04

“යකෝ ඒ මොකද්ද බන් උනේ.උඹ ඒ කෙල්ලට මොනවද කිව්වේ..ඇයි අර අඩාගෙන දුවන්නේ..”

“මන් හිතන්නේ මං කියපුව එයාට විශ්වාස කරන්න බැරි උනා..කොහොම විශ්වාස කරන්නද බන්..ආදරේ කියන්නේ එයාගේ ජීවිතේට නුහුරු දෙයක්නේ..”

“හ්ම්ම්..ඒක ඇත්ත..”

හිරුනි චාමික ළගට යනකොටත් කදුළු නතර වෙලා තිබුනේ නෑ..

“හිරූ මොකද මේ අඩන්නේ ආ..”

“චාමික අපි යමූ..”

“කියන්න මොකද උනේ..”

චාමික හිරුනිගේ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන හිරුනිගේ ඇස් වලින් වැටෙන කදුළු පිහදැම්මා…මේ හැම දෙයක්ම සංකේත් බලාගෙනයි හිටියේ..දරාගන්න බැරි තරම් දුකක් හිතට දැනුනත් ඒක පිටට නොපෙන්නන්න සංකේත් උත්සාහා කරා..”ඔයාගේ ඇස් වලින් වැටෙන හැම කදුළුක්ම කවදාහරි මන් මගේ ජීවිතේම කරගන්නවා..ඔයගේ හැම දුකක්ම මගේ කරගන්නවා..එදායින් පස්සේ සතුටට මිසක් කවදාවත් දුකට අඩන්න දෙන්නේ නෑ මං..”

“ඒ අර බලපන් නෙතූ..අර ඉන්නේ උඹගේ අක්කා නේද..”

“කෝ කොහෙද..”

“අර බන් අතන අර කොල්ලෙක් එක්ක ඉන්නේ..”

ආ මුන් දෙන්නා ප්‍රේම නාට්‍ය රගපානවා වගේ..බලමුකෝ මොකද වෙන්නේ කියලා..මටත් අවස්ථාවක් එන්නේ නැතෑ..

“හිරූ ඔයා මට මුකුත් කියනේ නැද්ද ..”

“හා කියන්නම්..”

සංකේත් හිරුනිට කියපු දේ හිරුනි චාමිකත් එක්ක කියලා ඉවර උනහම සංකේත්ගේ මූණට ආපු හිනාව දැකලා හිරුනිට පුදුම හිතුනා..”මේ මෝඩයට මොනවා වෙලාද මේ හිනා වෙන්නේ..”

“ඇයි දැන් හිනා වෙන්නේ..”

“හිනා වෙන්නේ නැතුව කොහොමද..”

“ඒ ඇයි..”

“ඇයි කියලා ඇහන්නේ..”

“කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරෙයි කිව්වම ඔහොම අඩනවද මැට්ටියේ..”

“ඔයාට තේරේන්නේ නෑ චාමික..”

අහින්සක හිනාවක් එක්ක හිරුනි ඒ කියපු වචන වල තේරුම් ගොඩක් තියනවා කියලා චාමික දන්නවා..

“මොනවද දැන් මං නොදන්නේ..”

“මං කොහොමද චාමික ආදරයක් ගැන හිතන්නේ..මට මේ තියන කරදර හොදටම ඇති..”

“හ්ම්ම්..ඔයා මට මේක කියන්න හිරු..ඔයා සංකේත්ට කැමතියිද නැද්ද..”

ඒ ප්‍රශ්නේට දෙන්න ඕනි උත්තරේ හිරුනිට හොයාගන්න බැරි උනා..ඒත් මොනවාහරි උත්තරයක් දෙන්න ඕනිනේ..

“එක දවසින් කොහොමද කෙනෙක්ට ආදරේ කරන්නේ..මං එයාව දැක්කෙත් අදමයි..”

“දැකපු පළවෙනි දවසෙම ආදරයක් ඇති වෙන්න බැරිද..”

“කොහොමද එහෙම වෙන්නේ චාමික..මං එයාව හරියට දන්නෙත් නෑ..කොහොම විශ්වාස කරන්නද…”

“අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න තැනක් වෙලාවක් දවසක් නෑ හිරූ…අපිට අයිති කෙනා මුණ ගැහුනම එක තත්පරයක් ඇති ආත්ම ගානක ආදරයක් ඇති වෙන්න..ඔයා ඔය උත්තර දෙන්නේ හිතට එකගව නෙමෙයි..එක ඔයාගේ ඇස් ව්ලින් පේනවා..”

“ඒ උනාට මං බයයි..”

“ඒ මොකද..”

“මට තවත් ජිවිතේ විදවන්න බෑ චාමික…”

“ආදරේ නිසා සමහරු ජීවිතේ විදිනවා..සමහරු විදවනවා..ඇත්ත ආදරේකට පුලුවන් අපේ ජිවිතේ අනිත් හැම දුකක්ම නැති කරලා දාන්න..”

“හ්ම්ම්ම් වෙන්න ඇති..”

“හරි දැන් කියන්නකෝ මොකද ඇඩුවේ කියලා..දුකටද..සතුටටද..තරහටද..”

“දන්නේ නෑ..”

සංකේත්ගේ වචන වලට ඇස් වලට කදුළු ආවේ ඇයි කියන්න හිරුනි දන්නේ නෑ..ඒකට හේතුව හොයාගන්න හිරුනිට බැරි උනා.”ඇත්තටම ඇයි මං ඇඩුවේ..මගේ අසරණකම නිසාද..එයාව දැකපු වෙලාවේ ඉදන් අමුතු හැගීමක් දැනෙන්නේ ඇයි.එයා මට ආදරෙයි කියනකොට මට දැනුනේ කාලයක් තිස්සේ අහන්න බලාගෙන ඉදපු දෙයක් එයා කිව්වා වගේ..ඒ කියන්නේ මං එයාට ආදරෙයිද..නෑ නෑ එහෙම නෑ..මට පිස්සු..හොදටම පිස්සූ…”

“අපි යමුද හිරූ..”

“හා යමු..”

සංකේත්ටත් කියලා චාමික හිරුනිවත් එක්කගෙන පාර්ක් එකෙන් එළියට ආවා..ගෙදර එන්න වෙනදාට වඩා පරක්කු උන නිසා හිරුනි නම් හිටියේ බයෙන්..ගෙට ගොඩ වෙනකොටම නෙතූ ආවා හිරුනිගේ ඉස්සරහට…

“ආ කුමාරිහාමි..මොකද අද පරක්කු…”

“නංගී මේ..ම්..මං…”

“මොකද ගොත ගහන්නේ..”

“ම්.ම්ම්..මේ…”

“ඇයි ප්‍රේම ජවනිකා රගපාලා මහන්සිද…”

නෙතූගෙ වචන වලට හිරුනි හොදටම බය උනා..”අද නම් මට ගෙදරිනුත් යන්න වෙයි…ඒත් මෙයා කොහොමද සංකේත්වයි මාවයි දැක්කේ..”හිරුනි හිතුවේ නෙතූ දැක්කේ සංකේත්ව කියලා..හිරුනිට බය හිතුනා ආයේ කවදාවත් සංකේත්ව දකින්නවත් බැරි වෙයි කියලා..හිරුනි කොයි තරම් පිළිගන්න අකමැති උනත් ගෙවුනු පැය දෙක තුනට හිරුනිගේ හිත තිබුනෙම සංකේත් ළග..

“මොකද බය වෙලා..බය වෙන්න එපා..මං කාටවත් කියන්නේ නෑ..”

එහෙම කියලා සමච්චලේට වගේ හිනා වෙලා නෙතූ එතනින් ගියා..ඒත් හිරුනිට ඒ වෙච්ච දේවල් හිතා ගන්න බෑ..හරි නම් මේ වෙනකොට නෙතූ හිරුනි ගැන අම්මට කියලා තියෙන්න ඕනි..වෙනදා සිද්ද වෙන්න දේ අද සිද්ද නොවුන එක ගැන හිරුනිට පුදුමයි..ඒත් එ ගැන වැඩිය හිතන්න හිරුනි බය උනා..ඒ හින්දාම එ ගැන නොහිතා හිරුනි එයාගේ වැඩ ටික කරන්න පටන් ගත්තා…

———————————-

“ලොකූ මට තේ එකක් ගෙනත් දෙනවා ඕයි…”

“ඉන්න මං ගේන්නම්..”

“ආ නංගී..”

“ගෙනාවද..අර මගේ කාමරේ ටිකක් අස් කරලා දානවා..අද මගේ යාලුවෙක් එනවා කිව්වා..”

“හ්ම්ම්ම්..”

“ආ තව අපිට කන්න මොනවාහරි හදලා තියනවා..”

“අනේ නංගී මට පාඩම් කරන්න තියනවා..”

“පාඩම් කරන්න..හුහ්..ඒ මොකටද..ආ..මොකටද තමුසේ පාඩ්ම් කරන්නේ..”

“ඒත් නංගි..”

“ඇයි තමුසේ ලෝයර් කෙනෙක් වෙන්නද පාඩම් කරලා..උඹ කොහොමද ගෑනියේ එ තරම් දුර යන්නෙ….මේ ඉස්කෝලේ ගමන විතරයි උඹට තියෙන්නේ..ඊට පස්සේ උඹට ඉගෙන ගන්න තහනම්..හොදට මතක තියාගනින්..ඊට පස්සේ උඹ මේ ගෙදර සදාකාලිකව ම වැඩකරියෙක්..අන්න ඒක තේරුම් ගනින්..තේරුනාද…”

“හ්ම්ම්…”

ඇස් දෙකේ කදුළු පුරවගෙන හිරුනි නෙතූ කියන දේවල් අහහෙන හිටියා..හිරුනිට බැනලා බැනලා කාමරේට යන්න ගිය නෙතූ ආයෙත් නැවතිලා හිරුනි දිහා බැලුවා…

“මේකත් මතක තියාගනින්..උඹ මං කියන විදිහට හිටියේ නැත්නම් මේ ගෙදර ඉන්න හිටින්නත් නැති කරනවා මං උඹට..ඒ හින්දා මේ ගෙදර ඉන්න ආසාවක් තියනවා නම් මං කියන විදිහය ඉදපන්..නැත්නම් පාරවල් ගානේ හිගා කන්න් වෙයි උඹට..”

“ඒත් නංගි මං කොහේ කියලා යන්නද…මට ඉන්නේ ඔයාලා විතරයි..”

“එහෙනම් මං කියන විදිහට ඉදපන්…නැත්නම් මං උඹගේ ප්‍රේමවන්තයා ගැන හැම දෙයක්ම අම්මට කියනවා…”

හිරුනිට දැනුනේ පුදුම අසරණකමක්…නෙතූ කිසි දෙයක් අම්මට කියන්නෙ නැතුව හිටියේ මොකද කියලා හිරුනි මේ ගෙවුනු දවස් හතර පහට හොදට දැන ගත්තා..නෙතූ හිරුනිවයි චාමිකවයි දැක්ක දවසේ ඉදන් පුලුවන් තරම් හිරුනිගෙන් වැඩ ගත්තා..නෙතූ දැනගෙන හිටියා මේ ගැන අම්මට කිව්වොත් හිරුනිට වෙන්නේ මොකද්ද කියලා..බොරුවක් උනත් නෙතූගේ වචනේ දෙන්නම විශ්වාස කරනවා කියලා නෙතූ වගේම හිරුනිත් දන්නවා..ඉතින් නෙතූ ඒකෙන් ප්‍රයෝජන ගත්තා..හිරුනිට උනත් කරන්න දෙයක් තිබුනේ නෑ..මොන දේ උනත් හිරුනිට හිටියේ මේ ගෙදර අය විතරයි..ගෙදරින් එළියට දැම්මොත් ඉන්න වෙන්නේ මහ පාරේ කියලා හිරුනි හොදාකාරවම දන්නවා..ඉතික් හිරුනිට නෙතූ කියන විදිහට ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..හිරුනි එදා ඉදන් මුලු දවසෙම ගෙදර වැඩයි නෙතූගෙ වැඩයි කරලා පාඩම් කරේ ගෙදර කට්ටියම නිදාගත්තට පස්සේ..

—————————————-

දින සති ගෙවිලා ගියේ හරිම ඉක්මනට..හිරුනිට විභාගෙට තව මාස හතරයි තිබුනේ..ඉස්කොලේ නිවාඩු නිසා චාමිකට හිරුනිව මුණ ගැහුනේ ක්ලාස් යන දවස්වල විතරයි..

“හිරූ මොකද ඔය මූණ මැළවිලා ගිහින්…”

“ආ මුකුත් නෑ චාමික..අපි යමු ඉක්මනට..”

“මොකද්ද ළමයෝ වෙලා තියෙන්නේ..ඇයි මේ දුකින් ඉන්නේ..දැන් සති දෙකක් තිස්සේ මං ඔයාව දකින හැම දවසකම ඔයාගේ වැඩේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන එක..ඒත් මට මුකුත් කියන්නේ නෑනේ…බලන්න ඔයාගේ හැටි..හරියට අසනීපයක් හැදිලා වගේ..”

“නෑ නෑ චාමික..මුකුත් නෑ..”

“එහෙනම් ඇයි මේ බය වෙලා වගේ…”

චාමික කොච්චර ඇහුවත් හිරුනිගෙන් උත්තරයක් ගන්න චාමිකට බැරි උනා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *