05

~~සමනළ වසන්තය ~~~
05 කොටස
‘හිරූ ….මේ …’ පොලිටිකල් කරන මිස් ශාන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැන ලොකු දේශනාවක් දෙනවා … ඒ අස්සේ පුජනී මොකාද එකා වගේ එහා පැත්තේ ඉදන් මගේ අත කොනිති ගහනවා ..
‘මොකද …බන් …මේ …. කිරි පණු අමාරුවද ඔච්චර ඇබරෙන්නේ …. ‘ ඉවසාගෙන ඉන්න බැරිම තැන මම පුජනිට රැවුවා ..
‘ඊයා බන් මට ඔය කියන අමාරුවක් නැහැ …. . මේ අහපන්කෝ …’
‘කියපන් මම අහගෙන ඉන්නේ ….’
අහෝ දුකකි ඉරකි තිතකි පොලිටිකල් මිස් අපි දිහාම බලාගෙන ඉන්නවා උගන්වන එක පැත්තක තියලා
‘ හිරුෂි … ඉස්සරහට එනවා …’ . වෙලාව කියන්නේ පොලිටිකල් මිස් දැකලා තියෙන්නේ මම කතා කරනවා විතරයි … මමත් ඉතින් පුජනිට රවලා කාරිය ගොනා සේ පංතිය ඉස්සරහට ඇවිදගෙන ගියා …
‘මොනවද තමුන් අර ළමයාගේ කණට කිට්ටු වෙලා කියෝ කියෝ හිටියේ …අර ඉගෙන ගන්න ළමයෙකුටවත් ඉගෙන ගන්න නැහැ …. කියනවා .. කියනවා …. මොනවද අර ළමයාට ඔච්චර ලංවෙලා කියෙව්වේ …’ ශාන්ති මිස් එහෙම අහන ගමන් මගේ ඉහේ ඉදලා කකුල් දෙක වෙනකන් බැලුවේ මාව පට්ට ගහන තරම් තරහාවකින්
‘නෑ .මිස් …මම ..මම මේ කිව්වේ ..මිස් උගන්වද්දී අහගෙන ඉන්න ආස හිතෙනවා කියලා ….මේ ඇත්තමයි මිස් ඕන නම් අහන්නකො පුජනිගෙන් …’ මම කටට ආව බොරුවක් කියලා දාද්දි මිස් පුජනී දිහා බැලුවේ ඇත්තද අහන්න වගේ …
‘පුජනී … මේ හිරූ කියන්නේ ඇත්තක්ද …’
‘ඔව් …ඔව් ..මිස් ….එහෙම තමා උනේ ….. ‘’ පුජනී මෙලෝ සිහියකින් වෙන්න බැහැ ඔය කතා කරන්නේ නම් …..
‘හ්ම්ම්ම්ම් .. යනවා ගිහින් වාඩිවෙනවා …. හැබැයි ආයේ එහෙම කතා කරලා අහුවෙන්න එපා ..’
මිස්ගේ කටින් වචනේ පිටවුනා විතරයි මම අඩියට දෙකට මගේ ඩෙස්ක් එක ලගට ගිහින් වාඩිවෙන ගමන් හෙමිහිට ගවුමේ කොලර් එක ඉස්සුවා …
‘නූලෙන් බේරුණේ නේ …’ මම පොලිස්ටිකල් පොත පෙරලලා අන්තිම පිටුවේ එහෙම ලියලා පුජනිට පෙන්නුවා ….
‘මම හිතුවේ අද නම් උබ ඉවරයි කියලා …’ පුජනී එයාගේ පොතේ එහෙම ලියලා මට පෙන්නුවා …
‘ඒවා කොහෙද … මාත් එක්ක …. මාත් එක්ක බැහැ කියන්නේ ඕක නේ ..’
‘අපෝ අපි දන්නේ නැහැනේ …ඔයා ගැන ….’
‘මේ ඒක නෙවෙයි ..අර කියන්න ගිය දේ ලියපන්කො …’
‘පස්සේ කියන්නම් ….පොඩ්ඩක් ඉවසලා ඉදපන් …’ පොලිටිකල් පීරියඩ් එක ඉවරවෙනකන් අපි දෙන්නා කලේ පොත්වලින් පණිවුඩ මාරුකරගන්න එක ..
‘කෝ …කියපන් අර කිව්ව දේ දැන්වත් …’ ඉස්කෝලේ ඉවරවෙලා යන ගමන් මම පුජනිගෙන් එහෙම අහද්දී කෙල්ල මනමාල විදිහට හිනාවෙන්න ගත්තා …
‘ අර උබ දන්නවා නේද ගගුන්ලාගේ යාළුවා ළහිරු …’
‘ඔව් ..ඔව් ..අර රස්තියාදුකාරයා නේ ද …’ මම ලහිරුව හිතේ ඇදගන්න ගමන් පුජනී දිහා බැලුවා .. හැමවෙලේම බස් හෝල්ට් ගානේ රස්තියාදු ගහන ලහිරු කියන්නේ ඉස්කෝලේ කෙල්ලෝ අතර ජනප්‍රිය චරිතයක් ……
‘එයා එහෙම නැහැ ….’ පුජනී එකපාරම මුහුණ කළුකරගත්තා … මොකද බොලේ මෙයා මේ කොලේජ් එකේ කොල්ලෙක්ට බනිද්දි මුහුණ කළු කරගත්තේ …
‘මොකද බන් උබට එකපාර ඌ ගැන පහල උන අනුකම්පාව ..’
‘ඌ අපේ සිංහල ක්ලාස් එකට එනවා නේ …. ඌ මට ලයින් වගේ … දන්නවද එදා ඌ අපේ ගෙදරට යනකන් මගේ පස්සේ ආවා ..’
‘පිස්සු හැදෙනවා නේ …දැන් උබ ඌට කැමතිද …’
‘මම කැමති කියලා කිව්වේ නැහැ …. ඒ උනාට මගේ හිතෙත් මොනවාද මොනවාද එකක් පහල වෙලා ..’
‘මේ පුජනී මොනවා කරත් පොඩ්ඩක් හිතලා බලලා කරපන් …ඇත්තම කියන්න මම පුද්ගලිකව ඌට කැමති නැහැ ….එහෙමයි කියලා මට උබට බලපෑම් කරන්න බැහැනේ .. ‘’
මම සීරියස් විදිහට හිතේ තිබ්බ දේ කියද්දී කෙල්ලගේ මුහුණ මැලවිලා ඇදවෙලා ගියා …. ඊට පස්සේ බස් හෝල්ට් එකට යනකන් අපි දෙන්නාගෙන් එක්කෙනක් වත් නෝ කතා නෝ සිනා ….
‘කෝ අපේ සදූ …’ මට සදුව මතක් උනේ බස් හෝල්ට් එකට ආවාට පස්සේ ….
‘ අපේ පස්සේ ආවානේ …. කෝ දැන් පේන්න නැහැ නේ ….’ පුජනිත් කලබල වෙලා බස් හෝල්ට් එක පුරාම සදූව හෙව්වා …
‘අපි චුට්ටක් අර පැත්තේ බලමුද …’
‘ හා ..එහෙනම් බලලා එමු …’ දිනිතියි මායි ආපහු ඉස්කෝලේ පැත්තට යන්න ලැහැස්ති වෙද්දීම දක්ෂි එක්ක හිනාවෙවී සදූ බස් හෝල්ට් එක පැත්තට එනවා ..
‘කොහෙද ඕයි මෙච්චර වෙලා හිටියේ …’ මම ඉස්සරහට ගිහින් සදුගේ අතින් අල්ලලා මිරිකුවේ පාර කියලාවත් බලන්නේ නැතිවයි …
‘මොකද හිරූ වෙලා තියෙන්නේ මට රිදුනත් එක්ක ..’ ඇස් දෙකේ කදුළු ගොඩක් පුරවාගත්ත සදූ අත ඇදලා ගද්දි තමා මට මතක් උනේ අපි ඉන්නේ පාරේ කියලා …
‘හරි හරි …සොරි …මම ඔයා නැති නිසා බයවුනා ඒකයි කලබල උනේ …’
සදූට ආදරේ නැහැ කියලා පෙන්නගෙන හිටියට මම ගොඩක් මගේ අක්කාට ආදරේ කරනවා කියලා මම දන්නවා .. එයා පේන්න හිටියේ නැති උනාම මගේ හිත ගොඩක් කලබල වෙන්නෙත් ඒ තියෙන සහෝදර කැක්කුම නිසාම තමා …

‘අපි බස් හෝල්ට් එක ඇතුලට යමු …. ‘’ මම පුජනිවත් ඇදගෙන බස් හෝල්ට් එකට රිංගුවේ සෙනග ඉස්සරහා සදුට රිද්දුව එක ගැන දුකින්මයි …
****************
ඊට පස්සේ ආව සතිය මැදදී සදූට උණ ගත්තේ නැගිටගන්නවත් බැරි විදිහටයි … දවස් ගානක් ඉස්කෝලේ නොගිය එයාටත් එක්ක මට නෝට් ලියන්න උනේ අම්මාගේ බලකරපු නිසා ….
‘අම්මා මම අද ක්ලාස් යනවා .. ‘’ ඒ ඉරිදා උදේ උණ තියෙද්දිත් සදුට ඕනේ උනේ ක්ලාස් එකට යන්න
‘නැහැ නැහැ අද යන්න ඕන නැහැ ….මේ උණ වැඩි උනොත් ඉවරයි ..අනික තාත්තාත් නැති එකේ මම කොහොමද මේ දේවල් කරගන්නේ ..’ සදූව ක්ලාස් යවන්න අම්මාගේ හිතේ කිසිම කැමැත්තක් නැහැ
‘අනේ අම්මා අමාරුම පාඩමක් අද කරන්නේ ….’
එහා පැත්තේ බෙඩ් එකේ හාන්සි වෙලා අම්මාගෙයි සදුගෙයි කතාවට කන්දීගෙන හිටියා මිසක් මම මොකුත් කියන්න ගියේ නැහැ …..
‘යාලුවෙක්ගෙන් නෝට් ඉල්ලා ගන්න …’
‘අනේ අම්මා …’ මෙයා මොකට දගලනවද මන්දා මේ තරම් ක්ලාස් යන්න …
‘මම යන්නද සදු වෙනුවට අද ක්ලාස් එකට ..’ විහිලුවට වගේ එහෙම කියන ගමන් මම සදූ දිහා බැලුවා
‘හා එහෙනම් එහෙමවත් කරමු …… හැබැයි ඔන්න මට ඒ පාඩම හරියටම කියලා දෙන්න ඕන හොදද .’
මම විහිළුවට කිව්ව දේ සදූ සිරා අරන් … මටමයි වෙන්නේ … ඕකට තමා හිරූ කියන්නේ ඇදගෙන නාගන්නවා කියලා ….
‘එහෙනම් සදූ වෙනුවට අද හිරූ ක්ලාස් යන්න .. ‘’ අම්මාත් එපා නොකියා සදු කිව්ව කතාව ස්ථිර කළා .. අනේ හිරූ ඔයා නම් ඇදගෙනම තමා නාන්නේ …. මම මටම බැන ගන්න ගමන් බාත් රූම් එක පැත්තට ගියා …
නා කියාගෙන ඩෙනිමකට ටීෂර්ට් එකකුත් දාගෙන මම ලැහැස්ති උනේ සදූව නියෝජනය කරන්න ක්ලාස් එකට යන්න ..අපි දෙන්නාම එක වගේ නිසා කවුරුත් හිතන එකක් නැහැ අද ක්ලාස් එකේ ඉන්නේ හිරූ කියලා …
අද මට හොද චාන්ස් එකක් එන්නේ … කම්මැලි කමටත් එක්ක මේකත් හොදයි නේ ,…..බලමු අද ක්ලාස් එකේදී සදූ වගේ රගපාලා සදූගේ යාළුවෝ ටිකවත් අන්දන්න පුළුවන්ද කියලා ….. මම සදුගේ පොත් ටිකත් අරගෙන මිදුලට බැස්සේ කරන්න ඕන දේවල් ප්ලෑන් කරන ගමන්මයි ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *