙම කැමැත්තක් ගැන නෙමෙයි මං කිව්වෙ…..

එහෙනම් මොකද්ද……

මගෙ හිතෙත් එයා ගැන ⁣දැන් ආ..ද..ර..ය..ක් ති..යෙ..න..ව…….

හ්ම් එහෙනම් කමක්නෑ එහෙම එනවනම් මගෙ අයියව දෙන්නම්කො ඉතිං……

කෙල්ල හිනාවෙලා සසිනිගෙ කම්බුල් දෙක මිරිකල සසනිව වැළඳගත්තෙ….

ඔහොම චුට්ටක් ඉන්නවකො මං උබේ කුමාරයව එවන්නං…..

අනේ විසිනි මට….
අනේ බං …..

ඉන්නව මලවදේ ඒකට මේක කියන්නත් එපැයි…..
මෙච්චරකල් පන්නපු පැන්නිල්ල මදෑ ඔය…..

මහිම අයිය ආන් තමුසෙගෙ මනමාලි එන්න කිව්ව……

මගෙ මොන මනමාලියක්ද බං……

ඇයි තමුසෙ පැණි පෙරාගෙන දැන් මාස ගානක ඉදන් පස්සෙන් පන්නන්නෙ එයා…..

ඈ ඔය අැත්තම ද බං……
මොකද වැඩේ සෙට් වෙන පාටක්ද තියෙන්නෙ……

ඒව මං දන්නෑ ඔයා ගිහින් කතා කරලම බලන්න……

උබ ඒකත් අහගෙන එන්නම එපෑ…..
හපෝ උබනම් නංගි උනාට කිසිම සපෝට් එකක් නෑ…..

සපෝට් කරන්න……
ඇයි මං දැන් පනිවිඩේ කියපු එකත් මදිද…..
මං යනව යන්න…..
ඔයාලට කොච්චරකලත් හොදක්නෑ…..

හරි හරි බං…..
විහිලුවක්නෙ කලේ…..
උබ ඉතිං මගේ සූකිරි කැටේනෙ…..
මමත් ඉතිං මෙහෙම ඉඳල හරියන්නෑනෙ බං ඊලඟට තියෙන්නෙ මගෙ නොම්මරේනෙ…..
දැම්මම හොයා ගත්තම තව ටික දවසකින් ගොඩ……

ඒකිව්වෙ මට තේරුන්නෑ…..
තෝත් ගොං ගහක්….
ලොකු එකා නාස්ලනුව දාගත්තනෙ අද ඉතිං මං කිව්වෙ ඊලඟට තියෙන්නෙ මගෙ නොම්මරේ කියල…..

ඒකද…..
කසාද බදින්න මෙයාට තියෙන ආසාවක්…..

ඔව් බං මේ තනිකඩ ජීවිතේ මට දැන් එපාවෙලා තියෙන්නෙ……
ආසයි විලංගු දාගන්න…..
මං සුට්ටක් විතර ගීන් එන්නං ඒ පැත්තට…..

හරි හරි අයිය…..
ඒකත් ජයසිරි මංගලම් ……

විසිනි මුළු හෝල් එක පුරාම හෙව්වෙ ආශිව…..
හැමතැනම බැලුවත් නැතිකොට හිතුවෙ පිරිමි ඩ්රින්ග්ස් ගන්න හරියෙ ඇති කියල……

විසිනි ගැහි ගැහී ඒ පැත්තට ගියේ ආශි බොන විදිහ හිතේ මව මවා …..

දෙයියනේ බීලද දන්නෑ…..
බොන්න ගියාම බ්රේක් නෑනෙ….
ඇයි ඉතිං වීදුරැවෙන් බොන මනුස්සයෙක් නෙමෙයිනෙ……
බෝතලේ පිටින්ම කටේ ගහගෙන බීගෙන බීගෙන යනව ඇති දැන්…….

ඇස්දෙක වටේටම කරකවල ආශි එතන හිටියෙ නෑ කියල දැනගත්තට පස්සෙයි කෙල්ලගෙ හිතට සැනසීමක් දැනුනෙ…..

කොහාට ගිහින්ද මන්ද……
ඔක්කොම ඉන්නකොට එයා විතරයි අඩු….
පව් තනියම කොහාටහරි වෙලා කල්පනා කරනවද දන්නෑ…..
එයා ඉතිං වැඩිය තමන්ගෙ අය එක්ක ගැවසෙන කතාබහ කරන විහිලු තහලු කරන කෙනෙක් නෙමෙයිනෙ…..

කෙල්ල ගාඩ්න් එක පුරාම එහේ මෙහේ ඇවිද ඇවිද ආශිව හෙව්වෙ ගාඩ්න් එකේ ලස්සනත් බලන ගමං…….

තමුසෙගෙ කපුකම ඉවරද…..
ඉව අල්ල අල්ල ඒගමන මාව හොයන්නෙ…..

කිසිම කෙනෙක් පේන්න නොහිටියත් එක පාර⁣ටම ආශිගෙ කටහඩ ඇහෙනකොට කෙල්ල ගැස්සිලා ගියා……

ලස්සනට වවල තිබුන මල් පදුරු හැමතැනම පිරිල තිබුන නිසා ආශි හරියටම කොහෙද කියල විසිනිට හොයා ගන්න බැරිවුනා….

ඇවිද ඇවිද හිමිහිට පඳුරු අස්සෙන් ගියත් විසිනිට ආශිව හොයාගන්න බෑ…..
ඒතියා අාශිගෙ කටහඬ ඇහුනෙ කොහෙන්ද කිවලවත් හිතාගන්න බැරිවුනා…….

පුංචියට හදල තිබුන ලස්සන පොකුනක් ලඟ ලී කොටේක වාඩිවෙලා හිටිය ආශි කෙල්ලගෙ අතකින් ඇදපු පාර කෙල්ල ගිහින් නතරවුනේ ආශිගෙ ඔඩොක්කුවේ…..

අම්මෝ තමුසෙගෙ තියෙන බර…..
මොනවද බං කන්නෙ ඔච්චරටම……

විසිනි උරහිසින් ආශි නිකට තියන ගමං ඇහුවෙ…..

ඔයා කන ඒවම තමයි…..

විසිනිගෙ මූණ ආශිගෙ පැත්තකට හරව ගත්ත ආශි ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතිව විසිනි දිහාම බලාගෙන ඉන්නකොට විසිනි ලැජ්ජාවෙන් බිම බලාගත්තෙ…..

කව්රැවත් වැඩිය ගැවසෙන්නෙ නැතිනිසා ඒ පැත්තම පාළුවට ගිහින් වගේ තිබුනෙ……

විසිනිගෙ කම්බුලක් ආශි හිමිහිට අතගාද්දි ඒ ගොරෝසු ස්පර්යෙන් විසිනිට රිදුනත් විසිනි ඒ බවක් ඇඟෙව්වෙනෑ……

කෙල්ලගෙ දිහාටම වැටුන ආශිගෙ බැල්ම එන්න එන්නම විසිනිගෙ මූණට ලංවෙනකොට විසිනිගෙ මුළු ඇඟම වෙවුලන්න ගත්ත……
ආශිගෙ දෙතොල් කෙල්ලගෙ බෙල්ල පුරාම ගිහින් දෙතොල් මතින් නතරවුනා…..
කෙල්ලව මුළු ඇගවම තද කරගෙන විනාඩි ගානකට පස්සෙයි විසිනිගෙ දෙතොල් අතඇරියෙත්……

විසිනිගෙ වේදනාවෙන් පුපුරැ ගහන දෙතොල් ආශි ඇඟිල්ලෙන් පිරිමදිද්දි ලැජ්ජාවෙන් විසිනි ආශිගෙ පපුවෙ මූණ හංගගද්දි ආශිටත් යාන්තමට හිනාවක් ගියා…..

ආශිගෙ අතක් විසිනි ඇඳගෙන හිටිය ඇදුම් අතරින් ගිහින් විසිනිගෙ ඉන හරියෙ නතරවෙන කොට විසිනිගෙ මුළු ඇඟම හිරිවැටිල ගියා……

ඒත් එක්කම ආශිටත් නොදැනිම විසිනිගෙ කුස අතගෑවෙන කොට ආශිගෙ මූණ දුකෙන් කේන්තියෙන් පිරිල ගියා…….

සුදූ දැන් තමුසෙ යනව අැතුලට මෙලහකට තමුසෙව අම්මල හොයනවත් ඇති…..

ඔයත් යමුකො…..
තනියම මෙහෙම ඉන්න එපා එන්නකො යන්න…..

මට ඔය එක එකා එක්ක බොරුවට පංපෝරි ගගහ කියවන්න බෑ……
තමුසෙ යනවකො මං පස්සෙ එන්නං ……..

ආශිගෙ ලඟින් නැගිටිනකොටයි විසිනි හරියටම ආශිගෙ මූණ දැක්කෙ……
ඒ මූණ කේන්තියෙන් පිම්බිල දෑස් රතුවෙලා තියෙනව දැක්කම ඇත්තටම කෙල්ලට බය හිතුන…..
විසිනි සද්ද නැතිව එතනින් එන්න ආවෙ තවත් මොනවහරි අහන්නහරි කියන්නහරි ගියොත් ආශිගෙ කේන්තිය පිටවුනාම නිකං හිත රිදව ගන්න වෙන නිසා…….

පිටත්වෙන වෙලාව ආවම සුපුරුදු පරිදි මනමාලි අඬන්න ගත්ත…..
මහිමත් මෙතුම්ව බදාගෙන බොරුවට ඇඬුවෙ හැමෝම හිනස්සන ගමං……

මනමාල ජෝඩුව මදුසමයට පිටවෙලා ගියහම ඇවිල්ල හිටිය නෑදෑයොත් එකා දෙන්න ගානෙ හෝටලෙන් යන්න ගියා…..

හෝටෙල් එකට ගෙනල්ල තිබුන බඩුත් හැමෝම එක්ක එකතුවෙලා ආයිමත් අහුරගෙන එහෙම ගෙදර එන්න ලෑස්ති වෙද්දි රෑ හතත් පහුවෙලා…..

හැමෝම එක්ක ගෙදර එන්න ලෑස්තිවෙලා එලියට ඇවිල්ල විසිනි හැමතැනම ආශිව බැලුව.ඒත් ආශි පේන්න හිටියෙ නෑ…
ඔක්කොම එක්ක යන්න හදද්දියි කෙල්ලට අතේ තිබුන පෝන් එක මතක්වුනේ…..

අම්ම මට පෝන් එක ඇතුලෙ රෑම් එකේ අමතක වුනා මං ඒක අරගෙන එන්නං…..

හා ඉක්මනට එන්න පුතේ….

විසිනි රෑම් එකට ඇවිත් පෝන් එක අතට ගද්දිම කරන්ටෙක නැතිවෙලා ගියා…..
එකපාරටම කවුරුහරි ඇවිල්ල විසිනිගෙ ඇස් දෙක බැදල කට තදකරල වහ ගද්දි විසිනි බයේ ගැහෙන්න ගත්ත…..
මේ පාරත් මොකක්හරි නපුරක් වෙයි කියල හිතෙනකොට විසිනිගෙ සිරුර අප්‍රාණික වෙලා බයටම සිහිනැතුව ඇදගෙන වැටුන…..

විසිනිට සිහිය එනකොට හිටියෙ කරුවල කාඹරේක දාල…..
තිබුන කරුවලට වගේම මොනව වෙයිද කියල හිතද්දිනම් කෙල්ලගෙ මුළු ඇඟම දහඩියෙන් තෙත්වෙලා ගියා……
ඇදේ ටික ටික කෙරෝලටම වෙලා ගුලිවෙලා හිටියෙ පුපුව ගැහෙන සද්දෙ එලියට ඇහෙන තරමට වේගවත් වෙද්දි…..

අනේ මහත්තයො මාව බේර⁣ගෙන යන්න….
මං හොදටම බයයි මේ කරුවලේ ඉන්න…..
ඉක්මනට එන්න මහත්තයො…..

කවුරුහරි කෙනෙක් ලඟ ලඟම එනව වගේ දැනෙද්දි සුපුරුදු සුවදක් කාඹරේ පුරාම දැනෙනකොට විසිනිගෙ ඇස්වලින් ගලාගෙන යන කඳුළු තව තවත් වැඩිවුණා…

එක පාරටම කාඹරේම අඩ අඳුරෙන් එලිය වැටෙද්දි විසිනි දැක්ක දෙයින් පුදුමවුනා….

හිතාගන්නවත් බැරිතරමට ලස්සනට සරසල තිබුන කාඹරේ පුරාම විසිනි නෙත් යැවුවෙ ගොඩාක් ආසාවෙන්…..
කෙල්ල මෙච්චරවෙලා වාඩිවෙලා හිටිය ඇද හරියට මදුසමයට යන අළුත් ජෝඩුවකට සරසල තිබුන වගේ……

මෙච්චරවෙලා එනකම් බලාගෙන හිටිය ඒ රුව ලොකු රතුපාට රෝසමල් පොකුරකුත් අතින් අරගෙන විසිනි ලඟට කිට්ටුවෙනකොට විසිනි හයියෙන්ම අඬාගෙන ආශිගෙ පපුවට තුරැළුවුනා…..

විසිනි පහත්වෙලා ආශිගෙ දෙපාමුල වැටුනෙ අඬන ගමන්මයි…..

පුංචි කාලෙ ඉඳන්ම මේ මොහොත වෙනකම්ම නොදැනුවත්වහරි දැනුවත්වහරි මගෙන් මගෙ මහත්තයට වුන හැම වැරැද්දකටම මට පුලුවන්නම් සමාව දෙන්න මගෙ රත්තරං……

විසිනි ආශිගෙ කකුල් දෙක මත හිස තියාගෙන අඬද්දි ආශිගෙ ඇස්වලින් කඩාවැටුන කඳුලුත් ගිහින් විසිනිගෙ කම්බුල්වල තැවරුනා …..

ඒ විතරක් නෙමෙයි මහත්තයො ඔයා ගොඩාක් ආදරේ කරපු අපේ දරුවත් අපිට නැතිවුනේ මගෙ මුරංඩුකම නිසා…..
එදා මම ඒ ගමන නොගියනම් අදටත් අපේ දරැව අපි ලඟ ඉදියි…..
හැමදේම මගේ වරදින් වුනේ මට සමාවෙන්න මහත්තයො…..
සමාවෙන්න…..

කෝ නැඟිටින්න සුදු මැනික දැන්…..

ආශි විසිනිගෙ උරහිස් වලින් අල්ලල විසිනිව නැඟිට්ටවල විසිනිට ආශිගෙ පපුව පෙන්නුව…

මගෙ සුදු මැනික ඔයා ඉන්න ඕන මෙතන නෙමෙයි මෙතන…..
හැමදාම ගොඩාක් ආදරෙන් මෙතනටවෙලා ඉන්න මැනික…..

ආශි විසිනිට රිදෙන තරමටම පපුවට හිර කරගන්න ගමනුයි කිව්වෙ…….

මොනවහරි දෙයක් වුනානම් ඒකට මමත් වග කියන්න ඕන…..
අපේ දරුව නැතිවෙලා ඉවරයි ….
එයා ⁣ගෙනාපු ආයුෂ එච්චරයි වෙන්න ඇති මැනික…..

ඊයෙ වෙනකම්ම මං මගේ හිතත් එක්ක ෆයිට් කරල කොහොමහරි හිත ටිකක්හරි හදාගත්ත…..
නැතිවෙච්ච දරුව ගැන හිත හිත අපි මෙච්චරකල් දෙපැත්තට වෙලා දුක් වින්ද ඇති…..
හැමදේම අමතක කරල අපි ආයිමත් අළුත් ජීවිතයක් පටන්ගමු සුදු මැනික……

කියන්න මගෙ කෙල්ල කැමතී නේද……

කවම කවදාවත් ආශිගෙන් ආදරෙන් හරියට වචනයක් අහල නැති විසිනිට ආශි රහසින් වගේ හිමිහිට කෙල්ලගෙ මූණට ලංවෙලා කතා කරද්දි කෙල්ල නිකම්ම ගොලුවෙලා ගියා වගේ ……

කියන්න කැමතීද…..
ම්….

ඔ..ව්…..

ආශි විසිනිට රෝසමල් පොකුර දෙනකොට විසිනි ඒක අතට ගත්තෙ කඳුළු අතරින් හිනාවෙන ගමං ……

ආශි ටයි එක ගලවල විසිකරල ෂර්ට් එකේ ⁣බොත්තම් ගලවද්දි විසිනි ලැජ්ජාවෙන් බිම බලාගත්තෙ…..

ආශි විසිනිට ලංවෙලා ගොඩාක් ආදරෙන් කෙල්ලගෙ නලලට හාදුවක් දුන්නෙ…..
විසිනිව පපුවට තද කරගන්න ගමං විසිනිගෙ දෙතොල් වලට පාත් වෙද්දි කෙල්ල ලැජ්ජාවටම ඇස් පියාගත්ත…..
විසිනිව වඩාගෙන යහන මතින් තියන ගමං ආශිත් විසිනිගෙ ලඟින්ම වැතිරිල විසිනිගෙ දෙතොල් වලට ආයිමත් පහත්වුනේ විසිනිගෙ අත් දෙකම ආශිගෙ අත් වලට හිරකර ගන්න ගමං …….

ආශි විසිනි මෙච්චරකල් දෙන්නෙක් විදිහට ගෙවපු ජීවිතය නිමා කරමින් සදා නොවෙනස්ව එකම මඟක පියවර තබන සුපෙම්වතුන් වුනා……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ……
ඔක්කගෙම හිත් දැන් සතුටුද කියන්න බලන්න…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *