06

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
06 කොටස
අපේ ආදරේ ගලා ගියේ සොදුරු ලෙසය … නොදැක නොබලා උවද අප පෙම් කලෙමු ..ඔහුගෙන් මට ලැබුණු ප්‍රේමයද මගෙන් ඔහුට ලැබුණු ප්‍රේමයද නොවෙනස් ව නොසෙල්වී බොහෝ තිර ලෙස වැඩෙමින් පැවතුනේය …..මහා සුළි සුළගක් සුනාමියකට උවද එය විනාශ කල නොහැකි තරම් විය ..

දින සති මාස බවට පත්වෙමින් කාලය ගෙවී ගියේ කිසිදු සුවිශේෂ සිදුවීමකින් තොරවය …. සියල්ල බොහෝ සාමකාමී ලෙස සිදුවෙමින් පැවතුනේය …

‘ බබී ගෙදරටම හිරකරගෙන ඉන්න එපා තාත්තා …එයාට කියලත් ජිවිතයක් තියෙන්න ඕන නේද …එයාව පොඩ්ඩක් එලියට යවන්න …යාලුවොත් එක්ක විනෝද වෙන්න දෙන්න ..’
නිවාඩුවට නිවසට පැමිණි අයියා මා වෙනුවෙන් තාත්තා සමග කතා බහ කරනු මම අසා උන්නෙමි ….
‘හොදට තියෙයි …. නිදහස දුන්න ගමන් අර කොල්ලා හොයාගෙන යයි …. මෙන්න මෙහෙම තව ටික කාලයක් හිටපු දෙන් …. අපිට ගැලපෙන කොල්ලෙක් හොයලා දෙනකන් …’
තාත්තා අයියාගේ ඉල්ලීමට තම තීරණය වෙනස් කලේ නැත … පෙර දිනවල තාත්තා මට සෙනෙහෙ පෑ බව මා දැන උන්නෙමි … අම්මාට වඩා මට ලංව උන්නේ තාත්තය ….. එහෙව් ඔහු වෙනස් වුවේ මාගේ එකම වරදක් නිසාය … ඔහු මාගේ ප්‍රේමය වරදක් ලෙස දුටුවද ….මට එහි කිසිදු වරදක් වුවා නොවේ …

‘කවදා හරි නංගී වැරදි තීරණයක් ගත්තොත් ..ඒ ඔයාගේ මේ දරදඩු තීරණ නිසා ….’
අයියා උන්නේ තාත්තා සමග අමනාපයෙනි ….
‘බබී ඔයාට පාළුද මෙහෙම ගේ ඇතුළට වෙලා ඉදලා …’
අයියා මා හමුවිමට විත් මා දෙස බලා උන්නේ බොහෝ කම්පාවෙනි ..
‘මොනවා කරන්නද අයියා මේක මගේ ලැබීම නේ ….’
‘පොඩ්ඩක් ඉවසලා ඉන්න ….මම තව සැරයක් තාත්තා එක්ක කතා කරලා බලන්නම් ..’
‘එපා අයියා එපා ..තාත්තා එක්ක ආයෙම කතා කරන්න ගියොත් එයාට ගොඩක් තරහා යයි …’
මා ඔහු වැළකුවේ තාත්තා සමග අයියා මා නිසා ආරවුලක් ඇති කරගනු ඇතයි සිතාය …

ඉන් පසුව අයියා රාජකාරිය සදහා පිටව යනතුරුම මා අසල හිද මා සැනසිය …. නිවාඩුව අවසන අයියා නැවත රාජකාරි සදහා යන්න ගියේ තාත්තා කෙරෙහි බොහෝ කලකිරීමෙනි ….
*****
තාත්තා හෝ මම්මා නිවසේ නැති වෙලාවට මා කලේ සිහින අයියා මා වෙනුවෙන් තිලින කල දුරකථනයෙන් ඔහුට පණිවුඩ යැවීමය ..
‘අයියා …. පාලුයි මට …..’
‘ ඇයි ගෙදර කවුරුත් නැද්ද ..’
‘මම්මා පන්සල් ගිහින් … තාත්තාත් පේන්න නැහැ …’
‘කෝල් එකක් ගන්නද මම ..’
‘හා …ගන්නකො …’ මා කියූ සැනින් ඔහු ඇමතුමක් ගත්තේය

සිහින අයියා සමග දොඩමින් මා බොහෝ වෙලා උන්නෙමි ….. අප උන්නේ අපගේම ලෝකයක තනිවෙමිනි …පිටස්තර ලෝකයෙන් ඇසෙන කිසිදු හඩක් මට ඇසුනාද නොවේ …..
‘බබී ….’
ගෙදර දෙවනත් වෙන්න කෑ ගැසුවේ තාත්තාය … මා පමාවුවා වෙන්න ඇත … දුරකථනය සගවා ගැනීමට මා උත්සාහයක යෙදුනෙමි ….
‘මොකක්ද ඒ උබ හංගා ගත්තේ …’
වෙනදා තිබු සංසුන් බව ඒ වචන වල වුවා නොවේ …
‘මොකුත් නැහැ තාත්තා …’
‘ඕක දීපන් මෙහාට …’
මා සගවා ගත් දුරකතනය තාත්තා මා අතින් උදුරාගත්තේය …..
‘උබට කොහෙන්ද මේක … මම ඒත් හිතුවා ශබ්ද නැතිව ගේ ඇතුලට වෙලා ඉද්දි මොකක් හරි දෙයක් තියෙනවා කියලා …එහෙනම් මේකයි රහස ..’
තාත්තා මා ඉදිරියේම සිහින අයියා මා වෙනුවෙන් තිලින කල දුරකතනය පොළවේ ගැසුවේය …. දුරකථනයේ බිදුණු කොටස් සිසි කඩ විසිර යද්දී මගේ හිත කැඩී බිදී පොඩි පට්ටම් වෙන්නාක් මෙනි මට හැගුනේ …

‘උබ තාම අරු එක්ක සම්බන්ධෙ නතර කරේ නැහැ එහෙනම් …. ’
තාත්තා මා දෙස බලා උන්නේ දැවී හළුවෙනාකාර බැල්මකිනි
‘මට බෑ තාත්තා එයා අමතක කරන්න කියලා මට කියන්න නම් එපා …මට එයාව ඕන ..’
මා තාත්තා ඉදිරියේ හඩා වැටුනෙමි ….
‘එහෙමද අමතක කරන්න බැරිද …. කොහොම හරි ඒකා අමතක කරපන් … ’
‘බෑ තාත්තා බෑ …. මට කොහොමත් ඒක කරන්න නම් බැහැ…’
ඔහුගේ දෙපා ඉදිරියේ වැටි මා මගේ ජීවිතය අයැදුවෙමි …
‘බැරිද …තෝ මරලා දැම්මත් ඕකට දෙන්නේ නැහැ … ‘’
ඔහු අතින් මට පහර කීපයක් එල්ල කළේය ….
‘තාත්තා මාව මැරුවත් මට එයාව විතරයි ඕන ..’
මා තාත්තාට එකටෙක කියන්න වූ විට ඔහුගේ පහර එල්ල කිරීම වැඩිවුවේය … ගත රිදුම් දුන්නත් මා ඉවසා දරාගෙන උන්නෙමි …

‘මොකක්ද ඔය දරුවාට ගහන්නේ … ඔය ළමයාව අත අරින්න …’
මම්මා මැදිහත් නොවෙන්න තාත්තා කේන්තිය නිම වෙනතුරුම මට පහර දෙනු ඇත …
‘ අම්මා දන්නවද මේකි තාම අර කොල්ලා එක්ක සම්බන්ධෙ නවත්තලා නැහැ . ..’
‘මොකක්ද දුවේ මේ කතාව …. ඔයාට මෙච්චරම කියද්දී මේක නවත්තන්න බැරි ඇයි ..’
‘අනේ මම්මා …මට අයියාව ඕන ..’
මා ඇගේ ඇකයේ තුරුළු වී අඩා වැටුනෙමි …

අදින් පසුව දැමු තහංචි තවත් වැඩි වෙනු ඇත …. සිහින අයියා දැන් බියවී ඇතිවා විය යුතුය …ඉතින් මට ඔහුගේ සිත සැනසිය නොහැකි වනු ඇත

*******
සිහින අයියා ඇමතීමට ක්‍රමයක් නොමැතිව මා දින ගෙව්වේ පුදුමාකාර වේදනාවකිනි …… තාත්තා ගේ පහරවල් නිසා ගතේ ඇතිවූ පාරවල් වලින් දැනෙන වේදනාවට වැඩි වේදනාවක් හිතේ ඉතිරු වී තිබුණි …
‘සහන් ඔහොම නැවතියන් …’
ඒ සති අන්තයේ සහන් මල්ලි පැමිණි විට තාත්තා ඔහුව සාලයේ නතර කරගත්තේය .. මදක් එහායින් වාඩිවී උන් මා ඔවුන් දෙස බලා උන්නෙමි ..
‘ලොකු තාත්තා …’
‘ උබගේ යාළුවා ….අර සිහිනද මොකාද කියන එකා එක්ක උබේ අක්කා යාලුයි කියලා උබ දැනන් හිටියේ නැද්ද …’

‘මම දැනන් හිටියේ නැහැ ලොකු තාත්තා ..’

‘බොරු කියන්න එපා ….උබ තමා මේ සේරටම මුල …. උබ තමා මගේ කෙල්ලට ඌව යාලු කරලා දුන්නේ .. ’
‘ලොකු තාත්තා සිහින මගේ යාලුවෙක් උනාට නිකිණි අක්කාට එයාව යාලු කරලා දුන්නේ මම නෙවෙයි ..’

‘එහෙනම් කව්ද ….. සහන් මට ඔය බොරුව අල්ලන්නේ නැහැ .. උබේ යාළුවාට හරියට ගෙයක් දොරක්වත් තියෙනවාද …. කවදාවත් ඌට මගේ කෙල්ල දෙන්නේ නැහැ …. උබත් ආයෙම මෙහෙ නාවාට කමක් නැහැ …’
තාත්තාගේ වදන් වලට මල්ලිගේ මුහුණ අදුරු වී යද්දී මා ඔහු දෙස බලා උන්නේ කදුළු දෑසිනි … මා නිසා සහන් මල්ලිට නෑදෑකම්ද නැතිව ගොසිනි … සියල්ල සිදු වුවේ මාගේ පව් නිසාය ..
සහන් මල්ලි ආ පයින්ම හැරී මා ඔහු පසු පස දිව ගියෙමි …

‘නිකිණි උබ පලයන් කාමරයට …’

තාත්තාගේ රළු හඩ නිසා මා උන් තැනම නතර වීමි ….. අදහන්න මට මුළු ජිවිතයම හිස්ව ගොස් ඇති බවකි හැගුනේ …. මට සිහින අයියා ආයේ කවදාවත්ම හමු නොවෙනු ඇතිද … මේ අපේ ආදරයේ අවසානය වෙනු ඇතිද ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *