03

…##නිම්හිම් සේයා ##..
3
අහ් ටොම්සි බබෝ
ආහා ටොම්සි බබෝ
චූටී බබෝ…
ගෙදර කාලුත් නෑ..මායී ටොම්සි බබයි ඩාන්ස් පාරක් දැම්මා..ටොම්සි බබා කීවට ඌ අපේ බලු කුක්කා..අපේ අයියගේ පරණ ටී එකක් ඌට අන්දලා මායී ඌයී දැම්මා ආයේ ඩාන්ස් එකක් අම්මපා මේ පැත්තෙන් ඉන්දියන් ඩිරෙක්ට කෙනෙක් ගියොත් ගන්නවා ආයේ මේන් කරැක්ට එකකටම.හී ඉතින් ටොම්සියා කලේ හිරවුනු ටී එක ගලෝගන්න බැරිව දගලපූ එක..
වැඩක් කරන්න ගත්තොත් මොකාක් හරිම මරාලයක්..කවුරු හරි ගේට් එකට තඩි බානවා..මොකාද අයියෝ..
මන් ගේට් එකෙන් ඔලුව විතරක් දාලා බැලුවා..අහ් ඉන්ශුවරන්ස් එකකින්..පුදුම වදයක් අයියෝ යාන්තම් ගැලවුනා විතරයි මේන් ආයෙමත් ..ඒ පාර..
පොලිස් ජීප් එකක්..මන් ටොම්සියට කරදර කරා කියලා සත්ව හින්සාව කියලා අල්ලන් යන්න අවිත්ද..මන් මුකුත් කියන්නෙ නැතුව මොහොතක් බලන් හිටියා..
මේ ලමයා විතරද ගෙදර..
“ඔව් සර්..
හ්ම්ම්..දරුවො වැඩිහිටියො කවුරුත් නැද්ද..අපි ආවෙ සර්ච් එහෙකට..අපිට ගේ පරික්ශා කරන්න වෙනවා..
හ්ම්ම්..
ඒත් මේ මොන කෙන්ගෙඩියකටද ගෙ සර්ච් කරන්නෙ..දෙන්නෙක් ගේ ඇතුලට ගියා..තව කෙනෙක් වත්ත වටේට ගියා..මන් ටොම්සියගෙ දම්වැලෙන් අල්ලන් මිදුලටම වෙලා බලාන උන්නා..
පැය කාලේකට පස්සෙ බලාපොරොත්තු කඩවුනු මුහුනින් තුන් දෙනාම ආයෙත් ආවා..මොන කෙන්ගෙඩියක් හොයන්න ආවද මන්දා..
මුකුත් නෑ සර්..
හ්ම්ම්..සාජන් යන්..ඔය ලමයා ගෙවල් දොරවල් වහන් පරිස්සමෙන් ඉන්න..ඔය ලමයගෙ දෙමව්පියන්ට මෙලො මොලයක් නෑ වගෙ තරුණ ලමෙක්ව මෙහෙම දාලා යන්න..හ්ම්ම් වහගන්න..අපි යනවා..
හෙව්වෙ මොනාද දන්නෙත් නැ..හොයාගත්තේ මොනාද දන්නෙත් නැ..හ්ම්ම් මට අදාල නැනී..කෝකටත් ගේට්ටුවට ඉබ්බ දාමූ..ආයේ නම් මොකෙක් ආවත් අරින්නෙ නෑ දොර..
ඒ පාර ආයේමත් ..බැ..බෑ මන් අරින්නෙ නෑ…හ්ම්ම් පෝන් එකත් රින් වෙන්වා…
හෙලෝ..
දූ
ආ අම්මි..
ගේට් එක අරින්න දූ..මන් දැන් කී පාරක් බෙල් කලාද..
හා අම්මියෝ හා..
අම්මි මට බැන බැන ගෙදරට ආවා..අම්මි දන්නවැයි ඉතින් උනු දේ..
මොකෝ ඔරෝගන..
මන් අම්මි එක්ක තරහයි…
අර මොකෝ
අම්මි බැන්නා මට..
අපෝ පොඩ්ඩ ඇත්නම් පුරෝගන්නවා කදුලු
.මන් බයෙන් ආවෙ පුතේ..පාර පුරා පොලිසියෙන්..ඔයා ගේට් එක අරින්න ලේට් උනාම මට හොදටම බය හිතුන.
හ්ම්ම්..
මන් අම්මිගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තා ..
මහන්සි පැටියෝ..ඔයා කෑවද..
තාම නැ..අම්මි අපේ ගෙදරටත් පොලීසියෙන් ආවනී..
ආ එහෙමද ..අනේ මන්දා ඇයි කිය්ලා.. , හප්පා සීතායී..උහ්හ්හ්හ්..මුලු ඇගම ගල් වෙලා වගේ..ශෑ අම්මි එපා කියද්දි හොදම වැඩේ හොදම වැඩේ සේයෝ..කැඩපතේ ඇදිලා තියෙන මගේම රූපේට මන් බැණගත්තා..ඇයි වදේ කියන දෙයක් අහන්නෙ නෑ මෝඩී..ඔව් ඔව් ..මොකෝ විරිතන්නේ..සේයෝ මන් ඔයාට තමයි කියන්නේ..

අහ්..කවුරු හරි අහන් හිටියොත් හිතයි මට පිස්සු කියලා..මන් දන්නවා මන් වගේම ගොඩාක් මගේ වයසෙ ගෑනූ ලමයි මෙහෙම තමයි ..හූ ඇතිද..මන් මටම විරිත්තගෙන අලුත් නයිට් කිට් එකකුත් ගහගෙන සාලෙට ආවා..ආහ් මේන් ඇවිත් අපේ මාලීයා..

තාත්තීයෝ..

මන් තාත්තිගේ බෙල්ල බදන් උම්මා එකක් දුන්නා..ඉස්සර නම් තාත්ති වැඩ ඇරිලා ආවම තාත්තිගෙ ඔඩොක්කුවට පැනලා තාත්තිගේ සරන් ඔන්චිල්ලාවෙ පැද්දෙනවා ඇති තරම්..දැන් ඉතින් එහෙම බෑනේ..

ආච්චම්මා හොරා වගේ කුස්සියට යනවා..එයා රෑට කොහොමත් හය හත වෙද්දි කනවා..ඔය යන්නෙ එයාගේ ලාස්සන දත් කුට්ටම පොලිශ් කරගන්න..මට කොච්චරවත් බැන්නට ලොඹු කටේ නෑ එකම එක දතක් වත්..ඒ උනාට කට ඇරියොත් කොච්චරවත් කච කච කච කච..

මොකෝ චූටී තනියෙන් හිනා වෙන්නෙ..

අහ් මැටි අයියත් ඇවිත් තියෙන්නෙ..අයියගෙ පෝන් එක මගේ එකට වැඩිය සුපිරි..මන් ඒක ඩැහැගත්තා..

කෝ දෙනවා ඕක..

බෑ බැ..ආව් ආව් තාත්තී..ඌයී..ආව්..

අයියා මගේ කොන්ඩෙන් ඇදන්..

තාත්ති අනේ ආච්චම්මා අනේ අම්මි බේරගන්නකෝ..

කෝමහරි බොරුවට කෑගහලා අයියගෙ පෝන් එක ගත්තා..මන් එක්ක රන්ඩු කලාට මන් ඉල්ලුවෙ මොනාද කටේ තියෙන බත් කට හරි අයියා මට දෙනවා..මන් ඒක දන්නවා..

පොඩ්ඩක් දෙන්නගෙ කටවල් වහන් ඉන්නවද..මට නිව්ස් අහන්න ඕනී..

අපේ තාත්ති අම්මා වගේ නෙමී..හැමදාම අපි දෙන්නට සැර උනේ එකම එක දේකටයි ඒ තමයි නිව්ස් යන වෙලේට කෑගහන්න එපා කියලා..හවස හයාමාරට බලන නිව්ස් බැලිල්ල ඉවර වෙන්නෙ දහයාමාරට යන නිව්ස් එකත් බලලාම තමයි ..අනේ මන්දා එකම නිව්ස් එකේ මොනා නම් ඔච්චර බලන්න තියෙනවද කියලා ..

හැමදාම එක්කො මිනීමැරුම්..පොඩි ලමයි මරලා..නැත්තම් උද්ගෝශන..එහෙමත් නැත්තම් දේශපාලන කතාවක්..හප්පො මන් නම් ටීවී එකේ අකමැතිම නිව්ස් යන වෙලාව..

මන් තාත්තිගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන ඉයර්පෝන් එක කනේ ගහ ගත්තා .මුකුත් ඕන් දැන් ඇහෙන්නෙ නෑ..ඒ උනාට නිව්ස් යද්දි යටින් කොහොමත් සිරස්තල දානවනේ..මන් ඒවා කියෝනවා..

ම්ම්..කෝටීපති ව්‍යාපාරිකයා මරුට..ගාතනය වූයේ එකම පුතු අතින්ද සැකයි..අතඅඩන්ගුවට ගත් සැකකාර පුතු පලායයි..

හනේ අප්පා මෙහෙමත් පුතාලා..සල්ලි වෙනුවෙන් තමන්ගෙ තාත්තව මරන..,ඊලගට මොනා කීවද මන් නම් දන්නෙ නෑ..මන් තාත්තිව බදාගෙන සෙටියේ නිදා ගත්තා..නිදි මරගාතේ අම්මි අල්ලන් බත් කැවුවා වගේ මතකයි..හැමදාම වගේ තාත්ති හරි අයියා හරි මාව ඇදෙන් තියැන්නැති…

###
අද අම්මියාගෙ ෆුල් ඩේ එක දවස..ඉතින් අම්මි උදෙන්ම ගිහින්..අයියත් තාත්තත් ගිහින්..ආච්චම්මයි මමයි ගෙදර..

ආච්චම්මා එහා ගෙදර ආන්ටි එක්ක බර කතාවක්..කරන්න කියලා මහා ලොකු දෙයක් නොතිබ්බ නිසා මමත් ඔහේ අහන් හිටියා..

නිසල්ගෙ ආච්චම්මා දන්නවාද ඊයේ මේ පැත්තට පොලිසියෙන් ආවනේ..

හැබෑද අපේ චූටී මැනිකෙත් කිව්වා තමයි ..

ඊයේ රෑ නිව්ස් වලට කීවේ කෝටීපති ව්‍යාපාරිකයා මරා දාලා කියලා..එකම පුතාලූ මරලා තියෙන්නෙ..හම්මො වස දීලා මරල තියෙන්නෙ..අම්මා ඇවිත් බලද්දි තාත්තා සාලේ වැටිලා ඉදලා..පුතා ඔක්කොම කරලා රටින් පනින්න හදද්දි එයාපෝට් එකේදි වටකරලා අල්ලලා තියෙන්නෙ..

හ්ම්මෙ අද කාලේ ලමයී..

එහා ගෙදර ඇන්ටි නිකම් ඇහින් දැක්කා වගේනේ වාර්තාව දෙන්නෙ..ශී අපේ තාත්ති අපරාදේනේ නිව්ස් බලන්න මහන්සි වෙන්නෙ..ආන්ටි එක්ක විනාඩි දහයක් හිනා උනානම් එසැනින් පුවත් ඇහින් දැක්කා වගේ අහගන්න තිබ්බා..

අහ් කල්පනා කරන්න ගිහින් ඉතුරු ටික අහ ගන්නත් බැරි උනා..

අහ් දැන් නම් කනත් රිදෙනවා ..මන් යනවා ටීවී එකේ මොකක් හරි බලන්න..

ටීවී එකෙත් යන්නෙ බලපූ කාටූන්මයි අප්පෝ එපා වෙනවා..ලොකු අයියා දුශාන් ගෙනාව පොතක් වත් බලනවා රූම් එකට ගිහින්…

මන් රූම් එකට ගිහින් පොත් රාක්කෙන් පොතක් ඇදලා ගත්තා..හයියෝ ඉතින් උනොත් වෙන්නෙ මේ වගේම වැඩමයි..පොත් සේරම බිම..දැන් ඉතින් අහුලපන්කො සේයෝ..දුක තමයි සේයෝ..හාද..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *