…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 68 ~~~

ආ..ව්…….
ආ… අ..ම්…මා…….

ඉවසන්න…..
ඉවසන්න සුදු මැනික තව ටික දුරයි……

ආශි වෙව්ලන ඇඟිලි තුඩු වලින් අවුල්වෙලා තියෙන කෙල්ලගෙ හිසකෙස් හැදුව……

ත..ව..ත් න..ම් බෑ …..
ම..හ…ත්ත….යො…..

ආ……

මගෙ මැනික මුකුත් වෙන්නෑ…..
ඔයා බය නැතිව ඉන්න රත්තරං…..
මං ඉන්නවනෙ ඔයා ලඟ…..

ආශි කෙල්ලගෙ කම්බුලක් අතගාල කෙල්ලව පපුවට තුරැළු කර ගත්තෙ ආශිගෙ පපුවත් වේගෙන් ගැහෙද්දි……

කෙල්ල වේදනාවෙන් දඟලද්දි ආශිගෙ බය එන්න එන්නම තවත් වැඩිවුණා…..

තව චුට්ටක් ඉවසන්න සුදු මැනික අපි දැන් ලඟ ඉන්නෙ…..
දඟලන්න එපා රත්තරනේ ඔයාටයි පැටවුන්ටයි මොනවහරි වුනොත් මට ජීවිත් වෙලා වැඩක්නෑ……

කෙල්ලගෙ වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි ආශි කෙල්ල සනසන්න මොනව කිව්වත් කෙල්ලට ඒ මොනවවත් ඇහුනෙ නෑ…….

ඉක්මනට යමං බං……
ඔතන අතගගා ඉන්නෙ නැතිව…..
උබට බැයිනම් උබ බැහැපං මං අරගෙන යන්න……

ආශි කේන්තියෙන් කෑ ගැහුවත් යන්න පුලුවන් උපරිම වේගෙන් තමයි මෙතුම් ගියෙ ආශිට නොදැනුනාට……

………………………………………………………………

කෙල්ලව ට්‍රොලියෙන් තිබ්බට පස්සෙ කෙල්ලගෙ අතත් අල්ලගෙන ආශිත් පස්සෙන්ම ගියා……

කෙල්ලව ඇතුලට ගද්දි කොල්ලගෙ අත අතඇරෙන කොට කොල්ලට දැනුනෙත් ලොකු වේදනාවක්…..

පැය කාලක් විතර ගියේ නොනවත්වාම ඇහෙන කෙල්ලගෙ කෑගැගිල්ලත් එක්ක…..
ආශි කඳුළු පිහ දම දමා එහාටයි මෙහාටයි ඇවිදින එකමයි කලේ……
නැත්නම් පුටුවෙන් වාඩිවෙලා කොන්ඩෙන් හයියෙන් ඇදගන්න එක…..

මෙතුම් ආශි ලඟට ඇවිල්ල ආශිගෙ උරහිස තද කරල අල්ලල ආශිගෙ ඇස්වලින් ගලාගෙන යන කඳුළු පිහදැම්මෙ ආශිගෙ හිතට හයියක් වෙන ගමං…..
මහිමත් ආශි ලඟට ඇවිල්ල කරවටේ අතක්දාල ඇස්වලින් කිව්වෙ බය වෙන්න එපා කියල වගේ……

ටික වෙලාවකින් ලේබර් රෑම් එකේ දොර ඇරගෙන ඩොක්ටර් කෙනෙක් එලියට එනකොටත් කෙල්ලගෙ කෑගැහිල්ල තාමත් ඇහෙන නිසා කොල්ලගෙ හිතේ බය තවත් වැඩිවුණා…..

ඩොක්ටර් …..
ඩොක්ටර් කොහොමද මගෙ වයිෆ්ට….

කලින් ඉදන් කෙල්ල චැනල් කලේ වීඕජී ඩොක්ටර් සමරසිංහ……
ඒ නිසා ඩොක්ටර් හොදට විසිනි නෙතුම් අඳුරනව…….

මේකයි නෙතුම් පේෂන්ට ගොඩක් අමාරුයි අපිට නෝමල් ඩිලිවරි කරන්න පුලුවන්කමක්නෑ….
දැන් ඔපරේෂන් තියෙටර් එකට දාන්න හදන්නෙ…..
අපිට ඉක්මනට සිසේරියන් එකකට යන්න වෙනව……

ඩොක්ටර් අනේ ඩොක්ටර් කරදරයක් නැතිව එයාව මගෙ දරු පැටවුන්ව බේරගන්න ප්ලීස්…..
ප්ලීස් ඩොක්ටර්……

ආශි ඩොක්ටර්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කියද්දි ඩොක්ටර් ආශිගෙ පිටට තට්ටුවක් දැම්ම…..

බය වෙන්න එපා…..
හැමදේම හොදින්වෙයි…..

ඩොක්ටර් යනවත් එක්කම සුදූ ඇදුමකින් සැරසුන කෙල්ලත් ට්‍රෙලියකින් අරගෙන යනව දකිද්දි ආශිගෙ හිතේ ඇවිලෙන ගින්දර තව තවත් වැඩිවුණා…..

ආශිට දැනුනෙ වෙලාව නතරවෙලා වගේ…..
මෙතුම් මහිම දෙන්නම ආශිත් එක්ක ඉඳල ආශිට හයියක් වුනා…..

ටික වෙලාවක් ගියාම පුංචි පැටියෙක් කෑ ගහන සද්දෙ ඇහෙනවත් එක්කම ආශිගෙ හිතට පොඩි සැනසීමක් දැනුනත් කෙල්ලව මතක්වෙද්දි ඒ සැනසීමත් නැතිවෙලා ගියා…..

Congratulations ඔන්න ඔයා තාත්ත කෙනෙක්වුනා…..
ඇතුලෙ ඉඳන් ආව නර්ස් කෙනෙක් කිව්වත් ආශිට මතක්වුනේම කෙල්ලව…..

නර්ස් මගෙ වයිෆ්ට කොහොමද නර්ස්…..

එයාටත් දැන් ගොඩක් දුරට හොදයි…..
බ්ලඩි හුගක් ගිහින් තිබුන නිසා එයාට බ්ලඩි දෙන්න වුනා….
ඒක එච්චර දෙයක් නෙමෙයි එයත් දැන් නෝමල් ….

මට එයාලව බලන්න පුලුවන් ද…..

පොඩ්ඩක් ඉන්න තව චුට්ටකින් එයාලව රෑම් එකට දානව……

කෙල්ලව බලන්න රෑම් එකේ දොර ඇරගෙන ආශි පිටිපස්සෙන් මෙතුම් වගේම මහිමත් ගියා……

කෙල්ලගෙ විඩාබර මුහුණ දැක්කාම කොල්ලගෙ ඇස් තෙත්වෙලා ගියා…..

බයවෙන්න දෙයක්නෑ…..
එයාට දැන් හොදයි……
නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීල තියෙන්නෙ තව ටිකකින් සිහිය එයි……

කොල්ල ඇස් පිහ දානව දැකපු නර්ස් ආශි ලඟට ඇවිල්ල කිව්වෙ…..

ඒත් එක්කම ආශිගෙ ඇස් වටේට කරකව කරකව මොනවහරි හොයනව වගේ දැනුන නර්ස් ආශි ලඟට ආයිමත් ආව……

මෙයාවද හොයන්නෙ……

නිල්පාට පැනල් කෑල්ලකින් ඔතපු පුංචි රෝසම රෝසපාට පැටියෙක් ආශි දිහාවට දික් කරල නර්ස් ඇහුවෙ…..

සතුටු කඳුළු කම්බුල් දිගේ බේරෙද්දි ආශි බයෙන් බයෙන්ම වෙවුලන අත් වලින් පැටියව අතට ගද්දි මෙතුම් මහිමත් ලඟට ඇවිල්ල පැටිය දිහාම ආසාවෙන් බලාගෙන හිටියෙ……

ඒත් ආශිගෙ දෑස් හිටියටත් වඩා කලබලේකින් හැම තැනම කැරකෙව්ව…..

නෙතුම් වගේම මහිමටත් මේ වෙනස තේරුනා…….

නර්ස් කෝ මගෙ අනිත් දරු පැටිය…….

මෙතුම්ගෙ වගේම මහිමගෙත් ඇස් නතරවුනේ නලලට ගිහින්…….

මො..ක..ක්……

මෙතුම් අහද්දි මහිමගෙ කටත් ඇරුන…..

මේන් ඉන්නව……

රෝස පාට පැනල් රෙද්දකින් ඔතපු ඒවගේම හුරතල් පැටියෙක් අරගෙන ඇවිල්ල නර්ස් ආශිට පෙන්නද්දි ආශි ඒ පැටියවත් අරගෙන පපුවට තුරැළු කරගෙන හිටියෙ හරියට කවුරුහරි අරගෙන යයි වගේ…….

එක ගලෙන් කුරුල්ලයි කිරිල්ලියි දෙන්නයි…..

මහිම කිව්ව නෙමෙයි කියවුනා……
කියපු ගමංම මහිම අතින් කට තදකරල වහ ගත්තෙ බිම බලාගෙන……

ටුවින්ස්ල ශා මරු මල්ලී…..
දුවයි,පුතයි…….
මට හරි සතුටුයි බං……
මං දැන් ලොකු තාත්තෙක් එහෙනම්……
පැටවු දෙන්නෙක්ගෙම…….

මෙතුම් එක පැටියෙක්ව අතට අරගෙන හිස සිප ගත්තෙ ගොඩාක් ආදරෙන්……

දෙන්නටම නින්ද ගියාට පස්සෙ දෙන්නම තොටිල්ලෙන් තියල ආශි කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒ මූණ දිහාම බලාගෙන හිටිය…..

එලියෙ ඉඳල මෙතුම් රෑම් එකේ දොර ඇරගෙන කලබලෙන් වගේ දුවගෙන ආවෙ……

හරි වැඩේනෙ…..
රිතූට අමාරුයිලු…..

මොකද කරන්නෙ දැන්……

මල්ලී තමුසෙ ඉන්නව මං ගෙදර යන්නම්…..

මහියවත් අරගෙන යන්න…..
සුදූ ගැන නෙමෙයි දැන් රිතූ ගැන බලන්න ඕනෙ……
මම ඉන්නවනෙ මෙතන…….

හරි මං එහෙනම් යනව……

අයිය……

මෙතුම් ඇස් දෙකත් එක්ක ලොකු කරල බැලුවෙ ආශි සෑහෙන කාලෙකට පස්සෙ අයිය කියල කතා කරපු නිසා……

පරිස්සමෙන්……

හ්ම් ……
මං යනව……

ආශි දෙයියන්ගෙන් ඉල්ලුවෙ හැමදේම හොදින් විසඳුනා වගේ රිතූවත් පරිස්සම් කරන්න කියල…….

…………………………………………………………
කෙල්ල කෙදිරි ගගා හිමිහිට දෑස් අරින්නකොට ආශි කෙල්ලගෙ එක අතකින් අල්ලගෙන හිස අතගෑව…..

අමාරැවෙන් දෑස් ඇරපු කෙල්ලට එක පාරටම මතක්වුනේ කුස……
කුස අතගාල බැලුවත් දරුපැටිය නෑ කියල දැනෙද්දි හයියෙන්ම ඇඬුන……

ඇයි මැනික …….
ඔයාට අමාරුයි ද රත්තරනේ……..
කියන්නකො මාව බය නොකර…..

ආශි කෙල්ලගෙ කම්බුල් අතගගා නලල සිප ගත්ත……

අනේ මහ…ත්..තයො…….
අ..පේ පැ..ටි..ය එ..යා මාලඟ නෑ
දෙ..යි. යනේ……

එයා ඉන්නව මැනික……
මේ ඔයාගෙ පුතු පැටිය……

කෙල්ල කඳුළු අතරින් පැටිය දෝතය අරගෙන පපුවට තුරැළු කරගෙන අඬද්දි…..

මේ ඉන්නෙ මගෙ කෙලිපැටික්කි……

ආශි අනිත් පැටියවත් තුරැළු කරගෙන කෙල්ලට පෙන්නද්දි කෙල්ලගෙ ඇඬිල්ල නතරවෙලා ඇස් ලොකුවෙලා ගියා…..

Likes ,comments වලට thanks
මගෙ යාලුවනේ……

තව කොටසකින් ඔයාලගෙ පිනි වරුසා කතාව ඉවරයි යාලුවනේ……
හැමදාම මගෙත් එක්ක කතාව කියවල likes ,comments දාල බෝම්බ පිස්තෝල පෙන්න පෙන්න හිටිය හැමෝටමත් ආදරෙයි යාලුවනේ…….

එහෙනම් අවසාන කොටසින් හෙට හම්බෙමු යාලුවනේ……
ඔයාලට බුදු සරණයි!!! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *