D & S………02

**

ඒත් එක්කම වෙඩි වරුසාවක් වැහගෙන වැහගෙන ගියා..මන් කණ් දෙක වහගත්තා…

සර්

පිටිපස්සෙ ඉදන් ආව කොල්ලෙක් මන් ලග උන්නු ගස් ගෙම්බට කතා කලා…ඔය සර් කියන ගමන් සෝර්ගෙ නමත් කීවනම් ගස් ගෙම්බා කීන එක නවත්වනවනී..හයීයු මේ වෙලේට වෙන කෙල්ලො කරන්නෙ බය වෙන එකනි..කෝ කෝ හිත මට බය එවන්නකෝ…

සර්

ඕ..

අපිට බහින්න වෙයි වගේ

ඒක තමයි..අපේ කට්ටියට මැසේජ් එක දුන්නද

ඔව් සර්..

හරි බහිමු

මේ ගොල්ලන්ගෙ සෝර් මාවත් ඇදන්ම ටේරෙන් එකෙන් බැස්සා…මන් එහෙම්ම ගලක් වගේ නැවතුනා..

මොකද

මාව අතාරිනවා

මන් කරන්නෙ මට ඕනි දේ කට වහන් එනවා

මන් කරන්නෙත් මට ඕනි දේ..අතාරිනවා..මගේ යාලුවො අනිත් කෝච්චි පෙට්ටියෙ..මන් එයා ලගට යන්න ඕනී

දැන් බෑ..පේනවනී..එනවා ඉක්මනට

මට බෑ බෑ මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෑ

ඒකත් එහෙමද

ඔව්

මේ සෝර් මුකුත්ම නොකියා මගේ කරේ තිබ්බ බෑග් එක ඇදලා කරේ දාගත්තා..

මොකක්ද මේකෙ තේරුම.. මට මගේ බෑග් එක දෙන්න..

බෑග් එක ඕනී නම් එනවා මන් පස්සෙන්

මෙයා නම්…..

ස්ටේශන් එකේ මුල්ලකට ගිය මේ සෝර් මාවත් එහෙට කරලා මුවා කරලා ජිරාෆ් වගේ බෙල්ල දදා මුවා වගේ සැරින් සැරින් එබි එබී බලනවා…

මොනාද,මෙයා බලන්නේ..මටත් බලන්න ඕනී..

මමත් එයා ලගින්ම ඔලුව දැම්මා

මොකද

මටත් බලන්න ඕනි

මොනාද

මොනාද වෙන්නෙ කියලා

පොඩි ලමයි පොඩි විදියට ඉන්නවා

හහ්…දිග ඉනිමගක් වගේ උසට උන්නට..එලුවෙක් වගේ රැවුල වවන් උන්නට හිතාගෙන ඉන්නෙ ලොකූ කෙනෙක් කියලා වෙන්නැති..ඇත්තටම,මෙයාගෙ වයස කීයක් ඇත්ද..මේච්චර දෙයක් වෙලත් මට මතක් වෙන දේවල්…..

මන් පොඩි ලමෙක් නෙවෙ හරිද මට විස්සක්..අනික මන්….

කට වහනවා

බෑ කට වහන් නෑ ඇයි ඇයි මොනා කරන්නද

දෙන්නෙ කිරි දත් ටික බඩය යන්න

මන් බය …වෙයි..මාත් නිකම් ඉදී කියලද හිතන්නේ ආ

ඒ පාර සෝර් එයාගේ කුල්ලක් තරම් ලොකු අල්ලෙන් මගේ කට තද කලා

හුම්..ම්ම්ම්…ම්ම්ම්..

ආව්

ඇතිද මගේ කට වහන්න ආවා…

මමත් වැටිච්චි අමාරුවක්..සේරම පැත්තකින් දාලා පොඩි බබෙක් නලවන්න උනානී

සෝර් තනියෙන් මුමුනනවා

මන් පෝන් එක අතට ගත්තෙ රශිනිට කෝල් එකක් දෙන්න…මන් එයාලා උන්නු තැනට ආව නැති හින්දා එයාලා බය වෙලත් ඇති..

හෙලෝ රශ්…

ඒ පාර මොකො

කෑ ගහන් නැතුව ඉන්නවා

මට යාලුවට පනිවිඩෙ දෙන්න ඕනි

එපා

හහ් මෙයාගෙ මාර නීති නේ..ඉන්නවකො මන් කවුද කියලා නොදැන ලොකු ටෝක් දාන්නේ…මන් අද තමුන්ගෙ සෝර් පට්ටම ගලෝනවා….තාත්තිට මේ දැන්ම කියනවා මේ විස්තරේ

මන් පෝන් එකේ නම්බ එක ගහද්දිම එයා මගේ පෝන් එක උදුර ගත්තා..

මගේ පෝන් එක…

මන් කිවනි පාඩුවෙ ඉන්න කියලා

අනෙ මගෙ බෑග් එකත් ගත්තා..ඒ මදිවට පෝන් එකත්…දැන් නම් මට ඉවසන්න බෑ.. මෙයා කවුරු උනත් මට ඉන්න දෙන්නෙ නැති හැටි..රශිනිලා එක්ක යන්න දුන්නෙත් නෑ…කොහේදෝ යන වෙඩි වරුසාවකුත් වැටුනා…මට බෑ මට තාත්ති ඕනී…

මට තාත්ති ඕනී…ඉහ්…ඉහි

අයියො දෙයියනේ පොඩි බබෙක්ම තමයි..මෙන්න මෙහෙට එනවා

එයා මාව කාන්තා විවේකාගාරෙ තිබ්බ පුටුවකින් ඉන්දුවා

මේ අහනවා සද්ද නැතුව ඔහොම්ම ඉදන් ඉන්නවා..

මට බෑබ්..මට තාත්ති ඕ

එයාගේ සාක්කුවෙ තියලා ගත්ත රිවෝල්වර් එකක් මගෙ කම්මුලේ තිබ්බා..අනේ

මේ අහනවා. මන් කියන දේ අහන්න බැරි නම්..මේ රෝස කම්මුල් කුඩු වෙන්න තියන්නෙ..කට වහන් මෙතනින් හෙල්ලෙන් නැතුව ඉන්නවා..ආයෙ මන් එනකම්

අයියො දෙයියනේ මේ මොන මගුලක්ද මේ..ඇයි මේ දේවල් මටම වෙන්නෙ..කොච්චර අමාරුවෙන්ද තාත්තියි අම්මියි කැමති කර ගත්තේ..මදැයි පලවෙනි පාරට අයියලා හතර දෙනා නැතුව ගමනක් යන්න ආවා..අනේ..මෙතන හිර වෙන්න උනානේ..

කොහොමද මන් රශිනිට පනිවිඩෙ දෙන්නෙ..මට බඩගිනි..ඒ මදිවට මගෙ පෝන් එකත් ගත්තා..

කම්මුල් දෙකම අත් දෙකින් වහගෙන මන් ඇඩුවා..රඹුක්කන යන්න ආව මන් අන්තිමට කොහේ වත්..මන් ඉන්නෙ කොහිද කියලවත් මන් අඩු තරමෙ දන්නෙ නෑ..ඒ මදිවට මගේ ප්‍ර්ස් එක,පෝන් එක,බඩු…ඔක්කොම…

සල්ලි තිබ්බ ඒවාත් බෑග් එකේ..අනේ…තාත්තියො ඇවිත් මාව බේර ගන්නකෝ

……

මිස්

මිස්

කවුද මට මිස් මිස් ගාන්නෙ..මන් ඔලුව උස්සලා බැලුවා…කොල්ලො තුන් දෙනෙක්..අහ් අරයට සර් කියපු කොල්ලත් ඉන්නවා

යන් අපි එක්ක

මට බෑ..මට ඔයාලගෙ සර් හම්බෙන්න ඕනි

එයා තමයි කීවෙ එක්කන් එන්න කියලා යන් මිස්

කොහෙටද මෙයාලා මාව එක්කන් යන්නේ

අපි ෆ්ලැට් ෆෝම් එක දිගේ ආවා…

කොහේටද යන්නෙ

පනින්න පුලුවන්ද උස්සලා ගන්නද

එයාලා ෆැලැට් ෆෝම් එකින් අනිත් පැත්තට පැන්නා

මාව උස්සන් අර ගන්නයි හදන්නෙ..

මමත් එයාලා වගේම පැන්නා

අම්මට..එල එල

යන්

එතන තිබ්බ සුදු පාට කා එකට මට නගින්න කීවා..මොනා උනත් හිතට බයයි..කොහිද මෙයාලා මාව එක්කන් යන්න යන්නෙ..අනික කවුද මේ කට්ටිය

බය වෙන්න එපා යන්..අර ඉස්සරහින් යන්නෙ අපේ සර්ගෙ වෙහිකල් එක…

චුට්ටක් ඉන්න

සර්..නගින්න බෑ කියනවා..

හා සර්

ඕකේ

ටික වෙලාවකින් ඒ කොල්ලට ආයෙම කෝල් එකක් ආවා

ආ මිස්

හෙලෝ

මේ හලො කරදර කරන්නැතිව නගිනවා ඕකට

ඔයා ඔයා කවුද

බලනවා පෝන් එකෙ නම්බ එක

ම්ම්..මේ මගෙ නම්බ එකනි…

දැන් ඉතින් නගිනවා අපිට බබ්බු හුරතල් කරන්න වෙලාවක් නෑ

මොනා කරන්නද

මම් නැග්ගා..මාත් එක්ක ආව දෙන්නෙක් කා එකට නැග්ගා..අනිත් කෙනා බයික එකකට..

පැය බාගෙක විතර ගමනින් අපි කා එක නැවැත්තුවා..

… … …පොලිශ් ස්ටේශන්…එතකොට මෙයාලා පොලිසියෙද..

යන්

කවදහරි මමත් මෙහෙම තැනකට එන්න ඕනි..ඒත් මෙහෙම…දැන් මගේ නම පොලිස් පොතේ ලියවුනොත්……අනේ..මගෙ ඩිරීම් එක

මට එතනින් ඉදගන්න කියලා කට්ටිය එහෙට මෙහෙට ගියා..

මෙතනින් යන එන හැමෝම මන් දිහා බලනවා…අනේ

තාත්තියා දන්නවනම්..මේ වෙලේ මන් ඉන්න තැන…කෝමත් මේ දේවල් දැන කොහේවත් යන්න දෙන එකක් නෑ..ට්‍රේනින් එකට වත්….මොන නැකතකින්ද අද මන් නැගිට්ටේ..හා හා පුරා කියලා යාලුවො එක්ක නිදහසෙ ගමනක් එන්න ආවා…අනේ..දැන් අයියලා හතර දෙනාට මේක දැනෙනවා ඇද්ද…එයාලා දැනගත්තම…හොදි ඕනි නෑ මාසයක් විතර චාට්‍ර් කරයි මාව

ශයිනි නිතික්ශ්කා….කියන්නෙ කවුද

ඒ ඒ මගේ නම නේද

මන් නැගිට්ටා

ඔයාද

ඔව්

යන් ලොකු සර් එන්න කීවා… ගත්තු ගමන්

ලොකු සර් ..ඒ කවුද

මාව ඇතුලේ කාමරේකට එක්කන් ගියා..මන් උඩ බිම බැලුවා…

ම්ම් නරකමත් නෑ..මාත් දවසක මෙතන….

සර් ඒ ග්‍ර්ල් ආවා….

හ්ම්ම් ඉදගන්න කියන්න

කියන්න දෙයක් නෑ මන් වාඩිවෙලා ඉවරයි…

මගේ පිටිපස්සෙන් කවුරු හරි අවා වගේ දැනුනා….

Ci…crime inspechter….dhi..ga..yu…su..wa..s..na

කරිම් ඉන්ස්පෙක්‍ර් දීගායු සුවස්න…ඒ කවුද…

මන් ඒ නේම් එක ගහලා තිවුනු බෝඩ් එක පෙරල පෙරලා ඉද්දි කෙනෙක් ඇවිත මන් ඉස්සරහින් හිට ගත්තා…

ඉතින් ශයිනි නිතිශ්කා…

..ඊලග සේයාවට…..

කවර් පොටො ගොඩාක් හම්බුනා..එකක් තෝරගත්තොත් ඔයාලා තරහ වේද මන්දා..මට නම් ඔක්කොම ලස්සනයි…කමෙන්ට්ස් වල දාන්නම්..මට හිතට ඇල්ලුව ඒවා ටික..ඔයාලාම තෝරලා කියන්න…

…සවී විතානගේ… ් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *