…..හිරූගෙන්…….~~~ පිනි වරුසා 66~~~

පහුවදා විසිනි ඇහැරිලත් ටික වෙලාවක් ගියාටත් පස්සෙ මතක්වුනේ ඉන්නෙ කොහෙද කියලත්…..

ආශිනම් හොදටම කෙල්ලට තුරැළු වෙලා නිදි…..
විසිනි ආශිගෙ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යැව්වෙ ගොඩාක් ආදරෙන් එතකොටම ඇහැරුන ආශි විසිනිගෙ පපුවෙන් ඔලුව තියාගත්ත……

සුදූ…..
ම්…..
ගොඩාක් ආදරෙයි මැනික…..

මාත් ඔයාට ගොඩාක් ආදරෙයි ආශි…..

මොකක්……

ආශි පුදුමයෙන් ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවෙ…..

මගෙ ආශිට මාත් ගොඩාක් ආදරෙයි කිව්වෙ….

ඔයා මෙච්චර කාලෙකට මට ආශි කියල නෑනෙ අනික ආශිට ඔයා පොඩ්ඩක්වත් කැමතිත් නෑනෙ සුදූ……

ඒ ඉස්සර …..
මං ඔයා ගැන හරියට නොදැනයි එහෙම හැසිරැනේ මහත්තයො…….
ඒත් මං දැන් නෙතුම්ට වඩා ආශිට කැමතී ආදරෙයි……
නෙතුම් නොවී හැමදාම ආශි විදිහට ආශිව ජීවිත් කරන්න මහත්තයො……
ආයිමත් කියන්නෙ මං මගෙ ආශි පැටියට මගෙ පනටත් වැඩිය ආදරෙයි මහත්තයො…..

ඔය ඇත්තමද සුදු මැනික……

හ්ම් ….
ඇත්තමයි……

හැබැයි තව දෙයක් ඔයා මෙයා කියන්නෙ නැතිව මට ඉස්සර වගේ තමුසෙ උබ බං එහෙම කියල කතාකරන්නකො……

ඒ මොකද …….

එහෙම කියද්දියි මට ඔයාව දැනෙන්නෙ…..
ඔයා අරහෙම කතා කරද්දි ඔයා ඔයාම නෙමෙයි වගේ…..

හ්ම් මාර ගෑනු දරුවෙක් තමා මට ලැබිල තියෙන්නෙ පුදුම ටේස්ට් එකක්නෙ තියෙන්නෙ…….
ඇත්තටම මමත් හරිම අමාරැවෙන් තමයි එහෙම කතා කලේ වෙනස් වෙන එකත් මාරම අමාරුයි නේද……
කතා කරන වචනෙ ⁣උනත්…..

හ්ම් මට ඒක තේරැනා ඔයා අමාරැවෙන් කතා කරන්නෙ කියල……
මං ආසයි ඔයා මට ඉස්සර විඳියටම කතා කරනවට…..
එතකොටයි ආදරේ දැනෙන්නෙ…….
මං කැමති මගෙ පරන නපුරටමයි……

විසිනි කියෝගෙන කියෝගෙන යද්දි එක පාරටම ආශි විසිනිව පෙරලගෙන දෙතොල් වලට බරවුනා……

>>>>මාස පහකට පසු<<<<

ආශියි විසිනියි නිතරම දරුවෙක් ගැන හිතුවත් තාම දරුවෙක් ලැබෙන්න සලකුණක්වත් නෑ…..

රිතූනම් දැනටමත් අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ….
දැන්නම් මාස දෙකක් විතර ඇති….

විසිනි උදෙන්ම නැඟිටල උයල නාල එනකොටත් තාමත් ආශි ඇඳ බදාගෙන හොදටම නිදි…..

අනේ අනේ හොදටම පරක්කුවෙලා ෂොප් එකට යන්නෙ නැද්ද…..
දැන් ඇති ඔය නිදියෑව නැඟිටින්නකො අනේ…..

යකෝ මේ ගෑනු නම් රෑට නිදාගන්න දෙන්නෙත් නෑ උදේට නිදාගන්න දෙන්නෙත් නෑ…..

මොකද්ද ඒ කතාව…

ආශි කෙල්ලගෙ අතින් ඇඳපු පාර කෙල්ල ගිහින් ආශිගෙ ඇඟ උඩ නතරවුනේ…..

ඇයි ඉක්මනට බබෙක් ඕනෙ කියල හැමදාම රෑට මට කරදර කරන්නෙ…..

අාශි විසිනිගෙ කනට කරල කියද්දි විසිනි ආශිට රවල අහක බලාගත්තෙ…..

බොරු කියන්නෙ නැතිව යනව යන්න…..

ආශි අමුතු විදිහට කෙල්ල දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල ආශිගෙ නිරුවත් පපුවට මිට මොලවල ගැහුවෙ ඊලඟට ආශි කරන දේ හොදටම දන්න නිසා…..

මං හැරෙද්දි දැන් තමුසෙට හොදට තේරෙනව නේද සුදූ …..
ආශි කට කොනකින් හිනාවෙලා කියද්දි විසිනි ආයිමත් රවල අහක බලා ගත්තෙ…

කෝ අතඅරින්නකො මට වැඩ තියෙනව…..
ඔයත් නැගිටල ලෑස්තිවෙන්නකො නැත්නම් ඔයාට පරක්කු වෙයි……

ඊට වැඩිය ලොකු වැඩක් දැන් මට තියෙනව…..

ආශිගෙ ඇඟ උඩ ඉන්න විසිනිව ආශි ඇඟට තද කර ගනිද්දි කෙල්ල ආශිගෙන් ගැලවිලා යන්න දැඟලුවත් ඒ අත්වලින් ගැලවිලා යනව තියා හෙල්ලෙන්නවත් බෑ……

සුදූ තමුසෙ ලඟ මාර සුවදයිනෙ මොනවද ගාන සබන්…..

යනව යන්න කපටිය එනව මෙතන…..

විසිනි දඟලද්දි ආශි විසිනිව අනිත් පැත්තට පෙරලගෙන හෙල්ලෙන්නවත් බැරිවෙන්න තුරැළු කර ගත්තෙ විසිනිට රිදෙද්දි……

කෙල්ල දිහාම ගොඩාක් ආදරෙන් බලාගෙන හිටිය ආශි කෙල්ලගෙ මුණට වැටිල තිබුන කෙස් පිටිපස්සට කරන ගමං කෙල්ලගෙ මූණ පුරාම සිපගත්ත…..
ආශි කෙල්ලගෙ දෙතොල් මත නතර වෙද්දි විසිනි දෑස් පියාගෙන තව තවත් තුරැළු වුනේ දෙන්නගෙම හිත්වල ආදරේ දෝරෙ ගලාගෙන යද්දි…..

විසිනිගෙ ඇඟට බෙඩ්ශීට් එක පොරවල ආශි නැඟිටින්න හදද්දි විසිනි කඳුළු පුරෝගෙන ආශිගෙ නිරැවත් පපුවට තුරැළුවුනේ…..

ඇයි මැනික ඇයි මේ……
ඇයි අඬන්නෙ…..
ම්…..

විසිනිවත් තුරැළු කරගෙන ඇඳවිට්ටමට ආශි හේත්තු වෙන ගමං ඇහුවෙ…..

ඇයි මහත්තයො අපිටම මෙහෙම වෙන්නෙ…..
අපි කොච්චර ආදරෙන් ඉන්නවද…..
⁣ඒත් අපිට තාම බබෙක් නෑනෙ…..

හ්ම් ඒකද මේ කඳුළු පුරෝගෙන ඉන්න ප්‍රශ්නෙ…..

ඒත් මං හිතුව මගෙන් කරදර වැඩී කියල වෙ..න්….

අාශි ඇහැක් ගහල කෙල්ලට කියද්දි කෙල්ල රවල බලපු නිසා ආශිගෙ කතාව එතනම නැවතුනා……

ඔයා ඔච්චර හිතන්නෙපා සුදූ…..
හැමදේම හොදින් විසදෙයි……
මං වොෂ් එකක් දාගන්න යන්නද නැත්නම් තව ටිකක් සුදු නෝන ලඟ ඉ..න්…න…..

නෑ නෑ ඕනනෑ ඕනනෑ ගිහින් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න…..
මං කෑම ලෑස්ති කරනකම්…….

විසිනි පහලට එනකොට අනිත් අය හිනාවෙවී කෑම මේසෙ කෑම කනව……
කෙල්ලත් ගිහින් මේසෙට අඩුපාඩු තියල ආශි ආවම ආශිත් එක්කම කෑම මේසෙ වාඩිවුනා……

මෙතුම් බලෙන් බලෙන් රිතූට කෑම කවනව දකිද්දි කෙල්ලගෙ ඇස්වලටත් කඳුළු පිරුනෙ කුස අතගෑවෙන ගමං…..

කෙල්ල දිහාම බලාගෙන හිටිය නිසා ආශි විසිනි දිහා බැලුවෙත් දුකින්…..
කෙල්ලගෙ උකුල උඩ තිබුන අත හිමිහිට මිරිකල ආශි හිනාවෙලා කෙල්ල දිහා බැලුවෙ අඬන්න එපා කියන්න වගේ…..

කඳුළු අතරින් හිනාවෙන ගමං විසිනි ආශිට කෑම බෙදද්දි මහිමත් වැඩට යන්න ලෑස්තිවෙලා ඇවිල්ල කෑම මේසෙන් වාඩිවුනා…….
මහිම තාම ඉන්නෙ මෙහේ…..
මොකද මේ ගෙදර ඉදන් මහිම වැඩ කරන තැනට ගොඩාක් ලඟයි…..

සුදූ මටත් බෙදනවකො ඕයි……

කෙල්ල කෑම බෙදද්දි හොරෙන් කඳුළු පිහදාගන්නව දැකපු මහිම විහිලුවක් කරන්න හිතුවෙ විසිනි උදේම මොකේටහරි හිත රිදවගෙන කියල දැනිල……

ඒයි ලොකු එකෝ හිමිහිට කාපං උබේ කෑම එක කවුරුවත් අරගෙන යන්නෙ නෑ……
හරියට සෝමාලියා කාරය වගේ තෝ…..

මං විතරක් ඇයි තෝත් ඒහෙමනෙ…..
තෝත් ඔය පිස්සු හැදුන වල් ඌර වගේ කාගෙන කාගෙන යන්නෙ…..

කට්ටියගෙම හිනා හඬවල් හයියෙන් ඇහෙද්දි කෙල්ලට කන්න අප්පිරියාවක් දැනුනත් අප්පිරියාවෙන්හරි කෑම ටිකක් කටට දගෙත්තෙ නැත්නම් ආශිගෙන් බේරෙන්න බැරිනිසා…..

අප්පිරියාවෙන් කටේ දාගත්ත බත් ටික ආපහු බඩ පෙරලගෙන උගුරත් එක්ක හිර කරගෙන වගේ උඩට එනව දැනෙද්දි කෙල්ල කට අතින් වහගෙන කුස්සිය පැත්තට දුවල ගියා……

කිසිම දෙයක් හිතාගන්න බැරිව බයවෙලා වගේ බලාගෙන හිටිය ආශිගෙ අතේ තිබුන වතුර වීදුරුව බිමට අතඇරවුනෙ ආශිගෙ හිතට විසිනිට එකපාරම උනදේ ගැන අමුත්තක් දැනෙද්දි…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ……. 

3 Comments

  1. I wanted to express my sincere gratitude for the invaluable content you provide on your platform. Your dedication to sharing knowledge is evident, and I’m excited to continue exploring the wealth of information you offer. Thank you for making learning such a rewarding experience!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *